හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ තුන්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හතරවෙනි කොටස. අද E කණ්ඩායම ඇතුළු මිත්‍ර පාර්ශවය ලබන පරාජයක් ගැන තමා කියවෙන්නේ. පහුගිය කොටසේදී ඔවුන්ව යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලෙන් අයින් කරවලා ආපහු එංගලන්තෙට යවන දර්ශනයකින්. එහෙදි ඔවුන්ට ආපහු යුද බිමට යන්න කැඳවීමක් ලැබෙනවා.…

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ තුන්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හතරවෙනි කොටස. අද E කණ්ඩායම ඇතුළු මිත්‍ර පාර්ශවය ලබන පරාජයක් ගැන තමා කියවෙන්නේ. පහුගිය කොටසේදී ඔවුන්ව යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලෙන් අයින් කරවලා ආපහු එංගලන්තෙට යවන දර්ශනයකින්. එහෙදි ඔවුන්ට ආපහු යුද බිමට යන්න කැඳවීමක් ලැබෙනවා. ඒත් කණ්ඩායමේ මියගිය හා ආබාධිත වූ සෙබළු වෙනුවට ආදේශක නවක සෙබළුන් දැන් කණ්ඩායමට ඇවිත් තියෙනවා. ඒත් මුල සිටි සෙබළු එනම් ඔවුන් පුහුණූ වූ තැන නාමය අනුව තැනු ටොකෝවා මිනිසුන්වූ පැරණින් සෙබළු අලුත් අය එකට පෑහෙන හැටි ටිකක් විතර වෙනස්. සමහරු සාදරයෙන් පිළිඅරගෙන උදව් කරනවා සමහරු වැඩකට නැති උන් කියලා හඳුන්වනවා. කොහොම වුණත් කථාවේ මුල් දර්ශන කිහිපයෙන් පස්සෙ ඔවුන්ට අලුත් මෙහෙයුමකට ආපහු යෑමට අණ ලැබෙනවා.
ඒ තමා නෙදර්ලන්තයට ආපහු ගුවනෙන් පිම්මක් පැනීම. මෙවර එම මෙහෙයුම් නාමය වෙන්නෙ මාක්ට් ගාඩ්න් යන නමයි. 1944 දෙසැම්බර් මාසය වන විට යුද්ධය අවසන් කිරීමේ අරමුණ මත මිත්‍රපාර්ශවික පාර්ශවයේ බ්‍රිතාන්‍ය අණ දීම් යටතේ 1944 සැප්තැම්බර් 17-25 අතර සිදුවූ මේ මෙහෙයුමේ අරමුණ තමා රයින් ගඟ හරහා ජර්මනියට ඇතුළු වීම. ඒ සඳහා නෙදර්ලන්තයට මායිම්ව වැටී ඇති ජර්මන් බලකොටු හා ටැංකි වලින් සන්නද්ධ ආරක්ෂක වළල්ල බිඳහෙළීමට අවශ්‍ය වුණා. එලෙසෙම රයින් ගඟේ අතු ගංඟා දෙකක් හා මාස් ගඟ හා තවත් කුඩා දියමංඩ වල ඇති පාලම් අල්ලාගෙන ඒ හරහා සන්නාහ සන්නද්ධ රථ ජර්මනියට ඇතුල් කොට ඉක්මනින් යුද්ධය අවසන් කිරීම තමා මූලික සැලැස්ම වුණේ. මේ සඳහා ජර්මනිය අල්ලාගෙන සිටි නෙදර්ලන්තයට ගුවනින් පැරෂුට් භටයන් බස්වා සන්නද්ධ රථ වලට මඟ පාදා දීම තමා මෙහෙයුමේ ආරම්භය වශයෙන් සිදුවුණේ. මුල් දින කීපය සාර්ථක වුණත් මේ මෙහෙයුම අසාර්ථක වූ මෙහෙයුමක් මෙන්ම ජීවිත හානි ගණනාවක් සිදුවු මෙහෙයුමක් බවට පත්වුණා.
E කණ්ඩායම හට පැවරෙන වගකීම වන්නේ අයින්හොවන් හා ආන්හෙම් ඇති පාරක් මුදවා ගෙන එය හරහා බ්‍රිතාන්‍ය සන්නාහ සන්නද්ධ ටැංකි වෙත ආන්හෙම් දක්වා යෑමට අවස්ථාව සැලසීම, හා ඔවුන් එන තෙක් ආරක්ෂා කර ගැනීමයි. බුද්ධි අංශ තොරතුරු අනුව එම ප්‍රදේශයේ සිටින්නේ වයසක හා යෞවනයන්ගෙන් සමන්විත ජර්මන් බලකායක් නිසා ඔවුන් එය වෙත පිම්ම පනින්නේ රාත්‍රිකාලයේ නොව දහවල් කාලයේදීයි. එසේම ඔවුන්ට කිසිම උපද්‍රවයකින් තොරව සියලු දෙනා භූමියට ළඟා වනවා පමණක් නොව ඔවුන්ට ලැබෙන්නේ ජර්මන් හමුදාවෙන් තොරවූ අයින්හෝවන් නගරයක්. එසේම එහි ජනතාව ඔවුන්ව ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නවා. එහෙත් ආන්හෙම් යෑමට කලින් කැප්ටන් වින්ටර්ස් හට තම පළමු පසු බැසීමට මුහුණ දීමට සිදුවෙනවා. එනම් E කණ්ඩායම හට නොයෙන් නගරයේදී දරුණු ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවී එයින් පසු බැස යාමේදි එක් සාජන් වරයෙක් වන රැන්ඩ්ල්මන් තුවාල සහිතව සතුරු භූමියේ තනිවෙනවා. ඉතින් අද කොටසේ ප්‍රධාන චරිතය වෙන්නේ එම “බුල්” රැන්ඩ්ල්මනුයි. එසේම කිහිප දෙනෙක් තුවාල ලබා සංග්‍රාම භූමියෙන් ඉවත්වන්නටද සිදුවෙනවා. ඉතුරු ටික් ඉතින් බාගෙනම බලමු නේද?
පහුගිය සතියේ පොරොන්දු වුණා වගේම අපි කොටස් තුනක් හෝ හතරක් මේ සතියේ දෙන්න බලාපොරොත්තු වෙනවා. මටම හැමදාම ලිපියක් දෙන්න ගියාම ඒක අනික් අයට කරන අසාධාරණයක් නොවැ. කොහොමත් ලබන සතියේ දී සම්පූර්ණ කතා මාලාවෙම සබ් දීලා ඉවර කරන්න තමා හිතන් ඉන්නේ. හැමෝටම ඉවසීමෙන් ඉන්න කියලා කාරුණිකව ඉල්ලා හිටිනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
18,229 downloadsDownload Band-of-Brothers-1x04-1.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
61 comments
f_live
kalinga
තැන්ක්ස් ලොක්කා පට්ට හොදේ
ccnp
maxxa machan
vass
Thanks Lot
samaith4
මේක දෙනකම් උන්නේ ජය
lasidu
බොහෝ තුති
waruna
Thanks
Isuru
එල මචං නියමයි
ශ්‍යාමල්
:) පට්ට පට්ට පට්ට :)
pubudu
jaya wewa!!!!!!!!!!!
h[A]s
එලස් තැන්ක්ස්
quik
maxxa macho
was
ලොවෙත් නෑ පට්ට පට්ට මචං
naleen
elaz thxz
උදාර
නියමයි සේරම බලනවා
rasika
පට්ට
lk
thanks bro
පැතුම්
ජය වේවා!!!!!!!!!!!!! පට්ට පට්ට
geeth
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
Dilan-
තුති :)
rusuru | රුසිරු
නියමයි
වෙනුර
හොද කතාවක් දිගටම දෙන්න
අමීර
thanks....
සරදියල්
thx buwa
කේ.යු.ජී.උදාර
මේ සීරිස් එක ලඟ ලඟ නවන හින්ද ම මං මේ කොටස ඊයෙ ම බාගත්තා. ඉතිරි කොටස් ටිකත් ඉක්මනට ම බාගන්න ඕනෙ. ඔන්න එහෙනම් රොයිලිට පිං දෙන ගමන් මාත් සබ් එක බාගන්නවා. ඉතිරි ටිකත් ඉක්මනට ම දෙන්න සහෝ....
ජයෙන් ජය...eraNga
ජය වේවා !
lasanatha!!!!!!
supiri machan
sanju lakshan
thanks
akila
පට්ට :)
Achala
එල නියමයි සහෝ
wimukthi
මචන් පුළුවන් නම් Game of Thrones Season 2 එක ඉක්මනට දෙන්ඩකෝ....
Chamee
thanks sahooo
uda
ස්තුතියි යාළු! මේකත් මේකට මම දාන දෙවෙනි කමෙන්ටිය. පළවෙනි එක වැටිල නෑ :( දිගටම මේ වැඩේ කරන්ඩ බැරි හින්දා ඉස්සෙල්ලම දාන එක නොවැටුණොත් ආයි කමෙන්ටි නොදා ඉන්ඩයි වෙන්නේ දැන්නම්. එන හැටියකට බලමුකෝ...
මේක ඉක්මනට දෙන එකට තුති!
එහෙමනම් ජය!Uraj Deemantha
Series ගණන් තියෙන ඒවා බලන්න වෙලාවක් නෑ..... :( මොකද මේවා බලන්න ගත්තොත්, එක දිගට බලාගෙන බලාගෙන යන්න හිතෙනවා..... :) අන්තිමට ඈබ්බැහි වෙනවා වගේ වෙනවා මේවාට මම...... :P
thushana
elakri kolla dunna ekath ekmnata.me kathwata man hena asai machan elnga ekath ekmanata one.thxxxxxx
mudiya / මුදියා
මගේ මැෂින් එක පොළවෙ ගහන්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි.ඇයි දෙයියනේ බෑවෙන්න දාල දැන් සතියකටත් වැඩියි තාමත් ඩවුන්ලෝඩ් වෙනව.හැබැයි ඔක්කොම බාල බලන එක ලේසියි.සේවින් ප්‍රයිවට් රයන් බැලුව ඊයෙ.වැඩේ කියන්නෙ ඒකෙ එක ෆයිල් එකක් විතරයි මගේ පෙන් එකට කොපි වෙලා තියෙන්නෙ.ෆිල්ම් එකේ බාගයයි බැලුවෙ.පට්ට හොඳේ.ඉතිරි ටික අද බලනව.දිගටම මේකට සබ් ටික දෙමු රොයිලි අයියා.ආසාවෙන් ඉන්නව බලන්න.ජයවේවා.බොහෝ...................ම ස්තූතියි...!
රාම් රාජ්
ස්තූතියි රොයිලි.
sd
thanks machan
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍චමිඳු සඳකැලුම් (චමියා)
එල එල සහොදරයා.... බොහොම ස්තුතියි....!!!!
sd
THANKS
chamila
Thanks
විකියා
සුපිරි කතාවක්..
ජයෙන් ජය~!
Ishara Dias
Sub එක Extract කරන්න බෑ
namaljsanka
me wagema the x files tv series ekath dannako,parana wunath eka godakma hoda tv series ekak den thiyana ewata wada.
Jayan Chamal
patta thanks elzzzzzzzzzz
විමා
mennea 4th gathtoooooo :)
Saranga
පට්ට කතාව.
බොහොම ස්තූතියි සබ් දුන්නටErängä
බොහොම ස්තුතී...!!! ^_^
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


මැක්සා කතාව මචං ජය වේවා !!!