කවුරුවත් නොහිතපු විදියට ස්ටාර් සිටි එකේ නගරාධිපති තනතුරට තියෙන ඡන්දය වෙනුවෙන් රුවේ ඇඩම්ස් නමින් ඩේමියන්ගේ බිරිද ඉදිරිපත් වුනානේ. ඉතින් ඔලිවර්ගේ ඇරෝ කණ්ඩායම එයාගේ පස්සේ ගිහින් ඩේමියන්ව අල්ලාගන්නයි මෙයාලා හදන්නේ. හැබැයි ඉතින් හැමදාම මෙයාලට ඩේමියන්ගේ නෝනා පස්සේ ගියාට එයාව මගහැරෙනවා. ඉතින් ඒ සැලැස්මත්…

කවුරුවත් නොහිතපු විදියට ස්ටාර් සිටි එකේ නගරාධිපති තනතුරට තියෙන ඡන්දය වෙනුවෙන් රුවේ ඇඩම්ස් නමින් ඩේමියන්ගේ බිරිද ඉදිරිපත් වුනානේ. ඉතින් ඔලිවර්ගේ ඇරෝ කණ්ඩායම එයාගේ පස්සේ ගිහින් ඩේමියන්ව අල්ලාගන්නයි මෙයාලා හදන්නේ. හැබැයි ඉතින් හැමදාම මෙයාලට ඩේමියන්ගේ නෝනා පස්සේ ගියාට එයාව මගහැරෙනවා. ඉතින් ඒ සැලැස්මත් වතුරේ යනවා.
ඒ වගේම ඔලිවරුයි රුවේ ඇඩම්ස් අතරයි ඡන්දය වෙනුවෙන් විවෘත විවාදයක් තියෙනවා. ඒ ගැන විස්තර හොයන තියාට ඔලිවර්ගේ අම්මා ගැහැණු කෙනෙක්ට ලියපු මිලියන ගානක චෙක් එකක් ගැන දැනගන්න ලැබෙනවා. හැබැයි ඔලිවර් තියාට මේ ගැන මොකුත්ම කියන්නේ නෑ. ඒ වුනත් පස්සේ තියා දැනගන්නවා මේක ලියලා තියෙන්නේ ඔලිවර්ගේ පරණ පෙම්වතියක් වෙනුවෙන් කියලා. ඒ වගේම එයාට ඔලිවර් නිසා විලියම් කියන පුතා ලැබිලා තියෙනවා කියලත් කියලා තියෙනවා. ඔය අතරේ ලෝරල් ලාන්ස්ව මුණගැහෙන්න ගියපු වෙලාවේ ලාන්ස් අපරාධයක් වුන තැනට ගියා. එතනට ගියපු එයාට ලොකු කරදරයකට මුහුණදෙන්න වුනා. හැබැයි ඉතින් ලෝරල් හිටපු නිසා එයා බේරුනා. ඒක කලේ කවුද කියලා තවම මේ කවුරුත් දන්නේ නෑ. ඔය කතාව ෆෙලසිටිගේ අම්මා ඩෝනාට නොකියපු නිසා ලාන්ස් එක්ක ඩෝනා තරහා වුනා රහස් තියාගන්නවා කියලා.
ෆෙලසිටි ලාන්ස්ට අපරාධයක් වුනා කියලා කෝල් එක ආපු තැන හොයාගත්ත නිසා ඇරෝ ටිම් එක එතනට යනවා. එතනදි මෙයාලට මිටි වගේ ආයුධ වලින් පහර දෙන කණ්ඩායමකට මුහුණ දෙන්න වුනා. ඒ වෙලාවේ ඒ බිල්ඩිමත් එයාලා පුපුරලා දැම්මා. මේ අයට කියන්නේ ඩිමොලිෂන් ටිම් එකලු. හැබැයි තියා නිසා මෙයාලට එයාලගේ සැලසුම් තියෙන ලැප්ටොප් එක ගන්න පුලුවන් වුනා. හැබැයි ඒකට ගොඩක් හානි වෙලා. ඔය අතරේ ඩිමොලිෂන් ටිම් එක පුපුරන්න අවශය රසායන ද්‍රව්‍ය ගන්න තැන ගැන ෆෙලසිටි හොයාගත්තා. ඒත් ඒ තැන ආරක්ෂා කරන්න ඇරෝ ටිම් එක යද්දි පරක්කු වැඩියි. මොකද ඊට කලින් ඩිමොලිෂන් ටිම් එක ඇවිත් ඒ රසායන ද්‍රව්‍ය ගොඩක් අරගෙන ගිහින්.
