Watch Trailer

Baghdad Central [S01 : E06] Sinhala Subtitle | එක් යුද්ධයක නිමාව! [සිංහල උපසිරැසි සමඟ]

මේ දිගහරින්නේ මේ කතා මාලාවේ පලවෙනි කතාසමයෙ අවසාන කොටසයි. ඇත්තම කිව්වොත් මේ බැග්ඩෑඩ් සෙන්ට්‍රල් කියන සීරිස් එක මේ අවුරුද්දේ ආව අපරාධය නාට්‍ය වලින් හොදම ගොඩට අයත් වෙනවා කියලා හිතනවා. මට වඩා ඒකට ලැබිලා තියෙන ප්‍රතිචාර අන්තර්ජාලය පුරාවටම පීරලා බලද්දි ඒක හොදටම තේරෙනවා. මේ කතාව හුරුපුරුදු පොලිස් ක්‍රියා…

මේ දිගහරින්නේ මේ කතා මාලාවේ පලවෙනි කතාසමයෙ අවසාන කොටසයි.

ඇත්තම කිව්වොත් මේ බැග්ඩෑඩ් සෙන්ට්‍රල් කියන සීරිස් එක මේ අවුරුද්දේ ආව අපරාධය නාට්‍ය වලින් හොදම ගොඩට අයත් වෙනවා කියලා හිතනවා. මට වඩා ඒකට ලැබිලා තියෙන ප්‍රතිචාර අන්තර්ජාලය පුරාවටම පීරලා බලද්දි ඒක හොදටම තේරෙනවා.

මේ කතාව හුරුපුරුදු පොලිස් ක්‍රියා පටිපාටියන් වලින් බැහැරව වේගයෙන් ගලාගෙන යන යුධමය කතාවක් වෙන අතරම පක්ෂපාතීථවය දිග් කරගනිමින් දැඩි වශයෙන් නීති විරෝධී තත්වයන් තුළ තමන්ගේ දිවි ගලවා ගැනීමට දරන උත්සාහයක් මේ කතාව පුරාවටම දකින්න ලැබෙනවා. මේ අන්තිම කතාවේ දී අල් කෆාජි මත ගොඩක් දේවල් ඉතුරුවෙලා තියෙනවා. කෆාජිගේ දුව සෝසන්ව හොයාගන්න වෙනවා, අනිත් දුවව ග්‍රීන් සෝන් එකේ තියෙන රෝහලෙන් හොරෙන් එලියට පන්නවන්න වෙනවා, එයාව දේශ සීමාව ගාවට අරගෙන යන්න වෙනවා, ඒ වගේම ෆ්‍රෑන්ක් ටෙම්පල්ට විරුද්ධව සාක්ෂි එකතු කරගන්න වෙනවා, එයාගේ මිනිස්සුන්ගෙන් බේරිලා ඉන්න වෙනවා. මේ වගේ වැඩ ගොඩක් මේ අද කොටස තුල ඔයාට දැකගන්න ලැබෙනවා. ඉතින් පසුගිය කොටසේ සිද්ධ වුනේ මොනවද කියලා බලලලම ඉමු.

ඉතින් පස්වෙනි කොටස මේ කතා මාලාවේ මේ වෙද්දි දිග හැරුනු පට්ටම කෑල්ල කියලා කියන්නත් පුලුවන් කෙනෙක්ට. අපේ වීරයා, එහෙමත් නැත්නම් අල් කෆාජි තමන්ගේ දුවව හොයාගන්න හිතේ තියෙන ලොකු පීඩනයත් එක්කම, කණ්ඩායම් එක්ක සටන් කරන්න වෙනවා. හතරවෙනි කොටස අවසානයේදී ටෙම්පල්ගේ හෙන්චයියන් විසින් අසරණ සාරාව මරළා දානාවා. ඉතින් මේක කරපු පුද්ගලයාව කෆාජිගේ දුව වන මුරූජ් දකිනවනේ. ඒ වගේම මේ සිදුවීම වෙන්නේ සෝසන් මේ දූෂිත බ්‍රිතාන්‍ය පරිපාලනයට එරෙහිව පළිගන්නවා කියලා දිවුරුම් දීලා තියෙද්දිමයි.

සාරා ගැන දෙයක් කියන්න ඕන. පැරොඩිට තේරුම් යනවා ඕනම කෙනෙක්ට රෝහල ඇතුලට ඇවිත් කැමති කෙනෙක්ව මරළා යන්න පුලුවන් කියලා. ඉතින් මේ නිසාම පැරොඩි කියනවා මේ පිළිබඳව පුළුල් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරන්න කියලා. මේ වෙනකොට කෆාජි තමන්ගේ සීමාව උපරිමේට පැනලයි ඉන්නේ. ඉතින් තමන්ගේ ඉතුරු වෙලා තියෙන ඉඩු ටික තමන් කලින් හිටපු මහල් නිවාසයෙන් අරගන්න ගියපු වෙලාවේ කෆාජි දකිනවා රෂීඩ් මහාචාර්යවරිය එයාගේ ගෙදර එයා එනකම් බලාගෙන ඉන්නවා කියලා. ඒ වගේම රෂීඩ් කැමති වෙනවා කෆාජිගේ දුව වන සෝසන් ගාවට කෆාජිව එක්කරගෙන යන්නත්.

කලින් කතාවල අපි දැක්කනේ කෆාජි කියන්නේ අව්‍යාජ පියෙකුගේ චරිතයක්. ඒත් යුද්ධයෙන් හැමදෙයක්ම නැතිවුන රටක ඉන්න මේ පුද්ගලයාගේ දුක්ඛිත තත්වය අපිට තේරුම් ගන්න පුලුවන්නේ. ඉතින් මේ සිදුවීම් එක්ක මෙයාට සහයෝගය දක්වනවා කියලා හිතාගෙන හිටපු පාරේ හිටපු තරුණයන් පිරිසක් කෆාජි සහ රෂීඩ් පහලට එනවිට තුවක්කු දික්කරනවා. එතන වෙඩි තියාගන්න අතරතුර කෆාජි රෂීඩ්වත් පරිස්සමට අරගෙන කාර්ල්ගේ වාහනේට දුවගෙන යනවා. ඉතින් මේ හේතුව නිසාම කෆාජි තීරණය කරනවා ඉරාකය තව දුරටත් එයාට ආරක්ෂිත නැති නිසා තමන්ගේ දුවලා දෙන්නා සහ තමන් මේ ඉරාකය අතෑරලා දාලා යන්න ඕන කියලා.

ඒත් එක ප්‍රශ්ණයක් තිබුනා. ඒ සෝසන් මේ වෙනකොට ග්‍රීන් සෝන් එක ඇතුලට හොරෙන් ගිහින් ටෙම්පල්ව මරලා දාන්න සැලසුමක් දියත් කරලයි තිබුනේ. ඉතින් මේක වෙද්දි පැරොඩි සහ කෆාජි කලින් මරණයන් තිබුන ටෙම්පල්ගේ සේෆ් හවුස් එකේ ඉන්නේ. ඉතින් පැරොඩිට ලැබෙන ඇමතුමකට අනුව හැකි ඉක්මනින් ආපහු ග්‍රීන් සෝන් එකට යනවා. ඒ වෙනකොටත් පැරොඩි දැනගන්නවා මේ ඇතුලට ඇවිත් ඉන්නේ කෆාජිගේ දුව කියලා වගේම පැරොඩි ඒ ගැන කෆාජිටත් කියනවා. මේ සිදුවීම් වෙනකොට ටෙම්පල් පිස්සු වැටිලා ඉන්න අල් නසීර්ව කුලියට අරගන්නවා මේ කෆාජිව මරළා දාන්න.

මේ සේරම මෙහෙම එලියේ ඉද්දි ටෙම්පල්ව මරණ්න සෝසන් දරණ උත්සාහය ව්‍යාර්ථ වෙනවා. ඉතින් පසුගිය කොටසේ අවසානයේදී අපිට දැකගන්න පුලුවන් වුනා අන්තිමට ටෙම්පල්ගේ ගෝලයෙක් වන ඊවන්ස් විසින් සෝසන්ව අත් කට බැදලා තමන්ගේ වාහනේ පිටිපස්සට දාගෙන අරගෙන යනවා.

ඉතින් එහෙනම් මේ කොටස ගැන මම කිව්වොත් වැඩක් නෑනේ. බොහෝ විට දෙවනි කොටසක් මේ කතාවේ එන්න ඉඩ තියනවා. ඉතින් එහෙම ආවොත් ඒ කොටස් වලටත් උපසිරැසි ලබාදේවි. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා..!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,129 downloadsDownload Baghdad-Central-S01-E06.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

1,129 downloadsDownload Subtitles18 KB

10 comments

  1. ROSHEN MALINDA

    sub ekata sthuthi/ HASEENA 2018 hindi movie ekata sub denna puluwanda

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. suranuwan

    thanks bro...

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් කරමු...
    තවත් කතා මාලාවක් අරන් එමු...

  5. Kavinu

    කතාව නම් සුපිරියි ඈ...

  6. Anushka

    Thank you

  7. #Sandman

    thanks brooo

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Anonymous

    Thanks.............

  10. Eranga Sandaruwan

    උප සිරැසි වලට බෝම ස්තූතියි..
    ජය වේවා..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.