කොහොමද හැමෝටම? දැන් නම් අපි ඉන්නේ ඔයාලා කාගේත් ආදරේ දිනාගත්තු ආදර කතාවේ අවසානය අත ළඟ නේද? 29 කොටසින් පස්සේ වැඩි පමාවක් නැතුවම ඔන්න අන්තිම කොටසට කලින් කොටස අරන් ආවා. එක හුස්මට බැලිල්ලක් තමයි තියෙන්නේ. වැඩි කතා නැතුව කලින් කොටස මතක් කරන්නම් මං. කලින් කොටස පටන් ගත්තෙම ඛේදවාචකයකින්නේ. හසාල් සහ ලෛලා අතර…

කොහොමද හැමෝටම? දැන් නම් අපි ඉන්නේ ඔයාලා කාගේත් ආදරේ දිනාගත්තු ආදර කතාවේ අවසානය අත ළඟ නේද? 29 කොටසින් පස්සේ වැඩි පමාවක් නැතුවම ඔන්න අන්තිම කොටසට කලින් කොටස අරන් ආවා. එක හුස්මට බැලිල්ලක් තමයි තියෙන්නේ. වැඩි කතා නැතුව කලින් කොටස මතක් කරන්නම් මං.

කලින් කොටස පටන් ගත්තෙම ඛේදවාචකයකින්නේ. හසාල් සහ ලෛලා අතර වෙච්ච රණ්ඩුව ඉවර වුණේ ලෛලාට මරු කැඳවලා. ලෛලා මුරාත්ට කෝල් කරත්, මුරාත් පාක් එකට එද්දී ලෛලා මේ ලෝකේ අත ඇරලා ගිහින්. සැකයක් නෑ ලෛලාගේ මරණයට දුක හිතෙන්න ඇත්තේ මුරාත්ට විතරක්ම වෙන්න ඇති. ප්‍රේක්ෂකයන්ට පවා ගාණක් නෑ නේද? මොකෝ හිටියයි කියලා හොඳයි කියන්න පුළුවන් වැඩක් කරායැ. ලෛලාගේ මළගම සිද්ධ වෙනවා දකින්න ඇතිනේ. හයාත් මුරාත් ගාවටම වෙලා හිටියා රහස් ගොඩක් හිතේ හිරකරගෙනම. ඔය අතර මලගෙදර ඉවර වෙලා යද්දී චෙමිල් ෆාදික්ටයි එමිනේටයි කියපු තව කෙප්පයක් දැකගත්තානේ. හයාත්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවයි, හැබැයි ඒක කිව්වේ එමිනේව යාලු කරගන්න හිතාගෙන. වැඩේ නම් ඒ විදිහටම සිද්ධ වුණා ඉතින්. මේ පට්ටපල් බොරුව හින්දා එමිනේලා හයාත්ට වැඩියෙන් සලකන්න ගත්තා. හයාත්ටම පුදුමයි මොකද මේ අන්ඩර දෙමලේ කියලා. කෙල්ලට අමුතු අමුතු මෙලෝ රහකට නැති සුප් පවා බොන්න වුණා. හැබැයි ඒ කිසිම දේකට හේතුව නම් එමිනේලා ඇරෙන්න කවුරුත් දැනන් හිටියේ නැහැ.

ඔය අතර මේ මගුල් සක්වලට එකතු වෙච්ච අලුත්ම ආදර කතාව චෙමිල් – තුවල් කතන්දරේ අලුත්ම පිටුවක් පෙරලුනානේ. ඇත්තටම ආදර කතාවක් කිව්වට ඒක ඒක පාර්ශවික එකක්. තුවල්ගේ නම් හිතේ කොනකවත් චෙමිල් ගැන තිබ්බේ නැද්ද කොහෙද? ඔය අස්සේ ඒ සද්ධන්තයා ගිහින් තුවල්ට විවාහ යෝජනාවක් කරා. තුවල්ට තරු පේන්නත් ඇති, ඒත් ඒ බව පෙන්නන්නේ නැතුව ගානට එයා බෑ කිව්වනේ. ඔය අතර හයාත්, එම්රේ මුරාත් ගැන හොයාගෙන තියෙන රහස තමන්ගේ යාළුවො එක්ක කිව්වා. උන් නම් කිව්වේ මුරාත් කොහොමද සර්සිල්මාස් කෙනෙක් නොවෙන්නේ කියලා. මොක වුණත් හයාත්ට මේ රහස කොහෙත්ම මුරාත්ට කියන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. විශේෂයෙන්ම එයාගේ අම්මත් නැතිවෙලා ඉන්න වෙලාවක. කොහොම හරි එයා තීරණය කරා එම්රේ එක්ක මේ ගැන කතා කරන්න. ඉතින් එම්රේ හයාත්ව හම්බෙන්න යද්දී ඒ පස්සෙන් මුරාත් ආවනේ. හයාත් බේරුනේ නූලෙන්. අහුවුණා නම් එහෙම ආදර කතාවට ලොකු පලුද්දක් වෙන්න තිබ්බා. කොහොමත් මේ රහස ස්ථීර කරගන්න කෙල්ලෝ තුන්දෙනා ගේමක් ගැහුවා. දොරුක්ගේ කෙස් ගස් ටිකක් අරන් අලුත් ටෙස්ට් එකක් කරලා බලන්න තමයි සැලසුම් කරේ. මුරාත් ඒ පවුලේ කෙනෙක් නෙමේ නම් දෙන්නගේ DNA නොගැලපෙන්න ඕනනේ. හැබැයි ප්‍රශ්නේ වුණේ දොරුක්ගේ කොන්ඩ ගස් හොයාගන්න එක. ඒකට අස්ලි ගහපු ගේම් එකත් දැක්කනේ ඔහෙලා. කොන්ඩ ගස් කිහිපයක් නෙමේ කොල්ලගේ කොන්ඩෙන් බාගයක්ම වගේ අරන් තමා කෙල්ල නතර වුණේ.

ඔය අතරේ ඉපෙක්ගේ ප්‍රශ්නේ. කෙරම් ගත්තු ණයත් හැරෙන තැපෑලෙන්ම ඉපෙක්ගේ තාත්තට පුදපු නිසා දැන් ගෙවල් ගන්න ප්‍රශ්නේ මදිවට ණය ප්‍රශ්නෙකුත් ඇවිල්ලා. ප්‍රශ්න ටික විසඳගන්න හිතාගෙන කෙරම් ටැක්සි එලවන්න ගත්තානේ. කොහොම හරි ණය ටික ගෙවලා දාන එකයි කෙරම්ගේ ඔලුවේ තිබ්බ එකම දේ. කොහොම හරි කෙරම්ට වෙච්ච ප්‍රශ්නෙත් මතක ඇතිනේ, අර නැති වෙච්ච සල්ලි මල්ල තිබ්බ තැන කෙරම් හිටිය නිසා, නරක නාමේ කෙලින්ම කෙරම්ටයි ගියේ, ඇත්තටම කෙරම්මද ඒක හොරකම් කරේ? අපි කවුරුත් ඒ ගැන තාම දන්නේ නෑ. ඔය අතර මුරාත්ගේ සහ හයාත්ගේ දුරස් බාවය දවසින් දවස වැඩිවුණා. ඒකට හේතුව එම්රේගේ රහස මුරාත් එක්ක කියාගන්න හයාත්ට තිබ්බ බැරිකම සහ මුරාත්ට හයාත් ගැන තිබ්බ සැකය. ඔය අතර දොරුක්ටත් පරණ යාලුවෙක් හම්බුනානේ, හම්බුනා නෙමේ හම්බවෙන විදිහට වැඩ සිද්ධ කරා, දෙර්යා. ඒ යාළුවා තමා බිල්ගේ. බිල්ගේව දොරුක්ගේ කරේ එල්ලන්න දෙර්යා හිතන් ඉන්නවද කොහෙද. අස්ලිත් බිල්ගේගේ සෙල්පිය දැකලා ලෝකේ පෙරලන්න හැදුවා මතකයිනේ. දෙයියනේ කියලා දොරුක්ව හම්බෙන්න ඔෆිස් එකට යද්දී බිල්ගේ දොරුක්ට දුන්නු කිස් ඒක දැක්ක අස්ලිට යකා නැග්ගා. එයා සාර්ටේ ඒකෙන් එලියට බැස්සේ දොරුක්ගෙන් සදහටම සමුගන්නවා හිතාගෙන.

ඔය අතර දැන් තුවල්ට චෙමිල් ගැන හිතක් පහල වේගන වගේ එන්නේ, දෙන්නා මංගල ඇඳුමින් සැරසිලා පොඩි සීන් එකකට හිටියා මතකයිනේ. ඒ කපල් එක වෙනම ලෝකෙක ගිලිලා ඉද්දි පැත්තක ඉඳන් චැග්ලා ඉරිසියා බැලුම් හෙලුවා. කෙල්ලටත් චෙමිල් ගැන හිතද කොහෙද. ඔය අතර හයාත් දැනගත්තා දෙර්යා සහ එම්රේ එකට එක්කහු වෙලා මේ යටිකුට්ටු වැඩ කරන්නේ කියලා.ඒ ඕයාට පින් සිද්ධ වෙන්න. හයාත්, අස්ලි සහ ඉපෙක් එකතු වෙලා ටෙස්ට් එක කරලා ප්‍රතිඵල බැලුවට හිතන් හිටිය දේ නෙමේ දකින්න ලැබුණේ. ඔව්, එම්රේ කියපු දේ ඇත්ත. මුරාත්, සර්සිල්මාස් කෙනෙක් නෙමේ. ක්ෂණික තීරණයක් ගත්තු හයාත් එහෙමම එම්රේව හම්බෙන්න ගියා. එතන තිබ්බ එම්රේගේ පිස්තෝලෙකින් හයාත් වෙඩි තියාගන්න ගියා, මේ හැම ප්‍රශ්නෙම සිද්ධ වුණේ එයා හින්දා කියාගෙන. වෙලාවේ හොඳකමට පිස්තොලේ පතොරම් තිබ්බේ නැහැ. හයාත් අඬාගෙන එලියට දුවගෙන ගියා. කොහොම හරි මේ සීන් එක හින්දා එම්රේ හොඳටම කඩා වැටුණා. මොන දේ කරත් හයාත්ව තමන්ට ලබාගන්න බැරි බවත්, හයාත් මුරාත්ට ආදරේ කරන තරමත් එම්රේ තේරුම් ගත්තා. දෙර්යාට කෝල් එකක් ගත්තු එම්රේ මේ හැම ගනුදෙනුවක්ම ඉවර කරා. කලබල වෙච්ච දෙර්යා ඊළඟට කළේ මාරක වැඩක්. ඒක ඔයාලා දන්නවා. අවසානෙදි එම්රේ හයාත්ට අවසන් වතාවට හම්බෙන්න ඕන කියලා කාර් එකේ දාගෙන ගියේ මේ හැම ප්‍රශ්නයක්ම ඉවර කරලා දාන්න. දෙන්නා කාර් එකේ යනවා මුරාත් දැක්කා, කේන්තියෙන්ම මුරාත් එම්රේගේ කාර් එක පස්සෙන් පැන්නුවා. එම්රේ වාහනේ නවත්තන්න හැදුවත් බ්‍රේක් වැඩ කරේ නැහැ. හයාත්ගේ ජීවිතේ අනතුරේ කියලා දැනගත්තු මුරාත් කළේ එයාට මතක් වෙච්ච එකම දේ. එම්රේගේ කාර් එක පහුකරගෙන ගිය මුරාත්ගේ කාර් එක පාර හරස් කරගෙන නැවැත්තුවා. හයාත් යටිගිරියෙන් කෑගැහුවා. හතර වටේම දෙදරුම් කන සද්දයක් ඇහුනා. එච්චරයි.

අවසන් කොටසත් එක්ක හමුවෙමු!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

3,089 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E30.zip73 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

3,089 downloadsDownload Subtitles73 KB

29 comments

  1. Cmj

    Thank you very much! Only one episode remain.

  2. chanaka sasalanka

    sub ekata thanks

  3. TharakaWAS

    Ela..ela...Niyamaaaiii...
    Anit ekat puluwan ikmanata denna....
    Subata Thanks Mayura saho........
    digatama karan yamu.....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    Jaya wewa..............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. bimbi

    නියමායි !
    ඉතුරු එකත් ඉක්මණට ගෙනල්ලා ඉවර කරමු

    1. sandarukavinda

      kohomada bn sub eka download kare?

    2. malindu deshan

      kohomada bn bawe

    3. bimbi

      දැන් හරි

  5. sandarukavinda

    sub eka download krnna bane?

  6. NaradaD

    download karanna bane??

  7. malindu deshan

    meka downlord krane kohomada

  8. sura80

    download karanna beneee

  9. colabage

    download karanna bane

  10. Mayura

    අද උදේ 11 ඉඳන් වගේ සයිට් එකේ අලුත්වැඩියා කටයුත්තක් සිද්ධ වුනා. මං හිතන්නේ ඒකයි බාගන්න බැරිවෙන්න ඇත්තේ. දැන් ඒ කටයුත්ත ඉවර වෙලා තියෙන්නේ

  11. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

  12. Sameerasw

    Ammmoo tqqq a

  13. hansaka gihan

    thnkx mchn

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  15. suranuwan

    thanks bro..

  16. harshani11112

    ස්තුති සබ් එකට...
    තෙරැවන්සරණයි

  17. Ishan007

    Thanx Mayura.. mayura helili hasantha ayya e wage godak aya meke piti passe hitiya. meka heenayak nowenna e aya godak mahansi una. godak aya beri wei kiyala hitapu deyak meyala kalaa.. (ISHU)

  18. N_R

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
    ජය වේවා...!!!

  19. nipunvid

    thank you very much!

  20. MAALnath

    Thanks ..............good luck ..........................

  21. SR pro

    tnx sub 1kta anthima 1kth daala vade ivara karanna jayaweeva

  22. Udara Damith Dissanayaka

    තව එකයි

  23. Ravi28

    Thanks bro

  24. hdimantha

    Sinhala Upasirasiyata Bohoma Isthuthi saha Bohoma Pin...!

  25. SanjulaJeter

    thanks

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P