Watch Trailer

Supernatural [S12 : E10] with Sinhala Subtitles | ලිලී සන්ඩර්ගේ පරණ කෝන්තරය [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ව වගේම ඩීන්ව කුදලගෙන ගියා ජනාධිපතිව මරන්න තැත් කලා කියලා. අරගෙන ගියාට මේක කිසි කෙනෙක්ට කියලා හෙලිකලේ නැහැ මොකද කිහිප දෙනෙක් අතර විතරක් තිබුණු රහසක් වුණා. කොටින්ම කියනවනම් මේක ගැන දන්නේ ජනාධිපතිගේ ආරක්ෂයෝ ටිකයි අපේ වින්චෙස්ටර් කොල්ලෝ දෙන්නව අරං ගිහින් හිර කරන් ඉන්න හිර ගෙදර ආරක්ෂයෝ ටික විතරයි. අ…

Supernatural S12-1

සෑම්ව වගේම ඩීන්ව කුදලගෙන ගියා ජනාධිපතිව මරන්න තැත් කලා කියලා. අරගෙන ගියාට මේක කිසි කෙනෙක්ට කියලා හෙලිකලේ නැහැ මොකද කිහිප දෙනෙක් අතර විතරක් තිබුණු රහසක් වුණා. කොටින්ම  කියනවනම් මේක ගැන දන්නේ ජනාධිපතිගේ ආරක්ෂයෝ ටිකයි අපේ වින්චෙස්ටර් කොල්ලෝ දෙන්නව අරං ගිහින් හිර කරන් ඉන්න හිර ගෙදර ආරක්ෂයෝ ටික විතරයි. අඩුම තරමේ ඒ හිර ගෙදර වෛද්‍ය සේවය කරපු ඩොක්ටර්වත් මේ තැන තියෙන තැනක්වත් දැනන් හිටියේ නැහැ. සෑම්ව හා ඩීන්ව ඒ හිර ගෙදර දිගටම හිර කරගෙනම තියාගත්තා. මොකද දෙන්නගෙන් එක් කෙනෙක්වත් එක වචනයක්වත් හෙල්ලුවේ නැහැ. වෙච්ච දේ කිව්වට පිළිගන්නේ නැහැ කියලා දන්න නිසා. කැස්ටියල් හොදටම කලබල වෙලා හිටියේ. මොකද එයා මේ කිසි දෙයක් දන්නේ නැහැනෙ. එයා අර ජානාධිපතිගේ කෙල්ලව එක්කන් ගියානේ. අඩුම තරමේ ඒ කෙල්ලවත් නම්මගෙන එයාවවත් තියාගන්න බැරි වුණා. එයත් පැනලා ගියා. අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනේ නැහැනේ. අර බබා ඉපදුනොත් ඇති වෙන්නේ ලූසිෆර්ගේ බබෙක් කියලා. කොහොමහරි කැස්ටියල් මේරිවව සම්බන්ධ කරගෙන එයාගෙන් උදව් ගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ දෙන්නා දන්නෙත් පොලිසියෙන් සෑම්ව හා ඩීන්ව  අරන් ගිහින් කියලා විතරයි. ඒකත් උපකල්පනයක් විතරයි.

මේ ඉන්න අතරේ කැස්ටියල් දැනගන්නවා සමහර ප්‍රදේශ වළට වැම්පයර්ලා කඩාපාත් වෙලා මිනිස්සුන්ගේ ලේ බීලා ඩෙගා නටනවා කියලා. මෙයා ගිහින් තත්වේ පාලනය කරන්න හදනවා. නමුත් අවාසනාවට කැස්ටියල්ට මුකුත් කරගන්න ලැබෙන්නේ නැහැ. නමුත් මේරි අත්හරින්නේ නැහැ. ඇය ඒ වැඩ ටිකත් බලාගන්නවා. දවසක් මුරකාරයා ඇවිල්ලා සෑම්ගේ කෑම එක දුන්නු වෙලාවේ සෑම් බිම ඇදන් වැටිලා හිටියා. ඩීනුත් එහෙමයි. බලද්දී මේ දෙන්නා හුස්ම ගන්නවා පෙනුනෙත් නැහැ. තර්කානුකූලව නම් මේ දෙන්නා මැරිලා උන්නේ. නමුත් අස්වාභාවික පැත්තෙන් ගත්තම එහෙම  නැහැ. ඩීන් බිලී කියන රීපර් එක්ක ගිවිසුමකට ඇවිල්ලා. එලියට ගියාම වින්චෙස්ටර්  කොල්ලෝ දෙන්නම සදහටම බිලි එක්ක යන්න යනවා කියලා. අවසානය වෙනකන්ම මේ ගැන මේරිවත් කැස්ටියල්වත් දන්නේ නැහැ. නමුත් කැස්ටියල්, මේරි හා බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ එක්ක එකට එකතුවෙලා මේ දෙන්නව එලියට ගන්නවා. නමුත් ඔයාලා අවසානය දකින්න ඇති. බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ අර ඉතිරි වෙලා හිටිය මිනිස්සුන්ව මැරුවා. මොකද එයාලා අනික් දඩයක්කාරයෝ වගේ සාක්ෂි ඉතුරු කරලා එන්නේ නැහැ. මරලම දානවා ඇරෙන්න. අන්තිමට කැස්ටියල් වෙන්න ගියපු ලොකු ප්‍රශ්ණයක් නැවැත්තුවා. මොකද සෑම් හා ඩීන් වෙනුවට මේරි බිලිවෙන්නයි ගියේ. ඒ කරපු වැඩෙට නම් ඩීන් තරහින් හිටියේ.

