ආදරය වචන වලින් කියන්න පුලුවන්ද කියන ප්රශ්නයට උත්තර හොයන් යන ගමනේ 18වෙනි නැවතුම්පොළට තමා අද මේ ඇවිත් ඉන්නේ. තව නැවතුම්පොළවල් 13ක් වගේ තමයි ඉතුරු. එහෙනම් වැඩි කතා ඕන නෑ. කලින් කොටස පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්කෝ. කලින් කොටස නතර වුණේ මුරාත් ඇවිදින් හයාත් ආපහු එයාගේ ගමට යන එක වළක්වපු එකෙන්. හයාත්ට වගේම බ…

ආදරය වචන වලින් කියන්න පුලුවන්ද කියන ප්රශ්නයට උත්තර හොයන් යන ගමනේ 18වෙනි නැවතුම්පොළට තමා අද මේ ඇවිත් ඉන්නේ. තව නැවතුම්පොළවල් 13ක් වගේ තමයි ඉතුරු. එහෙනම් වැඩි කතා ඕන නෑ. කලින් කොටස පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්කෝ.
කලින් කොටස නතර වුණේ මුරාත් ඇවිදින් හයාත් ආපහු එයාගේ ගමට යන එක වළක්වපු එකෙන්. හයාත්ට වගේම බලන් හිටපු අයටත් සතුටු හිතෙන්න ඇති. මුරාත් ගැන තව ආදරේ හිතෙන්නත් ඇති. හැමදේම අමතක කරලා ආපහු හයාත්ට වෙනදා වගේම ආදරේ කරන එක, වෙන කොල්ලෙක් නම් කරයිද? නැහැ, අපිට එහෙම හිතුනට මුරාත්ගේ හිතේ වෙනම දෙයක් තියෙනවා වගේ. ඔයාට මම කොහොමද සමාව දෙන්නේ හයාත්? මොන දේ උනත් හයාත්ව ඈත් කරලා තියාගන්න මුරාත්ට බෑ. ඒත් හැමදේම දැන් හරියාගෙන ඇවිල්ලත් මුරාත්ගේ හිතේ අහක් කරන්න බැරි කහටක්, දුකක් තිබ්බා. මිනිහගේ හිතේ තියෙන්නේ පළිගැනීමේ චේතනාවක්ද?
හයාත් හිටියේ හරිම සතුටින්. අන්තිමේදී හැමදේම හොඳින් සිද්ධ වුණා. හිතේ තවදුරටත් බරක් තියන් ඉන්න දෙයක් නෑ. ඒත් මුරාත්ගේ හිතේ තියෙන දුක හයාත්ට තේරුණේ නෑ. ඉඳහිට මුරාත් නොකියා කියන කතන්දරත් එයාට තේරෙන්නේ නෑ. මේ අතර ආච්චි අම්මා සම්බන්ධවත් ලොකු සීන් එකක් වුණා මතක ඇතිනේ. මුරාත්ගේ දුක් ගීය අහන් හිටපු ආච්චම්මාට තේරුනා මුරාත් හයාත්ගේ බොරුව හින්දා විඳවන තරම. මුරාත් ගියාට පස්සේ ආච්චමා එයාගේ කාමරේට ගිහින් ලාච්චුවෙන් ලියුමක් ගත්තා මතක ඇතිනේ. මේක ගැන දැනගත්තොත් කබලට වැටිලා ඉන්න මුරාත් ලිපටත් වැටෙනවා වගේ කතාවක් ආච්චි අපිට අඟවලා හිටියනේ. ලියුම නම් මුරාත්ගේ අම්මා සම්බන්ධ එකක් වගේ. මුරාත්ට තව විඳවන්න ඉඩක් නොතියාම ආච්චි ඒ ලියුම අරන් ගිහින් එළියේ කුණු බකට් එකට දැම්මා. ආච්චිගේ හිතට සහනයක් දැනෙන්න ඇති, හැබැයි කෙනෙක් ඇවිල්ලා ඒ ලියුම ගන්නවා ආච්චි දැක්කේ නෑ. ඔව්, ඒ වෙන කවුරුත් නෙමේ දෙර්යා. ලොකු විනාසයක් වෙන්නයි යන්නේ.
