හරි එහෙනම්, මේ ඔයාට දෙන්න යන්නේ බැග්ඩෑඩ් සෙන්ට්‍රල් කතා මාලාවේ පස්වෙනි කතාව. තව එක කතාවයි තියෙන්නේ ඔයාට උපසිරැසිය ලබාදෙන්න. ඒක ලබාදුන්නහම මේ පලවෙනි කතා මාලාව ඉවර වෙනවා. වැඩි කතාව ඕන නැහැ. පසුගිය කොටසේ වුනේ මොකක්ද කියලා දැනගමු. බොරු කියන්න ඕන නෑනේ. මමනම් මෙහෙම දෙයක් වෙයි කියලා විශ්වාස කරේ නැහැ. තුන්…

හරි එහෙනම්, මේ ඔයාට දෙන්න යන්නේ බැග්ඩෑඩ් සෙන්ට්‍රල් කතා මාලාවේ පස්වෙනි කතාව. තව එක කතාවයි තියෙන්නේ ඔයාට උපසිරැසිය ලබාදෙන්න. ඒක ලබාදුන්නහම මේ පලවෙනි කතා මාලාව ඉවර වෙනවා. වැඩි කතාව ඕන නැහැ. පසුගිය කොටසේ වුනේ මොකක්ද කියලා දැනගමු. බොරු කියන්න ඕන නෑනේ. මමනම් මෙහෙම දෙයක් වෙයි කියලා විශ්වාස කරේ නැහැ.
තුන්වෙනි කොටසේදී අපිට දැකගන්න ලැබෙනවා, මේ අතිශය කුතුහලය දක්වන, නොසන්සුන්කාරී සහ විනෝදාත්මක කතා මාලාවේ භාගයක් විතරම. ඒ වගේම අපිට දැකගන්න ලැබෙනවා අල් කෆාජි අතිශය කපටි සහ වංචා විදිහට මේ වංචාකාරයන්ව රවට්ටනවා. ඒ විතරක් නෙමෙයි, කෆාජිව ආපහු සැරයක් හිරභාරයටත් ගන්නවා එයා ටෙම්පල්ගෙන් හොරකම් කරපු සල්ලි වලින් පිස්තෝලයකුත් සල්ලි වලට අරගත්තට පස්සේ. ඉතින් දැන් කෆාජි දැන් එයාගේ නිළ ඇඳුමත් එලියට ඇදගෙන මේ දගලන්න හදන්නේ අලුත්ම සෙල්ලමකට කියලා හිතන්න පුලුවන්.
ඒ වගේම මේ සිදුවීම් වලට ටෙම්පල්ගෙත් මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා පේනවා. ඒකට හේතුව ටෙම්පල්ට අයිති වෙලා තිබුන සේෆ් හවුස් එකෙන් කෆාජිට ලැබුන සාක්ෂි වලට අනුව කෆාජි විශ්වාස කරනවා ටෙම්පලුත් වගකියන්න ඕන කියලා මේ ඇමරිකානු පුරවැසියෙක් වන කිබර්ට්ගේ මරණයට. වෙනම තැනක, පැරොඩි යමක් ගැන ඇහැ ගහගෙන ඉන්නවා. පැරොඩි සනාගේ අම්මගේ ගෙදරට යනවා. ඒ කරලා සනාගෙයි සාරාගෙයි සහ සෝසන් එකට ඉන්න පින්තූරයක් සානාගේ අම්මා පෙන්නනවා. පැරොඩි තාමත් දන්නේ නැහැ මේ තරුණ කාන්තාවන් තුන්දෙනාම මේ සිදුවීම් වලට සම්බන්ධයි කියලා. එක්කෙනෙක් මැරිළා, අනිත් එක්කෙනා අත්තඩංගුවේ, තුන්වෙනි කෙනා අල් කෆාජිගේ දුව තාමත් එලියේ හැංගිලා පැනලා යමින් ඉන්නවා.
මේ වෙනකොට ටෙම්පල් තරයේම විශ්වාස කරනවා කෆාජි තමයි එයාගේ සල්ලි හොරකම් කරේ කියලා. ඉතින් මේ නිසාම ටෙම්පල් කරන්නේ කෆාජිගේ යුද්ධ කාලේ සිද්ධ කරපු අපරාධයන් ගැන වාර්තාවක් හොයාගෙන ඒ මත පදනම්ව කෆාජිව අත්තඩංගුවට ගන්නවා. ඒ වගේම කෆාජිගේ ගෙදරත් වටලනවා. හැබැයි එහෙම කරලා සල්ලි හොයාගන්න බැරිවෙනවා. ඒත් සුසි එහෙමත් නැත්නම් සෝසන් ගැන හෝඩුවාවක්නම් හොයාගන්නවා. දැන් පැරොඩි සහ ටෙම්පල් කියන දෙන්නම දන්නවා සෝසන් නැත්නම් සූසි කියන්නේ අල් කෆාජිගේ දුවක් කියලා. ටෙම්පල්ට තියෙන තරහට කෆාජි හිරේ ඇතුලේ ඉද්දිම හොඳටම ගහනවා. හැබැයි ඒ ගහන්නේ අපේ මනුස්සයා, ඒ කියන්නේ කෆාජි ටෙම්පල්ට පුලුවන් තරම් අපහසාට කරාට පස්සෙයි. ඒ වගේම කෆාජි ටෙම්පල්ගෙන් ප්‍රශ්ණ කරනවා සන්ධානයේ සල්ලි වලින් ගෙවල් මිළට අරගෙන, සේෆ් හවුස් එකේ මැරිළා හිටපු දෙන්නගෙන් එකෙක්ව පාවිච්චි කරලා ගෑණුන්ව ගෙන්නා ගත්තා නේද කියලා. ඉතින් ඒක ඇත්තටම ටෙම්පල් කරන දෙයක්. සල්ලි වලට ඕන මගෝඩි වැඩක් කරනවා කියලා කෆාජි දන්නවා මේ ටෙම්පල් ගැන.
හැමදෙයක්ම දැන් එලියට ඇවිත් ඉවරයි. අපි දැන් දන්නවා ටෙම්පල් ඇත්තටම මොනවද කරන්නේ කියලා. ඒ වගේම පැරොඩි සහ ටෙම්පල් දන්නවා අල් කෆාජිගේ ඇත්තටම සිතුවිල්ල මොකක්ද කියලත්. හැබැයි මෙතන තිබ්බේ එකම එක ප්‍රශ්ණයයි. ඒ තමයි කෆාජි හිරේ ඉන්න එක. මුරුජ් සහ පැරොඩිගේ සම්බන්ධයට උවමනාවක් වුනා මේ ටෙම්පල්ගේ වෛරයෙන් ගැලවෙන්න. ඉතින් මේ දෙන්නා එකතු වෙලා අසරණ සාරාගෙන් පාපොච්චාරණයක් ලබා ගන්නවා. පස්සේ ටෙම්පල්ගේ මනුස්සයෙක් විසින් මේ සාරාව මරළා දානවා. ඉතින් සාරාගේ ලබාගන්න තොරතුරු මත පදනම්ව පැරොඩි කෆාජිට යම් වැඩක් බාරදෙනවා. ඒ සෝසන්ව හොයාගෙන මේ කිබට්ගේ කේස් එක විසඳන්න කියලයි. කෆාජිට නිදහස ලැබෙනවා අපාහු සැරයක් පොලිස් නිළධාරියෙක් වෙන්න.
ඉතින් දැන් සෝසන් ගැන මොනවා කියන්නද? අපි දැක්කනේ එයා රෂීඩ්ව හම්බවෙනවා. ඒ වගේම අපිට දැනගන්න පුලුවන් වෙනවා මේ රෂීඩ් තමයි මේ ගෑණු ලමයි තුන්දෙනාට උදව් කරන්නේ ග්‍රීන් සෝන් එක ඇතුලට ගිහින් ටෙම්පල් යටතේ වැඩ කරමින් ටෙම්පල් කරන්න හදන්නේ මොනවද කියන එක හොයාගෙන එයාව ඇතුලතින්ම නතර කරලා දාන්න. රෂීඩ් සෝසන්ට කියනවා මේ කැරැල්ලට සම්බන්ධ වෙන්න එපා කියලා. ඒත් සෝසන් ඒ වෙනකොටත් එයාගේ හිත හදාගෙන ඉවරයි බැග්ඩෑඩ් වල නැවතිලා මේ වෙනුවෙන් සටන් කරනවා කියලා.
දැන් එයාගේ තාත්තට බාරවෙලා තියෙන දේ තමයි සෝසන් ආපහු මෝඩවැඩක් කරන්න කලින් එයාව හොයාගන්න එක. මෝඩවැඩක් කියන්නේ සෝසන්ව මරාගන්නේ නැතුව තියාගන්න එකයි. ගොඩක්ම සිත්ගන්නා සුලු දේ තමයි ආපහු සැරයක් අල් කෆාජි පාරට බැහැලා පරණ විදිහටම තමන්ගේ පොලිස් වැඩේ දිගටම කරගෙන යන එකයි. මේ කතාව පටං ගද්දිම එයා කරදරයකට මුහුණ දීලා ඉන්නවා වගේ පෙනුනට, ඒත් මෙයාට දෙවනි අවස්ථාවක් ලැබෙනවා. ඇත්තම කිව්වොත් අවස්ථා තුනක් ලැබුනා. තුන්වෙනි අවස්ථාව තමයි නසීර් එක්ක පලවෙනි කොටසේදි සිදුකරපු දේවල් එක්ක.
ඉතින් මේ අලුත් අරමුණත් එක්ක, මේ තුන්වෙනි අවස්ථාවත් එක්ක, අල් කෆාජි දැඩි මතයන්ගෙන් යුක්තව ඉන්න කෙනෙක් විදිහට අපිට දැන් දැකගන්න ලැබෙනවා.
ඉතින් අද කතාව එතන ඉදන් තමයි ගලාගෙන යන්නේ. එහෙනම් අවසාන කොටසින් හමුවෙමු. ජයවේවා…!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,161 downloadsDownload Baghdad-Central-S01-E05.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
6 comments
Kavinu
suranuwan
thanks bro...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි චලිදු අයියා!