ගිය සතියේ ලිපියේ අන්තිමේට කියලා තිබුන දෙයින් කට්ටිය බය වුනා නේද මම සබ් දාන එක නවත්වයි කියලා. කොහොම නවත්වන්නද මේක ඉතින් කොටි වලිගය අල්ලාගත්තා වගේනෙ. ඒ වුනත් කතාවක් තියෙනවානේ ‘වැඩක් කරනවා නම් ඒක හරියට කරන්න, නැත්නම් ඒ වැඩේ නොකරම ඉන්න’ කියලා. ඇත්තටම පහුගිය සති කිපයේ නම් මේ සබ් වැඩේ මට හරියට කරන්න බැරි…

ගිය සතියේ ලිපියේ අන්තිමේට කියලා තිබුන දෙයින් කට්ටිය බය වුනා නේද මම සබ් දාන එක නවත්වයි කියලා. කොහොම නවත්වන්නද මේක ඉතින් කොටි වලිගය අල්ලාගත්තා වගේනෙ. ඒ වුනත් කතාවක් තියෙනවානේ ‘වැඩක් කරනවා නම් ඒක හරියට කරන්න, නැත්නම් ඒ වැඩේ නොකරම ඉන්න’ කියලා. ඇත්තටම පහුගිය සති කිපයේ නම් මේ සබ් වැඩේ මට හරියට කරන්න බැරි වුනා. සමහර සබ් ටිකක් පරක්කු වුනා සමහර ඒවා ගොඩක් පරක්කු වුනා, සබ් එක ගන්න ආපු අයව රස්තියාදු කරා වගේ දෙයකුත් වුනානේ. ඔය දේවල් නිසා කට්ටියට තරහා ගිහිල්ලත් තිබුනා. හැබැයි විශේෂයෙන් මතක් කරන්න ඕනි ගොඩක් අය ඒ පරක්කුව ඉවසාගෙන ඉදලා තිබුනා වගේම ඒකට කමක් නෑ කියලත් තිබුනා. ඇත්තටම ඒ දේ නම් මම බලාපොරොත්තු නොවුන දෙයක්. අනිවාර්යයෙන්ම අගය කරන්න ඕනි දෙයක්. 🙂 හැබැයි ඉතින් හැමදාමත් ඔය වැඩේ කරන්න බැරි නිසා මේ සතියේ ඉදන් ආයෙමත් සුපුරුදු ට්‍රැක් එකට එන්නයි සූදානම. නිකන් නෙවෙයි වෙනස්කම් ටිකකුත් එක්කමයි. එකක් තමයි සබ් එක දෙන වෙලාව කලින්ම කියන එක. පසුගිය සතිවල එක එක වෙලාවට දුන්න ඇරෝ කතාවේ සබ් එක අද ඉදන් හැම සතියේම බ්‍රහස්පතින්දා රෑ 9ත් 12ත් අතර වෙලාවක දෙන්නම්. දවසම බලාගෙන ඉන්න ඕනි නෑ ඒ වෙලාව අතරතුර ආවම අනිවාර්යයෙන්ම සබ් එක සයිට් එකේ තියේවි. (කැම්පස් එකේ වැඩයි, ජොබ් එකේ වැඩයි එක්ක ඊට වඩා කලින් නම් දෙන්න අමාරුයි සහෝ.. :/ ).