මුරාත් හයාත් එක්කලා ඇවිල්ලා එයාව බඳින ආරංචිය ගෙදෙට්ට කිව්වනේ. දෙර්යා එක්කත් වාදයක් වගේ එකක් ගියා. දෙර්යා දැන් හදන්නේ තමන්ගේ තුරුම්පුව පාවිච්චි කරන්න. ඒ අර ලියුම. එයා හදන්නේ අර ලියුම කොහොමහරි මුරාත් අතට ලැබෙන්න සලස්වන්න. ඔය අස්සේ කෙරම් ඇවිල්ලා මුරාත්ට අස්වීමේ ලියුම බාර දුන්නා. තවත් හිත හදන් වැඩ කරන්න බැයිලු. දොරුක් කෙරම්ව නවත්තන්න හැදුවත් කෙරම් නෙමේ ඇහුවේ. මිනිහා දැන් ලී බඩු සාප්පුවක වැඩ. බලපු අයට මතකනේ ඉපෙක් ඇවිල්ලත් කෙරම්ට කතා කරා, ඒත් වැඩක් වුණේ නැහැ. ඒ දෙන්නගේ ලවු ස්ටෝරියත් ඉවරෙටම ඉවරයි කියල තමා පේන්නේ නම්.
මංගල්ලෙට කලින් පවුල් දෙකම හම්බෙන්න ඩිනර් එකක් මුරාත් ලෑස්ති කරානේ. පුළුවන් සරලම විදිහට යන්නයි හයාත් හිතන් හිටියේ, ඇත්ත ඇති සැටියෙන්ම පෙන්නන්න පුළුවන් හින්දා. ඇඳුම උනත් මෙලෝ කමකට නෑ. කට්ටියම කිව්වට වෙන එකක් ඇන්දෙම නෑ. අන්තිමට චැග්ලා ගෙනාපු ගවුමක් හයාත්ට අඳින්නම වුණා, චැග්ලාගේ ජොබ් එකේ නාමෙන්. ඔන්න ඉතින් ඩිනර් එකේදිත් හොඳ හොඳ සීන් ටිකක් වුනානේ. මේ මගුල් සක්වලට තවත් මගුලක් එකතු වුණා. මුරාත්ගේ ආච්චියි හයාත්ගේ සීයයි ඒ කාලේ ආදරේ කරපු ජෝඩුවද කොහේදෝ. කෑම මේසේදී දෙන්නා හම්බුනාම දෙන්නම ඩිම් වෙච්ච හැටි මතකනේ. අනේ ලැප් එක පොලේ ගහන්න තිබ්බ නම් :/ ඩිනර් එක ඉවර උනේ නම් හොඳින් නෙමේ. ආච්චිගෙයි සීයගෙයි වලියක් එක්කලා. හයාත්ටයි මුරාත්ටයි හොඳ කලක් දකින්නම වෙන්නෑ වගේ. හැබැයි ඔය අස්සේ නෙජාත් සර්සිල්මාස්ට එයාගේ හාමිනේගේ යටිකුට්ටු වැඩ මාට්ටු වුණා. දෙර්යට දික්කසාදේ දෙනවා කියාගෙනයි නෙජාත් ගියේ නම්. දෙර්යා ටික කාලෙකට හරි නිහඬ වෙයි වගේ. හැබැයි අර ලියුම මේ වෙද්දීත් මුරාත්ට හම්බෙලා ඉවරයි, තාමත් කියෙව්වේ නැතුවට. දෙර්යා ආයේ ලියුම අතට ගන්න හැදුවත් බැරි පාටයි. මේ සැරේ නම් දෙර්යා ඇත්තටම පසුතැවිලි වුණා ලියුම මුරාත්ට යවපු එක ගැන. හැබැයි මුරාත්ට ආදරේකින් නෙමේ, නෙජාත් කරපු අනතුරු ඇඟවීම හින්දා.
