Watch Trailer

Avatar: The Last Airbender [S02 : E02] Sinhala Subtitles | පෙම්වතුන්ගේ ගුහාව [සිංහල උපසිරැසි සමඟ]

ඊයෙ දීපු කොටස සෑහෙන දෙනෙක් බාගෙන තියෙන බව දැක්කම හිතට හැබෑම සතුටක් දැනුණෙ. මගෙ මහන්සියෙන් හුඟ දෙනෙක් ප්‍රයෝජන ලබන බව දකින එකත් සතුටක්. ඒ වුණාට කමෙන්ට් ගැන හිතද්දි බාන ගාණෙන් 10% යි. අපේ අය ගැනනම් ඇති වෙන්නේ කලකිරීමක්. අපි මේව දෙනවට ඉල්ලන්නේ කමෙන්ට් විතරමයි. ඒ එකක් ලබා දෙන්ඩ කිසි වියදමක් යන්නෙත් නැත…

ඊයෙ දීපු කොටස සෑහෙන දෙනෙක් බාගෙන තියෙන බව දැක්කම හිතට හැබෑම සතුටක් දැනුණෙ. මගෙ මහන්සියෙන් හුඟ දෙනෙක් ප්‍රයෝජන ලබන බව දකින එකත් සතුටක්. ඒ වුණාට කමෙන්ට් ගැන හිතද්දි බාන ගාණෙන් 10% යි. අපේ අය ගැනනම් ඇති වෙන්නේ කලකිරීමක්. අපි මේව දෙනවට ඉල්ලන්නේ කමෙන්ට් විතරමයි. ඒ එකක් ලබා දෙන්ඩ කිසි වියදමක් යන්නෙත් නැත්නම්, මහා කාලයක් නාස්ති වෙන්නෙත් නැත්නම් ඒ සුළු වැඩේ කරලා අපි ගැනත් ටිකක් හරි හිතන්ඩ බැරි ඇයි කියන කාරණේ මට විතරක් නෙමෙයි; අපි කාටත් කලකිරීමක් තමයි ඇති කරවන්නෙ. ඒ වුණත් මේ කරන වැඩ අතරමග නතර කර දාන්ඩ අපි කිසිකෙනෙක් හීනෙකින්වත් නොසිතන බව මතක් කරන්ඩ කැමතියි. ඒ බව ඔබ දන්නවා. ඒ නිසාමද කොහෙද අපට මෙච්චර නොසැලකිල්ලක්! අඩු ගාණෙ අපේ මහන්සිය ගැනවත් හිතලා හිතට සතුටක් ලැබෙන්ඩ පුංචි ඇගයීමක් කරන්ඩ. ඒ ඇති.

එහෙමනම් ඊයේ දීපු දෙවෙනි කතා සමයේ මුල් කොටස බලන්ඩ ඇතිනෙ. ඒකෙදි අවතාර් ඈන්ග්’ට අවතාර් තත්ත්වය පාලනය කරන්ඩ උත්සාහ ගන්ඩ කියල, ඔහුව ඊට පොළඹවන්ඩ භූමි හමුදා සෙන්පතිතුමා කරපු හරිය දකින්ඩ ඇතිනෙ. කොහොම වුණත් අන්තිමේ ඔහුගෙ අදහස නිෂ්ඵල වෙලා ගියා. ඒ අතරෙ අසූලා කුමරිය සිය අයියණ්ඩියවත් මහප්පාවත් හිරභාරයට ගන්ඩ උත්සහ කරපු හැටිත් දැක්කනෙ. කොහොම වුණත් ඔවුන් බේරිලා පළා යන්නට සමත් වුණා. දැන් ඔවුන් අග්නි ජාතියෙන් පි‍ටුවහල් කළ අයවළුන් බවට පත් වෙලා. දැන් සරණාගත දෙන්නෙක් වෙලා.

මේ පාර ඈන්ග් ඇතුළු පිරිස චාරිකාවෙ යද්දි තවත් පිරිසක් හම්බෙනවා. මේ කට්ටිය තැන තැන යන අහිකුණ්ඨිකයන් වැනි පිරිසක්. සින්දුවක් කියලා නැ‍ටුමක් නටලා කීයක් හරි හොයාගෙන සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන පිරිසක්. දැන් අවතාර්ගෙ කට්ටියට අහසින් යන්ඩ බැරි තත්ත්වයක් උදා වෙලා. ඒ නිසා ඔවුන් යන ඔමාෂු රාජධානිය දෙසට ඉලක්කව පයින් ගමන තමයි ක්‍රමය. මේ කට්ටියත් ඒ පැත්තටම යන නිසා. ඊට තිබෙන එකම මගින් ගමන් කරන්ඩයි සූදානම. මේ මාර්ගය ගුහාවක් ඇතුළෙන් වැටිල තියෙන්නෙ. මේකට යස නමකුත් තියෙනවා. ‘පෙම්වතුන් දෙපළගේ ගුහාව’. මේක අස්සෙ පාර හොයාගන්ඩ තියෙන්නෙ අපූරු ක්‍රමයකට. ආපසු හැරෙන්ඩත් බැරි වෙන විදිහට දොර‍ටුව වැහිල යන නිසා මේක තමයි එකම විසඳුම. මේ ගමන දෙන්නෙකුට අමුතු අත්දැකීමක් එක්කළාට අපේ සොකාට නම් හරි හරි අකරතැබ්බ ගොඩක් තමා. ඒ අතරෙ තමන්ගෙ ජාතියෙන් නෙරපා හැරුණු මහප්පයි පුතයි ජීවිතේට මුහුණ දෙන හැටිත් හරිම අපූරුයි.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,868 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E02.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,868 downloadsDownload Subtitles17 KB

45 comments

  1. pathum

    Maxxxa machan

  2. lasidu

    Thanks maxxama kathawa

  3. හසන්ත වික්‍රමරත්න

    මම නම් තාම මේ කතාව බැලුවේ නැහැ මලයෝ. එත් හැම පොස්ට් එකම කියෙව්වා. උඩින්ම කියලා තියෙන එකට පොඩි පිළිතුරක් දෙන්න කියලා හැදුවේ.ඕවා ගණන් ගන්න එපා එහෙම තමා අපේ රටේ මිනිස්සු. ඒක ගැන හිතන්න එපා. වැඩි පිරිසක් ඔයාගේ වැඩේ නිසා බලන්න සබ් එක බාගන්නවනේ. ඔයාගේ වැඩෙන් ප්‍රයෝජනයක් නැත්තේ නැහැ. අපි එහෙම සතුටු වෙමු. ඔයා කරන වැඩේ මම අගය කරනවා. ලේසි නැහැ මේ වගේ සිරිස් එකක් එක දිගට කරගෙන යන එක. එකත් නොකඩවා. කරන්න ගත්ත වැඩේ ඔය වගේ දේවල් නිසා හිත දුර්වල කරගෙන ඒකට බාධාවක් කර ගන්න එපා. අපේ කොල්ලෝ එහෙම පිරිසක්. එහෙනම් ජයවේවා!!! වැඩේ දිගටම කරමු. :D

  4. janaka

    Elakiri macho

  5. isuru

    Niyama cartoon akak

  6. Navod Buddhika

    මේ කථා සෙට් 1 මට යාලුවෙක්ගෙන් ලැබුනා ඒත් සිංහල සබ් 1 මම ගන්නේ මෙතින්... ගොඩක් ස්තූතියි ඒකට

  7. sumdu

    Thnxxxxxxxxx bro

  8. tharindu

    Thnxz machan

  9. Budditha

    බොහොම ස්තුතියි සහෝ සබ් දෙන්න වෙන මහන්සිය කියන්න ඕනේ නැනේ.. මොනවා වුනත් තියෙන එකම සතුට හිට්ස් විතරයි.. සුභ පැතුම්!!

