මෝල්ඩර් අතුරුදහන් වෙන්න කලින් දවසෙ අතුරුදහන් වුන තෙරේසා හෝසි පිට්ටනියකින් හමු වුනා. ඇය හිටියේ මරණාසන්නව. ඇයට කරලා තියන වද හිංසා වචනයෙන් කියන්න බැරි තරම්. ඇය ගැන දැනගත්ත ස්කලී සෑහෙන මානසිකව කඩා වැටුනා. වෙන මොකවත් නිසා නෙවෙයි. මෝල්ඩර්වත් මෙහෙම හමු වෙයි කියලා. සමහරවිට මීටත් නරක විදියට. තෙරේසාගෙ අරුම ප…

මෝල්ඩර් අතුරුදහන් වෙන්න කලින් දවසෙ අතුරුදහන් වුන තෙරේසා හෝසි පිට්ටනියකින් හමු වුනා. ඇය හිටියේ මරණාසන්නව. ඇයට කරලා තියන වද හිංසා වචනයෙන් කියන්න බැරි තරම්. ඇය ගැන දැනගත්ත ස්කලී සෑහෙන මානසිකව කඩා වැටුනා. වෙන මොකවත් නිසා නෙවෙයි. මෝල්ඩර්වත් මෙහෙම හමු වෙයි කියලා. සමහරවිට මීටත් නරක විදියට.
තෙරේසාගෙ අරුම පුදුම හමුවීම ගැන හොයද්දී, මොන දේ පිලිගත්තත් ඩොගට් නම් පිටසක්වලයො ගැන පිලිගන්න ලෑස්‍ති වුනේ නෑ. ඒ නිසා එයා පූජා විධි අපරාධ පිළිබඳ විශේෂඥයෙක් වන මොනිකා රේයස් කියන FBI නියෝජිතවරිය කැදෙව්වා. ඇයගේ මතය වුනේ එක වගේ හිතන කට්ටියක් එකතු වෙලා කරන වැඩක් කියලා. මෝල්ඩර් වගේම තෙරේසත් එයාලගෙ කැමැත්තෙන් කණ්ඩායමකට එකතු වෙලා සිද්ධ වුන දෙයක් විදියට එයා මේක දැක්කේ. ඔය අතරේ කට්ටියක් තේරෙසාව පැහැර ගෙන ගිහින් එයාව සනීප කරා. ඒත් පැහැර ගෙන ගිය රිචීගේ යාලුවා ගැරීගෙ මිනිය විතරයි හම්බුනේ. ඉතින් තෙරේසා ගැන හිතලා මෝල්ඩර් ගැන බලාපොරොත්තුවක් තියාගන්න හදපු ස්කලීට ගැරීගෙ මිනිය දැකලා හැඩුම් ආවා. ඔය අතරේ පියාඹන පීරිසියත්, ගැරීවත් දැකපු තැනදි මොනිකා දැකලා පැනලා ගිය කෙනා “ලෝක අවසාන” කල්ලියක නායකයෙක් කියලා මොනිකා හොයාගත්‍තා. ඉතින් එයාගෙ වාඩිය වට කරපු FBI නියෝජිතයොන්ට සම්පූර්ණ සුවයෙන් ඉන්න තෙරේසාව මුණ ගැහුනා. කල්ලියේ නායකයව ප්‍රශ්න කරද්දි ඔහු කිව්වෙ පිටසක්වල යානා වලින් මිනිස්සු ගෙනැත් දානවා. ඔවුන්ට වද දීලා ගෙනැත් දාන්නෙ. ඔහුත්, කල්ලියෙ අයත් කරේ ඒ මිනිස්සුන්ව සනීප කරනෙක කියලා. වාඩියෙ වීඩියෝ පට බලද්දී ස්කලී දැක්කා ජෙරමායාව. සුව කිරීමේ හැකියාව තියන ජෙරමායා, තෙරේසාව සුව කරන්න ඇති කියලා ස්කලී කිව්වා. ඒත් එක්කම වීඩියෝ එකෙ ජෙරමායා, ඩොගට් බවට හැරෙනවා දැක්කා. ස්කලී කොහොම හරි ජෙරමායා හොයා ගත්තා. ජෙරමායා කිව්වා එයාට විතරයි මේ විදියට පැහැර ගෙන දාලා යන අයව සුව කරන්න පුලුවන් කියලා. ඒත් එක්කම මෝල්ඩර්ව හොයාගත්තා. ඒත් හොයා ගන්නකොටත් පරක්කු වැඩියි. ස්කලී පිස්සියෙක් වගේ දුවලා ගියේ ජෙරමායා හොයන්. මොකද ජෙරමායාට විතරයි මෝල්ඩර්ගෙ පණ ගන්නවා නම් ඒක කරන්න පුලුවන්. ඒත් ස්කලී යද්දි ජෙරමායාත් අතුරුදහන්.
ලිපිය : හෙළිලි හේමමාලි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.
2,418 downloadsDownload X-Files-S08e15-59200236.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
8 comments
sachintha
Sanjeewa Sandaruwan
Digatama damuu sesaon 09 yth pin
Sanjeewa Sandaruwan
Onna sahoo dewani comntuwa thankss broo
Anonymous
Meka tama vadiyenma duka hithena episode eka
සහන් කෞෂල්‍යය
Season 7 download link ekak dennako plz
chandima
oho onna 15th gena.la thanks yalu
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
8, 9 සීසන් දෙකම දෙන්න.
8.
Pramukmili
Thanxx bro.................
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි