Watch Trailer

Westworld [S02: E05] Sinhala Subtitles | එහා ලෝකය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හොඳයි එහෙනම් මුලින්ම පැහැදිලි වෙනසක් පෙනේවි… මෙතෙක් මේ අපූරු ලෝකය ඔබ වෙත අරගෙන එන්නට වෙහෙසුන කලිදු වාසුක සහෝදරයාගේ උපසිරසක් එක්ක නෙමෙයි අද ඔබට මේ විසකුරු උද්‍යානයේ සැරිසරන්නට සිද්ධ වෙන්නෙ. නමුත් ඉතින් මුලින්ම සමාව ගන්නව මොකද සමහරුන්ට අනුව මගේ උපසිරස ගුණාත්මක නැහැ, නමුත් ඉතින් ඒ කටින් බතල හිටවන උදවි…

හොඳයි එහෙනම් මුලින්ම පැහැදිලි වෙනසක් පෙනේවි… මෙතෙක් මේ අපූරු ලෝකය ඔබ වෙත අරගෙන එන්නට වෙහෙසුන කලිදු වාසුක සහෝදරයාගේ උපසිරසක් එක්ක නෙමෙයි අද ඔබට මේ විසකුරු උද්‍යානයේ සැරිසරන්නට සිද්ධ වෙන්නෙ. නමුත් ඉතින් මුලින්ම සමාව ගන්නව මොකද සමහරුන්ට අනුව මගේ උපසිරස ගුණාත්මක නැහැ, නමුත් ඉතින් ඒ කටින් බතල හිටවන උදවිය උපසිරස කරන්නෙත් නැති එකේ අපි හරි කරන්න එපාය…. වැඩියම ඒ ගැන හිතන්න එපා මීලග කොටසෙ ඉදල මේ කතාවෙ නව අයිතිකරුව ඔබට උපසිරස ලබා දෙයි, මේ ඔහුට කතාව වෙනුවෙන් ප්‍රවිෂ්ටයක් ගන්නකම් ඔබ වෙත එන්නට තියන කොටස ලබාදෙන්නට හදන වැයමක් පමණයි, බලන්න අකමැති නම් නොබල ඉන්න ඇහැකි (මම මේ කාටද කියන්නෙ කියන එක ඒ අදාළ පුද්ගලය දන්නව, ඉතින් අනික් කට්ටියට මේක අදාළ නැත.). තවත් කතා ඕන නැහැ කලින් සතිය මතක් කරගෙන ඉම්මු, සමාවෙන්න ඕන වෙනදා ලිපිය වගේ හරබර එකක් නොවෙන එක ගැන ඇත්තටම මෙහෙම කතාවක් බලනකොට නොහිතන දෙයක් තමයි මේ වගේ එකක ලිපියක් ලියන එක කොයිතරම් අමාරුද කියන එක.

කලින් කොටස –

කතාව ආරම්භ වෙන්නෙ මේ සියල්ල වෙනුවෙන්ම තමුන්ගේ මුල්‍යමය දායකත්වය ලබා දුන් ජේම්ස් ඩෙලොස් ගෙන්. අපි දුටුව ඔහු ඇත්තෙන්ම මොන වගේ හේතුවක් නිසාද මෙවැනි අදහසක් වෙනුවෙන් තමුන්ගේ දායකත්වය ලබා දෙන්නට සුදානම් වුනේ කියන එක, නමුත් අපි දකින මොහොත වෙනකොට ඔහු ඒ තීරණය ගැන පසුතැවීමටවත් අදහසක් නැති වුනත් අපි දැක්ක නැවත නැවත ගෙවී යන ඔහුගේ එකම ජීවිතය ස්ථාවර මනසක් නිර්මාණය කරගත නොහැකි නිසා ඔහුට සෑම විටෙකම අත්වෙන ඉරණම… මේ සියල්ල අතරේ ඔහු හා ගැටුන විලියම් අපට කාලය ගෙවී යන හැටි ගැන අවබෝධයක් ලබා දෙන්නට කාරුණික වුනා.

