Watch Trailer

American Crime Story (2016– ) [S01:E06] with Sinhala Subtitles | අහෝ මාෂියා! [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: හය වැනි කොටස : “Marcia, Marcia, Marcia” – “අහෝ මාෂියා!” IMDb ratings: 9.0/10 අධ්‍යක්ෂක : රයන් මර්ෆි මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 21 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ හය වැනි කොටසේ සිංහල උපසිරැසිය යි. ඔබට මතක ඇති පහුගිය කොටසේ දී පැමිණිලි පාර්ශවයේ නීතිඥ…

American Crime Story

අද පළවෙන කොටස ගැන:

  • හය වැනි කොටස : “Marcia, Marcia, Marcia” – “අහෝ මාෂියා!”
  • IMDb ratings: 9.0/10
  • අධ්‍යක්ෂක : රයන් මර්ෆි
  • මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 21

මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ හය වැනි කොටසේ සිංහල උපසිරැසිය යි. ඔබට මතක ඇති පහුගිය කොටසේ දී  පැමිණිලි පාර්ශවයේ නීතිඥ බිල්, සිම්සන් නඩුව අතරතුර හදිසි හෘදයාබාධයක් සෑදීම නිසා අධිකරණයෙන් ඉවතට ගෙන යන්න සිදු වුණා. ඔහුට ලැබුණු  වෛද්‍ය උපදෙස් අනුව ඔහුගේ පවුලේ අය තීරණය කරනවා යලිත් ඔහුට සිම්සන් නඩුවට සහභාගී වීමට ඉඩ නො දීමට. ඔහුගෙන් හිස් වුණු තනතුර ලැබෙන්නෙ කළු ජාතික ක්‍රිස් ඩාඩන් හට යි. පසුගිය කොටස අවසන් වුණේ පැමිණිලි පාර්ශවයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වුණු මාක් ෆර්මන් සාක්ෂියට කැඳවීමට ක්‍රිස් ඩාඩන් අකමැත්ත පළ කිරීමත් එක්ක යි. එතැනදී ෆර්මන් ව සාක්ෂියට කැඳවීමේදී හරස් ප්‍රශ්න ඇසීමේ වගකීම මාෂියා ක්ලාක් භාරගත්තා. මාෂියා ක්ලාක් නඩුව නිසා ලබාගත් ජනප්‍රියත්වය සම්බන්ධව මාධ්‍ය ක්‍රියාකළ ආකාරය නිසා මාෂියාගේ පෞද්ගලික ජීවිතයෙ ගැටළු ජනමාධ්‍ය වලට නිරාවරණය වීමෙන් ඇය මුහුණ දෙන ගැටළු ගැන අද කතාවෙ ඉදිරිපත් වෙනවා. ඊට අමතරව රහස් පරීක්ෂක ලැන්ග්, සිම්සන්ගේ අසල්වැසි නිවෙසක මෙහෙකාරිය වුණු ලෝපේස් මෙනවිය ත්, රහස් පරීක්ෂක ෆර්මනුත් සාක්ෂි ලබා දීම නඩුවට බලපාන අන්දම මෙ මගින් විස්තර වෙනවා. තමන්ගේ බාහිර පෙනුම නිසා පහත් ජනමාධ්‍ය වැඩසටහන් වල උපහාසයට ලක්වුණු මාෂියා ක්ලාක් තමන්ගේ කොණ්ඩා මෝස්තරය වෙනස් කරගන්නවා. එයින් ඇය අපේක්ෂා කළ දෙය ඇයට ඉටු කරගන්න හැකි වේවි ද? හදිසියේ පුවත්පත් වලට කාන්දු වුණු මාෂියාගේ ඡායාරූපය මොකක්ද? අද කතාවෙන් බලාගන්න.

දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.

2,940 downloadsDownload American.Crime_.Story_.S01E06.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                             Next Episode>>

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

2,940 downloadsDownload Subtitles33 KB

9 comments

  1. Gathsara Umesh Kumara

    පලවෙනි එපියට කොමෙන්ට් කරපුගම්න් දැන් තම ආයෙත් කොමෙන්ට් එකක් දාන්න් වෙලාවක් ලැබුනේ....තම බලන්න හම්බෞනෙත් පලවෙනි පිය විතරයි කතාවම් බැවට......සබට බොහෝ,අ ස්තූතියි .සහෝ.හැම්දාම කොමෙට් කරන්න එන්නෙ න.ෑ....කතව කරෆෙගන් යම්මු..ජටවෙවා....!!!

  2. praneeth madu

    බොහොම සතූතියි සහෝ

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Isuru Chamara

    elz mcn..digatama demu

  5. නිරෝෂ්

    ස්තුතියි ප්‍රබුද්ධ සහෝ.ජයවේවා !

  6. jayanandana

    සබ් එකට තැන්ක්ස්….

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  9. melinda

    thank you