ඔන්න යාළුවනේ එහෙනම් මම තුන්වෙනි කොටසත් අරගෙන ආව.. මුලින්ම කියන්න ඕන පහුගිය කොටස් වලට අදහස් දක්වපු සියළුම දෙනාටම ස්තූතියි කියල.. මම ඒ අදහස් ගොඩක් අගය කරනව. ඔයාලගෙ අදහස් තමයි අපිට මේක කරගෙන යන්න ශක්තිය වෙන්නෙ.. ගොඩක් අය කියල තිබුන සතියට උපසිරස 02ක් දෙන්න කියල.. ඇත්තටම මගෙ රාජකාරි වැඩ, පාඩම් වැඩ එක්ක…

ඔන්න යාළුවනේ එහෙනම් මම තුන්වෙනි කොටසත් අරගෙන ආව.. මුලින්ම කියන්න ඕන පහුගිය කොටස් වලට අදහස් දක්වපු සියළුම දෙනාටම ස්තූතියි කියල.. මම ඒ අදහස් ගොඩක් අගය කරනව. ඔයාලගෙ අදහස් තමයි අපිට මේක කරගෙන යන්න ශක්තිය වෙන්නෙ.. ගොඩක් අය කියල තිබුන සතියට උපසිරස 02ක් දෙන්න කියල.. ඇත්තටම මගෙ රාජකාරි වැඩ, පාඩම් වැඩ එක්ක ඒක ප්‍රායෝගිකව ටිකක් අපහසු වැඩක්. ඒ වගේම මේක හුදෙක් සාමාන්‍ය රූපවාහිනි කතා මාලාවක් නෙවෙයි.  එක කොටසක් පැය 02කට අධික දාවන කාලයකින් යුක්ත, එක උපසිරැසියක ලයින් 1500-1700 ක් තියෙන(සාමාන්‍ය චිත්‍රපටයක ලයින් 1300-1500ක් වගේ තමයි තියෙන්නෙ), පරිපූර්ණ ඉංග්‍රීසි උපසිරසියක් සොයා ගැනීමේ අපහසු කතාවක්.. ඉතින් මේ ඔක්කොම බාධක මැද්දෙ තමයි හයාත්ගෙයි මුරාත්ගෙයි ආදර කතාව ඔයාලගෙ ලගට එන්නෙ.

ඉතින් මම හිතනව අපේ මේ ප්‍රයත්නයට ඔයාලගෙ සහයෝගය ලැබෙයි කියල. හරි.. පහුගිය කොටසෙ මොනවද උනේ කියල මතකද.. මතක ඇතිනෙ පළවෙනි කොටස ඉවර වෙන්නෙ හයාත්ගෙ හොර අල්ලන්න සුනා Sarte වලට එන කොටසෙන් කියල. සුනා මුරාත්ට හයාත් ගැන කියයි කියල අපි හිතුවත්, කොහොමහරි හයාත්ට පුළුවන් වෙනව සුනාව පාලනය කරගන්න. හැබැයි ඒකට සෑහෙන මහන්සියක් වෙනවනෙ හයාත්. මතක ඇතිනෙ ඉපෙක් එක්ක සුනාව හොයාගෙන එයාගෙ ගෙදරට යනව. සුනා ත් හයාත්ගෙ ඉල්ලීමට අකමැති වෙන්නෙ නෑ. මොකද එතකොට පුළුවන්නෙ එයාගෙ පෙම්වතත් එක්ක එයාගෙ වැඩක් කරගන්න. කොහොමහරි හයාත් ඒ පැත්තෙන් ජාමෙ බේර ගද්දි අනිත් පැත්තෙන් දිදෙම්  හයාත්ට ලොකු ඇණයක් වෙනව. දිදෙම් බලන් ඉන්නෙ කොහොමද මුරාත් කියන සල්ලි ගහ හොල්ලන්නෙ කියල.. මතකනෙ මුරාත් හයාත්ව බේරගන්නව දිදෙම් දකිනව.

මේක අවස්ථා දෙකකදීම වෙනව. ඒකෙන් දිදෙම්ගෙ හිතේ ඇතිවෙන ඊර්ෂ්‍යාවේ ප්‍රතිඵලය වෙන්නෙ දිදෙම් ගහන ගැටයකට හයාත්ව අහු වෙන එක. ඒ අස්සෙ මුරාත්ගෙ පුංචි අම්මට ඕන වෙලා තියෙන්නෙ එයාගෙ පුතාව Sarte වල ලොක්ක කරන්න. හැබැයි මුරාත්ගෙ වෙළඳ උපක්‍රම දකින ඩෙර්යාට අවබෝධ වෙනව ඒක නම් ලේසි වෙන්නෙ නෑ කියල. ඉතින් එයා යන්නෙ අයියවයි මල්ලිවයි තරහ කරවන්න. හයාත්ගෙ අරාබි පරිවර්තනය, දිදෙම්ව බේරගන්න ගිහිල්ල අන්තිමේ පොකුණට වැටිල පීන පීන නාන එක.. මේ වගේ සිද්ධි නිසා දෙවෙනි කොටස හරිම රසවත්ව ගලාගෙන යනව. ඒ ඔක්කොම අස්සෙ හයාත්ගෙ අම්ම හයාත්ව හොයාගෙන Sarte වලට එනව. කතාවෙ අවසානයේදි දකින්න ඇතිනෙ අපි කවුරුත් හිතපු නැති විදියට හයාත් කියනව Sarte වලින් ඉල්ලා අස් වෙනව කියල.  ඉතින් ඔයාලට අද කොටසෙන් බලාගන්න පුළුවන් වෙයි මේ අලකලංචි වලට හයාත් මුහුණ දෙන විදිහ.

හයාත් Sarte වලින් යන්නම යයිද ?
හයාත්ගෙ අම්මට එයා කොහොම මුහුණ දෙයිද?
මුරාත් දිදෙම්ගෙ බොරුව ගැන දැනගනියිද?

තවත් ඒ වගේ රසවත් සිද්ධි ගොඩක් අද කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන්. අහ්.. ඒ වගේම අද කතාවෙ හයාත් සහ මුරාත් අතර පොඩි තරගයකුත් බලාගන්න පුළුවන් වෙයි. මේකෙදි දෙන්න ඔට්ටුවක් දානව.. මොකක්ද මේ ඔට්ටුව? කවුද දිනන්නෙ කියල බලන්න නම් කතාව බලන්නම වෙනව. එහෙනම් පුරා පැය 02ක් හයාත් මුරාත් ආදර අන්දරයේ තුන්වන දිගහැරුම විදගන්න කියල ඔයාල ඔක්කොටම ආරාධනා කරන ගමන් මම සමුගන්නව. හතරවන කොටසෙන් හමුවන තුරු ඔබ සැමට සුභ දවසක්.. ජය වේවා..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

4,611 downloadsDownload Ask-Laftan-Anlamaz-E03.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ඉෂාන් මධුෂංක(ඉෂූ)

Subtitles

4,611 downloadsDownload Subtitles50 KB

59 comments

  1. Miyuru Dilanka

    තෑන්ස්

  2. shenu samarasinghe

    thank u so much........... next episode ekath ekmanata denna........☺☺☺☺☺☺

  3. Nishan Randika

    මචන් මේකෙ ඩව්න්ලෝඩ් එක දැම්මෙ නැද්ද තාම

  4. mbx123

    thanks For Sub......

  5. Chamath15

    Thanxx brother......

  6. Saranga2001

    උපසිරැසියට බොහොම ස්තූති සහෝ

  7. Udith

    thank uuuuuuuuuuuu

  8. Hasanka1

    Thank u.Oyata puluwn welawak sub eka denna mc aulk ne.

  9. Sachinmadushanperera

    Sub ekata pattama thanks bro thank you very much. Api dannawa me kathawata sub dena eka amarui kiyala. Eka dana danath api ithin poddak ikman karala illanne katha pattama lassana hinda. Eka nisa ape noiwasilimath bawaya gana samawa illnawa. E wagema next sub ekath oyata puluwan hari ikmanin denna kiyala illna gaman baiscope eka siyalu denawa jaya pathanawa.good luck!!!

  10. Upul Sampath

    Thanks a lot for your sub......

  11. TharakaWAS

    koi welweda sub 1ka dene kiyala balan hitiye.........Thanks bro....digatama karan yamu...jaya wewa....!!!

  12. prcsb

    thanx.sub 1 dnkn hitiyeeeee.⚜☺️⚜

  13. shashini disanayaka

    ikmaninma ilaga kotasa aran enna....

