ඩේමියන්ගේ පලිගැනිම නිසා ඇරෝ ටිම් එකට ලෝරල්ව නැති වුනා. ඉතින් කතාවේ ලෝරල් කියන චරිතය නැතිවිමත් එක්ක අපිට එයාගේ අතිත මතකයන් ගොඩක් අපිට පහුගිය කොටසින් බලාගන්න පුලුවන් වුනා. ඒ හැම සිදුවිමක්ම හදවතට දැනෙන විදියට ලස්සනට පෙලගස්වලා තිබුනා. කොහොම හරි ලෝරල් නැතිවුනා කියලා පිලිගන්න ලාන්ස් සුදානම් නෑ. එයා කියන්…

ඩේමියන්ගේ පලිගැනිම නිසා ඇරෝ ටිම් එකට ලෝරල්ව නැති වුනා. ඉතින් කතාවේ ලෝරල් කියන චරිතය නැතිවිමත් එක්ක අපිට එයාගේ අතිත මතකයන් ගොඩක් අපිට පහුගිය කොටසින් බලාගන්න පුලුවන් වුනා. ඒ හැම සිදුවිමක්ම හදවතට දැනෙන විදියට ලස්සනට පෙලගස්වලා තිබුනා. කොහොම හරි ලෝරල් නැතිවුනා කියලා පිලිගන්න ලාන්ස් සුදානම් නෑ. එයා කියන්නේ ලෝරල් පණපිටින් ඉන්නවා කියලා. ඒක තහවුරු වෙන්න බ්ලැක් කැනේරි ආයුධ ගණුදෙනුකාරයෝ කට්ටියකට පහර දිලා. මේක නිසා ලාන්ස් කියන දේ තවත් තහවුරු වෙනවා කියලා එයා කියනවා. එයා කියනවා ලෝරල් ආයෙමත් නැගිටලා ඇවිත් කියලා. හැබැයි එයාලා මෘත ශරිරාගාරයට ගියාම ලෝරල්ගේ මිනිය තියෙනවා. ඊට පස්සේ ලාන්ස් කරන්නේ ලෝරල්ගේ පණ ආපහු ගන්න පුලුවන් ක්‍රමයක් හොයාගන්න හදන එක. හැබැයි ඉතින් ඔලිවර් එයාට තේරුම් කරනවා ලෝරල් මැරුණ එක පිලිගන්න කියලා.
ඔය අතරේ ඔලිවර් මේ අලුත් බ්ලැක් කැනේරි කවුද කියලා හොයාගෙන යනවා. හැබැයි ඊට කලින් බ්ලැක් කැනේරි ඇවිත් ඇලෙක්ස්ට පහර දෙනවා. එතකොට තියා ඇවිත් ඇලෙක්ස්ව බේරාගන්නවා. හැබැයි ඒ වෙලාවේ තමයි තියා මේ බ්ලැක් කැනේරි විදියට ඇදගෙන ඉන්නේ ඇත්තටම කවුද කියලා දැනගන්නේ. ඔලිවර් ඇවිත් එයාගේ පස්සේ එන්න හදනවා. එතකොට ඇරෝ එයාලව අසරණ කලා කියලා ඇරෝට මේ කෙල්ල බණිනිනවා. ඒ ඔත්තුව දිගේ ගිහින් ඇරෝ ටිම් එක මේ කෙනා ගැන හොයාගන්නවා. බලාගෙන යද්දි මේ රෙගින්ටන්වල හිටපු ඩාර්ක්ගේ පරික්ෂණ වලට ඉදිරිපත් වුන කෙනෙක්ගේ දුවෙක් තමයි මේ ඉන්නේ. එයා ඩාර්ක්ට විරුද්ධව වැඩ කරන්න හදනවා.
ඒ වගේම ලෝරල්ගේ මරණය ගැන ඇරෝ ටිම් එක දුක් වෙන අතරේ ඩිගල් ඒකෙ වැරැද්ද එයාගේ පිටින් යවාගන්නවා. ලෝරල් මැරුණේ එයා ඇන්ඩි ගැන විශ්වාස කරපු නිසා කියලා එයා හිතනවා. ඉතින් මේ වැරැද්දෙන් බේරෙන්න ඩිගල් හැම තැනම ඇන්ඩි හොයනවා. බැරිම තැන එයා නගරාධිපති රුවේ ඇඩම්ස්ගේ වාහනයටත් පහර දෙනවා. පහර දිලා එයා හරහා ඇන්ඩි ඉන්න තැන හොයාගන්නයි හදන්නේ. එයා මොකුත් නොකියන නිසා ඩිගල් එයාට තුවාල කරන්න හදනවා. ඒ වෙලාවේ ඇරෝ ඇවිත් ඩිගල්ව නවත්වනවා. ඔලිවර් ඩිගල්ට කියන්නේ ඉවසන්න ඒක එයාගේ වැරැද්දක් නෙවෙයි කියලා. හැබැයි මේ සිදුවිමෙන් පස්සේ රුවේ වෙස්මුණු දාගෙන ඉන්න අය තර්ජනයක් ඒ නිසා ඒ හැම කෙනාම අල්ලාගන්න කියලා වරෙන්තුවක් නිකුත් කරනවා. ඒ වෙනුවෙන් වෙනම කණ්ඩායමකුත් හදනවා.
ඔය වෙලාවේ බොරු බ්ලැක් කැනේරි එහෙමත් නැත්නම් එවලන් ශාප් රුවේ ඇඩම්ස් ඉන්න උත්සවයකට පහර දෙන්න හදනවා කියලා දැනගන්න ලැබෙනවා. හැබැයි එවලන් පහර දුන්නෝතින් ලෝරල්ගේ නැත්නම් බ්ලැක් කැනේරිගේ නම්බුවට කැලලක් වෙන නිසා ඇරෝ ටිම් එක එයාව නවත්වන්න හදනවා. හැබැයි එවලින් රුවේ ලගට ගිහින් එයාට වෙඩි තියලා මරලා දාන්න හදනවා. ඔලිවර් එයාට ඇත්ත බ්ලැක් කැනේරි කොයි වගේ කෙනෙක්ද කියලා කියලා දිලා ඒ වැඩේ නවත්වනවා. ඒ වෙලාවේ මේ දෙන්නව පොලිසියෙන් අල්ලාගන්න හදනවා. හැබැයි දෙන්නම කොහොම හරි එතනින් පැනලා යනවා.
හැබැයි මේ සිද්ධියෙන් පස්සේ බ්ලැක් කැනේරි කියන්නේ තුවක්කුවක් අතේ තියාගත්ත අපරාධකාරියක් කියන අදහස මිනිස්සුන්ට යයි කියලා ඇරෝ ටිම් එක දුක් වෙනවා. හැබැයි ඔලිවර් ඒක එහෙම නොවෙන්න දෙයක් කරනවා. එයා ලෝරල්ගේ භුමිදානය දවසේ ලෝරල් ගැන කතාවක් කරනවා. එයා හැමෝටම දැනගන්න කියනවා ලෝරල් තමයි බ්ලැක් කැනේරි. එයා එහෙම බ්ලැක් කැනේරි වුනේ අපරාධ වලට විරුද්ධ වෙන්නයි. නගරය හොදින් තියාගන්නයි කියලා. හැබැයි දැන් ඉන්න බ්ලැක් කැනේරි එයා නෙවෙයි ඒ වෙන කෙනෙක් කියලත් එයා කියනවා. කොහොම හරි මේ අවමගුලෙන් පස්සේ ඔලිවර්ට හැමෝම කියන්නේ කොහොම හරි මේ නපුරා ඩේමියන් ඩාර්ක්ව ඉවරයක් කරලා දාන්න කියලයි. ඒ වගේම ඔලිවරුත් ඒක කොහොම හරි කරනවා කියලා හිතාගන්නවා… . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
139 MB (x265) කොපිය මෙතනින් බාගන්න
6A36572D7C339693889934AC8931BAEA32C5E9C4242 MB (x264) කොපිය මෙතනින් බාගන්න
25387DADD54DADE2A5CCBA39B3A6E206886A00D0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,327 downloadsDownload Arrow-S04E20.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
45 comments
Ashan
Redz
Thanx Ikmanatama Dunnata
Janitha Chameen
thanx mcn ikmanta dunnata sub eka!!
