Watch Trailer

Love Death + Robots [S01 : E01 & E02] Sinhala Subtitles | ආදරය, මරණය සහ රොබෝවන්! [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්..! මේක බලන්න පටන් ගන්න කලින් මුලින්ම මතක් කරන්න ඕන වැදගත් කාරණාවක් තියෙනව. මේක අතිශය 18+ කතා මාලාවක්. කවුරුහරි කෙනෙක් හරි ශෝක් ඇනිමේෂන් එක කියල මේක පවුලේ ඔක්කොම එක්ක බලන්න ලෑස්ති වුණොත්, කියන්න තියෙන්නෙ “ඔබේ සටන අවසන්!” කියල තමයි. ඒ නිසා මහත්තුරුනේ, මේක තනියම බලන්න. හරි ඉතිං මේ අරගෙන එන්නෙ…

ආයුබෝවන්..!

මේක බලන්න පටන් ගන්න කලින් මුලින්ම මතක් කරන්න ඕන වැදගත් කාරණාවක් තියෙනව. මේක අතිශය 18+ කතා මාලාවක්. කවුරුහරි කෙනෙක් හරි ශෝක් ඇනිමේෂන් එක කියල මේක පවුලේ ඔක්කොම එක්ක බලන්න ලෑස්ති වුණොත්, කියන්න තියෙන්නෙ “ඔබේ සටන අවසන්!” කියල තමයි. ඒ නිසා මහත්තුරුනේ, මේක තනියම බලන්න.

හරි ඉතිං මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයේ නිකුත් වුණු අපූරු ඇනිමේෂන් කතා මාලාවක්. කතා මාලාවක් කිව්වට, මේකෙ අන්තර්ගත වෙලා තියෙන්නෙ එකිනෙකට වෙනස් කතා 18ක්. ඉතිං කාටහරි කෙනෙකුට එක කතාවක් හොඳ නෑ කියල හිතුණොත්, ඒක මඟ හැරල ඊලඟ කතාවට මාරු වෙන්න පුළුවන්. ඒ නිසා ගැටළුවක් නැතුව ආස ටික ඔක්කොම බලන්න හැකියාව තියෙනව. ඒ වගේම ලොකු ලොකු විස්තර විචාර නම් ලියන්න බෑ. ඒකට හේතුව මේ කතා කුඩා කතා වින්‍යාසයක් සහිතව නිර්මාණය වී තිබීම. හැබැයි වටිනාම දේ තමයි, මේ හැම කතාවක් අවසානයේම ඉතා වටිනා ආදර්ශයක් ඉදිරිපත් කර තිබීම. ඒක බලනකොට වටහාගන්න හැකි වේවි.

IMDb මීටරයේ 8.6ක අගයක් ලබාගන්න සමත් වුණු, සම්මාන 4ක් ජයග්‍රහණය කරන ලද, තවත් සම්මාන 5කට නිර්දේශ කෙරුණු මේ අපූරු කතා මාලාව, ඉදිරියේදී දෙවන කතා මාලාවකට Renew කිරීමක් කරල තියෙනව කියල නිළ වශයෙන් දැනුම් දීල තියෙනව. ඒ වගේම ඒ කතා මාලාවත් මේ වගේම අපූරු කතා මාලාවක් වෙන ලකුණු මොනවට පහළ වෙන්නෙ, Jennifer Yuh Nelson (Kung Fu Panda 2) අධ්‍යක්ෂිකාව මේ දෙවැනි කතා මාලාව හා සම්බන්ධ වෙලා ඉන්න නිසා.

පළමු කතාංගය – ඇගේ වෛරය..!

අපි හැමෝම මල්ලව සටන් ගැන දන්නවනෙ, මල්ලව සටන් වලදි බොහෝදුරට අනෙකා මරණයට පත් වෙන තෙක් සටනට සිදු වෙනව. ඉතිං පළමු කතාංගය වෙන් වෙන්නෙ මේ වගේ මල්ලව සටනක් ආශ්‍රය කර ගනිමින්. ඒ වගේම සල්ලි වලින්, මැරකම් වලින් තමාට අවශ්‍ය දේ කරගන්න උත්සාහ කරන සමාජයක, තමාගේ අරමුණ වෙනුවෙන් කැපවෙන මිනිස්සුත් ඉන්නව. හැබැයි ගැහැණියකගේ වියරුව, අභිලාෂයන් හමුවේ කළ නොහැක්කක් නැති බව මේකෙන් බලාගන්න පුළුවන්. මේ කොටසින් හොඳ උත්ප්‍රේරණයක් ලැබෙයි අනිත් කොටස් ටික බලන්න.

දෙවැනි කතාංගය: මනුෂ්‍යයන්ගෙන් තොර ලොවක්..!

මනුෂ්‍යත්වය ලෝකයෙන් තුරන් වෙන්නෙ මොනවගේ හේතුවක් නිසා වේවිද? එහෙම තුරන් වෙනකොට ලෝකය තුළ රොබෝවන් විතරක් ලෝකයේ ඉතිරි වුණොත් මොකක් වේවිද? ඔවුන් මොනවගේ දේවල් කතා වෙයිද මනුෂ්‍යයන් ගැන? මේ කතාංගය තුළ කියවෙන්නෙ ඒ අපූරු කතාව. මිනිසා මිහිමතින් තුරන් වී සියවස් ගණනකට පසු රොබෝවන් මිනිස්සුන් ගැන හිතන්නෙ මොන විදියට ද? එතකොට පූසො? පූසො මොනවගේ තත්වෙකට පත් වෙලා ඉඳීවි ද මේ කාලෙ වෙනකොට? එහෙනම් මෙතැන් පටන් අපූරු කතාංගයන් 18ක් එක දිගට නරඹන්න ආරාධනා කරනව. එහෙනම් ඊලඟ කතාංගයන් දෙක තුළින් ඉක්මනින් මුණගැහෙමු. ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

9,187 downloadsDownload Love-Death-Robots-S01-E01-E02.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

9,187 downloadsDownload Subtitles19 KB

23 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Hiran Eranda

    ස්තූතියි

  3. සනිඳු ලක්ඛිත

    සෑහෙන්න කාලෙකින් සබක් අරන් ඇවිත් අපිට....ගොඩ දවසකින් තමා මේ සයිට් එකට ආවෙත්. මේ දවස් ටිකේ ලග තියෙන සීරිස් ටික බලලා ඉවර කරනවා පිස්සුවෙන් වගේ...බොහොම ස්තූති සහෝ උපසිරසට....එකක් අරන් බලමු සෙට් වෙනවද කියලා...

  4. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. Sahan Sulakkhana Subasinghe

    ane saho shadow hunters kathaa maalawa dan iwara wunu nisaa, ithuru episode tikata sub dennko.

    1. Anonymous

      ekane saho.ekak iwara karalaa anith ekata giyanam hodai neda

  6. pasanranga

    Thank You

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    පුලුවන්නම් අලුත් කතා මාලා දෙන්න කලින් මග නවතිච්ච ටික ඉවර කරලා ඉන්නකෝ.....

  9. UI

    Ookanam pissuwak!❤
    Mm ooka kalinma beluwa anith ayath balnna..
    Jaya!

  10. Sam fisherr

    ස්තුති උ.ස අයියේ

  11. Anonymous

    Thank You

  12. Kavinu

    හම්මා... සීරීස් වැහිවහිනවා මේ ටිකේ ❤️
    කාලෙක ඉඳන් බලන්න ඔ්නෙමයි කියලා හිතුණට එහෙම්ම අමතක වෙලා ගියා!
    දැන් ඒ අඩුවත් හරි

  13. Suranjan

    Thanks machan.... Ela.... Jayawewa....!

  14. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි උදයංග සහෝ

  15. Udara Damith Dissanayaka

    maru

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Pasindu Akalpa

    Sub ekata Thanks.

  18. Sandaru Nimsara

    Sub ekata thanks bro

  19. Pavith Wijesooriya

    උපසිරැසි වලට බොහෝම ස්තූතියි...

  20. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  21. Ruchira

    Thanks for the sub!

  22. kavindu

    season 3 eketh sub dennoooo