ඔන්න ඉතින් කොහොම හරි ඔලිවර්ගෙයි රුවේගෙයි මැතිවරණ විවාදය තියෙන දවසත් ලං වුනා. ඉතින් එයාලා එතනට ගිහින් විවාදයට සුදානම් වෙන අතරතුරේ කර්ටිස්ගේ උදව්ව ඇතිව අර ඩිමොලිෂන් ටිම් එකෙන් ගත්ත ලැප් එකෙන් මෙයාලට ඊලග ඉලක්කය තියෙන තැන ගැන දැනගන්න පුලුවන් වෙනවා. ඒ තමයි විවාදය තියෙන බිල්ඩින් එක. ඉතින් මෙයාලා ෆයර් එලාම් එක දාලා අනිත් අය හැමෝම එලියට යවලා බෝම්බ නිෂ්ක්‍රිය කරන්නයි හදන්නේ. ඉතින් මෙයාලා ඒවා නිෂ්ක්‍රිය කරන්න හදපුවාම ඩිමොලිෂන් ටිම් එකේ අය පහර දෙනවා. හැබැයි කොහොම හරි මෙයාලා එයාලට පහර දිලා බෝම්බ ටික නිෂ්ක්‍රිය කරලා වෙන්න ගියපු විනාශය නවත්වා ගන්නවා. ඒ වගේම සුපුරුදු පරිදි ඒ විවාදයත් පහු වෙලා හරි තියෙනවා. හැමෝම හිතපු විදියටම ඔලිවර්ට ඒ විවාදයෙන් දිනන්න පුලුවන් වෙනවා.මේ හැමදෙයටම පස්සේ ඔලිවර්ගෙයි තියාගෙයි විවාහ ගිවිසගන්න උත්සවය ලොකුවටම තියෙනවා. ඒ වෙලාවේදි ලාන්ස් ඩෝනාට ඇත්තම කියලා ආපහු එයාලගේ ආදර කතාව පටන්ගන්නවා. අනික මේ වෙලාවේ කර්ටිස් ඇවිත් ෆෙලසිටිව පුදුම කරනවා. එයා ෆෙලසිටිට ආපහු ඇවිදින්න පුලුවන් විදියේ චිප් එකක් දෙනවා. ඒ කියන්නේ ෆෙලසිටිට ආපහු ඇවිදින්න පුලුවන් වේවි වගේ. ඒ වගේම ඔලිවර්ගේ පුතා විලියම්ව ඩේමියන් අල්ලාගෙන ගිහින් කියලා අපිට අන්තිමේට දකින්න ලැබුනා…. . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
“ප.ලි : ඔයාලට දුක හිතෙන ආරංචියක් කියන්න වෙනවා. ඇරෝ ඊලග කොටස විකාශය වෙන්නේ මාර්තු 23 වෙනිදාටයි. එහෙනම් ඊලග උපසිරසියෙන් එදාට මුණගැහෙමු. :)”
199 MB (x265) කොපිය මෙතනින් බාගන්න
3ADCDC7028BBE3E8E8F416A080DD49C77FC48A45244 MB (x264) කොපිය මෙතනින් බාගන්න
420FFA6590ECE6DFEE76713CD368DF7BF23EF218 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
14,126 downloadsDownload Arrow-S04-E15.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
44 comments
Charuka
Charuka
vinasai. kohomahari mama second.
Deshan Mudalige
Thankyou very much saho sabata!!ela ela !! jaya wewa!!!!!!!!!!!
lakmal
ada ginadara wage sub eka dilane elakiri saha...jaya wewa !!!!!
Nawodi
Thanxs for the sub & I wish your all the best.
Hail Biscope
නලින් පෙරේරා
ස්තූතියි කවිදු මල්ලි සිංහල උපසිරැසියට. ජය වේවා෴
Asanga ranganatH
thanks bro....................
GAME
මචන් කව්රු හරි ටැමිල් “මායා” horror ෆිලුමේ sub එක එක්මනට දෙන්නකෝ….
Chandula Ekanayake
thanks sahooooo.............
:DJanira
Ela kollo ikmanatama deelane ohoma yan
Kasun Upeksha
බොහොම ස්තුතියි සහෝ…
wijesinghe11
ඒල ඒල
Tharindu D
තෑන්ක්ස් කවිඳු සහෝ...
ජය වේවා..!chamika
Bruce Lee - The Fighter 2015 me film ake sub diyanko :(
Kulanjana Maduranga
niayamai…denakm unne..thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
supun lakshan
සබට තැන්ක්ස් මචෝ.එලම හොදේ.
(ඔලිවර්ගෙයි තියාගෙයි වෙඩින් එක නෙවෙයි නෙ.)
S.K.Ruchiranga
elma ,..,thz machoo sub ekta
Jayz W
machan thank u so much
Hashan
ela ela bn tanks sub ekata me puluwannam spellbinder seson3 ekk avillada balannko mcan
shihan
ela ela machan thanx
Amila Mudalige
thnkz mchn
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravin
Thanks for the sub
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ....ඔයාල නිසා තමයි අපි ඉතින් මේ කතාව බලන්නෙත්....thanks again..!!
pasan perera
Flash ayeth yanneth march 22 da bro....
nonim
mewa lesiyen banna puluwan wenna dako torrent fils aeka bannat be magula
අරුණ ගයාන්
සබට තුති සහෝ..ජයෙන් ජය :)
Gayantha
thanks bro site ekata......
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි සහෝ!!!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි
vimukthi
බොහොම ස්තුතියි සහෝ…
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Sajeevi
Thanks
Thevindu Kumarage
Thanx Bro..Can't wait till i c vixen..
Sithara Fernando
thnkzzzzzzzzzz :) haiyow :( 23 :'(
Sandun De Silva
E16 anne kawadada bro...........
harsha chanuka
thx bro................
damsak
ko bn anith eka?
SunGlass
16 ko bn. .. .. march 16 neda enawa kiwe. . . ai bn thama naththe
Dineth Viduranga
ඊලග episode එක එන්නේ කවද්ද?
Thisara Laksitha
ko saho e16 sub aka
Lahiru
කෝ බං 16 සබ් එක.
ඉක්මනටම දාපන්කො බං. Flash එකත් තවම නෑ.සිතුම් L. කෝදාගොඩ
thanks bro
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

mama first.thankoo very much.