Sajeevi
Thanks
Praveen Geeshan
Thanks සහෝ ඉක්මනට subs දුන්නට. ගොඩක් thanks..
Thilina Madushanka
maga balagena hitiye mcho denakan
jayawewa...!!!aruna madushanka
ela sho sba denakan ude indala balan hitiya saba enakan thnx
Rasindu Perera
නියමයි...තාම එපිය බාන ගමන්..ඉක්මනට සබ් දුන්නට තැන්ක්ස්....
Sanjula Jeter
Thank's
Hima Bene
mek denakan balagena hitiye... thanx..
Kasun Upeksha
සබ් එකට ස්තූතියි!!!
Dil Ru
බොහොම ස්තූතියි සහෝ
Rasitha Pradeep Somasiri
thnxx broo sub 1kta
SAJITH UDITHA
Arrow එකනං දැං පට්ටම චාටර් කතාවක් වෙලා ඉවරයි
.. ඒත් මුල ඉඳන් බලපු නිසා ගන්නවා මිසක් ආසාවට බලන්නේ නෑ ඉස්සර වගේ...මොනා උනත් තැන්කූයි සබ් එකට ඈ...
Nuwan maduranga
thans sabataaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි!!!
Udara Damith B\K
බොහෝම ස්තූතියි ****************
pasan perera
thanx a lot bro
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
Ayesh Nadeeshan
Thankx...
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
S.K.Ruchiranga
elma thz machoo sub ekta
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ උපසිරසට
ජය....!Ðêvïñdú Måxx
thanx saho sub ekata
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaa
Dharshana Kasun
Thanks..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………Gathsara Umesh Kumara
ඒක හොදහ්ඩෙයක් මටත් කියන්න තියෙන්නේ මේ අඩවියිර්ර් අපේ අවශ්‍යතාවයන් හැම එකකටම එක පිටුව ගානෙ වෙන්කරල තියේනවා.මේකත් පොඩි පිටුවක් වෙනකරනවනම් හොදයි.මේක ගැන් හිතන්න කියල ඉල්ලනවා සහෝ.තවදෙයක් මට 10000%ශුවර් ඒකෙ පිරෙන්නම ස්මෝල්වීල් කතාව ඉල්ලයි.අඩුම තරමේ ඒකේ 10වෙනී කතාමාලවටවත් මාසකෙට එක එපිය ගානෙවත් දෙන්න බලන්න සහෝ
Suu
thanks
sanath indika
thx sahoo
Amila Mudalige
Thanks saho sub ekata
Amila
Thanks mchn...!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
niyamai niyamai...
thanks for the sub broooThusitha Indrajith
mokakda me "KMP - Matroska File " kIyanne..me link wala thiyana video file wada karanne nane..video pennanne nane./.. want to help
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
Ishara Ruchiranga
ස්තුතියි බ්‍රෝ සබට.....!!
kavi
meke aluth kotas tike sub dannako
ashan lankanath
thanks
lakshan
බොහොම ස්තූතියි
Suminda87
7-20 sub ekata tiyenne 4-20 neda???
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
sithum
download karapu zip file wala error ekak enawane
විමා - Admin
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela.damma hatiya gaththa. thnxz..