සුපුරුදු විදියටම හයාත්-මුරාත් ආදර අන්දරය අරගෙනයි ආවේ. මේ දිගහැරෙන්නේ 24 වෙනි කොටස, සුපුරුදු විදියටම කලින් කොටසේ මතකය අවදි කරගෙන මේ කොටස නරඹන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. මුරාත් තමන්ගේ අතින් වුන වැරැද්ද නිවැරදි කරගන්න හයාත්ගෙන් එකම එක අවස්ථාවක් ඉල්ලුවා, මුරාත් එයා කියපු, කරපු හැමදේටම හයාත්ගෙන් සමාව…

සුපුරුදු විදියටම හයාත්-මුරාත් ආදර අන්දරය අරගෙනයි ආවේ. මේ දිගහැරෙන්නේ 24 වෙනි කොටස, සුපුරුදු විදියටම කලින් කොටසේ මතකය අවදි කරගෙන මේ කොටස නරඹන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා.
මුරාත් තමන්ගේ අතින් වුන වැරැද්ද නිවැරදි කරගන්න හයාත්ගෙන් එකම එක අවස්ථාවක් ඉල්ලුවා, මුරාත් එයා කියපු, කරපු හැමදේටම හයාත්ගෙන් සමාව ඉල්ලුවා. ඒත් හයාත් ප්‍රයෝගයක් දාලා මුරාත්ව මඟ හැරියා, හයාත් කරේ මුරාත්ගේ වීදුරුවට නිදි පෙති එකතු කළ එකයි, මුරාත් නින්දට වැටුනට පස්සේ හයාත්, මුරාත්ව තනි කරලා ගෙදර ආවා. මුරාත් උදේ ඇහැරුනාම එයාට මොකුත්ම මතක තිබුනේ නෑ. ඒත් හයාත් ලෑස්ති කරලා තිබුන උදේ කෑම මේසේ රෝස මලකුයි, පුංචි සටහනකුයි තියනවා දැක්කම මුරාත් ට හිතා ගන්න බැරි වෙනවා රෑ වුනේ මොකක්ද කියනෙක. ආයි කොහොමහරි මුරාත්ට, හයාත්ට මුණ ගැහුනේ සාර්ටේ එකේදි. එතනදි හයාත්, මුරාත්ට කියනවා රෑ සිද්ධ වුනේ මොකක්ද, ඇයි එයා මුරාත්ව දාලා ආවේ කියනෙක. හයාත් නම් කියන්නේ මුරාත් එයාට කරපු අපහාසෙට පළිය ගන්නයි එහෙම කරේ කියලා. ඒක ඇහුවම මෙච්චර දවස් මාන්නෙන් හිටපු අපේ මුරාත්ගේ මූණ ලැජ්ජාවටයි, කේන්තියටයි රතු වෙනවා. දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දන්න බැරි බව දන්න නිසා මුරාත් මොන විදියකින් හරි හයාත්ව ආයිත් යාලු කරගන්නයි හැදුවේ. ඒත් හයාත්ගේ හිත වෙනස් කරන්න බැරි වුන නිසා මුරාත් කිව්වා ” මේ දොරෙන් එලියට ගියාට පස්සේ ඔයා නිදහස්, හයාත්” කියලා. ඒ කිව්වේ මෙතන ඉදන් දෙන්නාටම නිදහස් ජීවිත ගත කරන්න පුලුවන් කියලා. ඒක ඇහුවම නම් හයාත්ගේ හිත ගැස්සුනා. ඒත් ඒ බවක් නොපෙන්වා හයාත් බොහොම කැමැත්තෙන් ඒ යෝජනාවට ඔලුව නැමුවා.
මේ අතරේ ඩේර්‍යා යටිකූට්ටු වැඩක් කරා. ලෙයිලා ගෙදර එන නිසා එයාට පරණ ගෙදර නවතින්න වෙනවට තමයි ඩේර්‍යා හොරු දෙන්නෙක්ව ගෙදරට ගෙන්නුවේ, මේ දේවල් කරන්න ඩේර්‍යට උදව් කරේ එයාගේ සේවිකාව. ඒත් නොහිතපු විදියට හොරු දෙන්නා ගෙට පැනපු වෙලාවේ තමා දොරුක් ගෙදර ආවෙත්! දොරුක්, හොරු දෙන්නා එක්ක පොර බඳන්න ගිය නිසා එයාට තුවාලත් වෙනවා. මේ අනපේක්ෂිත සිද්ධිය නිසා ඩේර්‍යා ගොඩාක් කම්පාවට පත් වෙනවා, මොකද එයා කරපු වැඩේ නිසා එයාගේ ආදරණීය පුතා දොරුක්ටනේ අනතුරක් වුනේ. ඉතින් ඩේර්‍යා හොරු දෙන්නට සල්ලි නොදී ඉන්න තීරණේ කරා, ඒත් ඒ දෙන්නා ගාව ගෙදරට හොරු ගෙන්නුවේ එයාය කියලා ඩේර්‍යාම කියන රෙකෝඩ් එකක් තියනවා, මේක එලියට දායි කියලා බයට ඩේර්‍යා හොරු දෙන්නට සල්ලි දුන්නා.
ඒ අතරේ සීයා, මැරෙන්න කලින් කරන්න තියන වැඩ ලැයිස්තුවක් හැදුවා. ලැයිස්තුවේ විදියට අසීමේ ආච්චිව විවාහ කරගන්නත් ඕනේ, මුරාත්ට පවුලේ වගකීම් භාර දෙන්නත් ඕනේ! මුරාත්ට වගකීම් භාර දෙන එක නම් අමාරු දෙයක් නෙවේ, ඒත් අසීමේ ආච්චිව කැමති කරගන්නෙක නම් සෑහෙන අමාරුයි. ඉතින් සීයා හිතුවා, මුරාත් වගේ හිම වැස්සක් වස්සන්න! මුරාත්ගෙන් ඒකට උපදෙස් ගන්න සාර්ටේ එකට ආව වෙලාවේ සීයට අර ලැයිස්තුව අමතක වෙලා දාලා යනවා. ඒ ලැයිස්තුව කියවන මුරාත්ට අමුත්තක් දැනුනා, සීයා ඇයි මේ වගේ දේවල් ලියලා තියෙන්නේ කියලා. පස්සේ මුරාත් රෝහලෙනුත් හොයලා බැලුවම දැන ගන්නවා, සීයගේ මොළේ පිළිකාවක් කියලා, ඒ වගේම ඒක බරපතල තත්ත්වයේ තියෙන්නෙ කියලා. මුරාත් මේ ගැන අසීමේ ආච්චිටත් කිව්වා. ඒත් හයාත්වත්, වෙන කවුරුවත් ඒ ගැන දන්නේ නෑ.
මුරාත් කීප වතාවක්ම හයාත්ව යාලු කරගන්න උත්සහ කරපු හැටි, ආච්චි, සීයා පවා මේ දෙන්නා සාමදාන කරන්න රෑ කෑමකට යැව්වා ඔයාලට මතක ඇති. හැබැයි ඒ කිසිම අවස්ථාවකදි හයාත් ව නම්ම ගන්න මුරාත්ට බැරි වුනා. අන්තිමේ හයාත්, මුරාත්ට කීවේ ” ඒක ඉවරයි, අපේ කතාව ඉවරයි” කියලයි!
ඒව එහෙම වෙනකොට ලෙයිලා ඉල්මාස් මොනවා කරන්න ඇත්ද? බලන් යද්දී ලෙයිලට තවත් පුතෙක් ඉදලා වගේ පේන්නේ, ලෙයිලා රෝහලේදි හෙදියගේ දුරකතනයෙන් ඒ පුතාට කතා කරා, පේන විදියට ලෙයිලා ඒ පුතාට සල්ලිත් යවනවා වගේ. කොහොමහරි ලෙයිලා, මුරාත්ව මෝඩයා කරලා ගෙදර එන්න සමත් වුනා, දොර ඇරියම පරණ යාලුවා හසාල් ඉන්නව දැකලා ලෙයිලට තරු පෙනුනා, ඒත් ඉතින් මොකුත් මතක නෑ චරිතෙ රඟපාන නිසා වෙනසක් නොපෙන්නා හිටියා, ගෙදරට ගොඩ වෙනවත් එක්කම ඩේර්‍යා, ලෙයිලට බනින්න ගත්තා, ඇනුම්පද කිව්වා, ලෙයිලා මුරාත් පොඩි කාලේ දාලා ගියේ වෙන හේතුවක් නිසා නෙවේය ලෙයිලගෙ වෙන සම්බන්ධයක් තිබුන නිසාය කියලා පින්තූරෙකුත් පෙන්නුවා. හැබැයි ඉතින් ලෙයිලා ” අනේ මට මොකුත් මතක නෑ, මට සමාවෙන්න.” වගේ දේවල් කියලා අහිංසකාවි වුනා. ඔන්න ඊට පස්සේ තමා ලෙයිලගේ හොර අල්ලන සෙල්ලම, හසාල් පටන් ගත්තේ! බැලින්නම් මුරාත් තමා ඒ වැඩේ හසාල්ට පවරලා තියෙන්නේ! හසාල් කොච්චර දේවල් කිව්වත් ලෙයිලා මතක නෑ කියාගෙනම හිටියා, ඒත් හසාල්, ලෙයිලගේ පුතා ඉස්මිත් ගැන කියන්න ගත්තම ලෙයිලට තවත් මතක නෑ ගාන්න බැරි වුනා. ඒ විදියට ලෙයිලා කරන්නෙ බොරුවක් කියලා හසාල් හොයා ගත්තා, ඒත් ඒ ගැන මුරාත්ට කියන්න කලින් ලෙයිලා, හසාල්ව උඩ තට්ටුවෙන් පහළට තල්ලු කරා!
