සමහරු කියාවි, “අප්පෝ! තවත් ඉන්දියන් ජරාවක් ගෙනල්ලා… මුන්ට හොඳ ඇමරිකන් බ්‍රිටිෂ් සීරීස්වලට සබ් දෙන්න බෑනේ! ඉන්දියන් කුණු ගොඩවල්ම ඇඟේ ගහනවා! “ තවත් සමහරු කියාවි, “හම්මා…තවත් ඉන්දියන් සීරීස් එකක් ගෙනත්! කලින් එව්වා වගේම නියම පහරක්ද දන්නෑ… කෝකටත් පළවෙනි එපිය ඩවුන්ලෝඩ් කරලාම බලන්නෝනේ!! “ මේ වෙබ්පලට එන ය…

සමහරු කියාවි,
“අප්පෝ! තවත් ඉන්දියන් ජරාවක් ගෙනල්ලා…
මුන්ට හොඳ ඇමරිකන් බ්‍රිටිෂ් සීරීස්වලට සබ් දෙන්න බෑනේ!
ඉන්දියන් කුණු ගොඩවල්ම ඇඟේ ගහනවා! “
තවත් සමහරු කියාවි,
“හම්මා…තවත් ඉන්දියන් සීරීස් එකක් ගෙනත්!
කලින් එව්වා වගේම නියම පහරක්ද දන්නෑ…
කෝකටත් පළවෙනි එපිය ඩවුන්ලෝඩ් කරලාම බලන්නෝනේ!! “
මේ වෙබ්පලට එන යන අපි හැමදෙනාම අතරේ ඔය උඩ කියපු කැටගරි දෙකටම අදාළ වෙන අය ඉන්නවා. ඒක එයාලගේ රසේ! ඒකට මුකුත් කියන්න අපි කාටවත් බැහැ. සමහරුන්ට ඉන්දියන් සීරීස් පේන්න බෑ. සමහරු බලන් ඉන්නෙම ඉන්දියන් සීරීස් එකක් එනකන්. ඉතින් ඔය කාට කාටත් මන් කියන්නේ,
මේ වෙබ් කතාමාලාව බලන්න තීරණේ කළත් නැතත් මේ ආටිකල් එක කියවන්න. වාසිය වෙන කාටවත්ම නෙමෙයි, ඔයාලටමයි! හැමදාම බලන වෙබ් සීරීස් කැටගරියෙන් මිදිලා… සීරියස් කාරණා ආතල් එකේ හිනා වෙවී බලන්න පුලුවන් අමුතුම කතාමාලාවක් තමයි මේ. ඉන්දියාවේ Youth එක ඇතුළේ හරිම ලස්සනට පැල පදියම් වුණු දැවැන්තම streaming platform එකේ, හැම කොල්ලෙක්ගෙම.. කෙල්ලෙක්ගෙම… ජීවිතේ බලන් හිටියා වගේ කියවන කතාමාලාවක් තමයි මේ. අන්න ඒ නිසයි මුලින්ම කිව්වේ, Web Series එක හොඳයිද නැත්ද තීරණේ කරන්න ඉස්සෙල්ලා, සිංහල සබෙන් බැරි නම් කඩ්ඩ සබෙන් හරි මේක බලහල්ලා!!!
මේක ගහලා තියන්නේ උඹටයි මටයි මිස, අවුරුදු හතළිහේ පනහේ අපේ වැඩිහිටියෝ වෙනුවෙන් නෙමෙයි! Action Thriller නෙමෙයි, ලොකු ලොකු Bollywood තරුත් නැහැ කියලා අහක බලන් යනවා නම් අනේ මන්දා ඉතින්, පස්සෙන් පහු… ❤️
කතාව මෙහෙමයි,
අපේ කතා නායකයෝ දෙන්නා ඉෂාන් සහ අනන්‍යා! කොලේජ් යන වයසේ කපල් එකක්… ගෙවල්වලින් ගොඩක් දුර කොලේජ් එහෙක ඉගෙන ගන්න තුන්වෙනි අවුරුද්දේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි. කොලේජ් එකේ පළවෙනි අවුරුද්දෙදි පටන් ගන්න මෙයාලගේ ආදර කතාවට දැනට අවුරුදු 3යි. මුලු වෙබ් සීරීස් එකම ගෙතිලා තියන්නේ මේ දෙන්නාගේ පිස්සු ආදර කතාව ගැන. හැබැයි වෙනදා දකින College Romance වලින් පොඩ්ඩක් ඈතට ගිහින් තියෙන විදිහට.
කෙලින්ම කිව්වොත්, යාලුවොයි ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙයි ඉඳන් Sex, Love වෙනකන් ගොඩක් ගැන අපිටත් හොරා මේ Episodes හය ඇතුළේ තියෙනවා. කෙලින්ම කිව්වොත්, තරුණ කාලේ ආතල්ම තැන ඉඳන් ආදරේදී සීරියස්ම වෙන තැනට යනකන්ම… ලොකු කතාබහක් වගේ නේද, හැබැයි බොහොම සිම්පල් සිදුවීම් ටිකකින්…
මතකනේ ImMATURE. ඒක බලපු අය නම් දන්නවා මේ කැටගරියේ වෙබ් සීරීස්වල රහ… උන්දැලට ආයෙ අමුතුවෙන් කියලා දෙන්න ඕනෙත් නෑ. ඒ විතරක් යැ! ඇයි Flames? ඒකත් මේ ජාතියෙමනේ… ඔය සීරීස් දෙක බලලා නැත්නම් පොඩ්ඩක් ගිහින් ඒ ආටිකල්වල කමෙන්ට් සෙක්ෂන් එක කියවල එන්න. හැමදාම කියන ස්තූතිය, වෙනුවට වෙනදා ඔයාලා දැකලා නැති හරි අපූරු ආදරයක් ඒ කමෙන්ට්වල තියෙනවා. මන් මේ කියන්න යන කතාව ගැන එතකොට ගාණට තේරේවි.
දැනටම Hichki, Thanneer Mathan Dinangal, Poomaram වගේ චිත්‍රපටිවල හොඳ රසිකයෙක්ද?
ඉස්කෝලේ කාලේ… කැම්පස් කාලේ… මතක හිතේ කොනක ලාවට හරි තැන්පත් වෙලා තියෙනවද?
ඒ මතකයන්ට ගැළපීගෙන යන, වෙනදා බලන වෙබ් සීරීස්වලට එහා ගිය කතාවක් බලන්න ආසයිද?
එහෙනම් මෙතන ගැළපෙනම තැනක්!
මුලින්ම කියන්න ඕනේ, Awkward Conversations with Girlfriend කියන්නේ එපිසෝඩ් 6කින් සදහටම ඉවරයක් වෙන වෙබ් සීරීස් එකක්. ඉතින් දවසකට එපි දෙක ගාණේ දවස් 3කින් චැප්ටර් ක්ලෝස්! මේකත් ඉර, හද, තරු පවතින තුරු ඇදගෙන යන CW කතාවක් වගේ ඉන්දියන් මෙගා සීරියල් එකක් වෙන්නැති කියලා හිතුව නම් ලොකු වැරදීමක්!! ඉතින් කලින් කිව්වා වගේම මේ කතාවෙන් සම්පූර්ණයෙන්ම කියවෙන්නේ අපේ තරුණ කාලේ ගැන… ප්ලොට් එකත් වෙනස්, මේ වගේ ස්ටෝරියක් නම් කාටවත් වෙන්න එපා කියලයි මන් ප්‍රාර්ථනා කරන්නෙත්! හැබැයි මේ හුටපට අස්සේ TVFලා අපිට මතක් කරන්න උත්සාහ දරන්නේ අපේම ජීවිතේ…
මෙතනින් එහාට තියෙන කොටහ අනිවාර්යෙන්ම කියවන්න එහෙනම්, නැත්නම් මේ යකා මොනවා කියෝනවද කියලා තේරුම් ගන්න බැරි වේවි.

– ප්‍රධාන චරිත රඟපාන රිතුක් සහ රශ්මි –
රඟපාන කපල් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. අයුෂ්මාන්ගේ Andhadun චිත්‍රපටියේ හිටපු හුරුබුහුටි කෙල්ල… ImMATURE එකේ චවී… අනන්‍යා විදිහට රඟපානකොට ඉෂාන්ගේ චරිතෙට ඉන්නේ Flames සීරීස් එකෙන්, අමීර්ගේ Dangal චිත්‍රපටියෙන් දැකපු රිතුක්… හරියට නිකන් Flames කතාවෙයි ImMATURE කතාවෙයි collaboration එකක් වගේ! හිතා ගන්නකෝ ඉතින් තරම, කාස්ට් එක එහෙම වෙද්දී නිෂ්පාදනයෙන් එකතු වෙන්නේ TVF සහ The Screen Patti ප්ලැට්ෆෝම් දෙකයි.
මොකක්ද මේ TVF?
TVF ගැන දන්නෑ නේද? පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද බාගෙට බාගයක්ම අපේ ඉන්දියානු රසිකයෝ හිතාන ඉන්නේ ඉන්දියන් වෙබ් සීරීස් ප්‍රොඩියුස් කරන්නේ Prime Video එකයි, Netflix එකයි විතරයි කියලා. TVF කියන්නේ කන්ටෙන්ට් එක අතින් ඔය දෙකටම වඩා ඉස්සරහට ගිය ප්ලැට්ෆෝම් එකක්. සරලවම කිව්වොත් ඉන්දියාවේ යූත් එක අල්ලන් ඉන්න ප්ලැට්ෆෝම් එක! තරුණ තරුණියන්වම ඒම් කරලා එළියට දාන TVF කතාමාලාවන්ට ඉන්දියාවේ තරුණ ප්‍රේක්ෂකාගාරය පිස්සු නොහැදුණා විතරයි.
IMDb Top Rated TV Shows ලැයිස්තුවේ මුලින්ම තියෙන ඉන්දියන් Web සීරීස් එක TVF Pitchers (ඈ! මොකක්? එතකොට උඩින්ම තියනෙක Scared Games නෙමෙයිද? නැහැ පුතා, සොරි!) කෝටි 10කටත් එහා වියදම් කරලා හදපු Hostel Daze’ ඉන්දියාවේ තරුණ පරම්පරාව උදෙසා බිහිවුණු විශිෂ්ටතම වෙබ් කතා මාලාව විදිහට පිළිගැනෙන Kota Factory’ කෝටි එකහමාරකටත් එහා දර්ශනවාර ප්‍රමාණයක් ලැබුණු ImMATURE’ අවුරුද්ද මුලම මල්වෙඩි දාගෙන ආපු Panchayat’ මේ හැමදෙයක්ම පිටිපස්සේ තියෙන බර අත තමයි, TVF නොහොත් The Viral Fever කියන්නේ. ගුහාව ඒ වගේ නම්, ගෙනත් තියෙන සතා මොකාද කියලා අඳුරගන්න එච්චර අමාරු වෙන්නෑ නේද දැන්? ❤️
පළවෙනි එපියෙන්,
ගෙවල් තියන්නේ දිල්ලිවල නිසා මුම්බායිවල ඉගෙන ගන්න ඉෂාන් ජීවත් වෙන්නේ කොලේජ් එකේ යාලුවෙක් වෙන සචින් එක්ක ශෙයා කරගත්තු කුලී නිවසක. ඉෂාන්ගේ පෙම්වතිය අනන්‍යාත් ඉෂාන්ව හම්බෙන්න මේ බෝඩිමට එනවා. ඔහොම වෙලාවක දෙන්නා තීරණේ කරනවා, හොඳ රෙස්ටුරන්ට් එහෙක කෑමට යන්න ටේබල් එකක් බුක් කරන්න. වැඩේ කරන්නේ ඉෂාන්ගේ ලැප්ටොප් එකෙන්!
