පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා…

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා සහ විවිධ රටවල් වල ඉතිහාසය ගැන සහ විවිධ මාතෘකා ගැනයි. ඒ වගේම මේ කතා මාලාව ආරම්භ වුනු 2009 මාර්තු 8 වෙනිදා සිට මේ දක්වාම කතාසමයන් 17 ක් සහ කොටස් 200 කින් සමන්විත වෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.මේ කතා මාලාව පාදක වී තිබෙන්නේ Erich von Däniken සහ Zecharia Sitchin වැනි ප්‍රධාන ගත්කතුවරු කීප දෙනෙක්ගේ ලියවිලි පාදක කරගෙනයි.ඒ වගේම මේ වැඩසටහන් මාලාවේ නිෂ්පාදකයා විදිහට Giorgio Tsoukalos කටයුතු කරනවා වගේම විධායක නිෂ්පාදකයා Kevin Burns විදිහට කටයුතු කරනවා.නිෂ්පාදන දායකත්වය ලබා දී ඇති සමාගම ලෙස සැලකෙන්නේ Prometheus Entertainment ආයතනය වෙන අතර බෙදාහැරිම සිදු කරන්නේ A&E Network ආයතනයයි.ඒ වගේම ලේඛකයෙක් වෙන David Childress ඇතුළු බොහෝ පිරිසක් මේ වැඩසටහන් මාලාව පුරාවටම ගවේෂණ සහ පර්යේෂණ සිදුකරමින් අතීතයේ අපේ මුතුන්මිත්තන් අතරට පිටසක්වලයන් පැමිණෙමින් ඔවුන්ට දැනුම ලබාදුන් බවත් මානව ශිෂ්ටාචාරය පිහිටුවා ගැනීම සඳහා උපකාර කෙරූ බවට තම මතවාදයන් ඉදිරිපත් කරනවා.කතා මාලාවේ පසුබිම් කථිකයා විදිහට Robert Clotworthy කටයුතු කරන අතර කතා මාලාව සඳහා ලැබී ඇති IMDb අගය 7.2/10ක් ලෙස පෙන්වා තිබෙනවා. ඒ වගේම මෙවර 10 වෙනි කතාමාලාව තුල කොටස් 10 ක් අඩංගු වෙනවා.
ජර්මානු අභ්‍යවකාශ තාක්‍ෂණය පිලිබඳ ඉංජිනේරු වර්නර් වොන් බ්‍රවුන් දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපද හමුදාව සමඟ ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන් වලට සම්බන්ධ වුනේ හිට්ලර්ගේ පරාජයත් සමඟ ඔහුගේ නාසි හමුදාවේ පර්යේෂණ සඳහා සහබාගි වූ විද්‍යාඥයින් ඇමරිකාවට ගෙනයාමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරූ නිසයි, ඔහු ලොව ප්‍රථම බැලස්ටික් මිසයිලය නිපදවීමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රමුඛතම විද්‍යාඥයන්ගෙන් කෙනෙකු බවට පත්වුනා වගේම නාසින්ගේ V2 නමැති රොකට්ටුව නිර්මාණය කරමින් මුල්ම ඉන්ධන රොකට්ටු නිර්මාණය වගේම බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් වලට පහර දීමටද සමත් වුනා. පළමු ඇමරිකානු චන්ද්‍රිකාව නිපදවීම සහ මිනිසාට සඳ වෙත ළඟා වීමට හැකි වූ දැවැන්ත සැටර්න් V රොකට්ටුව නිර්මාණයට දායක වීමෙන් මිනිසාව සඳ මතට ගෙනයාමේ නියමුවෙක් ලෙසද සැලකෙනවා. ඒ වගේම අපි අඟහරු ගවේෂණ කර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගොඩනඟන බවට වොන් බ්‍රවුන් කල නිර්භීත අනාවැකි යථාර්ථයක් බවට පත්වෙමින් පවතිනවා.නමුත් රොකට් ශිල්පය කියන මාතෘකාවෙදි වෝනර් වොන් බ්‍රවුන් ඔහුගේ සමකාලීන විද්‍යාඥයින් වෙන නිකොලා ටෙස්ලා,රොබට් ඔපන්හයිමර්,ඇල්බට් අයින්ස්ටයින් වැනි අයට වඩා හුඟක් ඉදිරියෙන් සිටියේ කොහොමද?.නාසි හමුදා පාර්ශව විසින් දෙවෙනි ලෝක යුද්ධ කාලයට පෙරදී ලොව පුරා ගොස් එකතු කල රහසිගත තොරතුරු ඔහු සතුව තිබුනාද නැත්තං 1947 නව මෙක්සිකෝවේ රොස්වෙල් ප්‍රදේශයට කඩාවැටුනා යැයි කියන හඳුනානොගත් පියාසර වස්තුවෙන් ලබාගත් දියුණු තාක්‍ෂණයක් පරිහරණය කිරීමේ හැකියාව ලැබී තිබුනාද? නමුත් මෙතුවක් කලකට පහලවූ ලෝකයේ විශිෂ්ඨතම රොකට් විද්‍යාඥයාට මෙයට අනුබල ලැබුනේ අපේ ලෝකයෙන් නොව නමුත් වෙනත් ලොවකින්ද? Ancient Aliens S10e02 කොටසෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙන්නේ වෝනර් වොන් බ්‍රවුන් ගැන කතා කිරීමටයි ඔහුගේ කුඩා අවදිය සහ ජර්මනියේ නාසි හමුදාව යටතේ සිදුකෙරූ පර්යේෂණ සහ පසුව ඇමරිකානු හමුදාව යටතේ සිදුකෙරූ පර්යේෂණ ගැන වගේම ඔහු අභ්‍යවකාශ යුගයක් ඇරඹීම සඳහා වෝල්ට් ඩිස්නි සමඟ එකතු වී කල කාර්ය භාරය ගැන මේ කොටසෙන් කතාබහ කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
1,393 downloadsDownload Ancient-Aliens-S10-E02.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
4 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nirosha Nirosha
බයිස්කොප් එකටයි රුවන් සහෝ ටයි ගෝඩාක් ස්තූතියි.අපි ගොඩක් කල් බලන් හිටියා රුවන් සහෝ සබ් දෙනකල්.ගොඩාක් ස්තූතියි,දිගටම මෙ සීරිස් එකට සබ් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි