සැබෑ ලෝකය ආපහු උණුසුම් වෙලා තියෙන නිසා 2003 වර්ෂයේදී ඇතිවුන ගල්ෆ් යුද්ධය පැවති සමයේ බැග්ඩෑඩ් හි සිද්ධ වුන මෙම බුද්ධිමත් ක්‍රියා පටිපාටිය සමඟ සම්බන්ධ වෙන්න මේ Baghdad Central කියන කතා මාලාව හරහා අපි කාටත් පුලුවන් වෙනවා. ඉතින්, මේ ගේන්න යන්නේ බැග්ඩෑඩ් සෙන්ට්‍රල් කතා මාලාවේ හතරවෙනි කොටස. ඉතින් තව කොටස…

සැබෑ ලෝකය ආපහු උණුසුම් වෙලා තියෙන නිසා 2003 වර්ෂයේදී ඇතිවුන ගල්ෆ් යුද්ධය පැවති සමයේ බැග්ඩෑඩ් හි සිද්ධ වුන මෙම බුද්ධිමත් ක්‍රියා පටිපාටිය සමඟ සම්බන්ධ වෙන්න මේ Baghdad Central කියන කතා මාලාව හරහා අපි කාටත් පුලුවන් වෙනවා.
ඉතින්, මේ ගේන්න යන්නේ බැග්ඩෑඩ් සෙන්ට්‍රල් කතා මාලාවේ හතරවෙනි කොටස. ඉතින් තව කොටස් දෙකකින් මේ කතා මාලාවේ පලවෙනි සහ දැනට විකාශය වෙලා තියෙන සීරියස් එක අවසන් වෙනවා. ඉතින් වැඩි කතාවක් නැතිව පසුගිය කොටසින්, ඒ කියන්නේ තුන්වෙනි කොටසින් මොනවද සිද්ධ වුනේ කියලා මතක් කරගමු.
ඉතින්, මුහ්සින් අල් කෆාජි මේ මකරාගේ ගුහාවට ඇතුළු වෙනවනේ ටෙම්පල්ට උදව් කරන්න කැමති වෙලා. ඒ උනාට ඇත්තටම කෆාජිගේ අරමුණ වෙන්නේ තමන්ගේ අතුරුදහන් වුන දියණිය වෙන සෝසන් ගැන විස්තර හොයන්නයි. දෙවෙනි කථාව අවසානයේදී, කැන්ඩි (නැත්නම් සාරා) ඇමරිකානු හමුදාවේ අත්තඩංගුවට ගන්නවනේ. ඒ ග්‍රීන් සෝන් එක වාහනයකින් කඩාගෙන පාත්වෙන්න හදපු නිසා.
ඒත් මේ කතාවේ නියම සිද්ධිය අපිට දැකගන්න ලැබෙන්නේ කෆාජි මහාචාර්ය රෂීඩ්ව හම්බවෙන්න ඇයගේ ගෙදරට ගියපු වෙලාවෙයි. කෆාජි ආපහු සැරයක් රෂීඩ්ගෙන් සාරා ගැන දන්න විස්තර ආපහු කියන්න කියලා ප්‍රශ්ණ කරනවා. ඒ වගේම ඇය සාරා ගැන දෙයක් දන්නවා කියලා තේරුම් යනකොටම කෆාජි බලකරනවා සාරා ඉන්න තැන එයාට කියන්න කියලා. කෆාජි කියනවා ඔහුට හිතාගන්න බැහැ ඇයි මේ රෂීඩ් එයාට උදව් කරන්නේ නැත්තේ කියලා. කිසිම වැරැද්දක් නොවෙන්න වගබලාගෙන රෂීඩ් මේ කරන්නේ භයානක සෙල්ලමක්. අන්න ඒකම තමයි අපි තාමත් දන්නේ නැත්තේ. ඒ එයා කරන මේ සෙල්ලම මොකක් කියලා. එකපාරටම ටෙම්පල් රෂීඩ් මහාචාර්යවරියගේ ගෙදර පෙනී සිටීමත් එක්ක කෆාජිට සිද්ධ වෙනවා රෂීඩ්ගේ ගෙදර තියෙන පස්සහ කාමරේකට ගිහින් හැංගෙන්න. එහෙම හැංගිලා ඉද්දී කෆාජිට හොයාගන්න ලැබෙනවා සාරා ගැන විස්තරයක්. මොකද ටෙම්පල් රෂීඩ්ට එතනදී කියනවා සාරාව වැඩට ගත්තේ රෂීඩ් කියපු නිසා කියලා.
මේ කතා කරන දේට ඇහුම්කන දෙන අතර කෆාජි CCTV කැමරා වලින් එකපාරටම දෙයක් දකිනවා. හරියටම බලද්දි ඒ සෝසන්. කෆාජිගේ දුව ජීවතුන් අතර ඉන්නවා කියලා දැනගත්තහම එයාගේ උත්සාහය තවත් වැඩිවෙනවා. ඉතින් කෆාජි උපායක් යොදවනවා. ඒ සාරාගෙන් ප්‍රශ්ණ කරන්න පැරොඩි සහ ටෙම්පල් කියන දෙන්නටම ඉඩ දෙන්නේ නැතුව ඒ දෙන්නව කොටවන එකෙන්. කෆාජිට ඕනවුනේ සාරා එක්ක තනියම කතා කරන්න. මොකද එතකොට එයාට පුලුවන් වෙනවා සෝසන් ගැන ප්‍රශ්ණ කරන්න. ඒත් හමුදාවේ කට්ටියට උවමනා වෙනවා මේ දෙන්නා කතා කරන දේ මොනවද කියලා අහන්න. කෆාජිට බොහොම පරිස්සම් වෙන්න වෙනවා මෙතනදී එයාගේ මේ සෙල්ලම එලි නොවී තියෙන විදිහට වැඩේ කරගෙන යන්න. කෆාජි කියන්නේ දක්ෂ පරීක්ෂකයෙක්. එයා සාරා එක්ක කරන කතාව අතරතුර එයා හමුදාවේ අයට අහන්න ඕන කරන දේවල් එයා විසින් කටින්ම කියනකොට එයාට දැනගන්න ඕන දේවල් පොතේ ලියලා ඇයගෙන් විස්තර අහගත්තා. ඒ වගේම සාකච්ඡාව අවසානයේ සාරා යම් දෙයක් ලිව්වා. සමහර විට ඒ ලිව්වේ සාරා සෝසන් ගැන දන්නවා කියලා වෙන්නත් පුලුවන්.
මෙහෙම මේ සිදුවීම් වෙනකොට, ටෙම්පල්ගේ ලේකම් වන ෆෝඩ් ටෙම්පල්ට යම් විස්තර වගයක් කියනවා. කොටින්ම කිව්වොත් අපි කියනවනේ කේලම් කියලා. මේ කේලම් කියන්න ලොකුම හේතුව වුනේ කෆාජි මේ හමුදාවේ කැප්ටන් වන පැරොඩි එක්ක එකතුවෙලා වැඩකරන නිසා. ඇත්තම කීවොත් මෙතන වෙන ගොඩක් දේවල් දේශපාලනික වශයෙන් කූඩුවක් කියන්නත් පුලුවන්. ඒ වගේම ගැටුම්කාරී පක්ෂපාතීත්වය සහ බලය එහා මෙහා දෝලනය වෙන තත්වයක් ආරම්භ වෙන්න ගනීවි කියලා හිතන්න පුලුවන්.
ඉතින්, මේ හැමදේකම මැදට කොටුවෙලා ඉන්න කෆාජි, මේ අයත් එක්ක යන්න පුලුවන් හැමතැනම ගිහින් තමන්ගේ දුව ජීවතුන් අතර ඉන්න බවත්, ඒ වගේම මේ ගැහැණු ළමයින් එක්ක තමන්ගේ දුව සෝසන් වැඩ කරන බවත් තහවුරු කරගන්නවා. හැබැයි එයාට ප්‍රශ්ණයක් තිබුනා. ඒ ඇමරිකානුවන් වෙනුවෙන් සෝසන් වැඩකරේ කොහොමද කියලා. ඒ පරිවර්තකයෙක් විදිහටද? ගණිකාවක් විදිහට? නැත්නම් කැරලිකරුවෙක් විදිහටද?
අපිට ඒක තාමත් හිතාගන්න බැහැ. ඒත් කෆාජිගේ බලාපොරොත්තු සුන්වීමත් එක්කම ඔහුට තව තවත් විශ්වාසය ඇතිවෙන එකයි වෙන්නේ. අනික ටෙම්පල් වගේ කෙනෙක් එක්ක වැඩකරන්න ලැබෙන එකෙන් ඔහුගේ මේ පරීක්ෂණයන්ට ගොඩක් පහසුවක් වෙනවා. ඒ වගේම හාසජ්‍යජනක දේ තමයි, මේ ටෙම්පල් කියන්නේ කාටත් සිත්ගන්නාසුලු චරිතයක්. හැමෝත් එක්කම හිනාවෙලා ඉන්න කෙනෙක්. ඒත් ඒ සේරටම යටින් ටෙම්පල් කියන්නේ අහංකාර, භයානක මොකක් හරි ලොකු දෙයක් හංගගෙන ඉන්න මනුස්සයෙක් කියලා කෆාජි තේරුම් ගන්නවා. අන්තිම හරියේදී කෆාජි ටෙම්පල් ඉන්න ට්‍රේලර් එකට හොරෙන් ඇතුලු වෙලා එයාගේ අල්මාරියේ තිබ්බ සල්ලි පුරවලා තිබුන බෑග් එක හොරකම් කරනවා.
හොරකම් කරනවා විතරක්නම් මදැයි. ඒවගෙන් සල්ලි පාවිච්චි කරලා කෆාජි තුවක්කුවත් අරගන්නවා සල්ලිවලට. මොනවා කරන්න යනවද කියලා හිතාගන්න බැහැ මේ කෆාජි.
ඉතින් අද මෙතන ඉදන් තමයි ඔයාට බලන්න වෙන්නේ. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා…!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,122 downloadsDownload Baghdad-Central-S01-E04.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
5 comments
sachintha
suranuwan
thanks bro...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Kavinu
පළවෙනි එපියෙන්ම වැඩේ අල්ලලා ගියා මට නම් ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි