මනුස්සයෙක්ව විනාස කරලා දාන්න පුළුවන් දේවල් 3යි… 1. සල්ලි 2. බලය එතකොට 3…????? “මගේ යාලුවෙක් වෙනවද?” කෙල්ලෙක්ගෙ කටින් අහන ඒ වචන තුන කොල්ලෙක්ට ගෙනත් දෙන්නේ සතුටක්. ඒත් මට එහෙම වුණේ නෑ. ඒ වචන තුන, ලස්සනට ගලාගෙන ගිය මගේ ජීවිතේ අපායක් කරලා දැම්මා.. මගේ ජීවිතේ කියන දේ සෙල්ලම් බඩුවක් ගානට දැම්මා.. අද මං ම…

මනුස්සයෙක්ව විනාස කරලා දාන්න පුළුවන් දේවල් 3යි…
1. සල්ලි
2. බලය
එතකොට 3…?????
“මගේ යාලුවෙක් වෙනවද?”
කෙල්ලෙක්ගෙ කටින් අහන ඒ වචන තුන කොල්ලෙක්ට ගෙනත් දෙන්නේ සතුටක්.
ඒත් මට එහෙම වුණේ නෑ.
ඒ වචන තුන, ලස්සනට ගලාගෙන ගිය මගේ ජීවිතේ
අපායක් කරලා දැම්මා..
මගේ ජීවිතේ කියන දේ සෙල්ලම් බඩුවක් ගානට දැම්මා..
අද මං මේ ඉන්නේ මගේ මරණ මංචකයේ..
ගතවෙන තප්පරෙන් තප්පරේ
මං මගේ ඒ වේදනාකාරී මරණයට ලංවෙනවා..
මේ හැමදේම ඒ ආදරේ හින්දා..!!!
ඒ ආදරේ අරන් ආපු කෙල්ල හින්දා…!!!
පූර්වා

ඉතින් නෙට්ෆ්ලික්ස් එකෙන් එලියට දැම්ම අලුත්ම හින්දි කතාමාලාව අරන් තමා අපි මේ එන්නේ. කතාවේ නම උඩ තියෙනවනේ. පොඩ්ඩක් හුරු පුරුදු නමක්නේ. Baazigar (1993) චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය වෙච්ච ගීතයකින් තමා ඔය නම උකහා ගෙන තියෙන්නේ. කතාව ගත්තොත් මේක අයිති වෙන්නේ Crime|Mystery ගණයට. කොටස් 8කින් යුක්ත මේ කතාවට රංගනයෙන් දායක වෙන්නේ Tahir Raj Bhasin, Shweta Tripathi වගේම Anchal Singh. ඔය අන්තිමට කියපු Anchal Singh ලාංකික අපිට ටිකක් වැඩිපුර විශේෂ වෙනවා. 2013 වසරේදී අපිට බලන්න ලැබුණු ලාංකික සිනමාපටයක් වෙච්ච ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමාපටයේ යශෝධරා දේවියගේ චරිතයට පණ පෙව්වේ මෙන්න මේ Anchal Singh. ඒ වගේම ආකර්ෂා කියලා ඉදිරියට එන්න තියෙන සිංහල චිත්‍රපටයකත් ප්‍රධාන චරිතයට මෙයා විසින් පණ පොවනවා.

ඉතින් ආයේ කතාව පැත්තට හැරුණොත්, මේකට IMDb අගය දැනට ලැබිලා තියෙනවා 7.1ක්. බලපු කරපු අය හොඳ හොඳ අදහසුත් දක්වලා තියෙනවා. ඇත්තටම කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් කතාවක්. ලස්සන සිංදු ටිකකුත් තියෙනවා. ඉතින් අද ඉඳන් අපිත් බලාගෙන බලාගෙන යමු මේක. ලස්සනට බලලා ඉවරයක් කරලා දාමු. උපසිරැසි ටික පුලුහන් ඉක්මනට කරලා දෙන්න අපේ සිසියා එක්ක මං පොරොන්දු වෙනවා. එහෙනම් පලවෙනි කොටස ඔයාලට දෙන ගමන් තාවකාලිකව සමුගන්නවා. බලන්න Yeh Kaali Kaali Ankhein මේ කළුම කළු ඇස්….!!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,106 downloadsDownload YKKA-S01-E01.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
14 comments
Pasindu Madumal
Chanaka
තෑන්ක්ස් සහෝ
Anonymous
The great indian murders tv series ekatath sub demu baiscope
Mekatath thanks ekenmaKushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
ado ma ubala reacher series ekata sub dannk
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
Thanks for sub
Oshada
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Naveen
උපසිරසිවලට තුති
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Lalani Maduwanthi
Thank you..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Yeh Kaali Kaali Ankhein (2022) AKA These Black Black Eyes [S01 : E01] Sinhala Subtitles | මාරයා කැඳවූ ආදරී [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/02/Yeh-Kaali-Kaali-Ankhein-1.1.jpg)


කොම්ලියටියක් වගේ සබට තුති, ජය ❤️