  10. Kibula

    eal machan mn me season ekath denakn balagena hitiye
    superrrrrr.....!!

  11. sameera

    නියමයි සහෝ අපි ඔයත් එක්ක ඉන්නවා මේක අපේ නරකම පුරුද්දක් නිකං දෙන කිසිම දෙයක් අපේ එවුන්ට අගයක් නැහැ මේකෙත් ඇඩ් පුරවලා රවුම් දෙකක් විතර ගහලා බාගන්න දුන්නා නම් අගේට බැනලා comment තියෙයි

  12. Dilan Manoj

    Kollo comment gana hetanna epa. Comment nokarath ape hadawathenma pin denawa me wage deyak karana eka gana. Wede nam maxxaaaaaaa. Thanxxxxxxxxxx.

  13. vass

    patta

  14. Pasan

    Thanks friend....
    You are a great.

  15. Tharuka

    maxxxa machan api oyath akka

  16. “චූටී මල්ලි”

    සැලෙන්න එපා කොල්ලො
    දිගටම දෙන්න සබ් අපිට
    නොකඩවා දෙනව කියන්නෙ ඇඩෙන වැඩක්

    අපෙ අය පොඩ්ඩක් කමෙන්ට් දාන එක හිතලා බලනවනම් හොදා

  17. Pri

    Thanks machan. we know you all are taking lot of your valuable time to give us a fantastic movies with sinhala sub. Its great effort and no words to express our gratitude towards you all. Lot of people don't have such kind of generous. Thanks a lot again.

  18. THARAKA

    THANKS...........

  19. Dina

    ela kollo...

  20. shani

    thanks for sub. hoda welawata kalinma okkoma bagena hitiye

  21. mudiya / මුදියා

    නියමයි පුබුදු.ඔක්කොම ඕනි හොඳේ.ජයවේවා.බොහෝ.................................ම ස්තූතියි...!

  22. full episode

    thank you

  23. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා :P :P

  24. රාම් රාජ්

    ස්තූතියි.

  25. hashan

    niyamai machoo.....

  26. hasithadn

    thankz.....................

  27. Uraj Deemantha

    කාටූන් නේ...... :( ඒත් සිංහල සබ් එක වටිනවා..... :D

  28. d. chamara

    niyamai ban digatama denna aniwa mama balanwa..... ! :)

  29. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  30. Nuwan

    ඔයාලට ගොඩක් පිං

  31. kamal hasitha

    cartoonuth balala thiyenawa habai mehema ekaknam?
    sinhala sub nisa thawath ela!
    thanx bro.

  32. eagle

    sorry bro extremely sorry mata oyava amataka vuna neeeeeeeeeeeeeee mama dan chhuttakata kalin tamai baluwe season 1 eaka dan mama paya thabala teyeanne 2 ta dan searama subs down karageana yanavaaaaaaaaaaa meachhara mahanseyak veala mea sub dala oyava amataka karana eaka vadak na tamai eaka maha jara vadak kohoma vunath aluth aluth avatar cartoons valataiiiiiiii tava film godaaariyakatai subs danna labeava keyala wish karana gaman mama mama dan start karanava avatar season 2 balannna thxxxxxxxxxxxx for subsssssssssssss

  33. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  34. මම අහිංසකයි

    Thanks bro ! Keep it up your great work . Cheers !!

  35. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  36. Nihar J Vishwa

    mcho,comments hama ekatama nodammata ube me dayakathwayata hadawatinma pranamaya mage ...

  37. TharinduDin

    Thanks brother ♥️♥️

  38. Shalinda Rupasinghe

    Supiri sub tika nam thank you welawa kapakaranawata api wenuwen

  39. yasiru

    thans for all sinhala subtitles !!!!!

  40. Anonymous

    patta sub eka brother

  41. Anonymous

    GG bro ❤

  42. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  43. Yasindu Kalana

    Thank You!

  44. Thiwanka

    Thanks bro

  45. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.