Watch Trailer

Atlantis [S02 : E08] | හර්කියුලිස්ගේ පිස්සු වැඩ [සිංහල උපසිරැසි සමඟ]

ගියපාර කොටසින් කිව්වනේ අද කොටස අන්තිම කොටස කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ. තව කොටස් කීපයක් ඉඳිරියට එන්න තියෙනවා වගේ. කොටස් අටකින් යුත්ක වෙලා තිබුන එක මේ කොටසත් එක්ක එකපාරටම කොටස් දහයක් වෙලා. කොහොම නමුත් ඊයේ දෙන්න බැරිවුනා. අදත් මේ පරක්කු වෙන්නේ වැස්ස නිසා අන්තර්ජාල සම්බන්දයට හොඳටම පිස්සු වැටිලා ඉන්…

Atlantis SE2-1

ගියපාර කොටසින් කිව්වනේ අද කොටස අන්තිම කොටස කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ. තව කොටස් කීපයක් ඉඳිරියට එන්න තියෙනවා වගේ. කොටස් අටකින් යුත්ක වෙලා තිබුන එක මේ කොටසත් එක්ක එකපාරටම කොටස් දහයක් වෙලා. කොහොම නමුත් ඊයේ දෙන්න බැරිවුනා. අදත් මේ පරක්කු වෙන්නේ වැස්ස නිසා අන්තර්ජාල සම්බන්දයට හොඳටම පිස්සු වැටිලා ඉන්න නිසා 😛 කෝම වුනත් ඔන්න නෙට් ආපහු ආව ගමන්ම තමා මේක එව්වේ.

පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු.

ජේසන් සහ අරියාඩ්නිගේ විවාහය කරන්න ඕන වුනත් දේවාශිර්වාදය නැතිව මිනිස්සු ඒක පිළිගන්නේ නැතිවෙයි කියලා ප්‍රධාන පූජකතුමා ඇතුලු රාජසභාවේ තව කිහිප දෙනෙක් කියනවනේ. ඉතින් මේ හේතුව නිසාම ඔරකල් ශුද්ධ වූ වනාන්තරයකට යනවා දෙවියන්ගේ ආශිර්වාදය මේ දෙන්නගේ විවාහයට ලැබෙනවද බලන්න. කොහොම නමුත් ඔතනදී පැසිෆායිගේ හෙංචයියෙක් ඇවිත් ඔරකල්ව පැහැරගෙන පැසිෆායිගේ හිරගෙදරට අරගෙන යනවා. නමුත් ඔරකල්ව කෙනෙක් මැරුවත් ඒ පුද්ගලයාට ජීවිත කාලයටම ශාපයක් වදිනවා. පොසෙයිඩන්ගේ ශාපයෙන් ගැලවෙන්න ඒ පුද්ගලයාට මොනයම් විදිහකින්වත් බෑ. මේ නිසාම මෙඩූසාට වැදිලා තියෙන ශාපයෙන් නිදහස් කරලා දෙනවා කියලා පොරොන්දු වෙන පැසිෆායි මෙඩූසාව එක්කරගෙන එනවා හිරකුටියට. නමුත් මෙඩූසා දන්නේ නෑ එතන ඉන්නේ ඔරකල් කියලා. මොනා කරන්නද නේ… ඔරකල් මෙඩූසාගේ ඇස් දෙක දිහා බලමු ගමං ගල් ගැහෙනවා. පැසිෆායි ඔරකල්ගේ ගල් ගැහුනු සිරුර කුඩු කරලා දානවා. මේ ආරංචිය ජේසන් විසින් අරියාඩ්නිට අරගෙන ගියාට පස්සේ එතන තවත් කාලගෝට්ටියක් ඇතිවෙනවා. ජේසන්ව ප්‍රධාන පූජකතුමා විසින් ඔරකල්ව මැරුවා කියලා එයාව මරණ දණ්ඩනයට නියම කරනවා. නමුත් තමන්ගේ යහලුවාගේ පෙම්වතිය, ඒ කියන්නේ හර්කියුලිස්ගෙග් පෙම්වතිය වන මෙඩූසා මේක කරා කියලා හර්කියුලිස් එලිකරන්නේ නෑ.

කොහොම වුනත් ඉතින් අද කොටසේදී ජේසන්ට මොකද කරන්න හදන්නේ, යාලුවෝ දෙන්නා මොනවද මේ වෙනුවෙන් කරන්නේ, මෙඩූසාට මොකද වෙන්නේ, අරියාඩ්නි මොකද මේ වෙනුවෙන් කරන්නේ කියලා බලාගන්න පුලුවන් වෙයි.

හර්කියුලිස්ට මෙහෙම කියන්නත් පුලුවන් හැබැයි අද කොටස අන්තිමට.
යන්න ගියත් මාව දමා
මට ඕනෑ ඔයා
දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා
ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා… 🙁

ඒ වගේම මෙදා සැරේ කොටසේ පට්ට පසුබිම් සංගීතයක් තියෙනවා. සබ් එක කන පැලෙන්න වැඩිකරලා අහන්න පුලුවන් විදිහේ. ඒකනං නිකං කිව්වේ ඈ. ඒනං තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

 

Atlantis (2013– ) on IMDb

 

 

236 MB කොපිය මෙතනින් බාගන්න

028315a23c74af34426216ddf29cf390b38e58a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,897 downloadsDownload Atlantis-S02E08.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

2,897 downloadsDownload Subtitles25 KB

29 comments

  1. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    එකනම් එල. සිසන් 1 වගේ නෙමෙයි. සිසන් 2 පට්ට.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  2. R.D

    බොහෝම ස්තුතියි සබ් එකට......ඔන්න එහෙනම් බාගත්තා.........

  3. Sanjaya

    thanks saho….. sub akata bohoma pin…..

  4. නලින් පෙරේරා

    ස්තුතියි කිනා..

    ජය වෙවා!

  5. හර්ෂණ

    ජය වේවා...

  6. Sisira Hegoda

    Thanks.බොහොම ස්තූතියි.

  7. lakshan

    thanks.

  8. chamith

    thanxxxxxxx

  9. raki

    ~~~thanks for the sub kina~~~

  10. sachira

    ela thanx :)

  11. isuru

    ela niyama wedak...

  12. nuwan

    ela machan

  13. “චූටී මල්ලි”

    .එලස්
    සබට තුති
    ඔබට ජය.....

  14. මධුකප්‍රිය පෙරේරා

    ආ .. නියමයි ..ස්තුතියි සහෝ සබට ..
    ජයවේවා..

  15. thusitha

    බොහෝම ස්තුතියි. ජයවේවා.

  16. sanjeewa

    thanks

  17. Amila

    ස්තුතියි කිනා..

  18. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  19. Rasidu

    මරු මරු,මේක මෙතනින් ඉවර නැද්ද?
    එහෙනම් අනිත් ඒවටත් sub දෙන්න
    sub එකට බොහොම ස්තූතියි.

  20. akalanka

    ගොඩක් ස්තුති බයිස්කොප් අඩවියෙ හැම දෙනාටම..ජය වෙවා..

  21. prabhath

    tanks

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. tharindu

    thank saho . digatama karanna..........................

  24. sajeevi

    thanks

  25. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. lakshan

    thanks machn...

  27. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  28. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  29. sanath

    thankz machan sub ekata….