Watch Trailer

The Rain [S03 : E01] Sinhala Subtitles | තාප්පයෙන් එහා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින් අද මං මේ උපසිරැසි අරන් ඇවිල්ලා තියෙන්නේ 2018 වර්ෂයේ මැයි මාසයේ 04 වෙනිදා Netflix වෙබ් අඩවිය මඟින් නිකුත් වූ The Rain කතාමාලාවේ තුන්වන කතාසමයටයි.ඉතින් වර්ෂාවෙන් බෝ වන වෛරසයක් පිලිබදව ගොඩනැගෙන මෙම කතාමාලාවට IMDB දර්ශකයේ 6.3 ක අගයක් තිබෙන බව ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ. ඉතින් මේකෙ තු…

කොහොමද යාළුවනේ ඉතින් අද මං මේ උපසිරැසි අරන් ඇවිල්ලා තියෙන්නේ 2018 වර්ෂයේ මැයි මාසයේ 04 වෙනිදා Netflix වෙබ් අඩවිය මඟින් නිකුත් වූ The Rain කතාමාලාවේ තුන්වන කතාසමයටයි.ඉතින් වර්ෂාවෙන් බෝ වන වෛරසයක් පිලිබදව ගොඩනැගෙන මෙම කතාමාලාවට IMDB දර්ශකයේ 6.3 ක අගයක් තිබෙන බව ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ.

ඉතින් මේකෙ තුන්වෙනි කතා සමය ගැන කිව්වොත් මේක නිකුත් වුනේ 2020 වර්ෂයේ අගෝස්තු 6 වෙනිදා.Netflix ආයතනය නිවේදනය කරලා තියෙන විදියට මේ තුන්වන කතා සමය තමයි අවසාන කතා සමය වෙන්නෙ.ඉතින් මේ විදියට අද උපසිරැසි ලබාදීම ආරම්භ වෙන්නෙ The Rain කතා මාලාවේ අවසාන කතා සමයටයි.🤗

පළමුවෙනි කතා සමය

මුලින්ම ඉතින් අපි මේ කතා මාලාවේ දැක්කේ සුන්දර ආරම්භයක්.ඒත් සිමෝනාගේ තාත්තා සිමෝනාට දෙන ආරංචියෙන් ඔක්කොම කනපිට පෙරලෙනවා.ලෝකෙම විනාශ කරන වෛරසයක් වැස්සත් එක්ක පොලොවට පතිත වෙනවා.ඉතින් මේකෙන් බේරෙන්න සිමෝනයි එයාගේ පවුලේ කට්ටියයි බංකරයක් අස්සට රිංගනවා.ඒත් මොකක් හරි වැරැද්දක් වෙලා සිමෝනාගේ අම්මා මරණයට පත් වෙනවා.පස්සේ තමයි අපිට ඇපලොන් ගැන දැනගන්න හම්බුවෙන්නෙ.අවුරුදු 6 ක් ඔය බංකරේට වෙලා ඉදලා රස්මුසුයි සිමෝනයි දෙන්නා එලියට එනවා.ඉතින් ඔතනදි මාර්ටින් ඇතුළු පිරිස මෙයාලට හම්බුවෙනවා.ඉතින් මේ කට්ටිය සිමෝනාගේ තාත්තව හොයාගෙන යනවා.ඔය අතරේ බියට්‍රිස් මරණයට පත්වෙනවා.ඔය දුකට රස්මුස් වෛරසය විදගන්නවා.

දෙවෙනි කතා සමය

වෛරසය විදගෙන ඇපලොන් ගාවට ගිය රස්මුස්ගෙන් වෛරසය හැමෝටම බෝ වෙන බව කට්ටිය දැනගන්නවා.ඔය අතරේ සිමෝනාගේ තාත්තත් මරණයට පත්වෙනවා. පස්සේ ෆී,ජේකොබ් සහ ප්‍රතිශක්ති ඌනතාවක් තියෙන සාරාවත් හමුවෙනවා.ෆී කියන්නේ ඇයට මේ වෛරසය රස්මුස්ගේ ඇගෙන් ඉවත් කරන්න පුලුවන් කියලා.ඒත් වැරැදීමකින් ලොකු විනාශයක් සිද්ද වෙනවා.ඔය අතරේ ලීයාත් මරණයට පත්වෙනවා.රස්මුස් වෛරසය පාලනය කරන හැටිත් ඔය අතරේ ඉගෙනගන්නවා.සාරාත් වෙඩි පහරකින් මියදුනත් කතා සමයේ අවසානයට දැක්කේ සාරාට නැවතත් පණ එන බවක්.

තුන්වන කතා සමය

මේ විදියට දැන් රස්මුස් ඉන්නේ ඇපලොන්වල.ස්ටෙන් එක්ක එකතු වෙලා රස්මුස් හැමෝවම මේ කරදරෙන් බේරගන්න හදන්නේ.ඒත් ඒක එච්චර හොද විසදුමක් නම් නෙවෙයි.

එහෙනම් තුන් වෙනි කතා සමයටත් මේ විදියට උපසිරැසි ගෙන ඒම ආරම්භ වෙනවා.බාගෙනම බලන්න එහෙනම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

4,226 downloadsDownload The-Rain-S03-E01.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,226 downloadsDownload Subtitles18 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. එල්.සී. දමැල්

    මෙහෙම කරන එක ගොඩක් වටිනව මල්ලි. මග නැවතුණු සීරිස් අදින එක සෑහෙන දෙයක්. ඉදිරියටත් මේ වටින වැඩේ කරාවි කියල බලාපොරොත්තු වෙනවා.
    ජය ✌

  3. RVMENDIS85

    සිංහල උපසිරැසි වලට ස්තූතියි සහෝ....

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ the rain එකේ season 3 බලන්න සෑහෙන කල් ඉඳන් සබ් දෙනකන් බලන් හිටියෙ

  5. Anuja

    please The Blacklist season 7 eke sub tikath dannakooo

  6. Anonymous

    thankz brooooo

  7. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.