කලින් හිතපු විදියටම ඔලිවර් නගරයේ නගරාධිපති විදියට ඉල්ලන්නයි හිතාගෙන ඉන්නේ. එයා ඒක එයාගේ ඇරෝ ටිමි එකේ අයට කිවා. ඒ විතරක් නෙවෙයි කලින් එයාලා හිටපු තැන කට්ටිය දැනගත්ත නිසා එයාලාගේ අලුත් ඇරෝ කේව් එකත් බලාගන්න පුලුවන් වුනා. ඒ තැන නම් ගොඩක් ඉඩ තියෙන හිත ඇදිලා යන තැනක් වගේ. මේ හැමදේම වෙද්දි නගරයට ගෝස්ට්ලා…
කලින් හිතපු විදියටම ඔලිවර් නගරයේ නගරාධිපති විදියට ඉල්ලන්නයි හිතාගෙන ඉන්නේ. එයා ඒක එයාගේ ඇරෝ ටිමි එකේ අයට කිවා. ඒ විතරක් නෙවෙයි කලින් එයාලා හිටපු තැන කට්ටිය දැනගත්ත නිසා එයාලාගේ අලුත් ඇරෝ කේව් එකත් බලාගන්න පුලුවන් වුනා. ඒ තැන නම් ගොඩක් ඉඩ තියෙන හිත ඇදිලා යන තැනක් වගේ. මේ හැමදේම වෙද්දි නගරයට ගෝස්ට්ලාටගෙන් විතරක් නෙවෙයි තවත් අයගෙන් තර්ජනයක් ඇවිත්. ඒ වෙන කවුරුවත් නෙවෙයි SCPD එකේම කට්ටියක්. එයාලා කුඩු බිස්නස් කරන අයගෙන් කුඩු හොරකම් කරලා කළු මුදලට විකුණන එක තමයි කරන්නේ. කොහොම හරි මෙයාලා SCPD එකේම අය දෙන්නෙක් මරලා දැම්මා. මේ ගැන නම් ලාන්ස්ට තරහා යනවා. හැබැයි මේ අය හොයාගන්න පොලිසියේ බලය මදි නිසා ඔලිවර්ගේ උදව්වත් අරගන්න වෙනවා.
ඉතින් ඔලිවර් මේ හොර කණ්ඩායම අල්ලාගන්න උගුලක් අටවනවා. ඒ තමයි එයාලා ඇත්තම කුඩු තොගයක් අරගෙන හොරකම් කරන පොලිස් කණ්ඩායම එනකන් බලාගෙන ඉන්න එක. ඉතින් මෙයාලා හිතුවා වගේම ඒ කණ්ඩායම එනවා. නිකන් නෙවෙයි ගොඩක් ආයුධත් එක්ක. ඒ නිසාම ඇරෝ ටිම් එකට ඒ කණ්ඩායම අල්ලාගන්නවා තියා එයාලව පරද්දන්නවත් වෙන්නේ නෑ. කොහොම හරි අන්තිමේට කුඩු ටිකත් අරගෙන එයාලා පැනලා යනවා. මේ අතරතුරේ ඩේමියන් සහ ලාන්ස් අතරේ තියෙන ඇදුනුම්කම ගැනත් ඔලිවර් දැනගන්නවා. දැනගෙන ලාන්ස්ට හොදටම බනිනවා. හැබැයි ඉතින් අන්තිමේට මේ දෙන්නා කතාබහ කරලා ඒ ප්‍රශ්නය විසදා ගන්නවා. මේ වෙලාවේ තමයි අර හොරකම් කරන පොලිස් කණ්ඩායම ලොකු වැඩකට අත ගහන්නේ. එයාලා ලාන්ස්ව පැහැරගෙන ගිහින් පොලිසියේ ලොකු කුඩු ගබඩාවකින් හොරකම් කරන්නයි යන්නේ. හැබැයි ඉතින් මේ සැරේ නම් මේ අයට ඇරෝ ටිම් එකෙන් බේරෙන්න වෙන්නේ නෑ. හැබැයි ඉතින් අර පොලිස් කණ්ඩායමේ නායිකාව අන්තිමේට ඔලිවර් මරලා දාන තත්වයට එනවා. ඒ වුනත් ලාන්ස්ගේ කතාව අහලා ඒ නායිකාව බාර වෙනවා. මේ විදියට ස්ටාර් නගරයට ආපු ඒ තර්ජනයත් නැතිවෙලා යනවා.
ඔය අතරේ ලෝරල් සාරාව එයාලගේ ගෙදරට එක්කගෙන ඇවිත්. හැබැයි මේ සැරේ නම් එයා මේ ගැන ලාන්ස්ට කියනවා. ලාන්ස් නම් සාරාගේ තත්වය දැක්ක ගමන් හොදටම බය වෙනවා. ඒ නිසාම මෙයා ඩේමියන්ගෙන් උපදෙස් ගන්න යනවා. ඩේමියන් නම් කියන්නේ මේ තත්වයෙන් සාරා තියනවට වඩා මරලා දාන එක හොදයි කියලා. ඒ නිසාම ලාන්ස් එයාව මරලා දාන්න හදනවා. හැබැයි ඉතින් ලෝරල් ඇවිත් මෙයාව නවත්වනවා. ලෝරල් පස්සෙ වෙලාවක ඇවිත් බලද්දි සාරා එතන හිටියේ නම් නෑ. මේ හැමදේම අතරේ ඔලිවර් තමන් නගරාධිපති තනතුරට ඉල්ලනවා කියලා නිවේදනය කරනවා. පේන විදියට නම් නගරයේ ගොඩක් අයගේ සහය එයාට ලැබේවි වගේ.
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
310 MB (x264) කොපිය මෙතනින් බාගන්න
4619bdf8d7fec372171c29b06867327089c772b3204 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
E9980404FB21E357F5C24BF183E709C9C5C7DA22 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,354 downloadsDownload Arrow.S04E05.baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
32 comments
මධුකප්‍රිය පෙරේරා
Sahan Dilshan
Thanks Sub Ekata.
Práðèép Üðäýàñgå
අම්මෙ .. කියෙ ඉඳන් ද බලං හිටියේ. බයිස්කෝප් එකෙ සබ තරම් වෙන සබ් සෙට් වෙන්නෙ නැ, එ නිසා තමා බලං ඉන්නේ, බොහෝම ස්තුති සහෝ ... ජය... !
sanoj
ela
රොයිලි
බොහොම ස්තූතියි කවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anushka
(y)
Nadishan
හොදයි මචන් ඒ උනාට download link එක click කලාම වෙන වෙන page එන එක තමා අවුල.....
Asanka Nadishan
හොදයි මචන් ඒ උනාට download link එක click කලාම වෙන වෙන page එන එක තමා අවුල…..
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
Thushara Dinesh
Niyamai bro.....
Tharindu
සබට තෑන්ක්ස්....
ජය වේවා...!bobby
Thank you guys
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dinuka
meke contantine innawa.
Ravindu Adithya
thankz weewa saho.
-)ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ජය!!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sajith Anthony
මේ ලින්ක් එකේ Ful seasonඑකම තියනව. MB අඩුයි. බාගන්න. ඔක්කොම Tv Series මේකේ තියනවා.සබ් එකත් හරියට වැඩ කරනවා.
http://www.tubeplus.is/player/1978302/Arrow/Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
lakshitha
thnx saho sub 1te :D
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :) ජය වේවා !!
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි සහෝ!!!
Piya DE Silva
Constantine S02 eka NBC la karanne nathinisa Warner Bros la arrow me episode eken jone constantine genalla wadeta bahivi wage......ela ela
thanx bro sub ekata..
pavithra dharshaka
බොහොම ස්තුතියි සහෝ
ජය වේවා !!Mahesh
Torrent eka download karanna widiyak nane machanla....
Sajeevi
Thanks
P.K
Thank you..
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!
ransi
ane samahara awa ba ganna bene ai a ?
???lakshan
උපසිරසියට බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Arrow [S04 : E05] with Sinhala Subtitles | හඹායෑම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Arrow-TV-S4P3.jpg)

උපසිරසියට ස්තුතියි සහෝ..