අද පළවෙන කොටස ගැන: හත් වැනි කොටස : “Conspiracy Theories” – “කුමන්ත්‍රණ සිද්ධාන්ත” IMDb ratings: 8.7/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 21 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ හත් වැනි කොටසේ සිංහල උපසිරැසිය යි. ඔබට මතක ඇති හය වැනි කොටසේ දී එෆ්. ලී බේ…

අද පළවෙන කොටස ගැන:
- හත් වැනි කොටස : “Conspiracy Theories” – “කුමන්ත්‍රණ සිද්ධාන්ත”
- IMDb ratings: 8.7/10
- අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ
- මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 21
මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ හත් වැනි කොටසේ සිංහල උපසිරැසිය යි. ඔබට මතක ඇති හය වැනි කොටසේ දී එෆ්. ලී බේලි, ෆර්මන්ගෙන් අහනවා කළු ජාතිකයන් ව කල්ලා යනුවෙන් හඳුන්වා තිබෙනවා ද කියා. මේ කොටසේ දී විත්තියේ නීතිඥයන් කුමන්ත්‍රණ සිද්ධාන්ත භාවිතා කරමින් සිම්සන් නඩුවේ විත්තිකරු නිවැරදිකරු බවට පත් කිරීමට දරණ උත්සාහයන් පෙන්වනු ලබනවා. නිකොල් සහ ගොල්ඩ්මන් ඝාතන සිදු කළේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු කල්ලියක් විසින් බවට කතන්දරයක් ඔවුන් විසින් ඉදිරිපත් කරනවා. රහස් පරීක්ෂක ලැන්ග් එවැනි මිනීමැරුම් ගැන නො දන්නා බවට දෙන පිළිතුර විත්තියේ වාසියට හේතු වෙනවා. නිකොල්ගේ බඩු බාහිරාදිය පරික්ෂා කරන රහස් පරීක්ෂකයන්ට නිකොල් විසින් අත්වැසුම් යුගලක් මිලට ගත් බවට සාක්ෂි හමු වෙනවා. මිනීමැරුම සිදු වුණු ස්ථානයෙන් ලබා ගත් අත්වැසුම් යුගළය O.J. සිම්සන් විසින් පැළදගෙන ජුරියට පෙන්විය යුතුයි කියන අදහස ඩාඩන් මාෂියා ට කියද්දී ඇය ඒක ප්‍රතික්ෂේප කරනවා. විත්තියේ නීතිඥ බොබ් ශපීරෝ දකිනවා මේ අත්වැසුම් තමාගේ අත් වලටත් වඩා කුඩා බව. සිම්සන්ගේ අත් තමාගේ අත් වලටත් වඩා විශාල බව ඔහු දන්නවා. මේ අනුව පැමිණිළි පාර්ශවය ලවා ම මේ අත්වැසුම් සිම්සන්ට පළඳා පෙන්වීමේ ඉල්ලීම කර ගැනීමට එෆ් ලී බේලි යොදන උපක්‍රමය සාර්ථක වෙනවා. ඩාඩන් කළ ඉල්ලීම අනුව එය පළඳා පෙන්වීමේ දී සිම්සන් මුළු අධිකරණයටම පෙන්වනවා මේ අත්වැසුම් තමාට නො ගැළපෙන බව! රජයේ පැමිණිලි පාර්ශ්වයට එල්ල වුණු මේ තදබල ප්‍රහාරයට ඔවුන් කොහොම මුහුණ දේවි ද?
දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.
2,937 downloadsDownload American.Crime_.Story_.S01E07.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #American Crime Story (2016– )
- #Angel Parker
- #Ariel D. King
- #Bruce Greenwood
- #Christian Clemenson
- #Courtney B. Vance
- #Cuba Gooding Jr.
- #Dale Godboldo
- #David Schwimmer
- #Editor's Pick
- #Jessica Blair Herman
- #John Travolta
- #Kenneth Choi
- #MaxxA
- #Nathan Lane
- #Sarah Paulson
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sterling K. Brown
- #Subs
- #Tye White
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
10 comments
Dimuthu
නිරෝෂ්
ස්තුතියි ප්‍රබුද්ධ සහෝ.ජයවේවා !
Isuru Chamara
elma mcn thxxx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
jayanandana
සබ් එකට තැන්ක්ස්….
Thiwanka
Ela ela..keep it up machng
Thiwanka
Ela ela..keep it up machng
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
melinda
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you!