Vinland Saga Sinhala Subtitles “කිරිසප්පයින්ට නොව, මහත්වරුන්ට වෙන්වූ මහත්වරුන්ගෙ කතාව…” සෑහෙන කාලයක් තිස්සෙ කරන්න බලාපොරොත්තුවෙන් හිටපු, සෑහෙන කාලයක් තිස්සෙ මේක යථාර්ථයක් කරනකම් සිහින දැකපු වැඩක් තමයි අද ඔයාලගෙ අතට මේ පත්කරන්නෙ. මේ වෙනකොට බයිස්කෝප් වෙබ් අඩවියෙන් මාස්ටර්පීස් මට්ටමෙ විශිෂ්ඨ ඇනිමේ නිර…

වින්ලෑන්ඩ් සාගා නිර්මාතෘ
මකතෝ යුකිමුරා සෙන්සෙයි
කලිනුත් කිව්වා වගේ මේක ජපන් ජාතික මංගකා කෙනෙක් අතින් නිර්මාණය වෙලා, ඇනිමේ එකක් විදිහට ජපානයෙන් එළියට ආවත්, මේක ජපානයට අදාල කතාවක් නෙමෙයි. මේක වයිකිංවරු ගැන කියවෙන කතාවක්. ඉතින් කවුද මේ වයිකිංවරු කියන්නෙ?
වයිකිංවරු කියන්නෙ වත්මන් ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනය යන ස්කැන්ඩිනේවියානු රටවල් අයත් කොටසෙ 8 වෙනි – 11 වෙනි සියවස් තුළ ජීවත්වුණු රණකාමී ජන වර්ගයක්. මෙයාලා මුහුදු කොල්ලකෑම්, පැහැරගැනීම් සහ වෙළඳාම් කරපු පිරිසක් විදිහටත් අඳුන්වලා තියෙනවා. ඒත් මෙයාලා වඩාත් ජනප්‍රිය වෙන්නෙ ඉමහත් කාය ශක්තියකින් යුත් යුරෝපයට වරින්වර ආක්‍රමණ දියත්කරපු පිරිසක් විදිහට. ඒ කාලයෙ මෙයාලා උතුරු අප්‍රිකාව, මැදපෙරදිග, ග්‍රීන්ලන්තය සහ “වින්ලෑන්ඩ්” කියන ප්‍රදේශවලටත් ඇවිල්ලා තියෙනවා කියල තමයි තොරතුරු නම් තියෙන්නෙ.
එතකොට මොකක්ද මේ “වින්ලෑන්ඩ්” කියන්නෙ?
Vinland, Vineland සහ Winland යන නම් වලින් අඳුන්වන, වයිකිං ගවේෂකයෙක් වෙන “ලෙයිෆ් එරික්සන්” විසින් කොලොම්බස්ටත් පෙරාතුව සොයාගත් උතුරු ඇමෙරිකාව සහ කැනඩාවට අයත් කොටසක් තමයි මේ වින්ලෑන්ඩ් කියන්නෙ. සරලවම කිව්වොත් නව ලෝකය විදිහට හඳුන්වන ඇමෙරිකාව. යුද්ධය සහ වහල්කම පිරිලා නිදහස අහිමිවෙලා තියෙන යුගයක, නිදහස වෙනුවෙන් සටන්කරනා පිරිසක් සාමයෙ පාරාදීසයක් වුණු මේ වින්ලෑන්ඩ් සොයායන අපූරු චාරිකාවක් තමයි මෙහි වස්තුබීජය වෙන්නෙ කියල කිව්වොත්, මං වරදක් නැතිවෙයි.