ඒ වගේම කතාවත් එක්ක දෙන ලිපියත් පොඩ්ඩක් විතර වෙනස් කරලා දෙන්න හිතුවා. ඉස්සර නිකන් විස්තරයක් විදියටනෙ කතාව කීවේ. ඒ වෙනුවට පොඩි විචාරයක් එක්ක ලිපිය දාන්න උත්සහ කරන්නම්. මොකද එතකොට ඔයාලට වැඩිපුර දේවල් දැනගන්නත් පුලුවන් වේවිනේ. ගොඩක් දුරට පිටරට අයගේ විචාර පාවිච්චි කරලා තමයි ලිපි ලියන්න හිතාගෙන ඉන්නේ. මං හිතනවා අද ඉදන් ඔයාලා ලිපිය කියවලාම මේ සතියේ කොටස බලන්න පටන්ගනිවි කියලා. ඒ වගේ මං විතරක් නෙවෙයි ඔයාලත් මේ කතාව ගැන විචාර ලියන්න. මොන වගේ දේවල් ඉස්සරහට වෙයිද කියලා අනුමාන කරන්න. ඒ දේවල් අපිත් එක්කත් බෙදාගන්න. එතකොට තමයි කතාව තව තවත් රසවත් වෙන්නේ. ඒ වගේම තව දෙයක්. සමහර විට කවුරු හරි කමෙන්ට් එකක් විදියට මේ එපිසොයිඩ් එකේ ඩිරෙක්ට් ලින්ක් එක දාන්නත් පුලුවන්. ඒ නිසා විඩියෝ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් කමෙන්ට් දිහාත් පොඩ්ඩක් බලන්න. 😉 එහෙනම් ඉතින් අදට පදුර වටේ තැලුවා ඇති අපි කතාව පැත්තට හැරෙමු.
පසුගිය කොටසින්… . .
පසුගිය කොටස නම් කරලා තිබුනේ “So It Begins” කියලයි. ඇත්තටම මේ කොටස ටිකක් විතර අමුතුයි. හැබැයි අපිට ටිකක් විතර ප්‍රොමෙතියස් කවුද කියලා දැනගන්න නම් පුලුවන් වුනා වගේ. ඔව් ඔව් කියන්න ගොඩක් විස්තර තියෙනවා ඉතින් ඒවා එකින් එක අපි බලමු.
කලින් සිසන් එකේ අසාර්ථකත්වය නිසා ඇරෝ කතාවේ නිෂ්පාදකවරු මේ සිසන් එකේදි දෙයක් කරද්දි ගොඩක් හිතලා බලලා තමයි කරන්න උත්සහ කරන්නේ. ඉතින් එයාලා පොරොන්දු වුන විදියට එයාලා ආයෙමත් අපිව පළවෙනි සිසන් එකට අරගෙන ගියා. හැබැයි ඒක ලොකු වටයක් ගහලා තමයි කලේ. මොකද ප්‍රොමෙතියස් රොබට්ගේ ලිස්ට් එකේ හිටපු මිනිස්සු එහෙමත් නැත්නම් ඔලිවර්ට මරන්න තිබුන ලිස්ට් එකේ අය දඩයම් කරන්න පටන් ගත්තානේ. ඉතින් එයා මිනිස්සු මරලා තිබුනේ ලිස්ට් එකේ එක එක තැන්වලින් කෝරාගත්ත අයගේ නම් වලිනුයි. මොකද පළවෙනියට මැරුණ කෙනා Gay Eked කියලා කියද්දි ඒක ටිකක් විතර තේරෙනවා. ඇයි ඉතින් ඒක නිකන් අමුතු තාලයේ මැදින් තියෙන නමක්නේ. ඒත් ඉතින් කොහොමද මෙච්චර ස්ටාර් සිටි එකේ මිනිස්සු ඉද්දි, ප්රොමෙතියස්ට ඕනි තරම් මිනිස්සු මරන්න පුලුවන්කම තියෙද්දි මේ ලිස්ට් එකේ ඉන්න අයව හොයාගන්නේ?