මිට අවුරුදු ගානකට කලින් කැස්ටියල් කියන්නේ දෙවියන් විසින් තෝරගෙන යුධ වැදුණු රණශුරයෙක් දැන් නම් ටිකක් මනුස්ස හැගීම් වලටම වහල් වෙලා. කැස්ටියල් කැටුව කණ්ඩායම් දවසක් ගිහින් තියෙනවා මෙහෙයුමකට. ඒ තමයි නෙප්ලිම් කෙනෙක්ව එහෙමත් නැත්තම් දෙවියන්ගේ පුත්‍රයෙක් හා මනුෂ්‍ය දුවක් එකතු වෙලා බිහිවෙන දරුවා. මෙහෙම දරුවෙක් බිහිවුණත් හුගක් වෙලාවට ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඉතින් නෙප්ලිම්ව මරන්න හිතාගෙන තමයි මේ කට්ටිය පෘතුවියට ඇවිත් තියෙන්නේ. මෙහෙම මනුස්ස දුවක් එක්ක එකතු වෙලා තියෙන්නේ මනුස්ස වර්ගයා බලාගන්න පෘතුවියට එවපු ඒන්ජල් එක්කයි. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක්!! ජයෙන් ජය!

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Supernatural.S12E10.720p.HDTV.X264-DIMENSION.HI
Supernatural.S12E10.1080p.HDTV.X264-DIMENSION.HI
Supernatural.S12E10.HDTV.x264-LOL.HI
Supernatural.S12E10.480p.HDTV.x264-mSD.HI

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

2,255 downloadsDownload Supernatural.S12E10.Baiscopelk.com_.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                      Next Episode >>

Subtitles

2,255 downloadsDownload Subtitles26 KB

25 comments

  1. isuru

    Supiri mchn.. thnkz ah..

  2. Mahesh

    Sub ekata thanx machan

  3. kawinda gayashan

    thank for sub

    direct link

    tvmansala.com

  4. thush

    sub ekata thnx machan..................
    godak santhosai....................

  5. Kasun Widusha

    Tnx brdh su ekata

  6. naveen

    1st comment :V

  7. රයන් ද සිල්වා

    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය වේවා

  8. කවින් ලහිරු

    නියමයි චාමර සහෝ
    සබ් එකට තෑන්ක්ස් කොල්ලෝ

  9. Sachintha

    Thanks bro sub ekata...
    Ep11 hamu wemu

  10. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් සබට මචෝ
    එලම...

  11. Dilanda Rukshan

    Thnx for sub bro...

  12. ranil danushka

    Ela bro

  13. Roshan

    Tnx bro

  14. dharshana...

    Thanks..

  15. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි බ්‍රෝ...

  16. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  17. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. කෞෂාන් පියුමන්ත

    සබට තෑන්ක්ස් බ්‍රෝ.දෙනකන් බලාගෙන හිටියේ.ඊළඟ එකත් ඉක්මනටම දෙමු. ජය!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. yumal

    thankZZZZZZ bro!!!!!!!!!!

  21. Pasindu Pramuditha

    Thank you

  22. udara

    ade bn episode 11 sub eka dipanko bn ikmnta

  23. lakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  24. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

  25. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