ඔන්න මම Attack on Titan Season 4 Episode 21 එකට සිංහල උපසිරැසි අරගෙන ආවා. හරි හරි පොඩ්ඩක් පරක්කු උනා තමයි. ඒකට ඉතින් සමාවෙන්න ඕනේ. මං කලින් කියල තිබ්බා වගේ මම Exam නිසා අම්බානෙක හිරවෙලා ඉන්නේ. ඒ වුනාට මං අනිවා සබ් ටික ගේනවා. ❤️ හරි එහෙනම්, අපි අද කොටස ගැන කතා කරන්න කලින්, පහුගිය කොටස ගැන […]

ඔන්න මම Attack on Titan Season 4 Episode 21 එකට සිංහල උපසිරැසි අරගෙන ආවා. හරි හරි පොඩ්ඩක් පරක්කු උනා තමයි. ඒකට ඉතින් සමාවෙන්න ඕනේ. මං කලින් කියල තිබ්බා වගේ මම Exam නිසා අම්බානෙක හිරවෙලා ඉන්නේ. ඒ වුනාට මං අනිවා සබ් ටික ගේනවා. ❤️
හරි එහෙනම්, අපි අද කොටස ගැන කතා කරන්න කලින්, පහුගිය කොටස ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. මොකද ඒක ගොඩක් අයට ප්‍රශ්නාර්ථයක් වුණු Episode එකක්. ඒ ඉතින් අපේ Isayama-Sensei ඒකට Timeline Concept එක ගාවගෙන තිබ්බ නිසා. AOT FANs ලා ගොඩක් අය අහපු ප්‍රශ්න ටිකක් ගැන කතාකරලා ඉන්න එක හොඳයි කියලා හිතුනා. ඒක නිසා ඒ ටික පොඩ්ඩක් කියලා ඉන්නම්. ඒකට කලින් ඒ ගැන මටත් තේරුම් කරලා දීපු අපේ World of Anime ෆේස්බුක් ගෲප් එකේ Admins ලට ස්තූති කරන්න ඕනේ. ❤️
⭕ග්‍රීෂා කොහොමද ජීක්ව දකින්නේ ?
ග්‍රීෂාට එරන්ව දකින්න පුළුවන් වුනේ එරන් නිසයි. මොකද එරන් & ජීක් Path එකෙන් ග්‍රීෂාගේ මතක වලට Enter වෙනකොට, එරන්ටයි ග්‍රීෂා දෙන්නටම Attack Titan තියෙනවා. ග්‍රීෂාට සැරින් සැරේ එක එක හීන පේනවා කියලා අපි දැක්කා. ඒවායි ගොඩක් ඒවා Future Memories. ග්‍රීෂා මුලින්ම ජීක්ව දකින්නේ Basement එකේදි. ඔයා හරියටම බැලුවනම්, එරන් තත්පර දෙක තුනකට ජීක්ගෙ පොඩි කාලේ පොටෝ එක දිහා බලනවා. එරන් ඒ දැකපු Memory එක Path එක හරහා ගිහින් ජීක්ගේ ඔලුවට එනවා. ඒ වෙලේම ජීක් හීනෙන් කියනවා ‘මට සමාවෙන්න ජීක්’ කියලා. ඊට පස්සේ ඔලුව උස්සලා බැලුවාම ග්‍රීෂාට ජීක්ගේ වර්තමාන ස්වරූපය ලාවට පේනවා. ඒ එරන් ජීක් දිහා බලාගෙන ඉන්න නිසා. ග්‍රීෂා ජීක්ව දකින හැමවෙලේම වගේ එරන් ඉන්නේ ජීක්ව පේන විදිහට දෙන්නටම පිටිපස්සෙන්. එරන්ගේ කෝණෙන් තමා ග්‍රීෂා දකින්නේ. Attack Titan Power එක තමා Future Inheritors ලගේ මතක බලන එක. ධාරකයෙක්ගේ මතකයක් කියන්නේ එයාලට ඇහෙන, දැනෙන, පේන, විඳින දෙයක්. මෙතනදි ග්‍රීෂා දකින්නේ එරන් දකින එක. ඔයාලා දකින්න ඇති සමහර තැන්වල එරන් ඉන්න තැන දිහා ග්‍රීෂා පුදුමයෙන් බලනවා. එතනදි එයාට එරන්ව නැමේ, එරන්ගේ ඇස් වලින් පේන ග්‍රීෂාවම තමා පේන්නේ. (ග්‍රීෂාට ග්‍රීෂාවමයි පේන්නේ). Attack Titan බලේ තියෙන කෙනෙක්ට එයාගෙම Future Memory එක බලන්න බෑ. ඒක කරන්න පුළුවන් එකම විදිහ තමයි වෙන Attack Titan බලේ තිබිච්ච වෙන කෙනෙක්ගේ Memory Log එකට Access වෙලා තමන් ගැන බලන එක. අද එපිසෝඩ් එකේදි එරන් ඒක ගැන කියනවා. “මං මගේම මතක මගේ තාත්තගේ මතක වලින් දැක්කා. ඒක දැක්කේ මං අවුරුදු හතරකට කලින්” කියලා. මං හිතනවා ඔයාලට තේරුම්ගන්න පුළුවන් කියලා.
⭕ග්‍රීෂා අනාගතය දැකලත් ඇයි එරන්ට Attack Titan Power එක දුන්නේ?
මේකට මූලික හේතු තුනක් අපිට පැහැදිළි කරන්න පුළුවන්.
1. එරන් ග්‍රීෂාට තෝරගත්තු මතක ටිකක් පෙන්නලා ග්‍රීෂාව Manipulate කරනවා. උදාහරණයක් විදිහට ග්‍රීෂාගේ නංගි, ෆේයිව බල්ලෝ ලවා මරවන එක. ඒක නිසා ග්‍රීෂාට ආයෙත් අර Eldian-Restoranist සැලැස්ම පටන්ගන්න හිතෙනවා. ඒක නිසා ග්‍රීෂා ඒක වෙනුවෙන් පළිගන්න එරන්ට භාර දුන්නා වෙන්න පුළුවන්.
2. ග්‍රීෂා අනාගතයේදි වෙන දේවල් දැකලා බල වුනා. Attack Titan කියන්නේ Founding Titan ටවත් යටත් නැති උපරිම Free Will එකක් තියෙන කෙනෙක්. ග්‍රීෂාට එරන්ව නවත්තන්න ඕනෙ වුනත් එයාට Freedom වෙනුවෙන් තියෙන ආසාව නිසා එයාටත් Keep Moving Forward තිබ්බා වෙන්න පුළුවන්.
3. ග්‍රීෂාට එරන්ව නවත්තන්න බැරි අනිත් හේතුව තමා Titan Curse එක. ඒ කියන්නේ ප්‍රධාන බල 9න් එකක් ගත්තු ධාරකයෙක්ගේ Life Span එක අවුරුදු 13 කට සීමා වෙනවා. ඉතින් එරන් Rumbling එක පටන් ගන්න කාලේ වෙනාකොට ග්‍රීෂාගේ අවුරුදු 13 සම්පූර්ණ වෙලා මැරිලත් ඉවරයි. එහෙම මැරුනොත් Attack Titan Power එක Paths ඔස්සේ ගිහින් එල්ඩියාවට ඉපදෙන්න ඉන්න පොඩි ළමයෙක්ට Pass වෙනවා. ඒ වගේ Risk එකක් ග්‍රීෂාට ගන්න බැරි නිසා එයා එරන්ට Attack Power එක දුන්නා. මේක තමා ප්‍රධාන හේතුව.
හරි. එතනින් එහාට මං වැඩිය විස්තර කරන්න යන්නේ නෑ. අද කතාව ගැන පොඩි විස්තරයක් කරලා ඉන්නම්. අද කොටස ගත්තොත් Founder Yumir ගේ ජීවිත කතාව තමා තියෙන්නේ. ප්‍රධාන, මූලික ටයිටන්ගේ Origin එකත් මේකේ තියෙනවා. Isayama-Sensei ගේ Vision එක ගැන මේක බැලුවාම පුදුම නොවී ඉන්න බෑ. ඒ වගේම Yuki Kajiත් මේකට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. ඇයි මං එහෙම කියන්නේ කියලා ඔයාට මේක බැලුවම තේරෙයි. හරි එහෙනම් අදට සමුගන්නවා…යන්න කලින් ආයෙත් කියන්න ඕනේ පරක්කු වුණු එකට සමාවෙන්න ඕනේ කියලා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,265 downloadsDownload Attack-on-Titan-S04E21.zip11 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
23 comments
kalana wasala
Scorpian
සබ් එකනම් සුපිරියක් සහෝ.... දිගටම ඔහොම දෙන්න
Kalu
Thanks sago...❤️
Mino
Sub Ekata Thanks Bro.. Puluwannm, The Promised Neverland S02 ekatath Sub denna..
TMTH
sub ekata thanks saho
Anonymous
ටැන්කු කොල්ලෝ ❤️ move forward
madushanka
exem nam aulak na parakku unata thanksss sub ekata broo
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kavindu Gimhan
thanks sub ekata. exam ekath hadata goda dhaganna kollooo
Anonymous
great job
shehan
thanks machoooo
Anonymous
thanks bosa
Anonymous
Bro 22 tt puluwn ikmntm dennko
Anonymous
Sub ekt thanks saho <3
Exam ek thiyee nam eeka issella hodata karaganna, good luck!
Oona welaawaka sub denna puluwannee saho : )රමේෂ්
22 ❤️
Pavith Wijesooriya
ස්තූතියි සගෝ සබ් එකට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yasindu Kalana
Thank you!
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Akila Dilhara
Thanks Brother...❤
Bonny
20 episode ek ndda?
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Heshan Rash
Cupiri mageca All the best
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තුතියි.........අම්මෝ මේක දෙනකම්ම බලාගෙන හිටියේ........