කොහොම වුනත් ෆෙලසිටියි කර්ටිසුයි මේක හොයාගත්තා. එයාලා ඔලිවර්යටි අලුතෙන් බදවාගත්ත අයටයි කියනවා. හැබැයි ඉතින් අලුතෙන් බදවා ගත්ත අය විශේෂයෙන් එවලින් එහෙම පුදුම වෙනවා වගේම කළකිරෙනවා එයාලා සමුහ මිනිමරුවෙක් එක්ක වැඩ කරන්නේ කියලා දැනගත්තාම. හැබැයි ඉතින් මේ අලුත් අය මේ සිද්ධියෙන් පසසේ රෝරිගේ තැන එකතුවෙලා කතා කරන එක නම් හොද දෙයක්. ඒ වගේම අර තියාගේ උත්සවය වෙලාවේ රෙනේව තියා ලොකු පල් එකක් දානවානේ. ඒ විතරක් නම් මදෑ කර්ටිස් තවත් එයාව බයිට් කරනවා. ඉතින් මේ අලුත් අය සම්බන්ධ සිද්ධි නිසා ඇරෝ කතාවේ ඒකාකාරි ගතියත් ටිකක් විතර අඩු වුනා. කොහොම හරි එවලින්ගේ පෞර්ෂත්වය හදන්න මේ කොටසින් ටිකක් බර දුන්නා කියලා අපිට හිතාගන්න පුලුවන්. මොකද එයා ඔලිවර්ගේ අතිතය දැනගෙන ගොඩක් අවුල් වුනා. ඒ වගේම එවලින් ඒ වුනාට කර්ටිස්ට නම් ලොකු අවුලක් නෑ. රෝරි ගැන නම් අපිට කියන්න බෑ මොකද තවමත් එයා ගුප්ත කෙනෙක්. රෙනේ නම් ඒක නිසා ටිකක් සතුටින් වගේ මොකද ඒකෙන් වුනේ ඔලිවරුත් එයා ඉන්න බෝට්ටුවට වැටුනා වගේ දෙයක්නේ.
කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ එවලින්ට ප්‍රොමෙතියස් එක්ක සටන් කරන්න වුනානේ. ඒ වෙලාවේ ඔලිවර් හිටපු නිසා එයාට බේරෙන්න පුලුවන් වුනා වගේම ඒ සිද්ධියෙන් එවලින් ඔලිවර් ගැන හිතාගෙන තිබුන විදියත් වෙනස් කරන්න පුලුවන් වුනා. අන්තිමේට කොහොම හරි ඔලිවර් එවලින්ගෙන් සමාව ගත්තා, එවලින් ඔලිවර්ගෙන් සමාව ගත්තා වගේම ඔලිවර් හොද කෙනෙක් වෙනවා කියලා පොරොන්දුත් වුනා. අනික ඩිගලුත් ඔලිවර්ට කිවානේ ඔයා කලින් හිටපු කෙනා නෙවෙයි දැන් ගොඩක් වෙනස් වෙලා කියලා. ඉතින් අපිට හිතාගන්න පුලුවන් ඔලිවර් දිගටම ආයෙමත් අර මිනි මරන්නේ නැති කෙනා වේවි කියලා. හැබැයි ඉතින් 5වෙනි සිසන් එක පටන් ගත්ත දවසේ ඉදන් ඔලිවර් මිනී මරපු එකම තමයිනෙ කලේ. ඒ නිසා හරියටම ඒ ගැන කියන්නත් බෑ.
ඔය අතරේ දිස්ත්‍රික් නිතිඥ ඒඩ්රියන්ස් අපරාධ ස්ථානයට ආපු එක නම් එච්චර හොද දෙයක් නෙවෙයි. මොකද එයාට මේ දේවල්වල කිසිම අදාලත්වයක් නෑනේ. ඒ නිසා ඒඩ්‍රියන්ගේ පැත්තට පොඩි සැකයකුත් එනවා ප්රොමෙතියස්ද කියලා. හැබැයි ඉතින් ඒක කියන්න නම් තවම කල් වැඩියි. ඔය අතරේ ෆෙලසිටිට බිලිගෙන් සාක්ෂියක් හොරකම් කරන්න සිද්ධ වුනානේ. හැබැයි ඉතින් දේවල් හංගාගෙන ඉන්න එකෙන් නරකක් මිස හොදක් නම් වෙන්නේ නැ කියලා හොදටම අත්දැකිමෙන් ෆෙලසිටි දන්න නිසා බිලිට එයා ඇත්ත කියනවා. පුදුමය නම් බිලිට නම් කිසිම අවුලක් නෑ ෆෙලසිටි ඇරොත් එක්ක වැඩ කරන එක ගැන. ගොඩක් දුරට එයා හැමදේටම එකග වෙනවා. ඉතින් බිලිගෙත් මොකක් හරි හැංගුන දෙයක් තියෙනවද මොකක් හරි වෙනස් දෙයක් යටින් වෙනවද කියලා පොඩි සැකයකුත් මතු වෙන්නේ නැතිවම නෙවෙයි.