  14. Thusitha Suminda

    thanks sub akata. kohoma unath kamak na tv ake yanna kalin kotasa denna balannako.

  15. shan devinda

    නියමයි සහො. ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දෙන්න.

  16. hashanwijesuriya

    Thanks bro... ela... ilaga ekath ikamnta deepan mcho..

  17. hansaka gihan

    thnkz සහෝදරයාහ්, පණ බේරලා දුන්නට පිං

  18. Isurusky

    thankz lokka....enkam blan htye..

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Navod Dilusha ND

    Thanks bro...

  21. Dilruk lahiru

    Thanx MCN
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  22. mnwmadu

    Niyamai saho.oyata suba pathanawa.meke season kiyak thiyenawada ??

  23. DasunHasanka

    thanks bro

  24. geeganagamage

    බොහෝම ස්තුතියි මේ ටීවී සීරියස් එක දෙනකම් අපේ ගෙදර හමෝම ගොඩාක් අසාවෙන් බලාගෙන ඉන්නේ මේකනම් සුපිරි

  25. Anjaya

    ehh bro meka download karanna site ekak dennako

  26. Nuwan d

    thanks sahoo sub ekt...next episode tika baa ganna ona kenek innw nm kiynn

  27. 88tharaka

    patta bro!!!!

  28. 88tharaka

    patta bro!!!!
    niyama story 1

  29. sandu06

    thanks sub ekata

  30. Kushan Charuka

    ඉෂූ Bro.. Thanks සබ් වලට .. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් බලන්නේ ඊලග Episode එකට සබ් දාන තියෙනවද කියලා... ජය වේවා..! 4වෙනි එපියටත් සබ් දෙනකල් බලන් ඉන්නවා බ්‍රෝ..

  31. manju4300

    Niyamai,,,,,,,, Thawa thawath SUB karanna Labewa....... Jaya

  32. Udithakavinda123

    Kollo ela aa..... ilaga eka ikanain dipan puthiiiiiii

  33. yapa

    මචෝ පට්ට ස්තුතියි....
    හැමදාම බලන් ඉන්නේ මේකේ සබ් දානකන් ....පට්ට කතවක්....දිගටම දාන්න...
    අපහු කියන්නෙ බොහොම ස්තුතියි මචන්....

  34. Amal_indika

    thanx mchn ela......

  35. harshatakashi

    thanx mchn ela ela ahh digatama karagena yamu

  36. Ganukahirun

    Mchn link eka ewanko

  37. Prabhasoft

    Thanks Bro..... Jaya Wewa.....

  38. DasunHasanka

    puluwan ikmanata denna bro ! epi 4 denakam iwasillak nathiwa balam innawa! thanks bro!

  39. dilusha2018

    thankyou dr.godak balan hitiyoooo

  40. suranuwan

    thanks bro...

  41. tharindu_gayan

    Tnx සහෝ සබ් එක දෙනවට.english sub එකත් එක්ක කලින් මේ tv series එක බැලුවා.ආයිත් ලස්සන කතාවක් හිංද සිංහල sub එකත් එක්ක බලනව.

    1. Darkness

      meke english sub tika ganna puluwan thanak kiyanawada....?

  42. Tharidu

    Ela broo.. ilaga ekath denda ikmta✌

  43. Akhila Gayantha

    Me Kathawa Download karanna puluwan site ekak kiyanna puluwanda..

    1. Chamath15

      Baiscopedownloads.com

    2. Akhila Gayantha

      thanks bro......

    3. Achi

      Youtube එකේ තියෙන්නේ ඒක ගනින් සබ් සෙට් වෙනවා 480p ෆට්ට කොලට්

  44. Sam Yashan

    thanks bro......

  45. Sudeepa4638

    thanks .................

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. Achi

    ෆට්ට බොසා ආ ගැම්මට දෙමු සබ් එක...සබ් එක කරන්න පට්ට අමාරුයි කියලා...ඒකයි අපිට පුලුවන් විදියට කමන්ට් එකකින් සප් එක දෙන්නේ ආදරෙයි

  48. Darkness

    me tv serious ekema English sub eka thiyana thanak kiyanawada....?

  49. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  50. amal485

    Thanks for the subtitles .....!

Load more comments