හැස්මත් සීයගෙ අසනීපෙ ගැන දැන ගත්තම අසීමේ ආච්චිට තේරෙනවා සීයා එයාට විවාහ යෝජනාවක් ගෙනාවේ ඇයි කියලා. ඉතින් මතක ඇතිනේ ආච්චි, සීයගේ යෝජනාව පිළිගත්තා. හැබැයි මුරාත්-හයාත් දෙන්නා සාමදාන වෙනකන් විවාහ වෙන්න බෑ කියලා ආච්චි කොන්දෙසියක් දැම්මා. ඊට පස්සේ වැදගත් දේවල් ටිකක් වුනේ කෙරම්ගෙයි, ඉපෙක්ගෙයි ගිවිස ගැනීමෙ උත්සවේදි. එතනදි එම්රේ, ඩේර්‍යා දෙන්නා මුණ ගැහුනා. බලන් යද්දි මේ දෙන්නා කලින් ඉදන් අඳුනන දෙන්නෙක්!
මේ අතරේ තුවාල්ගේ කීමට සාදෙදි මුරාත්, හයාත්ට නටන්න ආරාධනා කරා, හයාත් ඒ ආරාධනාව පිළිගත්තා. නැටුම අවසානයේ මුරාත්, හයාත්ට කොඳුරලා කිව්වා, ” ඔයා කිව්වා, අපේ කතා ඉවරයි කියලා. අපේ කතාව ඉවර වෙන්න නම් මම මැරෙන්න ඕන..”කියලා. එහෙම කියලා මුරාත් සාදෙන් පිට වෙලා ගියා.
අද එතැන් සිට..
ලිපිය – හෙළිලි හේමමාලි

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
2,812 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E24.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
47 comments
Upul Sampath
Achi
Thanks boss
Pramodha
Niyamai....ilaga ekat ikmanata denna me wage.thanks..
Ravi28
Thanks sub ekata
Sachinanushka
adarei hamadamat ilanga sub eka iknanata denawa neda❤️❤️❤️❤️
Amimac
Thanx sis
NishadiHerath
ස්තූතිය
bimbi
පට්ට පට්ට ගානට වෙලාවට හම්බෙනවා
අනිකත් කලින්ම දෙමු
ජය !manju4300
මේ ජාතික කර්තවයට ඔබට නමස්කාර පූර්වක ඉස්තුතිය....
Dinukajayasekara56
තෑන්ක්ස් මචෝ......දිගටම දාපන්
buddikauresh
thanks machn
chanaka sasalanka
Thanks sub ekata.
kiribiwwa
ado thanks bn enakan balan hitiye thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයpradeep hashan
thanks for sub
Dineth Sachiranga
උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Pradeep Rathnayake
thanks sub ekata jaya wewa.... :)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udith
digatama krmu .. gud luck...
TharakaWAS
ela..ela...
subata godaak stutui...
itiri tikakatat puluwan ikmanata sub denna.
oyla hamotma Thanks..
jaya wewa...!!!MAALnath
Thanks ..............Good Luck ...............................
hiru24
thnks sub eka denawata
digtama karagena yamu ithuru tikath......geenath
ikamanata apita anith sub tikath dhenna koooooo plz plz plz plz plz plz plz
hansaka gihan
thnkx sub ekata
N_R
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
ජය වේවා…!!!sura80
thanks sub ekata
SanjulaJeter
thank you!
DasunHasanka
thanks very much friend
hiran1998
godaaak sthuthiyiiiii
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kalanacdhouse
ai ban download link dene nathe epa wena wa ban
Pramodha
Youtube eken ganna
Manoj1980
thnx sub ekata
geenath
apita ikmanatasub tika dhenna kooo plz anee ekmanata tv ekee yanna kalin dhenna kooo
suranuwan
thankyou.....
geenath
plz ikamanata dhennakoo sub eka
akilaishanmeegoda
Ela. Bro. Api balan innawa ilaga eka denakan. Puluwan tharam ikmnata denna. Jaya wewa
SR pro
Tnx..... bro.. plz anith sub tika puluvan ikmanata denna ........ ikmanata meka balala ivara karanna
sithum96
Thanks....25th ikmanata ona
Rumesh Roshan
hi dear thanks sub ekata. ada niwadu dawase ep25 puluwannam dennkoooo.
djchathu1
ThAnk you.. jaya weewaa.. anee ko 25
sura80
koooooooooooo 25 denne nedda
SR pro
aiyoo koo appa anith 1k...thava kochchara kal yaida denna e 25 ikmanata dennakoo
SR pro
english sub ganna link 1k denna puluvanda
Achi
සති දෙකක් ගියෝ තමා නැතෝ අපි පව් නේදෝ
djchathu1
Aneeee ko ep 25... please...
chathurangi93
harima aasawen balana me kathawata sub1 gena akkata gdaaaaak thankz. GOOD LUCK!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Dennam niyama hariya yanne,,thanks sub ekata