හොඳයි එහෙනම්, Atlantis දෙවෙනි කතා මාලාව දින වකවානුවක් නොමැතිව නැවතිලා තියෙද්දී අලුත් කතා මාලාවකට අත ගහන්න හිතුනා. ඉතින් මේ කතාව ගැන මුල් ලිපියෙන් පැහැදැලිවම තේරුම් කරලා තියෙනවා. ඒ ලිපිය ලියලා මට උදව් වෙච්ච අපේ සමීර කරුණාරත්න සහෝදරයාට මේ වෙලාවේ ස්තූති වෙනවා හැමෝම ඉදිරියේදී. ඒ ලිපියේ කියවුනා වගේම බ්…

හොඳයි එහෙනම්, Atlantis දෙවෙනි කතා මාලාව දින වකවානුවක් නොමැතිව නැවතිලා තියෙද්දී අලුත් කතා මාලාවකට අත ගහන්න හිතුනා. ඉතින් මේ කතාව ගැන මුල් ලිපියෙන් පැහැදැලිවම තේරුම් කරලා තියෙනවා. ඒ ලිපිය ලියලා මට උදව් වෙච්ච අපේ සමීර කරුණාරත්න සහෝදරයාට මේ වෙලාවේ ස්තූති වෙනවා හැමෝම ඉදිරියේදී. ඒ ලිපියේ කියවුනා වගේම බ්‍රේකින් බෑඩ් එකේ හිටපු නරුප, කපටි, තමන්ට නඩුවක් හොයාගන්න ඕනම දෙයක් කරගන්න නීතිඥයෙක් කියලා පළවෙනි කොටස බැලුවනම් තේරෙන්න ඇති. හොඳයි එහෙනම් මේ දෙවෙනි කොටස තමයි දිගහරින්න යන්නේ.
හැමදාම වගේ පෙර කොටස ගැන මතක් කරගෙන ඉමු.
Breaking Bad කොටසේ අන්තිමටම කිව්වා වගේ සෝල් ගූඩ්මන් කියන්නේ සිනේබොන් වල වැඩ කරන නීතිඥයෙක්. කාටවත් එයාව අඳුරගන්න විදිහක් නෑ. ඒ මොකද ලොකු උඩු රැවුලක් වවාගෙන ඉන්න නිසා වගේම කොන්ඩේ ගොඩක් අඩු වෙලා නිසා. රෑ වැඩ ඉවර වෙලා එයා ගෙදරට ගියාට පස්සේ පොඩි ඩ්‍රින්ක් එකක් දාන ගමන් VHS පීස් එකක් එයාගේ රූපවාහිනියට දාලා පරණ දැන්වීම් කිහිපයක් බලන්න පටං ගන්නවා.
ඒ විදිහටයි කතාව ආරම්භ වෙන්නේ.
2002 මැයි මාසයේදී, ජිමී මැක්ගිල් (සෝල්ගේ උපන් නම) මළමිණියක ඔලුව ගලවලා ඒත් එක්ක ලිංගිකව එකතු වෙච්ච ලමයි තුන්දෙනෙක් වෙනුවෙන් උසාවියේදී පෙනී හිටිනවා. ඔහු උත්සාහ කරනවා උසාවියට ඔප්පු කරන්න ඒ ක්‍රියාව තරුණයින් අතර සිඳුවෙන සාමාන්‍යය දෙයක් බවට. නමුත්, විරුද්ධ පැත්තේ නීතිඥයා වීඩියොවක් පමණක් පෙන්නලා මුලු නඩුවම අනිත් පැත්ත හැරෙව්වා. උසාවියේදී පැරදිලා එලියට යද්දී එයාට දුරකථන ඇමතුමක් ලැබෙනවා. හැබැයි ජිමී තමන්ගේ කටහඬ වෙනස් කරලා තමන්ගේ කාර්යාලය ගැන බොරු කියනවා ජිමීගේ සහයකයා විදිහට. නමුත් ජිමීට එහෙම කවුරුත් නැති නිසයි එයා එහෙම කටහඬවල් වෙනස් කරලා කතා කරන්නේ.
ක්‍රෙයිග් සහ බෙට්සි කෙට්ල්මන් කියන දෙන්නවම ජිමී හමුවෙන්නේ මේ අතරතුරේදී. මෙයාලා දෙන්නාව තමයි පළාතේ භාණ්ඩාගාරයේ සල්ලි නැතිවෙච්ච එකට සැකකරන්නේ. එයාලා තීරණය කරත් ජිමීව එයාලගේ නීතිඥයා විදිහට තෝරගන්න, නමුත් අවසානයේදී ඒක වෙනස් වෙනවා. ඒ වුනත්, ඒ නඩුව අතාරින්නේ නැතිව ඉන්න තීරණය කරන ජිමී, දුරකථනය හරහා මල් කලබක් ඒ ජෝඩුවට යවන්න උත්සාහ කරනවා. එකපාරටම පාරේ ස්කෝට්බෝඩ් සෙල්ලම් කරමින් හිටපු කොලුවෙක් එයාගේ කාර් එකට හැප්පෙනවා. මේ සිඳුවීම නිසා ඒ හැප්පුන කෙනෙක් එක්ක හිටපු අනිත් කෙනා ගාව ඒ සිඳුවීමේ වීඩියෝ තියෙනවා කියලා ජිමීගෙන් සල්ලි කඩාගන්න හදනවා. නමුත් එතන සිද්ධ වෙන්නේ මේ තරුනයින් දෙන්නා කතා වෙලා වාහන වලට බලෙන්ම හැප්පිලා ඒ වාහන පදවන අයගෙන් සල්ලි කඩා ගන්න එකයි. ඒ සිඳුවීමෙන් පස්සේ මෙයා යන්නේ වියට්නාම අයුරින් තියෙන රූපලාවන්‍යාගාරයකට. බලාපොරොත්තු කඩවෙච්ච ජිමී තමන්ගේ දුරකථනයටවත් පණිවිඩයක් ඇවිත්ද බලන්න ඒක ික්‍රයාත්මක කෙරුවත් කිසිම පණිවිඩයක් ඒකේ සඳහන් වෙන්නේ නෑ. එයාට ලැබිලා තියෙන ලියුම් බලද්දී, ඩොලර් විසි හයදාහක චෙක් එකක් තියෙනවා දකිනවා. ඒක ලැබිලා තියෙන්නේ එයාගේ සහෝදරයා වන චක්ගේ නීතිඥය සමාගමෙන්. චක්ගෙන් මේ සියලුම දේවල් වංචා කරලා ලබාගත්තු එකට විරුද්ධව ජිමී වැඩකටයුතු කරගෙන, එතන රණ්ඩුවක් ඇතිකරගෙන එලියට එද්දී දකිනවා කෙට්ල්මන් ජෝඩුව එතනට ඇවිත් ඉන්නවා.
ජිමී චක්ගේ ගෙදරට යනවා. චක් කියන්නේ විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයන් විශ්වාස කරන කෙනෙක්. එයාගේ ගෙදර කිසිම විද්‍යුත් උපකරණයක් නෑ. එතනදීත් රණ්ඩුවක් ඇතිකරගන්න ජිමී අර ස්කේට්බෝඩ් පදින කොල්ලෝ දෙන්නව හොයාගෙන යනවා. ඒ එයත් එක්ක හවුල්වෙලා වැඩ කරන්න කියලා. ඒ දෙන්නට ජිමී සිසේරෝ වලදී ලේසියෙන්ම සල්ලි හොයපු හැටි කතාව කියනවා. කෙට්ල්මන්ගෙන් සල්ලි කඩාගන්න ඕන නිසා ජිමී මේ දෙන්නා යොදවනවා ඒ වාහනේ හැප්පෙන්න කියලා. වැඩේ ලස්සනට උනා. නමුත් ඒ වාහනේ හිටපු කෙනා බැහැලා අඩුම තරමේ මොකද වුනේවත් කියලා බලන්නේ නැතිව වාහනේ දිගටම ගියා. ස්කේට්බෝඩ් ඩබල එයාගේ පස්සෙන් පන්නනවා, හැබැයි වාහනේ නැවතුනාම ඒ කාර් එකෙන් බහින්නේ වයසක කාන්තාවක්. එයාලා දන්නේ නෑ කවුද මේ කෙට්ල්මන් කියන්නේ කියලා. ඉතින් මේ අහුවෙලා ඉන්නේ වැරදි පුද්ගලයා කියන එක නොදැන, එයාලා සල්ලි ඉල්ලගන්න උත්සාහ කරනවා. සල්ලි නොදෙන නිසා මහලු කාන්තාවගේ පස්සෙන්ම එයාගේ ගේ ඇතුලටත් යනවා. ජිමී ටික වෙලාවකට පස්සේ එතනට ඇවිත් තමන් යුක්තියේ නිළධාරියෙක් කියලා දොරට තඩිබානවා. නමුත් එකපාරටම ටුකෝ සලමන්කා විහින් එයාට තුවක්කුවක් දික්කරගෙනයි දොර අරින්නේ.
අද එතැන් පටන්….
ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!
844FDE6FA9CEEFDD21E827863AD25AA3CDE8815D 2B0E44D67534B064F2EAD7CDD5547C13686BA691 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,536 downloadsDownload Better-Call-Saul-S01E02.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
22 comments
හර්ෂ ලහිරු
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පලවෙනි කොටහ බෑවෙනවා..
දෙකත් බාන්න දැම්මා..
ලිපියනම් කියෙව්වේ උඩින් පල්ල්ලෙන් මොකද පලවෙනි කොටහ බලලා හොඳට ලිපිය ආයේ කියවන්න ඕනේ නිසා..
එහෙනම් ජය වේවා..
මමත් මේ කතාව එක්ක දිගටම ඉන්නවා ලොවෙත්...
ජය වෙආ!!thisal
tnxxxxxxxxxxx
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ටනෙ. ඇත්තටම කිව්වොත් පළවෙනි ලිපියෙනම් මේලො දානයක් තෙරුනේ නෑ.
බලලම තමයි තෙරුම් ගන්න වෙන්නෙ.
ජය වේවා. !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sithija
breaking bad (so) okkoma baluwa.mekat lovet digatama balanawa.tnx bro
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........Sanath
Thanks for subtitle bro...
umesh@55
thanks sub ekata, patta kathawak wage....
sahamohomad
machan meke okkoma sub tika danna barida
Lahiru W
thanks baiscope team. season 2 ekath ikmanin denna.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Anonymous
Thnx for sub...
sasiru
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
Anonymous
thanks for sub
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Akila Dilhara
Thanks Brother...
Anonymous
මේකෙ sub එකක පොඩ්ඩක් කලින් නේද යන්නෙ
Ravindu Heshan - Admin
ඔයා ඩවුන්ලෝඩ් කරපු කොපිය අනුව එහෙම වෙනවා, මෙ සබ් එක මැච් වෙන කොපිය ගත්තා නං හරි සහො
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය