ඉතින් ගොඩක් කාලයකට පස්සේ ඇරෝ ආයෙමත් ගිය සතියේ ඉදන් විකාශය වෙන්න පටන් ගත්තා. මිඩ් සිසන් බ්‍රේක් එකට කලින් කොටසේ අවසානයට ගොඩක් අය පුදුම කරමින් ලෝරල් ඇරෝ කේව් එකට ආව එක පෙන්වලා නැවැත්තුවානේ. ඉතින් ගොඩක් අය පුදුම වුනා මේ කවුද කියලා. සමහර අය නම් ඇරෝ කතාව එපා වෙන්නේ මේ නිසයි කියලා කිවා. මොකද මැරුණ හැමෝම…

ඉතින් ගොඩක් කාලයකට පස්සේ ඇරෝ ආයෙමත් ගිය සතියේ ඉදන් විකාශය වෙන්න පටන් ගත්තා. මිඩ් සිසන් බ්‍රේක් එකට කලින් කොටසේ අවසානයට ගොඩක් අය පුදුම කරමින් ලෝරල් ඇරෝ කේව් එකට ආව එක පෙන්වලා නැවැත්තුවානේ. ඉතින් ගොඩක් අය පුදුම වුනා මේ කවුද කියලා. සමහර අය නම් ඇරෝ කතාව එපා වෙන්නේ මේ නිසයි කියලා කිවා. මොකද මැරුණ හැමෝම වගේ ආපහු මෙයාලා ගෙන්වනවනේ. ඒත් ඒ හැමදෙයක්ම බොරුවක් කරලා ඇත්තටම මේ ලෝරල් කවුද කියලා අපිට දැනගන්න ලැබුනා. ඇත්තටම මේ ලෝරල් වගේ ඇවිත් තිබුනේ දෙවැනි ලෝකයේ ඉන්න ලෝරල් වගේ අනිත් කෙනා එහෙමත් නැත්නම් බ්ලැක් සයිරන් කියන කෙනයි. එයාව ෆ්ලෑෂ් කතාවේදි මුණගැහුනා ඔයාලට මතක ඇතිනේ. ඉතින් ඇරෝ කතාවේ මේ වගේ රැවටිම් ගොඩක් තියෙන නිසා ගොඩක් අය මේ මොකක්ද කියලා දැනගන්න ගොඩක් කුතුහලයෙන් හිටියේ. පේන විදියට කතාව ලියන අය බ්ලැක් කැනේරි එහෙමත් නැත්නම් ලෝරල්ගේ චරිතය නිකන්ම යටපත් කරන්න කැමති නෑ වගේ. ඒ නිසයි මේ ආයෙමත් එයාගේ මතකය අලුත් කරලා ගත්තේ. කොහොම හරි අපිට අනාගතයේදි බ්ලැක් සයිරන් ඉන්න කොටස් ගොඩක් දකින්න පුලුවන් වේවි.
සිසන් පහේ කොටස් 9ක් යනකන්ම හිර කරලා හිටපු බ්ලැක් සයිරන් ආයෙමත් ආපහු එක කොයි තරම් කට්ටියට දැනුනද මන්දා. හැබැයි ඉතින් ඇරෝ කතාව මෙටා මිනිස්සු නැතිව හොදට ගලාගෙන ගියපු කාලයකුත් තිබුනා. මොකද මේ කොටසේදි සතුරා වුනේ ෆ්ලෑෂ් එකේදි අපිට සාමාන්‍යයයෙන් දකින්න ලැබෙන මෙටා සතුරෙක් වගේ කෙනෙක්නේ. මං හිතන විදියට ඇරෝ කතාව මේ මෙටාලා පටලා ගන්නේ නැතිව සාමාන්‍ය විදියට කතාව ගෙනියව්වොත් තවත් රසවත් වේවි කියලයි. ඒ වගේම අපිව පුදුම කරමින් දැනගන්න ලැබුනා මේ බ්ලැක් සයිරන් ආවේ ප්‍රොමෙතියස්ගේ කියමනකට කියලා. ප්‍රොමෙතියස් හදන්නේ මේ බ්ලැක් සයිරන් ලවා ඔලිවර්ගේ ජිවිතය අවුල් කරලා දාන්නයි. හැබැයි ඉතින් ඒක කොහොම කරන්න හිතාගනෙ ඉන්නවද කියලා ප්‍රොමෙතියස්ම තමයි දන්නේ. හැබැයි ඉස්සරහට මේ ගැන ලොකු දෙයක් අපිට බලාගන්න පුලුවන් වේවි.
4වෙනි සිසන් එක ඉවර වෙද්දි ඩිගල් ටිම් එකෙන් අයින් වුනාම මට නම් හිතුනේ ආයෙ අපිට කවදාවත් ඩිගල්ව මුණගැහෙන්නේ නැතිවේවි කියලයි. හැබැයි ඉතින් පේන විදියට මේ සිසන් එකේ නම් ඩිගල්ට කවදාවත් නැති විදියේ කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුනා. මොකද එයා ආයෙමත් හමුදාවට බැදුන නිසා ඒකෙන් ඇතිවුන අතුරු ප්‍රතිඵලවලට එයා තාමත් මුහුණ දෙනවා. එක පාරක් හිරෙන් පැන්නට එයාට ඒ අවුලෙන් බේරෙන්න බැරි වුනානේ. හැබැයි ඉතින් මේ සැරේ නම් එයාගේ අවසානය වෙන්නයි යන්නේ කියලා ඔලිවර්ට තේරෙන්න ඇති. ඒ නිසා තමයි ඩිගල් වෙනුවෙන් පෙනී ඉන්න පුලුවන් හොදම කෙනා වුන ඒඩ්‍රියන්ව මේ නඩුවට තෝරාගන්නේ. ඒ නිසාම ඉස්සරහට ඩිගල්ගේ ඉරණම කොයි විදියට විසදෙයිද කියලා කියන්න අපිට ගොඩක් අමාරු වෙනවා. හැබැයි දැනට නම් ඩිගල් හොදින් ඉන්නවා මොකද ඒඩ්‍රියන්ගේ කපටි වැඩ නිසා. හැබැයි ඉතින් හමුදාවෙ ලොක්කා මොන වගේ සෙල්ලම් දායිද කියලා කවුද දන්නේ?
සුපුරුදු පරිදි කලින් කොටසේදි ඇරෝ ටිම් එකේ අය අතරේ පොඩි පොඩි මතගැටුම් තිබුනේ නැතිවම නෙවෙයි. කර්ටිසුයි රෙනෙයි පොඩ්ඩක් තරහෙන් හිටියා ඒවගේම ඔලිවරුයි ෆෙලසිටියිත් පොඩ්ඩක් එකට එක කියවා ගත්තනේ. හැබැයි ඉතින් මේ දෙන්නගේ රණ්ඩු නිසා මට නම් ඇරෝ කතාවේ අතීතය මතක් වුනා. මොකද ඒ කාලයෙත් මේ දෙන්නා රණ්ඩු කරගන්න එකනේ කලේ. ෆෙලසිටි මේ හැමදේම කරන්නේ ලෝරල් වෙනුවෙන් උදව් කරන්න යද්දි ඔලිවර් අන්ධයෙක් වගේ වැඩ කරන්න යන නිසයි. ඒක නම් මිට කලින් අපි දැකපු දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් ඒක දෙපැත්තෙන්ම සාධාරණ දෙයක් කියලා නම් අපි හැමෝටම තේරෙනවනේ. හැබැයි රෙනේගෙයි කර්ටිස්ගෙයි වලිය නම් මේ කොටසට ගැලපෙනවද කියලා සැකයකුත් ආවා. මොකද ඒක අදාලම නැති දෙයක්නේ. හැබැයි සමහර විට කතාව ලියන අය වෙලාව දිග කරන්න ඕනි නිසා මෙහෙම කරනවාද කියන්නත් බෑනේ.
ඒ වගේම තවත් විශේෂ දෙයක් මේ කොටසේදි වුනා. ඒ තමයි ඩිනා බොලැන්ඩ් චරිතය අපිට මුල් වතාවට දකින්න ලැබුනා. පේන විදියට එයා අලුත් බ්ලැක් කැනේරේ විදියට ඉස්සරහට අපිට දකින්න ලැබේවි. ඒත් අපිට ඇත්තටම බ්ලැක් කැනේරි කෙනෙක් ඕනිද කියලා මට නම් සැකයක් එනවා. මොකද බ්ලැක් කැනේරි චරිතය දුර දිග ගෙනියව්වා දැන් වැඩියි වගේ. ඒ වගේම මේ නිසා ලෝරල්ගේ මතකය නිකන්ම පැත්තකට දාලා අලුත් කැනේරිව ප්‍රධාන චරිතයක් කරන්න මෙයාලා උත්සහ කරයි වගේ. හැබැයි ඉතින් මේ තිරණයට කතාව බලන අය කැමති වෙයිද කියලා නම් විශ්වාසයක් නෑ. අපිට බැරිද මේ කැනේරි චරිතය නිකන්ම යට ගහලා දාන්න? අනේ මන්දා. කොහොම වුනත් මේ දේවල් එක්ක පහුගිය කොටස ඉවරයක් වුනා. මං හිතනවා මේ සතියේදිත් අපිට නොහිතපු විදියේ දේවල් දකින්න ලැබේවි කියලා. ඉතින් ඒක දැනගන්න අපි ඉක්මනින්ම මේ කොටස බලමු… . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S05E11.HDTV.x264-LOL
Arrow.S05E11.HDTV.XviD-FUM
Arrow.S05E11.720p.HDTV.X264-DIMENSION
Arrow.S05E11.720p.HDTV.HEVC.x265-RmTeam
Arrow.S05E11.720p.HDTV x265.HEVC.ShAaNiG
Arrow.S05E11.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
8,620 downloadsDownload Arrow.S05E11.Baiscopelk.com_.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
35 comments
rajja
Mahesh
Sub ekata thanx machan
kawinda gayashan
thank for sub
direct link
tvmansala.com
pasindu
thanks for sub
Sisila Prasad
බොහොම ස්තුතියි.
ජයවේවා!!!Nirosha Dilshan
dan dakke .damma banawa.thanks
Udara Damith B/K
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි බොහොම ස්තුතියිKasun Widusha
Tnx brdh sub ekata
silent$
Thanxxxxxxxxxxxxx
Sudheera Kasun
thanks bro...
piyumal sanjeewa
බොහොම ස්තුතියි.
ජයවේවා!!!Amila Mudalige
Sub ekta Thanks saho
Hima Benaragama
බොහොම ස්තුතියි...
Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි.
ජය වේවා...Lakshan
Thanks Bro.
Nimal
Thanks
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Janith
Thanks bro
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ..
ashan lankanath
thanks ...........................................
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Chalana Rukshan
thnx bro...
Nirodha uthpala
Neyamai bro digatama sub denna labeva keya hadavatinma partana karanava
mindika
Thanks !!!!!!!!!!!!
Suu
thank u :)
Supun Sandeepa Wimalarathna
ELM ................. :-)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රදීප්
ස්තූතියි :)
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොමත්ම ස්තුතියි...
Rohana
බොහොම ස්තුතියි උපසිරසයට...
Ťhûshàrâ Ðîlshäñ
Arrow S05 e12 sub eka dapnko. Bro....
Rasitha Pradeep Somasiri
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි….
Dasitha147
bohoma sthuthie saho obalage me sewaya wenuwen. jaya
KAVINDA GAMAGE
thank you
lakshan
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnx kollo.... plz parakku krnna epa bn... aulk naha gdaaaak thnx kollo