Watch Trailer

The Dragon Prince [ S01 : E09 ] Sinhala Subtitles | කුණාටුවෙන් උපන් කුමරා…! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ.! ඔන්න ඉතිං පොඩ්ඩක් ප්‍රමාද වෙලා මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ අවසාන කතාංගය. ප්‍රමාදයට හේතු වුණේ 50 වෙනි උපසිරැසි නිර්මාණයට මහන්සි වෙන්න වුණු නිසා. ඊට පස්සෙ “වෝකින් ඩෙඩ්” ආව නිසා ඒකත් ඉක්මනට ඉවර කරන්න වුණා.. කොහොමහරි ඉතිං මේ වෙලාව මම අවස්ථාවක් කරගන්නව මගේ 50 වෙනි උපසි…

ආයුබෝවන් යාළුවනේ.!

ඔන්න ඉතිං පොඩ්ඩක් ප්‍රමාද වෙලා මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ අවසාන කතාංගය. ප්‍රමාදයට හේතු වුණේ 50 වෙනි උපසිරැසි නිර්මාණයට මහන්සි වෙන්න වුණු නිසා. ඊට පස්සෙ “වෝකින් ඩෙඩ්” ආව නිසා ඒකත් ඉක්මනට ඉවර කරන්න වුණා.. කොහොමහරි ඉතිං මේ වෙලාව මම අවස්ථාවක් කරගන්නව මගේ 50 වෙනි උපසිරැසියට සුබපැතුම් එකතු කරපු හැමෝටම මගේ ස්තූතිය පළ කරන්න. ගොඩක් ස්තූතියි අදහසකින් මට සහය දක්වපු හැමෝටම. හරි එහෙනම් මෙතෙක් කතාව කෙටියෙන් මතක් කරල දෙන්නම් මම.

මෙතෙක් කතාව සංක්ෂිප්තව..

ක්ෂේඩියාව කියන්නෙ මායාවන්ගෙන් සහ පුදුමයන්ගෙන් පිරුණු භූමියක්. මේ ක්ෂේඩියාවේ ආදිතම මායා මූලාශ්‍රයන් හයක් තිබුණ. සූර්‍යයා, චන්ද්‍රයා, තාරකා, ආකාශය, සාගරය සහ පෘථිවිය. මිනිස්සු මේ අතරෙ හොයා ගන්නව හත්වෙනි මායා මූලාශ්‍රයක්.. ඒ තමයි අන්ධකාර මායාව. මේකෙන් පස්සෙ ලෝකය වෙනස් වෙනව. ක්ෂේඩියාව කොටස් දෙකකට බෙදෙනව මායාමය භූමිය සහ මනුෂ්‍ය භූමිය කියල. මේ සීමාව ආරක්ෂා කරන්නෙ මකර රජු. දවසක් මනුෂ්‍යයන් සීමාව ආක්‍රමණය කරල මකර රජු මරල ඔහුගේ උරුමකරු වුණු මකර කුමාරයාගේ බිත්තරය පැහැර ගන්නව. මේකර පලිගන්න ක්ෂේඩියාවේ ඉන්න මූන්ශැඩෝ එල්ෆ්ල එනව මනුෂ්‍ය භූමියට. එතනදි රෙයිලා කියන එල්ෆ් කරන වැරැද්දක් නිසා එල්ෆ්ලගෙ පලිගැනීමේ මෙහෙයුම අසාර්ථක වෙනව. එතනදි එල්ෆ් නායක රුනාන් හිරබාරයට ගැනෙනව. හැබැයි ඊට කලින් මනුෂ්‍ය රාජධානියේ රජු ” කින්ග් හැරෝ” මරල දාන්න රුනාන්ට හැකි වෙනව. මෙතන පොඩි සැකයක් තියෙනව මටනම්. මට හිතෙන්නෙ එල්ෆ්ල එන්න කලින් හැරෝ රජුගෙ සේනාධිපති වෙරන් (ප්‍රධාන මායාකාරයා) රජතුමාගෙ ආත්මය අර කුරුල්ලගෙ ඇඟේ හිර කළා කියල. කොහොමහරි යුද්ධය ඔහොම යන අතරෙ රෙයිලා හොයාගන්නව එස්‍රන් සහ කැලම් කුමාරවරු දෙන්නව. එතනදි රෙයිලා එස්‍රන්ව මරන්න හැදුවත් එස්‍රන් මකර බිත්තරය හොයා ගන්න නිසා මැරුම් කන එක වැලකෙනව. මකර බිත්තරය රුනාන්ට පෙන්නුවත් යුද්ධය නතර කරන්න රෙයිලාට හැකියාව ලැබෙන්නෙ නෑ. ඒ නිසා ඇය කුමාරවරු එක්ක ක්ෂේඩියාව බලා යනව මකර බිත්තරය බාර දෙන්න. අතරමගදි රජුගේ සොහොයුරිය ජෙනරල් අමායා රෙයිලාට පහර දෙන්න උත්සාහ කළත් කැලම්ගෙ උපායක් නිසා බේරිලා පැන ගන්නව. කට්ටිය මෙහෙම යන අතරෙ එක තැනකදි වැරදීමක් නිසා බිත්තරය අයිස් විලකට වැටෙනව. එතනින් මකර කුමරු හෙමින් හෙමින් මැරෙන්න පටන් ගන්නව. කුමාරයාගේ බිත්තරය හොඳ කරන්න කට්ටිය දස අතේ උදව් හෙව්වත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. ඊට පස්සෙ මේ අතරෙ තමයි ශාපලත් කල්දේරාවේ විස්මිත සුවකරන්නා ගැන කට්ටියට අහම්බෙන් අහන්න ලැබෙන්නෙ. ඊට පස්සෙ කට්ටිය ශාපලත් කල්දේරාවට යනව බිත්තරය හොඳ කර ගන්න. මේ ඔක්කොම වෙන අතරෙ ප්‍රධාන මායාකාරයා වෙරන් එයාගෙ දුව ක්ලෝඩියා සහ පුතා සොරෙන් මෙහෙයුමකට යවනව කුමාරවරු හොයාගෙන. කොහොමහරි ක්ලෝඩියා මායාකරමයක් දන්නව රෙයිලා ඇතුළු පිරිස හොයාගන්න පුළුවන් විදියෙ. ශාපලත් කල්දේරාවට ඇතුළු වුණාට පස්සෙ රෙයිලා ඇතුළු පිරිසට ලේ බොන දැවැන්ත කූඩැල්ලෙක්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙනව. යන්තම් ඒකෙන් ගැලවිලා උඩට යනකොට තමයි ඔන්න එස්‍රන් එකපාරටම කියන්නෙ ” විස්මිත සුවකරන්නෙක් කියල කෙනෙක් නෑ කියල.”

