“The Only Way to Completely End This Cycle of Revenge born from Hate is to Bury That History Along with the Civilization That Created It.” – Eren Yeager “මේ වෛරීය චක්‍රය සම්පූර්ණයෙන්ම නවත්තන්න තියෙන එකම විදිහ තමා ඒ කෲර ඉතිහාසයයි, ඒක නිර්මාණය කරපු මනුශ්‍යත්වයයි සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් අතුගාල දාන එක.…

“The Only Way to Completely End This Cycle of Revenge born from Hate is to Bury That History Along with the Civilization That Created It.” – Eren Yeager
“මේ වෛරීය චක්‍රය සම්පූර්ණයෙන්ම නවත්තන්න තියෙන එකම විදිහ තමා ඒ කෲර ඉතිහාසයයි, ඒක නිර්මාණය කරපු මනුශ්‍යත්වයයි සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් අතුගාල දාන එක.”
“I’ll Exterminate Them from This World…Until None of Them Remain!” – Eren Yeager
“මං උන්ව මේ ලෝකෙන් නැති කරල දානවා…එකෙක්වත් ඉතුරු නොවෙන තාක් කල්!”
කොහොමද ඉතින් හැමෝටම. වෙනදා වගේම පරක්කුවෙලා තමයි Subtitle එක දෙන්න වුණේ. කොහොම වුනත්, AOT Fansලටනම් මේ Episode එක කොච්චර වටිනවද කියලා අපි හැමෝම දන්නවා. ඉතින් මේක තමයි අපි හැමෝම බලාගෙන හිටපු Attack on Titan The Final Season Part 02 එකේ අන්තිම එපිසෝඩ් එක. කොහොමහරි මේ දුක අස්සේ සතුටු හිතෙන විදිහේ ආරංචියකුත් අපිට හම්බුනානේ. ඉතින් ඒ ගැන අපි ටිකක් ඉස්සරහට ගිහින් කතා කරමු.
ඊට කලින් අපි කලින් Episode එකේදී මොකක්ද වුණේ කියලා පොඩ්ඩක් මතක් කර ගෙන ඉමු. Flying Ship එකේ Maintenance වලට ලොකු වෙලාවක් යන නිසා අසුමාබිතෝ Suggest කරනවා ඒක Odiha වලට ගෙනිහින් එහෙදි ඒක හදාගෙන Rumbling එක නවත්තන්න යමු කියලා. ඉතින් එයාලා නැවට නගිනකන් රයිනර්, ඇනී, මිකසා, ජාන්, කෝනී යන අය Yeageristsලට විරුද්ධව සටන් කළා. කලින් Article එකේදී කිව්වා වගේ Survey Corps vs Beast Fight එකේදී ඇඹරි ඇඹරි හිටපු ෆ්ලොක් මේ Episode එකේදී දීපු Leadership එක කොහොමද? ඔහොම හරි ගබීගේ Bullet එකෙන්ම එයත් මැරුණා. ගබීගේ අතට තුවක්කුවක් දෙනවා කියන්නේ ඉතින් එරන් එක්ක මූණට මූණ Fight කරනවාට වඩා බය හිතෙන දෙයක්. ඒත් අන්තිමේදී අපේ වීර චරිත දෙකක් අපෙන් සමුගත්තා. තියෝ මගතුයි, කීත් ශාඩිසුයි Yeagerist ලට ඉතුරු වෙලා තිබ්බ නැව විනාශ කරන්න එයාලගේ ජීවිතේම දුන්නා. ඉතින් එතනින් තමා ඒ කතාව ඉවර වුණේ..
දැන් කතා කරමු අද කතාව ගැන. Attack on Titan Season 4 Part 2 එකේ අවසාන කථාංගය තමා මේ. අද කතාව ගොඩක් රසවත් කියන්න ඕනේ. හැබැයි ඒ මුල් ටික තමා. අන්තිමේදී…. අනිත් අය පිටත ලෝකේ දකින්නේ වෙනම විදිහකට. එයාලා පිටත ලෝකෙදි ගොඩක් විනෝද වෙනවා…ඒත් සමහර සිද්ධි නිසා එරන්ට Out Side World ගැන තවත් කළකිරෙනවා. එයා එයාගේ, ඒ වගේම එයත් එක්ක ඉන්න යාළුවන්ගේ නිදහස වෙනුවෙන් කොච්චර කැප කිරීම් කරනවද කියලා ඔයාටම බලාගන්න පුළුවන්.❤️ මේ Episode එකේදී Rumbling එක පටන් ගන්න එරන්ගේ ඔළුවේ තිබ්බ ප්‍රධාන හේතුව කියනවා. ඒක තමයි ඔය උඩින්ම මම දාලා තියෙන්නේ. ඒ වගේම ඒක ක්‍රියාත්මක කරන්න හිතන් ඉන්න විදිහ තමා ඊට යටින් තියෙන්නේ. කොහොම වුනත් Rumbling එක අපිට අනුමත කරන්න බැරි, ඒකට මුකුත් වරදක් කරපු නැති සිවිල් වැසියොත් අහුවෙලා මැරෙන නිසයි. ඉතින් අන්තිමේදී එයා එයාගේ හීනය ඉෂ්ඨ කරගන්නවා වගේ ඉඟියක් අපිට දෙනවා.
හරි එහෙනම්. ඔන්න Part 02 වල වැඩ ඔක්කොම අවසානයි. ඉතින් අපිට හම්බුන සතුටු හිතෙන ආරංචිය තමයි Final Season එක Part 03 දක්වා දික් කරන බව නිල වශයෙන් දැනුම් දීම. හැබැයි ඉතින් Part 03 එනකම් අවුරුද්දක කාලයක් බලාගෙන ඉන්න එපැයි. මේ Arc එකට නම දාලා තියෙන්නේ Final Arc එහෙම නැත්තම් Conclusion Arc කියලා. 2023 දී තිරගත වෙන්න නියමිත මේක, ගොඩක් අය හිතන් හිටියේ Jujutsu Kaisen 0 වගේ Movie එකකින් දායි කියලා. ඒත් Twitter පණිවිඩයකින් කියලා තිබ්බේ NHK General Channel එක හරහා TV Series Type එකටම එනවා කියලයි. Part 03 සඳහා Key Visual එකත් නිකුත් කරලයි තියෙන්නේ. පල්ලෙහායින් තියෙන්නේ ඒක තමා.

Part 03 එකත් Part 02 වගේම එකම Director Board එකකින් කරයි කියලා ගොඩක් අය කියනවා. ඒ කියන්නේ Director විදිහට Yuchiro Hayashi, Script Writter විදිහට Hiroshi Seko, Character Designer විදිහට Tomohiro Kishi සහ Music Composers විදිහට Hiroyuki Sawano සහ Kohta Yamamoto සෙන්සේයිලා සහභාගී වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. ❤️ එහෙනම් ඉතින් ඒක කොහොමත් Masterpiece එකක් වෙනවා.
හරි එහෙනම්, මේ දිග හෑල්ල අවසන් කරමින් අදට මං සමුගන්නවා. Attack on Titan Season 04 Conclusion Arc එකෙන් තව අවුරුද්දකට පස්සේ මුණ ගැහෙමු. ඒ අතරතුර තවත් Anime කීපයකට Subtitles ගේන්න මම බලාපොරොත්තු වෙනවා. Recommendations තියෙනවනම් යට තියෙන Comment Section එකේ දාන්න. සලකලා බලලා හොඳයිනම් ඒකට අනිවාරෙන්ම Subtitles ගේන්න මං පොරොන්දු වෙනවා.
Shinzou wo Sasageyo…!!! ✊
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,745 downloadsDownload AOT-S4-EP28.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
51 comments
kalana wasala
Nuwan
Sub ekata thanks promises neverland season 2 denko
Anonymous
sub ekata thanks
sword art online sub dannako ayiyeSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Das
Uba meka denna wechchi mahansiya api dakka macho..godak pin... mn recommend krnawa puluwan nam Monster Anime ekata sub eka denna kiyala..
Kavindu Gimhan
thanks saho sub ekata
Anuja Lakshitha
thanks ayye sub ekat
Nishan
Jujutsu kaisen ekata sub dennako
Denura Weerasinghe
මාත් ඒකට දෙන්න කියල තමා හිතන් ඉන්නේ....ඉස්සරහට බලමු ඉතින්
Anonymous
one piece manga eke chapter 643 idala sub dennako
Anonymous
thanx for sub
Minoshan
Sub Ekata thanks bro.. dugatama sub denna..
Puluwnnam The Promised Neverland S02 Ekatath sub denna..
Parasyte The Maxim Ekatath sub denna..Minoshan
Sub Ekata thanks bro.. dugatama sub denna..
Puluwnnam The Promised Neverland S02 Ekatath sub denna..
Parasyte The Maxim Ekatath sub denna..Minoshan
The Promised Neverland S02
Parasyte : The Maxim
Hunter X HunterAnonymous
assassination class room eka genna puluwnada?
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks Collo adarei ❤️
Lishan Dimantha vijesingha
thanks sago .sinhala sub eka dunnata digatama sub denna adarei
Anonymous
Tnx brother Puluwan nm the promised Neverland s2 ekata sub dennako
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Anonymous
Jujutsu Kaisen ekata Sinhala Sub gennako
Anonymous
Shinzo wo Sasageyo!
Anonymous
Thnks machan sub walata
Anishka
Elma <3
Shan
Thanks machan ❤️. One punch man Ekatath puluwanm sub denna ....
Anonymous
Spy x family එකටත් පුළුවන් නම් sub දෙන්නකෝ
Anonymous
මේකට සබ් කරපු එකට thank.පුළුවන්නම් Jujutsu Kaisen එකට සබ් එක දෙන්නකො.
Pavith Wijesooriya
නියමායී.මෙච්චර කල් ගහපු මැච් එක දැනට ඉවරයි.සුපිරී සහෝ.සබ් ටික පට්ටම quality.කවුරු මොනා කිව්වත් ගේම අතාරින්න එපා.ඇනිමේ වලට සබ් දෙමු.AOT වලට සබ් නැති වෙලේ උබම මේක ගොඩදාපූ එකනම් පට්ට.
කට්ටියම කියන එකේ Jujutsu Kaisen එකට ඉදිරියේදී සබ් ගේමු.
එක්සෑම් එක හොඳට කරගන්න සහෝ.ජය!!!❤️Shinzou wo Sasageyo!!!
Shehan sasanka
Sub eka supiri
Jujutsu kaisen ekata sub oneeAnonymous
jujutsu kaisen ekt sub denn
chai
jujutsu kaisen ektath oniiiii
vidumina
bro, puluwannam Jujutsu Kaisen animation series ekatath sub dennako
යසිරු
Thanks පොක්ක❤️
dulina
sub ekata thanks , jujutsu kaisen ekata sub one
danushka
jujutsu kaisen ekata sub diyanko bn
Lakvidu
Jujutsu Kaisen එකට තමා ඕනේ ඉතින් : )
Kaveesha fernando
Jujutsu kaisen ekata sub oona
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
Thanks
Anonymous
Attack on titan : OVA episodes වල Subtitle ටිකත් දෙන්නකො....( lost girls , No regreats , Junior High )
Hasiya KG
සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ... කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා...එහෙනම් ඊලඟ සීසන් එකේ හමුවෙමු... ජය වේවා...✌️❤️
Akila Dilhara
Thanks Brother...❤
AOT
එහෙනම් අලුත් එකට සබ් ගේමු නෙත ............... බ්‍රෝ
Akila Dilhara
Brother Final Season එකටත් අනිව SUB කරන්න , AOT කියන්නේ පිස්සුවක් තමයි මචං
sumudu_sri_ariya
attack on titan me film eke sub eka dennako
Dilshan
Attack on Titan eke sub eka one
Gethmin
Demon slayer season 3 ekatath sub one broo
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Dizz
Aot s4 part 3 eke sub one
Anonymous
LAST SEASON EKA REL KAEALADA
Anonymous
part 03 ekatat sub dennko
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks Mcn......Patta kattak kala apita sub Dila Meka Complete karama Part 03 eke Set wemu..