Watch Trailer

Avatar: The Last Airbender [S03 : E14] | නිදහස සොයා: කොටස 1 [සිංහල උපසිරැසි සමඟ]

[box]දැන් සූකෝ අවතාර් ගැන්සියේ යාළුවෙක්. ඒක නිසනෙ ඈන්ග් සහ සූකෝ තනිවම ගොහින් අග්නි බන්ධන ලොවට හෙළි කළ ගුරු පරපුරේ අවසන් ශූරයන් දෙදෙනා හමු වෙලා ඒ හැකියාව ප්‍රගුණ කරගෙන එන්නට අනිත් අය ඉඩ හැරියේ. විශේෂයෙන්ම කටාරා එහෙම දේකට ඉඩ හරින්නෙ හිතේ සැකෙන් වුණත් දැන්නම් සූකෝ සැබෑවටම කල්ලියට පිළි අරං ඉවරයි වගේ ඇය…

Avatar The Last Airbender  (10)දැන් සූකෝ අවතාර් ගැන්සියේ යාළුවෙක්. ඒක නිසනෙ ඈන්ග් සහ සූකෝ තනිවම ගොහින් අග්නි බන්ධන ලොවට හෙළි කළ ගුරු පරපුරේ අවසන් ශූරයන් දෙදෙනා හමු වෙලා ඒ හැකියාව ප්‍රගුණ කරගෙන එන්නට අනිත් අය ඉඩ හැරියේ. විශේෂයෙන්ම කටාරා එහෙම දේකට ඉඩ හරින්නෙ හිතේ සැකෙන් වුණත් දැන්නම් සූකෝ සැබෑවටම කල්ලියට පිළි අරං ඉවරයි වගේ ඇයත්.

මෙදා පාර ප්ලෑන ටිකක් අන්තරායකාරී වැඩකට. මෙදා පාර සූකෝ කුමාරයත් ඉන්න නිසා සොකාගෙ ලෑස්තිය අග්නි ජාතියේ දැඩි ‍රැකවල් සිරගෙය බිඳින්නටයි. මේක හිතන තරම් ලෙහෙසි පහසු වැඩක්නම් නොවෙයි කොහෙත්ම. ගිනිකඳු කටක, උණුදිය විලක තමයි තනි පව්වක් මත මේ සිරකඳවුර පිහිටවලා තියෙන්නේ. ඉතින් මේකට හොරෙන් ඇතුළුවීම වගේම පිටවීමත් ලෙහෙසි නෑ. සොකාගේ මේ උත්සාහය තමන්ගෙ හදවතට සමීපතමයන් දෙදෙනෙක් බේරා ගන්නට. ඒ තමයි කෙල්ල සුකී සහ තමන්ගේ තාත්තා.

අසාර්ථක වුණු ආක්‍රමණයේදී හිරභාරයට හසු වූ තාත්තා වගේම ඔහුත් සමග හසුවූ සියල්ලන්ම පාහේ මෙතැනට ගෙනෙණු ඇති බවයි කට්ටිය සැක කරන්නේ. හේතුව මේක තමයි අග්නි ජාතියේ අති භයානකම සිරකරුවන් සදහටම හෝ දඬුවම් දෙන තෙක් සිරකර තබන තැන. ඉතින් අග්නි අධිරාජ්‍යයට් එරෙහි වීම තරම් තවත් වරදක් තියෙනවද? කොහොමහරි ඇතුලට රිංගා ගත්තත් එළියට පැනගන්න එක ඊට වඩා අමාරු කාරියක්. අපි බලමු සොකාගේ තියුණු මොළෙන් මේ පාර අඹරන ගැටේ මොකද්ද කියලා.

ලිපිය – උදා

Avatar: The Last Airbender (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c

1,733 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E14.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,733 downloadsDownload Subtitles18 KB

26 comments

  1. නලින්

    ස්තුතියි මචං මේකත් දැම්මට

    ජය වේවා

  2. tharaka

    THANKS BROTHER.........

  3. janaka

    Thxzzzzzz

  4. amila

    Bohoma thx sub akata

  5. dilan

    Jaya wewa

  6. Pasan

    Thanks Friend....

  7. Gayan

    Thnx Kolla
    Elakiri ....

  8. Sadun

    පුබුදු මල්ලි ගින්දර වගේ එක දිගටම සබ් ටික දෙනවනෙ..එලම තමයි.

  9. naleen

    thncxz

  10. Janitha

    jaya wewa machannn
    thanx saho...

  11. ccnp

    Thanks

  12. Tharuka

    ස්තුතියි මචං මේක ටක්ගලා දැම්මට

  13. dev

    bohoma stuti saho.. .

  14. “චූටී මල්ලි”

    සබට තුති
    ඔබට ජය.....

  15. mudiya / මුදියා

    මරුනෙ පුබුදු.දිගටම දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

  16. ශාන් විමුක්ති [වීමා] 〠

    උපසිරසට බොහොම තුති හොදේ, ජය වේවා!

  17. geeth

    Thanx shaho. jaya wewa

  18. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. tharu

    ඔයාට ගොඩාක් ස්තූතියි යාලූ... ගොඩක්ම ගොඩක් ස්තූතියි....

  20. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  21. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  22. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  23. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  24. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. &#129322;

  25. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  26. thisara

    Thanks bro