Watch Trailer

Ancient Aliens [S10 : E03] Sinhala Subtitles | පිටසක්වලයන් සහ රෝබෝවරු [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා…

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා සහ විවිධ රටවල් වල ඉතිහාසය ගැන සහ විවිධ මාතෘකා ගැනයි. ඒ වගේම මේ කතා මාලාව ආරම්භ වුනු 2009 මාර්තු 8 වෙනිදා සිට මේ දක්වාම කතාසමයන් 17 ක් සහ කොටස් 200 කින් සමන්විත වෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.මේ කතා මාලාව පාදක වී තිබෙන්නේ Erich von Däniken සහ Zecharia Sitchin වැනි ප්‍රධාන ගත්කතුවරු කීප දෙනෙක්ගේ ලියවිලි පාදක කරගෙනයි.ඒ වගේම මේ වැඩසටහන් මාලාවේ නිෂ්පාදකයා විදිහට Giorgio Tsoukalos කටයුතු කරනවා වගේම විධායක නිෂ්පාදකයා Kevin Burns විදිහට කටයුතු කරනවා.නිෂ්පාදන දායකත්වය ලබා දී ඇති සමාගම ලෙස සැලකෙන්නේ Prometheus Entertainment ආයතනය වෙන අතර බෙදාහැරිම සිදු කරන්නේ A&E Network ආයතනයයි.ඒ වගේම ලේඛකයෙක් වෙන David Childress ඇතුළු බොහෝ පිරිසක් මේ වැඩසටහන් මාලාව පුරාවටම ගවේෂණ සහ පර්යේෂණ සිදුකරමින් අතීතයේ අපේ මුතුන්මිත්තන් අතරට පිටසක්වලයන් පැමිණෙමින් ඔවුන්ට දැනුම ලබාදුන් බවත් මානව ශිෂ්ටාචාරය පිහිටුවා ගැනීම සඳහා උපකාර කෙරූ බවට තම මතවාදයන් ඉදිරිපත් කරනවා.කතා මාලාවේ පසුබිම් කථිකයා විදිහට Robert Clotworthy කටයුතු කරන අතර කතා මාලාව සඳහා ලැබී ඇති IMDb අගය 7.2/10ක් ලෙස පෙන්වා තිබෙනවා. ඒ වගේම මෙවර 10 වෙනි කතාමාලාව තුල කොටස් 10 ක් අඩංගු වෙනවා.

ඇදහිය නොහැකි ශක්තිය… උසස් බුද්ධිය… සහ ප්‍රජනනය කිරීමේ හෝ ප්‍රතිනිෂ්පාදනය කිරීමේ හැකියාව පවා මේවාට තිබෙනවා. 21 වන ශතවර්ෂයේදී, මිනිසුන්ට ශල්‍යකර්ම සිදුකිරීමේ සිට වෙනත් ග්‍රහලෝක ගවේෂණය දක්වා සෑම දෙයක්ම කිරීමට රොබෝවරු වැඩසටහන්ගත කර තිබෙනවා වගේම මිනිසුන්ව අනුකරණය කිරීම සඳහා මෙන්ම ඔවුන්ව තේරුම් ගැනීම සඳහාද ඔවුන්ට හැකියාව තිබෙනවා. ඒ වගේම මිනිස් ස්වරූපයට සමාන මානවරූපී රොබෝවරු විද්‍යා ප්‍රබන්ධ වල පමණක් ඇතැයි සිතූ නවීනත්වයේ මට්ටමට වේගයෙන් ළඟා වෙමින් ඉන්නවා මෙහිදී විශ්විද්‍යාල පර්යේෂකයින් පිරිසක් නිර්මාණය කල රෝබෝවරයෙකුට තමන්ගේ ගාත්‍රා අහිමිවුනත් ඒවා ස්වයංක්‍රීයව නැවත නිර්මාණය කරගැනීමේ හැකියාව පවතිනවා වගේම අනාගතයේ නිර්මාණය කරන රොබෝවරු මිනිසා වෙනුවට වෙනත් ග්‍රහලෝක වල ගවේෂණ වලට යැවීම සඳහා නාසා ආයතනය මගින් වැඩිදියුණු කරමින් සිටින වැල්කරි නමැති රොබෝවරයෙකු ගැන කතා බහ කරනවා.නමුත් වැඩි වැඩියෙන් බුද්ධිමත් සහ මිනිසාගෙන් පරිබාහිරව ස්වාධීනව තීන්දු තීරණ ගැනීමේ රොබෝවරුන් නිර්මාණය කිරීමෙන් ඇඟවෙන්නේ කුමක්ද?කෘතීම මිනිසුන් නිර්මාණය කිරීමේ උමතුව ඇත්ත වශයෙන්ම මානව වර්ගයාගේ අනාගතයට හෝ එහි අතීතයට ගමන් කිරීමට මග පෙන්වනවාද ? ක්‍රිස්තු පුර්ව 2000 තරම් ඈත අතීතයක සිට පැවතගෙන එන ග්‍රීක පුරාවෘත්ත වලින් හෙෆස්ටස් නමැති දෙවිකෙනෙක් ටලොස් නමින් හැඳින්වූ ලෝකඩ වලින් නිර්මාණය කල රොබෝ ආරක්ෂකයෙකු ගැන කියවෙනවා.ඒ වගේම ඔහුගේ කර්මාන්ත ශාලාවේ වැඩ කිරීම වෙනුවෙන් ආයුධ තැනීමටත් විවිධ රොබෝවරු යොදාගත් බව කියවෙනවා.මිසරයේ ඇති පිරමීඩ බිත්ති වල සඳහන් වෙන ලියවිලි වලින් කියවෙන්නේ ඔසයිරිස් දෙවියන්ව කොටස් කර නැවත එකලස් කිරීමෙන් පසුව යන්ත්‍රයක් ආකාරයට ජීවය පිහිටෙව්ව බවයි..ඒ වගේම එහි ඇති එක් රූපසටහන් ටෙස්ලාගේ විද්‍යුතය නිපදවීමේ කොයිල් එකට සමාන බව කියවෙනවා.නවීන රොබෝවරු ඇත්තටම පෞරාණික ලෝකයේ සිටියා නම් ඔවුන් ඉටුකල කාර්ය භාරය කුමක්ද ?ඒවා හැදුවේ කවුද ඒ වගේම එහි තාක්‍ෂණය සහ ඒවාට සිදුවුනේ මොකක්ද?

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.

980 downloadsDownload Ancient-Aliens-S10-E03.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

980 downloadsDownload Subtitles41 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Amil

    Thank for the Grate Sub...

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Anonymous

    thanks for sub.great work

  5. Amil Gamage

    Thank you Very Much For the Sub

  6. Nirosha Nirosha

    බයිස්කොප් එකටයි රුවන් සහෝ ටයි ගෝඩාක් ස්තූතියි.අපි ගොඩක් කල් බලන් හිටියා රුවන් සහෝ සබ් දෙනකල්.ගොඩාක් ස්තූතියි,දිගටම මෙ සීරිස් එකට සබ් දෙන්න.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P