ඔන්න එහෙනම් නාකොස් මෙක්සිකෝ චාරිකාව අවසන් කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. නාකොස් කතා මාලා හැම එකකම වගේ මේ අවසන් කතා සමයෙත් පළමු උපසිරස මගෙන් තමයි ලැබෙන්නේ. කලින් කතා මාලා දෙකේදී ඔයාලට දකින්න ලැබුනේ ෆීලික්ස් මිගෙල් නිර්මාණය කරපු මත්ද්‍රව්‍ය ජාවාරම් රාජධානියේ නැගී සිටීම සහ බලය පැතිරවීම වගේම අවසානයේ…

ඔන්න එහෙනම් නාකොස් මෙක්සිකෝ චාරිකාව අවසන් කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. නාකොස් කතා මාලා හැම එකකම වගේ මේ අවසන් කතා සමයෙත් පළමු උපසිරස මගෙන් තමයි ලැබෙන්නේ. කලින් කතා මාලා දෙකේදී ඔයාලට දකින්න ලැබුනේ ෆීලික්ස් මිගෙල් නිර්මාණය කරපු මත්ද්‍රව්‍ය ජාවාරම් රාජධානියේ නැගී සිටීම සහ බලය පැතිරවීම වගේම අවසානයේ අධිරාජ්‍යය බිඳ වැටීමත් දකින්න ලැබුනා. විශේෂයෙන්ම කිකී කැමරිනා නම් DEA නියෝජිතයා සාහසික ලෙස ෆීලික්ස්ගේ අනුදැනුම මත ඝාතනය වීම හරහා මත්ද්‍රව්‍ය වලට එරෙහිව ඇමෙරිකාව විසින් ගෙනගිය සටන තවත් තීව්‍ර වෙන්න හේතුවක් උනා. කලින් කිව්වා වගේ කිකී කැමරිනා ඝාතකයින් දඩයම් කිරීමටම වෙනම මෙහෙයුමක් ඇමෙරිකානු DEA නිලධාරීන් හරහා මෙක්සිකෝව තුල ක්‍රියාත්මක උනා. කොහොමහරි අවසානයේ ෆීලික්ස් සියලු ප්ලාසා හිමියන් එක්ක කරගෙන ගිය හවුල අවුලක් බවට පත් වෙලා අවසානයේ ඇමෙරිකානු අත් අඩංගුවට පත්වෙන මට්ටමට පත් උනා. එහෙම තමයි ෆීලික්ස්ගේ රාජධානිය බිඳ වැටිලා ගියේ.
ඉතින් මේ කතා සමයේදී අපිට දකින්න ලැබෙන්නේ ෆීලික්ස්ගෙන් පස්සේ මෙක්සිකෝව තුල බලය පතුරවපු අනෙක් ප්ලාසා අයිතිකාරයෝ වූ අමාඩෝ, ඇරියානෝ සහෝදරයෝ සහ සිනලෝවා වල හිටපු එල් චාපෝ වගේ පිරිස් කොහොමද මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගියේ කියන කාරනා දකින්න ලැබෙනවා.
නාකොස් කොලොම්බියා කතා මාලාවේ දෙවෙනි කතා සමයේ අවසානයේ පැබ්ලෝ එස්කොබාර් මරණයට පත්වීම, කාලි කාටෙල් එකේ ව්‍යාපාර ඇදවැටීම වගේ දේ සිද්ධ වෙන්නේ මේ කාල සීමාවට අදාලවයි. ඉතින් ඒ සිදුවීම් කොහොමද මෙක්සිකෝවට බලපෑවේ වගේ කරුණු කාරනා ඔයාලට මේ කතා මාලාවේදී දකින්න ලැබේවි. එහෙනම් පළමු කොටස බලන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නම්. ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,925 downloadsDownload Narcos.Mexico.S03E01.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
- #2019
- #Alejandro Edda
- #Alfonso Dosal
- #Diego Luna
- #Editor's Pick
- #Fermín Martínez
- #Fernanda Urrejola
- #José María Yazpik
- #MaxxA
- #Must Watch
- #Narcos
- #Narcos Mexico
- #Netflix
- #Paulina Gaitan
- #Scoot McNairy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Subs
- #Teresa Ruiz
- #Wagner Moura
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #හසන්ත වික්‍රමරත්න
14 comments
Supun Kaushalya
P_mihir
Thnx for sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Shanaka
Thanx brother sub akata
Anonymous
Spanish thriler series ekak dennkow
ක්‍රිශාන්ත
ගොඩාක් ස්තුතියි සබ් එකට......මග බලාගෙන හිටියෙ සිසන් එකම ඩවුන්ලොඩ් කරන්.....♥️♥️
NADUN
download කරපු site එක කියන්න පුළුවන් ද
Amila Kaushalya
ස්තූතී ගොඩාක් සබ් එකට බ්‍රෝ ආසම සිරියස් එක පුලුවන් ඉක්මනට ඉතුරු ටිකත් අරන් එන්න ජයවේවා
Anonymous
Thanks jayawewa....!
Lahiru Bandara
සුපිරි මචන් මේ වගේ කතා තමා ඹ්නේ. කිසි කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්. ඉක්මනට ඉතුරු ටිකක් දාපන්. එල බන්
Nilush Angana
Sub ekata thanx
Bimbisha
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
රංගික සිනෙත් කාරියවසම්
සුපිරියක් .ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement


තෑන්ක්ස් සබ් එකට සහෝ