හොඳයි, අපි පහුගිය කොටස ගැන බලමු. කොහොමද ලියෝගේ ගේම් එකක්… නියමයි නේද… හැමෝම රැවටුනා ලියෝ ට, හැබැයි මයික් ඇරෙන්න. ලියෝ වංචාකාර කපටි පුද්ගලයෙක් කියලා මයික්ට මුළ ඉඳන්ම සැකයක් ඇති වුනා. මුළදිම ඇති වුන දේ නම් ඊරිසියාවට වගේ ඇති වුන දෙයක්. ඒ ලියෝ පායි ට ළං වෙන්න හදනවා දැකපු එකෙන්. ඉතින් මේ ලියෝගේ නොවන ම…

හොඳයි, අපි පහුගිය කොටස ගැන බලමු. කොහොමද ලියෝගේ ගේම් එකක්… නියමයි නේද… හැමෝම රැවටුනා ලියෝ ට, හැබැයි මයික් ඇරෙන්න. ලියෝ වංචාකාර කපටි පුද්ගලයෙක් කියලා මයික්ට මුළ ඉඳන්ම සැකයක් ඇති වුනා. මුළදිම ඇති වුන දේ නම් ඊරිසියාවට වගේ ඇති වුන දෙයක්. ඒ ලියෝ පායි ට ළං වෙන්න හදනවා දැකපු එකෙන්. ඉතින් මේ ලියෝගේ නොවන මේ පරිගණක ක්‍රීඩාවට හැමෝම වහ වැටෙනවා, මයික් ඇරෙන්න. මොකද මිනිහා කේන්තියෙන් ඉන්නේ ලියොත් එක්ක පායි ට පැණි හලන නිසා. ලියෝගේ ප්‍රධානම අරමුණ වුනේ කැට්ලස්ට් වගේ පොඩි සමාගමක් අල්ලගෙන මේ ක්‍රීඩාව ඉක්මනට විකුණගෙන සල්ලි අරගෙන මාරු වෙලා යන්නයි. මේ ක්‍රීඩාව හැමෝම අත්හදා බලන වෙලාවෙදි රැම් ඇවිත් ලියෝගෙන් මේ ක්‍රීඩාව නිර්මාණකරනයේදි යොදා ගත්ත දෙයක් ගැන අහනවා. එතනදි ලියෝට ඒකට උත්තර දීගන්න බැරුව යනවා, මිනිහා කතාව වෙන පැත්තකට හරවලා ඒක මඟ අරිනවා. මේකට හොඳින් ඇහුම්කම් දීගෙන හිටපු මයික්ට තමන්ගේ සැකය තවත් වැඩි වෙන්න ගන්නවා. ලියෝගේ අරුමෝසම් දේවල් වලටයි මිනිහගේ පෙනුමටයි හැමෝම තව තවත් තදින්ම වහ වැටෙනවා. ලියෝ ගැන පායි ට සැකයක් ඇති වෙන්න පටන් ගත්තේ කට්ටිය ලියෝගෙන් විවිධ පරිගණක ක්‍රීඩා ගැන අහපු වෙලාවේ. මයික් වර්ජල් එක්ක එකතු වෙලා ලියෝ ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. මේ රීෆ් රයිඩර් පරිගණක ක්‍රීඩාවේ නියම අයිතිකාරයා ඇවිල්ලා අයර්ලන්ත ජාතිකයෙක්. ලියෝ මිනිහගේ ගේම් එකේ අත්හදා බැලීමේ සංස්කරණය ව්‍යාජ විදියට පිටපතක් ගහලා තමයි මේ අරන් ඇවිත් තියෙන්නේ. ඇලෙක්ස්ගේ අයෝජකයෝ මේ ක්‍රීඩාව අරගන්න කැට්ලස්ට් එකට ආපු වෙලාවේ මයික් දුරකථන ඇමතුමකින් ඇලෙක්ස්ට දැනුම් දීලා කියනවා කට්ටිය ඉස්සරහා ටිකක් බොරුවට රඟපාලා වෙලාව අරගන්න කියලා ලියෝගේ මේ වංචාව ඔප්පු කරන්න. කොහොමහරි අන්තිමේදි හැමෝම ඉස්සරහා හරිම අපූරු විදියට ඇලෙක්ස්ගේ නමටත් සමාගමටත් අපකීර්තියක් ඇති නොවන විදියට වර්ජල්ගේ පිහිටෙන් වගේම පායි, මයික් දෙන්නගේ බුද්ධිමත් බාවයෙන් ලියෝගේ මේ මහා වංචාවේ සුලමුල හොයාගන්න පුළුවන් වෙනවා. ඒ අතරෙම මේ ක්‍රීඩාවේ නියම අයිතිකරු වන අයර්ලන්ත ජාතිකයා තම ක්‍රීඩාව කැට්ලස්ට් සමාගමට ලබා දෙනු ලබනවා.
හොඳයි, එහෙනම් අද කොටස ගැන බලමු. අද සනිජිම්ලා සියුම් උත්සහයක් දරනවා අපේ පරිගණක දඟයෝ පස් දෙනා ඔවුන්ගේ යටතට නතු කර ගැනීමට. වර්ජල් තමන්ගේ අතීතය සහ තමන් හැදුන වැඩුන විදිය පිළිබඳ තොරතුරු රාශියක් අද දැනගන්නවා. අද මචලෝ ට තමන් සේවය කරන කැට්ලස්ට් සමාගම පිළිබඳ කලකිරීමක් සිත් රිදීමක් අතිවෙනවා. ඒ වගේම අද කැට්ලස්ට් එකේ ප්‍රධානියට හරිම අපූරු වැඩක් මචලෝ කරනවා. මයික්ගේ පියාගේ සිදුවීම් දාමයකුත් අද කොටසේ ඇතුළත් වෙනවා.
සනිජීම්ලා මොකක්ද මේ කරන්නේ ? වර්ජල් මොනවද ඒ තමන්ගේ අතීතය ගැන දැනගන්නේ ? ඇයි මචලෝට එහෙම වෙන්නේ ? මොකක්ද මචලෝ ඒ කැට්ලස්ට් එකේ ප්‍රධානියට කරන අපූරු වැඩේ ? මයික්ගේ තාත්තගේ කතාව මොකක්ද ? උත්තර දැනගන්න එහෙනම් අද කොටස බලමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
1,073 downloadsDownload Crash.Zone_.S01.E11.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
UD Shehan
Subtitles
15 comments
Kanchana
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට .
janaka195
නියමයි මචන්...! මේ ටිකේම දිගටම බැලුවා.. ඉස්සරහට එනවා නේද වර්ජිල්ගෙ පිස්සු වැඩක් හින්දා , හමුදාවෙන් කැටලිස්ට් එකට පනින සීන් එකක්. ඔහොම දිගටම යමු..! මේ කරන කැපවීමට ගොඩක් ස්තූතියි යාළුවා..!
Kulanjana Maduranga
subata thanks saho....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයUdara Damith Dissanayaka
එල
Lasantharathnasirirox
නියමයි නියමයි.......සුපිරි.....
wathsalawickramasinghe
Thank you very much
Chalana
thanks bro
Ishan Madusha
ස්තූතියි සහෝ
sasala
thans
TharakaWAS
Thanks...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Lahiru Lakshan
Thanks machn....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanx sahooo