දැන් කසාදෙට හයාත්ගේ සීයගෙන් කේස්නේ. රතු හිම සීන් එකත් මතකනේ. අන්තිමට මුරාත් නතර වුණේ පොලිස් ස්ටේසමේ. නාකියව මෙල්ලකරගන්න බැරි වෙයි වගේ. අන්තිමේදී කාගේත් අකමැත්ත පිට කසාදෙ කරන්න හයාත් මුරාත්ට කැමැත්ත දුන්නා. මුරාත් හයාත් පන්නන් ගියා සීයාගේ ඇස් ඉස්සරහම. හැමදේම රෝමාන්තික විදිහට වෙන්න ඕන්න මෙන්න කියලා තියෙද්දී බාලගිරිදෝසෙ ලබලා තිබ්බ අර ලියුම මුරාත් කියෙව්වා. තමන්ගේ අම්මා මැරිලා නැති බවත්, තමන්ව අතඇරලා දාලා ගියපු බවත් මුරාත් දැනගත්තා. පිට පිටම ද්රෝහීකම් දෙකක් මිනිහට දරාගන්න බැරිවුණා. මුළු ලෝකයක්ම ආයෙත් තමන්ට බොරු කරා.. මේ හැමදේමත් එක්කලා තමන් එනකම් මගුල් ගවුමත් ඇඳන් නොඉවසිල්ලෙන් බලන් ඉන්න තමන් පණ වගේ ආදරේ කරන හයාත් ගැන මුරාත්ගේ හිතේ තිබ්බ වෛරය ආයෙත් දළු දාගෙන එන්න ගත්තා.
අද එතැන් සිට.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
4,377 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E18.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
31 comments
bimbi
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dineth Sachiranga
උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Hasanka1
thanks you..
hansaka gihan
thnkz
subodha
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAsitha.pramoth
sub ekata thanx brother
Udith
thanx machoooo
Amimac
තැන්ක්ස් බ්රෝ ඉක්මනට සබ් 1ක දුන්නට ඉතුරුවත් ඉක්මනට දෙන්න
Rumesh Roshan
elama thama thanks sahoooo.
MAALnath
Thanks .............good luck .................
SanjulaJeter
Thanks
Sanjeewa2010
Thnxxxxxxxxxxxxx Pattaaaaaaaaaaaaaaaaaaa
Pradeep Rathnayake
Thx mchn ikmntama dunnata
N_R
Thank you!!!
hiru24
ikmanta dunnata godak thanx... ithuru sub tikath dennaa,gd luck
TharakaWAS
Mayura subata Thanks kollo...
e wagema meke sub dena oyla hamotamat stutui...
Thanks lot...
Itiri tikat puluwan ikmanta denna....
Jayen jayama wewa.....!!!!madusha
thnq godaaaaaak
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nipunvid
සබ් එකට බොහොම ස්තූතියි..ඊළඟ ඒවත් ඉක්මනට දෙන්න..ජය වේවා!!
sujith67
දැන් නම් කතාව උපරිමට යනවා..
සබට ස්තුතියි යාඅලුවේ...
dagi1
tankzzz
nipuna1997
සතියක් ඉන්න බැරුව තියෙන ඉරිසියාවට ඉන්ග්ලිෂ් එක හොයාගෙන බැලුව... මුරාත් මාර වැඩ කාරයෙක්. දෙකක් එළියේ, තව එකක් Downloading.... :v :v
Rumesh Roshan
saho elaga eka thama hadanawada, puluwan ikmanin denna sahooo.
SanjulaJeter
Next Sub aka one
N_R
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
ජය වේවා…!!!sura80
ane ilaga eka ikmanta dennako godak dawas balan hitiya
suranuwan
thank you.....
Shadow125
Tnx :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




හම්මාට පට්ට කොල්ලෝව්
අද මට නිකමට හිතුනා මේක දායි කියලා
අද නම් සෑහෙන්න වාසනාවන්ත දවසක්
ඊළග එකත් කලින් දීලා අපිව පුදුම කරන්න ලැබේවා
ජය !