කතාවේ අනිත් චරිතය වුන ක්වෙන්ටන් පැත්තට හැරුනොතින් එයාට නම් මේ සිරියස් එකේ ලොකු බරපතල මාතෘකාවක් දිලා තිබුනේ නෑ. නිකන් සාමාන්‍ය විදියට බේබදු ජිවිතේ හිටපු එයාට එකපාරටම උප නගරාධිපති තනතුරක් ලැබුනානේ. එයා නම් කිවේ ඒකෙන් පස්සේ බොන එක නැවැත්තුවා කියලයි. හැබැයි කලින් කොටසින් දැනුන විදියට එයා බොන එක නම් කවමදාවත් නවත්වලා නෑ. ඒ විතරක් නම් මදෑ එයාගේ බීමන කොච්චරද කියනවා නම් සිහිය නැතිවෙන්නම බොනවා වගේ. මොකද පහුගිය කොටස අවසානයේ ලාන්සි නිදාගෙන ඉදලා නැගිටිද්දි එයාගේ අතේ එයාවත් දන්නේ නැතිව කැපුම් තුවාලයක් තිබුනා. හැබැයි මේ තුවාලයේ විශේෂත්වය තමයි ප්‍රොමෙතියස් එවලින් එක්ක සටන් කරද්දි එයාගේ අතේ තුවාල වුන තැනම තමයි ලාන්ස්ගෙත් තුවාල වෙලා තියෙන්නේ. ඒ වගේම ලාන්ස්ගේ මේසය උඩ අර විසි කරන තරුවකුත් තියෙනවා. ඔය හැමදේම වෙද්දි ෆෙලසිටි හොයාගත්තනේ ප්‍රොමෙතියස් විසි කරපු තරු හදලා තියෙන්නේ මෙච්චර කාලයක් පුරාවට ඇරෝ විදපු ඊතල එකතු කරලා කියලා. ඉතින් ඒ දේ කරන්න නම් ප්රොමෙතියස්ට SCPD එකේ සාක්ෂි ගබඩාවට යන්න පුලුවන්කමක් තියෙන කෙනෙක් වෙන්න ඕනි කියලයි. ඉතින් මේ හැමදෙයකින්ම ලාන්ස් තමයි ප්‍රොමෙතියස් කියලා ඔප්පු කරන්න ගොඩක් දේවල් කරලා තියෙනවා. හැබැයි ඉතින් ක්වෙන්ටන් නම් මේ හමුදා පුහුණුවක් ලැබුනා වගේ කඩිසරව එහෙ මෙහෙ දුවන, විසි කරන තරු වලින් මිනිස්සු එකපාරටම මරලා දාන කෙනෙක් වෙන්න නම් තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. එක්කො එයාගේ මනස පාලනය කරා වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් මේක ඇසසින් ලිග් එකේ වැඩක් වෙන්නත් පුලුවන්. එහෙම නැත්නම් මේ ස්ලේඩ් වෙන්නත් පුලුවන්. මැල්කම්, ඩේමියන් නැත්නම් ගොඩක් දුරට ඒඩ්රියන්ස් වෙන්නත් පුලුවන්. ඔය කවුරු වුනත් ලාන්ස් වෙන්න නම් තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. සමහර විට ලාන්ස් බීලා සිහිය නැතිවෙලා ඉන්න වෙලාවේ ප්‍රොමෙතියස් හොරෙන් ඇවිත් ලාන්ගේ අතේ එයාගේ තුවාලය වුන විදියටම තුවාලයක් කරලා ගියාද කියලා කියන්නත් බෑනේ. මොකද එතකොට හැමෝගෙම සැකය ලාන්ස්ගේ පැත්තට යන නිසා.
ඒ වගේම පරණ අතිතය මතක් කරන Flashback වල අපිට බ්‍රට්වා එකේ නායකයා වුන ග්‍රෙගොර්ව දකින්න පුලුවන් වුනා. කෝවාර් බ්‍රට්වා එකට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරද්දි ග්‍රෙගෝර් ඔලිවර්ට කිවේ කොවාර්ගේ කැසිනෝ එක පුපුරවන්න උදව් වෙන්න කියලයි. මුලින් අකමැති වුනත් ඔලිවර් පස්සේ කෝවර්ට ලංවෙන්න ඕනි නිසා ඒ වැඩේ කරන්න කැමති වෙනවා. හැබැයි ඒ වැඩේ නම් හොදින් ඉවර වුනේ නෑනේ. ඒ වෙනුවට ඔලිවර් කෝවාර්ට අහුවුනා. ඒ විතරක් නම් මදැ අල්ලාගත්ත ඔලිවර්ට කෝවාර් අර ටර්නිප් එලවලු කතාවක් කියන්න පටන්ගත්තා. අනේ මන්දා ඉතින් මේ කෝවාර් මොකාට එන්න හදනවාද කියලා කියන්න අපි තවම කල් වැඩියි. මොනවා වුනත් අන්තිමේට ඔලිවර් කෝවර්ව ඉවරයක් කරනවා බලන්න නම් ගොඩක් ආසා හිතේවි.
සමස්ථයක් විදියට ගත්තම කලින් කොටස තනියම ගලාගෙන ගියා. හැබැයි ක්වෙන්ටන්ගේ සම්බන්ධය ගැන සම්පුර්ණ විස්තරයම දැනගන්න ලැබුනද කියලත් සැකයක් තියෙනවා. හැබැයි ඉතින් සිසන් 1දි තිබුන ඔලිවර්ගේ විකාර භයානක වැඩමතක් කරන එක නම් නියමයි. හැබැයි ඉතින් මේ ප්‍රොමෙතියස් කියන චරිතයේ වැඩි විස්තරයක් නෙලැබුන නිසා ප්‍රොමෙතියස් කවුද කියන එක තවමත් ගොඩක් සංකීණයි.
මේ සතියේ කොටසින්… . .
මොන දේ වුනත් ඇරෝ ටීම් එකට තවම බැරි වුනා මේ ප්රොමෙතියස්ගෙ වෙස්මූන යටින් ඉන්නේ කවුද කියලා හොයාගන්න. අඩුම තරමේ එයා ගැන සාක්ෂියක්වත් හොයාගන්න බැරි වුනානේ. ඒ වුනාට ප්‍රොමෙතියස් නම් ඔලිවර්ගේ අතීතය දැනගෙන එයාගේ අර ලිස්ට් එකෙ අය මරන්න පටන්ගත්තොනේ. හැබැයි ඉතින් ඇරෝ එක්ක කෝච්චියේදි වුන සටනින් පස්සේ ප්‍රොමෙතියස් ටිකක් විතර නිශ්ශබ්ද වෙලා. එයා ගැන කිසිම ආරංචියක් නැතිවෙලා. ඉතින් මේකත් ඔලිවර්ට ප්‍රශ්නයක්. මොකද ඔලිවර් දන්නවා ප්‍රොමෙතියස් හිතුමතේ වැඩ කරන කෙනෙක් නෙවෙයි හොදට හිතලා මතලා වැඩ කරන කෙනෙක් කියලා. ඉතින් එයා මේ නිශ්ශබ්දව ඉන්නේ හොදකට නෙවෙයි කියලා ඔලිවර් හිතනවා. හැබැයි ඉතින් ප්‍රොමෙතියස් නැති අඩුපාඩුව පුරවන්න නගරයට අලුත කෙනෙක් එනවා. නමින් විජලාන්ටි වුන මෙයා ටිකක් අමුතු කෙනෙක්. අනිත් අය අපරාධ කරනවා වෙනුවට මෙයා අපරාධ කරන මිනිස්සු හොයාගෙන ගිහින් මරලා දානවා. මොනවා වුනත් මිනිස්සු මරණ එක එච්චර හොද දෙයක් නොවන නිසා ඔලිවර් මේ කෙනාව අල්ලාගෙන නවත්වන්න තිරණය කරනවා. හැබැයි ඉතින් හිතන තරම් ඒක ලේසි වෙන්නේ නෑ. ඒ ඇයි කියලා වගේම තව මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බලන්න… . . ^_^
මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S05E07.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
15,546 downloadsDownload Arrow.S05E07.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
59 comments
Leoz
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......S.K.Ruchiranga
elma ,..,thzz bro
Ravin
Thanks for the Sub
Dilsha M Korathotage
Good job mah broo ...!!!
Well done...!!!
Tnx for your every subsපසිඳු
එළ...........................!
ලිපියත් සුපිරී...................!Rasitha Pradeep Somasiri
සුපිරි ලිපිය සහෝ....
උපසිරැසියටත් බොහොම ස්තූතියි....Bobby
thank you very much
Dewaka
thank you very much bro.. digatama sub danna shakthiya lebewa
Brother007
ela el.. lpiyath mru.. jaya wewa....
udaya
ela suppa
Suu
thank u
Sanindu Lakkitha
Thnx Saho Sub ekata... Alut wede hodai saho.. digatama me vidiyata lipiya denna.. Good Luck..
sanjaya
mewage link eka nene bn ko ekkwath dnload krnna bene film tv seres
thisal
තෑන්ක්ස් මචන්
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති සහෝ
dileepa
thanks machan.supiri
Gathsara Umesh Kumara
කවිදු අයියේ...අලුත් වෙනසන්ම් නියමෙම .නියම්යි.එහෙන්ම් ආයෙත් වෙඩිවගේ ට්‍රැක් එකට බැස්ස..මතද දන්නේ සීසන්2ක් දෙද්දි අපේ කට්ටිඅය කිව්වේ අයියට් ලන්කාවෙ ෆ්ලෑෂ් කියල.එහෙනම් ආයෙත් ඒනම් ලබන සතියෙ ඉදල කියන් බලගෙන ඉන්න්වා..ඉක්ම්නින් ඊලග එපියෙන් හමුවෙමු...ජයෙන් ජය...!!!!
ayesh
thank you
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
තාම බැලුවේ නෑ බලලා අදහසක් කියන්නම්
mihiran
තෑන්ක්ස් සහෝ
Captain America
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ!
Chathura buddhika
Thanx sahoo... JAYA...
කවින්ද බුද්ධික
ස්තූතියි සහෝ.. ජය වේවා.. දිගටම කරගෙන යමු..
**********
ela mchn..!!
mindika
thanks !!!!!!!!!!!!!!!!
Bhagya
ela ela bro................!
Madura J. Kawshalya
වෙනසකුත් එක්ක ආපු නිසා සබ් එකත් එක්ක එපිය බලලම අදහසක් කියනව කියල හිතා ගත්ත..සබ් එක නම් බෙස්ට් ඔෆ් බෙස්ට්..ඒක ආයෙ කියන්න දෙයක් නෑ..ඒ වගේම තමයි සබ් එක රිලීස් කරන වෙලාවක් දීපු එක ..ඒකෙන් ගොඩාක් දෙනෙක්ගෙ ඩේටා,ටයිම් ඉතුරු වෙනව.නැත්නම් අපි දවසට 7,8 පාරක් සයිට් එකට ලොග් වෙලා බලනවනෙ...අනිත් එක ඉතින් මේ විස්තරය..මේක නම් තව කෙටි උනාට කමක් නෑ කියන එකයි මගේ මතය..ඒකෙන් ටිකක් විතර කතාව බලනකොට තියන කුතුහලය මැකෙනව වගේ හිතෙනව.(100%ක් නරකයි කියනව නෙවෙයි).ඒ වගේම ඉතින් මේ දීර්ඝ විස්තරය ලියන්න ඔයාට අමතර මහන්සියක් වෙන්නත් වෙනවනෙ..දහසකුත් එකක් වැඩත් එක්ක ඒක මම හිතනව ටිකක් අමාරු ඇති කියල..
.
.
.අවසාන වශයෙන් මේ කරන මෙහෙයට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි..ජය වේවා...!!!rajja
ekenma thnx sahoooo..... sinhala sabata jaya.......
Hasintha
Tanx
ays
thanx mcn sub ekata. parakku wela hari kohoma hari sub eka denawat thanxxxx
Manudul
Ammoo Description Eke Diga ! :')
Umbala Witharai Machan Lankawe Isseelama Meeke Sinhala Sub Denne !Elaz ! Jaya Wewaaaaa...! Site Eka aaye Block Noweewa !
Dulap Buddhika
පපුව හෝස් ගාලා ගියාබන් බයිස්කෝප් වැඩ නැහැයි කියලා කියපුවාම, අපොයි ලොකුම ලොකු දෙයක් තමයි වැඩකරන එක අපිත් පුළුවන් වෙලාවක පුළුවන් විදියට උදව් උපකාර කරන්න ලෑස්තියි සහෝ සබට ස්තූතියි
Udara Damith B/K
දවස් දෙකක් විතර සයිට් එක ට යන්ඩ බැරී උනානේ .ඇයි ඒ
Kasun
Thanks Bokka
nirosha dilshan
kello wishwasa karanna ba kiyala ada kotasin pennuwa neda
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha Madusanka
niyamai....mama aurdu 4 withara idala maken thmai sub eka gatta....sub eka niymata denawa....obata jaya.....
pubudu eranga
tnq bro
avishka induwara
mata hithena widiyata promytheus kiyanne Tommy Merlin wenna one.comic wala eka thanakdi dark archer ekka sambanda thawayk promytheusta thiyenwa e anuwa tommy wenna thiyena idakada godak wadi kohomath lance promytheus wenawa kiyana eka godak durata wenna bari deyak.me anika green arrow kiyanne oliver kiyala danna nisa promytheus oya olivergen kattiya ath karanna karan deyak wenna one balan imu
Hasitha Nuwan
Tommy wenna bene bro.... Tommy kiyanne Oliverge yaluwane.......
Amila Mudalige
Thanks saho
Manoj Hemantha
sub 1 tikak late unath kalin arrow flash waladi parakku nowi dunnene. a nisai machan iwasan hitiye. :D :D ubalatath ban weda thiyenawa kiyala api dannawa. sub 1ta tnx.......
මධුකප්‍රිය පෙරේරා
හම්මේ එදාම සබ් එක ඉල්ලන් බැලුවත් කමෙන්ටුවක්
දාන්න එන්න වුනේ අද තමා ඔන්න..
සබට තැන්කු වේවා ..වෙනසනම් මාරයි.sherlock galle
Thank you
W Randeera Kavish
THANK YOU FOR SUBTITLE
Rohana Chaminda Bandara
Thanks bro sub ekata............
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
Lahiru Darshana
දන්න කෙනෙක් කියනවද ඇයි තාම ARROW S5 : 08 තාම පරක්කු කියල...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Nawatha paniya eka gana bohoma isthuthi sahoo. Ads daana api ewa click karanan. ethakota prashne tikak hari adu weainee.