බුක් කරන්න යන්නේ අනන්‍යා… ඉතින් ගූගල් එකට ගිහින් අනන්‍යා මේක කරන්න හදනකොට නිකමට වගේ Search History බලනවා. ඔන්න පත්තු වුණා වැඩේ!!! ඉෂාන් ලොග් වෙලා තියෙන Porn Sitesවල සම්පූර්ණ හිස්ට්‍රියම අනන්‍යාට අහු වෙනවා. මේ වැඩෙන් අනන්‍යා කොච්චර අවුල් යනවද කිව්වොත්, ඉෂාන් අරන් දුන්නු තෑගි, ඇඳුම්… කොටින්ම කිව්වොත් දෙන්නා හම්බුණු පලවෙනි වතාවේ බීපු තැඹිලි කෝම්බෙත් ආපහු ගෙනත් දීලා දෙන්නගේ Affair එක නවත්තන්න යනවා!
ඉතින් අසරණ ඉෂාන් මේ Porn කතාවෙන් ගැලවිලා අනන්‍යාව ශේප් කරගන්න විදිහ තමයි පළවෙනි කතාංගයෙදි දැකගන්න ලැබෙන්නේ. පව් අසරණයා!!
දෙවෙනි එපියෙන්,
එදා අනන්‍යාගේ බර්ත් ඩේ පාටිය. පබ් එහෙකට සෙට් වෙලා යාලුවෝ ඔක්කොම ෆන් එකේ හිටියත් අනන්‍යාගේ පෙම්වතා ඉෂාන් බර අවුලක. හේතුව තමයි අනන්‍යාගේ Hot යාලුවා, දිෂා!! ඉතින් ඔහොම පාටිය යද්දි එකපාරටම ඉෂාන් අතුරුදහන් වෙනවා. ඉතින් ඉෂාන්ව හොය හොයා පබ් එක පුරා යන අනන්‍යාට වොෂ්රූම් එකේ ඉඳන් එළියට එන දිෂාව හම්බෙනවා. විනාඩියක් ගියේ නෑ, දිෂා පස්සේ ඉෂානුන් එළියට එනවා.ඉෂාන් අනන්‍යාව දකින්නේ ඒ වෙලාවෙදී. ඔය වගේ තැනකදී කෙල්ලට මොනවයින් මොනවා හිතෙන්නැත්ද කියලා ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.
ඇත්තටම මොකද වුණේ? ඉෂාන් අනන්‍යාට බොරු කළාද? නැත්නම් අනන්‍යා ඉෂාන්ට බොරු කළාද? පටලැවිලි අස්සේ පටලැවිලි. මේ හුටපටය විසඳගන්න හදන අනන්‍යායි ඉෂානුයි ගැන දෙවෙනි කතාංගය පුරාම බලාගන්න පුලුවන් වේවි.
තරුණ කාලෙදි අපි හැමෝම පිස්සු කෙලිනවා…
මොන තරම් භයානක වැඩක් වුණත් යාලුවෝ සෙට් එකක් අහු වුණොත්,
කිසිම දෙයක් හොයන්නැතුව වැඩේට බහිනවා…
ඒ පිස්සු වැඩ අස්සේ මැරකම්, වල්කමුත් තියෙනවා…
හැම කොල්ලෙක්ම, හැම කෙල්ලෙක්ම මේ පිස්සුව අස්සේ උන්ගේ ජීවිතයත් විඳිනවා,
අන්න ඒ නිසයි මේ කාලේ අපේ ජීවිතවල සුන්දරම කාලේ වෙන්නේ…
අන්න ඒ නිසයි මේ කතාව උඹටයි/ මටයි දෙන්නටම අදාළ වෙන්නේ!


– දිල්ලි ඉංජිනේරු විශ්ව විද්‍යාලය සංවිධානය කල Meet up සඳහා ලැබුණු ප්‍රතිචාර –
දැන් කියෙව්වා ඇති වගේ නේද? කෙනෙක්ට බලන්න කැමැත්තක් හිතෙන්න උඩ විස්තරේ හොදටම ඇති. තවත් ජරාවක් වෙන්නැති කියලා හිතාගෙන අහක බලන් යන්නෙපා. මේ එපිසෝඩ් දෙකවත් මුලින්ම බලලා ඉන්න, නැත්නම් කියපු වචන ටිකත් අපරාදේ! බලන අය බලත්වා… මගේ වැඩේ ඉවරයි.
ඉස්කෝලේ කාලෙට, කොලේජ් කාලෙට පොඩ්ඩක් ඔලුවව දාලා එන්න ආස නම් මෙන්න තියෙනවා, ගැළපෙනම තැන… ❤️
ඉතින් කියන්න තියෙන හැමදෙයක්ම යටින් කියාගෙන යන්න. අපරාදේ කියන්න බෑ ImMATURE එකට නම් හිතුවටත් වඩා ප්‍රතිචාර ලැබුණා. ඔහේ ඩවුන් කරන් යනවට වඩා අපිත් සතුටුයි වචනයකින් හරි මේ සීරීස් එක ගැන මොකද හිතෙන්නේ කියාගෙනම යනවා නම්, මොකද ඉතින් අපිට ලැබෙන සන්තෝසය එච්චරයිනේ!
එහෙනම් හැකි ඉක්මනින් ඉතිරි කතාංග දෙකත් අරගෙන එන්නම්, එතකන් අනන්‍යාගෙයි ඉෂාන්ගෙයි ආදර හුටපටේ ඇත්ත නැත්ත බලන්න.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,618 downloadsDownload Awkward-Conversations-with-Girlfriend-S01-E01-E02.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
14 comments
කවිෂල් රසින්ත
Anonymous
හින්දි නලුනිලියෝ ඔක්කොම එපා වුනා Sushant ට කරපු බලුවැඩ ඇහුවම....
පට්ට දුකයි ඒ ගැන නම්...geeganagamage
ගොඩාක් ලස්සන ට්වි සිරියස් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa......!
Achi
බොහොම ස්තුතියි සබ් එකට...කෝ ඉතුරු ටික...
Rasindu Perera
නියමයි... සබ් එකට තැන්ක්ස්...
සුපිරියක් වගේ...
ඉතුරු ටිකත් ඉක්මටම අරන් එමු...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Anonymous
Kavinu malli hari kahuruhari download karaganna link 1k comment karannako loku udauwak torrent and telegram wala baluwa hambune na plz replay...!!!!
Anonymous
Hindi tv series nm blanne na kiyala hitiye wenasakatah ekka kavinu mallima sub dunna i'mmature web series eka baluwa aparade kiyala hithuna kalin baluwe natte pattama web series ekak mekath e wage nisa aniwa supiriyak wei thank you brother digatama me wage supiri series walata sub denna..
ANUK INDEEPA
tvf pitchers වලටත් සබ් දෙන්න සහෝ
Isuru
තව tvf series sub දීපු නැති පට්ට ඒව තීනො ඒවටත් sub දෙන්න පුලුවන්නන් සුපිරි bro
මේ සබ් එකටත් ස්තූතී❤️K.A. Anuradha Jayashanka Palinda
මං tvf එකේ video බැලුවෙ ගොඩක් කල් ඉඳන්, මං හිතුවෙවත් නෑ සිංහලෙන් tvf series වලට සබ් දීල ඇති කියල
සබ් එකත් පට්ට
තෑන්ක්ස් බයිස්කෝප්
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Immature එකේ කෙල්ලයි Flames එකේ කොල්ලයි.. අම්මෝ ඒ කොම්බිනේෂන් එක බලන්නත් ආසයි. ලිපිය කියෙව්වම බලන්න හිතුනෙ නැත්තම් පුදුමයක්.. දැන්ම ගන්නවා ඒනම්.. සබට තුති ඈ ජය ❤️❤️