මේ සියල්ල අතර අපි තවත් කෝණයකින් ඩෙලොස් ආයතනයේ සැබෑ අරමුණ දැකගන්නට හැකි වුනා, ඒ බර්නාඩ්ගේ උදව්වෙන් නමුත් ඔහුටවත් මේ අරමුණ එක්වරම නිර්ණය කරගැනීමට නොහැකි වුන හැටි දකින්න ඇති නෙව. ඒ වගේම කලින් කොටස එක්ක මෙතෙක් කතාවෙන් අතුරුදහන් වුන චරිතයක් වුන එල්සි නැවතත් කරලියට පැමිණියා. ඒ බර්නාඩ් එක්ක, නමුත් ඔවුන්ගෙ ආරම්භය නම් ඒ තරම් හොඳ එකක් නොවුන හැටි මතක ඇති, මොකද ඔවුන්ගෙ පෙර අවසානය බොහොම කටුක එකක් වුන නිසාවෙන්.

මේ අතරේ ඩිලෝරස් ඇයගේ සේනාව වගේම විලියම් සේනාවක් එක්ක තනියම සටන් කරන හැටිත් අමතක නැතුව ඇති කියල හිතනව… මේ සියල්ල එක්ක අපි තවත් අලුත් චරිතයක් වෙනුවෙන් පසුගිය සතියේ කතාව වෙන් කළා… ඇය නතර වුනේ තමුන්ගේ පියා හමු වීමෙන්….

ඉතින් ඔය පොඩි මතක් කිරීමක් සමාවෙන්න සියලුම විස්තර නැති එකට, ඇත්තටම එහෙම කරන්නට හේතුව ලිපිය කියවන කෙනෙක්ට පසුගිය කොටස නොබල ඉන්නට බැරි වෙන්න වැඩ සිද්ධ කරල යුතු නිසා.

අද කොටස –

අද සැබවින්ම මේ කතා මාලාව තවත් ලෝකයක් කරා තමුන්ගේ චිරිත ගෙන යන්නට සමත් වෙනව, මේ ලෝකය අපි ඉගි වශයෙන් දැක්ක නමුත් සැබවින්ම නොදැක්ක ලෝකයක්… ඒ තමයි පුරාතන ජපානය… කලින් කොටසටත් කලින් අපි දැක්ක මේව් වෙත දිව අන්ධකාරයේ එන චරිතයක් ඒ කවුද වගේම ඔහුගේ ඉතිහාසයෙන් බිදකුත් දැකගන්නට හැකි වෙනව වගේම ඔබට අද පුරාතන ජපානයේ චරිත වගේම ඔවුන්ගේ වැඩ කටයුතු යුද්ධ එහෙමත් දැකගත හැකි වේවි. නමුත් මේ සියල්ල එක්ක අපි මෙතෙක් පරිපුර්ණ උද්‍යානයක් ලෙස දැක්ක මේ අසිරිමත් උයනේ තවත් එක කෝණයක් දකිනව, මම හිතන හැටියට ඒ කෝණය ඉස්සරහට අපිට වැදගත් වගේම බොහොම ප්‍රබල එකක් වේවි… ඒ මේව් සහ ඔබ අද දකින තවත් චරිතයක් නිසාවෙන්.

