Hello Weebs! ඔන්න එහෙනම්, පොරොන්දු වුනු විදිහටම (සතියක් පරක්කු වුනා ඉතින්. ඒකට සමාවෙන්න!) මේ පාරත් Attack on Titan Anime එකේ Final Season Part 3 එකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. දැනට සතියක් ගෙවිලා ගිහිල්ලා තියෙන එකේ මං හිතනවා මේ වෙනකොට AOT Final Season Part 3 නොබලපු කෙනෙක් නැතුව ඇති කියලා. ඒත් පළවෙ…

Hello Weebs!

ඔන්න එහෙනම්, පොරොන්දු වුනු විදිහටම (සතියක් පරක්කු වුනා ඉතින්. ඒකට සමාවෙන්න!) මේ පාරත් Attack on Titan Anime එකේ Final Season Part 3 එකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. දැනට සතියක් ගෙවිලා ගිහිල්ලා තියෙන එකේ මං හිතනවා මේ වෙනකොට AOT Final Season Part 3 නොබලපු කෙනෙක් නැතුව ඇති කියලා. ඒත් පළවෙනි පාරට බලන අයටයි, ආයෙත් බලන්න ඉන්න අයටයි සිංහල උපසිරැසිය එක්ක, මේ Special Episode එක ගැන මගේ අදහස Spoilers නැතුව දාන්නයි මේ ලක ලෑස්තිය.

Director : Yuichiro Hayashi
Script Writer : Hiroshi Seko
Character Designer : Kyoji Asano
Music : Kohta Yamamoto
Original Manga : Hajime Isayama
Genres : Action, Dark fantasy, Post-apocalyptic
IMDB Score : 9.7 ⭐
My Personal Score : 10 / 10 ⭐

“Titans Truly are Magnificent.”

– Hange Zoe

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. AoT The Final Season Part 2 එකේ අපි අන්තිමටම දැක්කේ එරන් Rumbling එක activate කරලා මාර්ලි වල Military Forces සහ ගොඩනැගිලි අනං මනං සමතලා කරගෙන යන එක.Part 3 එකේදී අපිට ඊට වඩා එහා ගිය දෙයක් බලාගන්න පුලුවන්. Something beautiful & something Rage. මේ සීසන් එකටත් Mappa Studio එක මාරම මහන්සියක් වෙලා තියෙනවා කිව්වොත් මං වැරදි නෑ. ඒත් එක්කම Visual එකට Mix වෙච්ච Music එක්ක අපිව වෙනම ලෝකෙකට යනවා වගේ දැනෙන්නේ. (හරියටම කිව්වොත් අපිත් ඒ Rumbling එකට අහුවුනු මිනිස්සු ටිකක් වගේ දැනෙන්නේ.) OST වල Peak Moments විදිහට මං දකින්නේ එක්තරා සිදුවීම් දෙකක්. එතන Actions, Animations, Visual Effects, Emotional Feelings එහෙම දෙනවා ආයේ නෑ දොඹෙන් යන්න. ඒ ගැන අපේ ඩිරෙක්ටර් මහත්තයම කියලා තිබ්බා (ඒ තැන නොකියා ඉන්නම් ස්පොයිල් වෙන නිසා).

තව දෙයක් තමයි කතාව යද්දී එල්ඩියානුවන් සහ මාර්ලිලා Rumbling එක නවත්තන්න දරන උත්සාහය ඇතුලේ ඔවුනොවුන්ගේ අන්‍යෝන්‍යය අවබෝධය, ඔවුනොවුන් කොතරම් දුරට සමානද කියන එක හොඳින් ප්‍රේක්ෂකයින්ට පෙන්වීම.ඒ වගේම තමයි, කලින් එපිසෝඩ් වල අපි මැරුණා කියලා හිතන් හිතපු කෙනෙක් කරන වැඩකින් තව පොඩ්ඩෙන් වැඩේ දෙල් වෙනවා. හැබැයි කොහොම හරි වැඩේ ගොඩ දා ගන්න පුලුවන් වුනත්, මේක අපිට AoT වල තවත් එක් අහිමිවීමකට පාර කපනවා. ඇත්තම කිව්වොත් එපිසෝඩ් එකේ අවුල් වෙනම තැන මේක කිව්වොත් නිවැරදියි.

ඇත්තම කිව්වොත් මේක බලන්නම වටින Anime එකක්. ආයේ කලාතුරකින් තමා මේ වගේ මාරම Hype එකක්, Story Line එකක් තියෙන Anime එකක් Release වෙන්නේ. ඉතින් මං ආරාධනා කරනවා බලපු නැති අයටත් ආයේ මුල ඉඳන්ම බලන්න පටන් ගන්න කියලා.