අවසන් කොටසින්..
ඉතිං දැන් ලොකු ප්‍රෙහේලිකාවක්. එස්‍රන් කොහොමද දන්නෙ විස්මිත සුවකරන්නෙක් නෑ කියල. ඔව් ඔන්න අද බලාගන්න පුළුවන් එස්‍රන් ගැන අපි නොදැන හිටපු රහසක්. කොහොමහරි කට්ටිය ඉදිරියටම යනව. ඔන්න අතරමගදි ආයෙත් දැවැන්ත මකුළු ප්‍රහාරයක් එල්ල වෙනව. මේකෙන් කට්ටිය ගැලවෙන්නෙ කොහොමද? ඒ වගේම තමයි මකුළු දැලක පැටළුණොත් වෙන දේ ගැන ඉඟියක් කලින්ම පෙන්වනව. බලන්නකො වෙන දේ. කොහොමහරි කට්ටිය ඇත්තටම හොයා ගන්නව විස්මිත සුවකරන්නෙක් නෑ කියල. ඒ වගේම මකර බිත්තරයේ කාලය ඉවර වෙලා මකර කුමරු මිය යනව. ඔහොම ඉන්න. මියයන්න කලින් අවසාන මොහොතෙ කැලම් ලොකු තීරණයක් ගන්නව. ඒකෙන් කැලම්ට ලොකු අහිමිවීමක් වෙනව. අනාගතයට සෑහෙන බලපෑමක් කරන්න පුළුවන් දෙයක් තමයි අහිමි වෙන්නෙ. ඒ වගේම බන්ධනය නිසා රෙයිලගෙ අතට වෙන දේ හිතාගන්නවත් බෑ. මේ ඔක්කොම අතරෙ ක්ලෝඩියා රෙයිලා සහ කුමාරවරු ඉන්න තැන හොයා ගන්නව විතරක් නෙවෙයි ප්‍රධාන මායාකාරයා වෙරන් ඒක දැනගන්නව. ලොකු ඛේදවාචකයක ආරම්භය ඒ විදියට සනිටුහන් වෙනව.

2019 වර්ෂයේ මේ කතා මාලාවේ දෙවැනි කතා සමය විකාශනය වෙනව කියල Netflix ආයතනය නිළ වශයෙන් දැනුම් දීල තියෙනව කියන සුභ කාරණාවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෙ. දවසක් ගැනනම් ඉතිං තාම සඳහනක් නැහැ. කොහොම වෙතත් දෙවනි කතා සමයටත් අපි උපසිරැසි ලබා දෙනව කියල නම් කියන්න ඕනෙ. එහෙනම් ඉක්මනටම තවත් උපසිරැසියකින් හමුවෙනකල් හැමෝටම ජය වේවා..!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

3,572 downloadsDownload The-Dragon-Prince-S01-E09-.zip15 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,572 downloadsDownload Subtitles15 KB

14 comments

  1. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් Castlevania (TV Series 2017– ) සබ් දෙන්න
    ජය වේවා!

    1. sachintha

      අනිවා #Castlevania 2017 සීරීස් එකටත් සබ් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් සහෝ එපි 04 යි තියෙන්නේ... 2 වන කතාසමය ඔක් 26 නිකුත් වෙන්න තියෙන්නේ....

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  3. Chameen Vimukthi Hendahewa

    Thanks bro thank you very much

  4. Pulindu8

    එල සහෝ

  5. AkilaV

    Thanks bro.......
    මොනා බැලුවත් වැඩක් නෑ මේ වගේ එල ඇනිමේශන් එකක් බැලුවෙ නැත්තම්.............
    Castlevania එකත් දෙන්න බලන්න

  6. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි .......
    ජයවේවා ......

  7. Kulanjana Maduranga

    subata thanks....

  8. Nuwan_Hero

    Thankas sub ekata
    Puluwannam The Haunting of Hill House Tv Series Ekata sub Denna Episode 10 Awith Thiyenne Hadisiyak Himita Hari Denna Thanks

  9. TharakaWAS

    Subata thanks saho...
    Jaya wewa...
    Digatma karan yamu...!!!!

  10. Bhathiya gamage

    thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. rockz2020

    S01 complete සුබ පැතුම් සහෝ! ❤✌
    ඒ වගේම නියම අනිමේෂන් series එකකට
    sub දුන්නට බොහොම ස්තූතියි! ✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ජය වේවා! ❤

  13. Anonymous

    KO BN MEKE SEASON 2 WALATA UBALA SU DENNE NADDA