මේ සියල්ල අස්සේ ඩිලෝරස් තමුන්ගේ ආදරය ගැන ජීවිතය ගැන නැවතත් සිතා බලන කොටසක් ලෙස අද කොටස ඔබට දැකගත හැකි වේවි.. නමුත් සත්තයි ඒ අවසානය සුභදායක එකක් නම් නෙමෙයි… අද ගොඩක් සාම්ප්‍රදායික සටන් තියන කොටසක් නමුත් නව ලොවක් නිසාම අද අපිව ව්‍යාකුල කරන දේ බොහොම අල්පයි වගෙයි පෙනුනෙ ඉතින් එහෙනම් අද කොටස ගැන මේ කිව්ව දේට තවත් එක දෙයක් එකතු කරන්නම්… ඒ අද කොටස තුල මේව් තමුන්ට ඇති අලුත්ම හැකියාවක් සොයාගැනීමට සමත් වෙනව… සැකයක් නැහැ මේක බොහොම වැදගත් එකක් වේවි.. පොඩ්ඩක් සංගීතයටත් අවධානය යොමු කරන්න අද දවසේ… මොකද එකත් ලොකු හෝඩුවාවක්….

එහෙනම් මේ කොටස බලන්න, ඊලග කොටසින් අලුත් වයසක අයිතිකරුවෙක් ඔබ හා එක්වේවි මේ කතා මාලාව කරපින්නාගෙන යන්නට… අවසාන වශයෙන් මෙහෙම කියන්නම් Game of Thrones මෙන් ඔබ තිරයේ මැරෙනව දකින තුරු කිසිම කෙනෙකුගේ ඉරණම ගැන විශ්වාසය නොතියන්න, ඔබ එලෙස දුටුවත් ඒ ඔවුන්ගේ අවසාන ඉරණම නොවේවි…. එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!

පා.ලි.

කතා මාලාව වෙනුවෙන් කරන ලද විවරණය කලිදු වාසුක සහොයුරා විසින් දිගටම කරගෙන යන බැවින් ඔබට මේ කතා මාලාවේ මුහුණත වටිනාකමට එහා ගිය තවත් තොරතුරු මංසල තුලින් ඉක්මනින් දැකගත හැකි වේවි.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

29 comments

  1. Kalindu Wasuka

    බොහෝම ස්තුතියි සමීර අයියේ කතාව සුපිරි උපසිරසක් එක්ක මේ තරම් ඉක්මනින්ම ගෙනාවට.
    එවගේමයි බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල මේ උපසිරස ගෙන එන්න දක්වපු සහයෝගයටත් විශේෂයෙන් ස්තුතියි.

    1. Nuwandhanu

      හැමදාම සබ් අරන් යන එකේ comment එකක් දාන්න හිතුනා...
      ස්තූතියි සහෝ...........

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සමීර අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය
    මොකාද යකෝ සමීර අයියගේ සබ් හොද නෑ කිව්ව එකා... මම නම් උපසිරැසි 200 කට වැඩිය කරපු කෙනෙක් විදියට ඔයාගේ සබ් එකක් නම් ආයේ හිත හිත ඉන්නෑ අනිවා අරන් බලනවා...
    ඒ තරමට සුපිරි... ඕකුන් කියන ඒවා එච්චර ගනන් ගන්න ඔන්නෑ... කයිය විතරයි වැඩ නෑ...
    ලොල්...

  3. baiscope_chandima

    niyamai thaz ..

  4. Kasunranga123

    page not funded kiyala vatenawane kohomada download karanne sub eka ethakota

  5. dsdkavishka

    Fattama

  6. nilantha7

    thanks

  7. Lasitharash

    Thankyou

  8. anishka ishan

    thnqu sahodaraya

  9. isurumove

    Good

  10. 100

    Sub eakata thanx

  11. niro005

    thanx brother elama

  12. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  15. LimeGreenSoda

    Nice!brother

  16. lahiru@007

    kawruth kiyana ewa ganan ganna epa oyge sub eka niyemetma thiyanava.jaya

  17. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි මල්ලි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. umesh@55

    thanks sub ekata, jaya wewa ......

  20. Dewadithya

    Thanks!!

  21. Dagaya.96

    supiri

  22. Nisal_R

    Thanks Sameera ayya :D

  23. chanaka_naveen

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. :D

  24. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  26. AsithaDilruwan

    ela saho thanks

  27. suchroxx

    Thanks Bro

  28. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....