මේ Episode එක පැයක Run Time එකක් තියෙන Special Episode එකක්. ඒක Chapters දෙකක එකතුවක්.
1. The Rumbling
2. Sinners

ඊළඟ Special Episode එක එන්නේ මේ අවුරුද්දෙම අග හරියෙදි.

ඉතින් එහෙනම් අදට සමුගන්නයි මේ ලෑස්තිය. මං හිතනවා ඔයාලා මේක හොඳට රසවිඳී කියලා. අපි ඊළඟ Episode එකෙන් හම්බෙමු. ආ තව දෙයක්, අඩුපාඩු, යෝජනා, චෝදනා හා අදහස් තිබ්බොත් පහළින් කමෙන්ට් කරගෙන යන්න. ❤

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

13,651 downloadsDownload Attack-on-Titan-S04E29-E31.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

13,651 downloadsDownload Subtitles28 KB

36 comments

  1. Pavith Wijesooriya

    පට්ට කොල්ලෝ. එනකම් හිටිය සබක්. ඔන්න බෑවා එහෙනම්. තුති වේවා සබට.... ❤️

  2. Anonymous

    Thnks ❤️

  3. Subhash

    තැන්කූ බොක්ක. හැබැයි පුතේ ෆයිනල් එපිය නම් අනිවාර්යයෙන් එදාම ඕන. නැත්නම් ස්පොයිල් වෙලා ගම හාල ඉවරයි අපේ එවුන් ගෙන් නම්

  4. Dasun

    දෙනුර කොල්ලෝ..දෙනකන්ම හිටියෙ මේක..බලන්නෙ නැතුව හිටියෙ ඔයාගෙ සබ් එකත් එක්ක එන හයිප් එකත් එක්කම බලද්දි වටිනාකම 1000% වැඩි වෙන නිසා..එහෙනම් බලන්න පටන් ගන්නම්.. තෑන්ක් යූ මේ සියවසේ ඇනිමේ එකට සබ් එක දුන්නට

    1. Denura Weerasinghe

      ❤️

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Hasaranga Nadeesha

    නියමයි මල්ලි.හැමෝම බලාපොරොත්තුවෙන්ම හිටපු සබ් එකක්නෙ.

  7. Gihan

    Outer banks eke subtitle tik dnnko

  8. විමා

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
    ඉවරයක්ම කරලා දාමු අලුත් සීසන් එක ආවම.

    1. Denura Weerasinghe

      අනිවාරෙන් ❤️

  9. Anonymous

    Thank you මචන් සබ් එකට

  10. Anonymous

    Demon slayer එකෙත් අලුත් එපියට සබ් දෙන්න බොසා ඉක්කමට බලන්න පට්ට ආසවෙන් ඉන්නෙ ඒක. ❤️

  11. Akila Dilhara

    Thank You Very Much Brother...AOT is a Masterpiece...❤❤❤

  12. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  13. Pavith Wijesooriya

    බලලම තමා මේ කමෙන්ට් එක දාන්නේ. පට්ට ආ සබ නම්. Aot උඹේ සබෙන් බලනවා කියන්නේ වෙනම එකක්. තවත් ඇනිමේ එකකට සබ් දෙමු ආ... ❤️

    1. Denura Weerasinghe

      අනිවා. Thanks අයියේ : )

  14. M.irfan

    Sub ekata thank you

    1. Nandula Nimnod

      Thanks ayye

  15. Nuwa

    Thanks macho sub ekataa

    1. Minindu Fernando

      ස්තූතියි සහෝ sub එකට.❤️❤️❤️❤️

  16. Minindu Fernando

    ස්තූතියි සහෝ sub එකට.❤️❤️❤️❤️

    1. Anonymous

      අනේ sub එක ඩවුන්ලෝඩ් කරන්න බැහැනෙ

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  18. Anonymous

    තැන්ක්ස් මචන් සබ් එකට

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Sarath kumara

    අලුත් එකත් ඉක්මනටම දාමු නේ

  21. Nox

    anthima episode eke sub eka dnwko ikmnta

  22. asira

    anith tikata sub dennko ikmata

    1. lakshan

      Brother final episode ekath ikmanatama dennako...❤

  23. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  24. Anonymous

    BRO ALUTH EPIYA AWANE EKATH GEMU IKKMANATA

  25. Anonymous

    Aluth eke sub eka dennako.

  26. amith

    bro steins gate anime ekatath sub dennako

  27. amith

    bro steins gate anime ekata sub eka dennako

  28. Pasiya

    avana ekata nane❤️

  29. heji

    the battle of heaven and earth chpter 3 sinhala sub ekat ikmanata dennako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.