වින්ලෑන්ඩ් සාගා මංගා එකතුව
ඉතින් යුකිමුරා සෙන්සෙගෙ මංගා එක මූලාශ්‍ර කරගෙන ඇනිමේ එක නිර්මාණය කරන්නෙ WIT Studio එක විසින්. WIT කියපු ගමන්ම අපේ මතකෙට එන්නෙ Attack on Titan නිර්මාණය කරපු Studio එක කියලනෙ. Historical, Gore, Seinen යන තේමාවන් යටතෙ වින්ලෑන්ඩ් සාගා ඇනිමේ එක Action, Adventure, Drama යන ශානරවලට අයත්වෙනවා. ඇනිමේ වෙනුවෙන්ම වෙන්වුණු MAL නොහොත් MyAnimeList තුළ 8.76ක අගයක් ලබාගන්න වින්ලෑන්ඩ් සාගා සමත් වෙනවා.
ඒ වගේම මේ ඇනිමේ එකේ අතිසුපිරි OST ටිකකුත් තියෙනවා කියන්නම ඕනෙ. ඇනිමේ එකෙ පළමු භාගයෙ ආරම්භක තේමා ගීතය වෙන “MUKANJYO” ගායනා කරන්නෙ Survive Said The Prophet කණ්ඩායම විසින්.
Survive Said The Prophet කණ්ඩායම
ඒ වගේම ඇනිමේ එකේ දෙවෙනි භාගයෙ ආරම්භක තේමා ගීතය වෙන “Dark Crow” ගායනා කරන්නෙ Man With A Mission කණ්ඩායම විසින්.
Man With A Mission කණ්ඩායම
ඒ වගේම ඇනිමේ එකේ පළමු භාගයෙ අවසන් තේමා ගීතය වෙන “Torches” සහ අවසන් භාගයෙ අවසන් තේමා ගීතය වෙන “Drown” ගායනා කරන්නෙ අති සුපිරි ජපන් ගායිකාවන් දෙදෙනෙක් වෙන, පිළිවෙලින් Aimer සහ Milet විසින්.
Aimer සහ Milet
එහෙනම් ඇනිමේ එකේ පසුබිම හා මූලික තොරතුරු ඔයාලා දැන් දන්නවා. දැන් ඉතින් හා හා පුරා කියල මේ සුපිරිය බලන්න පටන්ගන්න තමයි තියෙන්නෙ. දුක සතුට ආදරය වෛරය වගේ හැඟීම් ගොන්නක අපිව වින්ලෑන්ඩ් සාගා අරගෙන යනවා. ඔයාලට මේකෙන් චෑඩ් කියන්න පුලුවන් මට්ටමෙ සුපිරි චරිත ටිකක් එහෙම දකින්න ලැබෙයි. ඔයා ජීවිතයෙ බලන තවත් සුපිරිම කතාවක් බවට නිසැකවම වින්ලෑන්ඩ් සාගා පත්වෙයි. එහෙනම් ඊළඟ කොටස් දෙකෙන් නැවත හමුවෙමු. එතකන්…
“A true warrior, doesn’t need a sword!”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
3,134 downloadsDownload Vinland-Saga-S01-E01-02-.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
10 comments
Dilsara
Vinod
Please kawru hari kiyanavada kohenda vindland saga anime eke ep daganne kiyala please
AD
Sub එකට Thanks bro. ❤️
මේ anime එක නම් සුපිරි යක්.Dilshan buddika
❤️සබ් එකට ස්තුතියි ❤️සුපිරි ❤️
Dasun Lakruwan
මඟ බලන් හිටියෙ...ලිපිය ලියලා තියෙනවා සුපිරියට ඕනිම නොදන්නා කෙනෙක් වුනත් කතාව බලන්න පෙළඹෙන විදිහට ලියලා..
Sandaka Maleesha
Niyamai pawith bro ❤️
Shehan Sasanka
Supiriyak........
Ishan Madusha
බොහොම ස්තූතියි.
jazz
thanks brother
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Advertisement


අඩෝ මේකෙ සබ් ගේනකම් සෑහෙන කාලයක් තිස්සේ බලාගෙන හිටියේ...thanx saho....ඊලග episode ටිකත් ඉකමනට ඕනි..... ආදරෙයි.....