හරි ගායිස්, ඔන්න AOT S04E22 එකට සිංහල උපසිරැසි ගෙනාවා. අද කතාව ගැන පොඩ්ඩක් කතා කරන්න කලින් ගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් කතාකරලා ඉමු. දැන් ඉතින් තේරෙනවා ඇතිනේ ග්‍රීෂා Founding Titan ව පැහැර ගත්තේ ඇයි කියලා. මේ හැමදෙයක්ම එරන් දැක්කේ අවුරුදු හතරකට කලින් හිස්ටොරියාගේ අත සිප ගත්ත වෙලාවෙයි. එරන් එක තප්පරයක…

හරි ගායිස්, ඔන්න AOT S04E22 එකට සිංහල උපසිරැසි ගෙනාවා. අද කතාව ගැන පොඩ්ඩක් කතා කරන්න කලින් ගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් කතාකරලා ඉමු.

දැන් ඉතින් තේරෙනවා ඇතිනේ ග්‍රීෂා Founding Titan ව පැහැර ගත්තේ ඇයි කියලා. මේ හැමදෙයක්ම එරන් දැක්කේ අවුරුදු හතරකට කලින් හිස්ටොරියාගේ අත සිප ගත්ත වෙලාවෙයි. එරන් එක තප්පරයකදී ජීක් එක්ක එකතු වෙලා මෙච්චර දෙයක් කළානම්, හිතන්න අවුරුදු හතරකට කලින් එයා Path එක හරහා මොනා කරන්න ඇතිද කියලා. (හැබැයි මොනා කළාද කියන්න මන් නම් දන්නෑ ) මේ ඔක්කොටම කලින් කියන්න ඕනේ. එරන්ගේ VA කියනවා ‘මේ Episode එකේ තරම් වෙන එකකවත් එයාගේ කටහඬ මේ විදිහට ගිහිල්ලා නෑ’ කියලා. ඔයාටම ඒක ඔප්පු කරගන්න පුළුවන්නේ ඉතින් පොරගේ Scream එක අහලා. අනිත් එක තමා Visions of History. From You, 2000 Years Ago කියන නමෙන්ම තේරෙනවා ඉතින් කතාව මොන අතට යනවද කියලා. මේකෙදී අපිට අවුරුදු 2000 කට කලින් ඉතිහාසය, එහෙමත් එල්ඩියන් ගෝත්‍රයේ පුනරුදය බලාගන්න පුලුවන් ඒ ඔක්කොම වෙන්න කලින් යුමිර් කියන්නේ වහළෙක් (ඊට කලින් එයා පාරේ තැන තැන ඇවිද්ද නමක්වත් නැති කෙල්ලෙක්). එයා ජීවත් වුනු තැන Eldian ලා ඇවිල්ලා අල්ල ගන්නවා. ඊට පස්සේ යුමිර්, එල්ඩියාවේ එවක රජුට වහළෙක් විදිහට සේවය කරද්දි ඌරෙක් පැනලා යනවා. ඒකේ වගකීම කවුරුත් ගන්නැති නිසා හැමෝම අත දික් කරන්නේ යුමිර්ටයි. දික් වෙන අත් ගාන ගනං කළොත් 13. ඊට පස්සේ යුමිර් කැලේදි මලක් ගාව ඇදගෙන වැටෙනවා. ඒකේ පෙති ගනං කළොත් පෙති 9. 13, 9 අහලා පුරුදුයි වගේ නේ? 13 කියන්නේ යුමිර්ගේ Curse එක. 9 කියන්නේ Nine Titans. ඊට පස්සේ එයා ලොව පළමු Titan වෙනවා. Disclose Information වලට දීලා තියෙනවා ඒ පවර් එක හම්බුනේ ව්‍යාධිජනක පරපෝෂිතයෙක්, යුමිර් වෙනුවෙන් කම්පා වුණු දෙවි කෙනෙක් එහෙම නැත්තම් වෙන දෙයක් කියලා. හැබැයි කවුරුත් ඒ ගැන මොකුත්ම දන්නෑ. පස්සේ එල්ඩියාව ස්වයංපෝෂිත රටක් කරලා මාර්ලිවරුන්ව අතුගාලා දානවා. ඒ වෙනුවෙන් ෆ්‍රිට්ස් තෑග්ගක් විදිහට ළමයි තුන් දෙනෙක් දෙනවා. වෝල් වලට දාලා තියෙන්නේ මෙයාලගේ නම්. අවාසනාවට මාර්ලි සොල්දාදුවෙක් නිසා මෙයා මැරෙනවා. Later එයාගේ ඇඟේ හැම කෑල්ලක්ම දූවරු තුන් දෙනාට කවනවා…එතනින් පස්සේ බ්ලා බ්ලා බ්ලා… Rumbling එක පටන් ගන්නවා!

හරි එහෙනම්, යන්න කලින් අද කොටස ගැන පොඩි Idea එකක් ඔළුවට දාලා ඉන්නම්. Rumbling එක වෙනකොට ගබී ෆැල්කොව හොයාගෙන යනවා. එරන් කිව්වා එයා හැම දැඩි කිරීමක්ම අයින් කළා කියලා. ඒකේ තේරුම ඔලුවට ගිය ආර්මින්ට පිස්සු නොහැදෙන එක විතරයි වුනේ. ඔය හැම ජරමරයක් අස්සේ කෝනී කාරයා තව මගුලක් කරනවා. මොනා වුනත් මේ Episode එකෙන් Season 1 එකේ තිබිච්ච Vibe එක ආපහු අපිට දෙනවා❤️. ඒ Barricade OST එකත් එක්ක එකතු කරලා. ඒක බලද්දි එන Feeling එක… ආයේ ඉතින් සුපිරියක් තමයි. ❤️ හරි ඔන්න එහෙනම් අදට සමුදෙනවා. එහෙනම් මං ගියා.

Shinzou wo Sasageyo!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,848 downloadsDownload Attack-on-Titan-S04E22.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

11,848 downloadsDownload Subtitles15 KB

23 comments

  1. shehan

    thanks malliyooo,,, uba naththam api meeva ballannada

  2. Anonymous

    Fire

  3. Anonymous

    Thanks bn

  4. Praveen TS

    Thanks brother sub ekata❤️‍

  5. Anonymous

    Adarei aa

  6. TMTH

    Thanks saho❤️

  7. Kavindu Gimhan

    Thanks saho

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Anonymous

    Thanks saho!
    Adarei palenna❤️

  10. Anonymous

    Nice..

  11. M. Kasun Ranjitha

    Sub Ekata Thanks Bro.. Puluwannam The Never Promised Land Season 02 ekatath Sub Denna..

  12. Gaming Javeeya

    සගො පුලුවන්නම් my dress up darling එකට sub ගේන්න

  13. sanula dilneth

    thankx komlo ... anith ekath awa ikmanata eketh sub eka oneeeeeee....

  14. Anonymous

    23heeeeeeeeeee

  15. ධනුෂ්ක

    23 ❤

  16. Anonymous

    23

  17. Pavith Wijesooriya

    ස්තූතියි සහෝ සබ් එකට...

  18. Hashan Kavinda

    Machan anek episode tikath ikmanata danna..

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. podda

    thanks !!!!!!!!!!!!

  21. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  22. Akila Dilhara

    Thanks Brother...❤

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.