ඔන්න මේ ගේන්න යන්නේ හත්වෙනි කොටස එහෙනම්. ඉතින් වැඩි කතා බහක් නැතුව කලින් කොටසේ සිද්ධ වුනේ මොනවද කියලා බලමු. පසුගිය කොටස පටං ගන්නේ ජිමී රෑ නිදාගන්න උත්සාහ කරන කොටසකින්. ඉතින් ජිමී මේ අලුතින් ඩේවිස් ඇන්ඩ් මේන් එකෙන් ලැබුන ගෙදරට වෙලා නිදාගන්න කොච්චර උත්සාහ කරත් නින්ද යන්නේ නැහැ. ඉතින් ජිමී තීරණය කරනවා…

ඔන්න මේ ගේන්න යන්නේ හත්වෙනි කොටස එහෙනම්. ඉතින් වැඩි කතා බහක් නැතුව කලින් කොටසේ සිද්ධ වුනේ මොනවද කියලා බලමු.
පසුගිය කොටස පටං ගන්නේ ජිමී රෑ නිදාගන්න උත්සාහ කරන කොටසකින්. ඉතින් ජිමී මේ අලුතින් ඩේවිස් ඇන්ඩ් මේන් එකෙන් ලැබුන ගෙදරට වෙලා නිදාගන්න කොච්චර උත්සාහ කරත් නින්ද යන්නේ නැහැ. ඉතින් ජිමී තීරණය කරනවා තමන්ගේ පරණ සුපුරුදු තැන වෙච්ච නියපොතු අලංකාර කරන සැලුන් එකට ගිහින් නිදාගන්න.
ඔය අතරතුර කිම් කොච්චර ජිමී එක්ක ඇරියස් එකක් තිබ්බත් හිතේ තියෙන ආදරේ නැතිවෙන්නේ නෑනේ. ඉතිං කිම් අනිත් දවසේ උදේ වැඩට යන්න ලෑස්ති වෙලා බලාගෙන ඉන්නවා සුපුරුදු විදිහටම ජිමීගෙන් කෝල් එකක් එනකම්. ඒ කොටස බැලුවනම් තේරෙන්න ඇති කිම්ගේ හිනාවෙන්ම කිම් කොච්චරක් ජිමීට කැමතිද කියලා.
මේ අතරතුර HHM එකේ ලියුම් කාමරේට ආපහු වැඩට දාපු කිම්ව එයාගේ ස්ථානය ආපහු දෙනවා. හෝවඩ් මේ තීරණය අරගෙන තියෙන්නේ චක් ගියපු දේවල් අහලා. නමුත් කිම් කියනවා චක්ට එයා නෙමෙයි මේ දේවල් හෝවඩ්ට කියන්න කිව්වේ කියලා. ඉතින් මේ අතරතුර කිම් හොයාගත්ත නඩුවේ අය එනවා HHM එකට. හෝවඩ් ඇවිත් කතා කරනා කිම්ට ඒ අය ඇවිත් ගිහින් හම්බවෙමු කියලා. ඉතින් මේ හමුවීම ඇත්තටම හොදට සිද්ධ වුනා. හෝවඩ්ට වගේම කිම්ටත් ගොඩක් සතුටුයි මෙච්චර ලොකු නඩුවක් තමන්ගේ ආයතනයට ලැබුන එකට.
මයික් ගැන කතා කරද්දි මයික් ගෙදර යද්දි එක මනුස්සයෙක් මයික් එනකම් ගෙදර උලුවස්ස ගාව ඉදගෙන බලාගෙන ඉන්නවා. ඒ මනුස්සයා ඇවිත් තියෙන්නේ මයික්ගෙන් උත්තරයක් අරගෙන යන්න. ඒ ටුකෝ ගාව තිබ්බ තුවක්කුව මයික්ගේ කියලා කියනවට ඩොලර් 5000ක් දෙනවා, ඒකට කැමතිද කියලා ටුකෝගේ මාමා මයික්ගෙන් 05 වන කොටසේ අවසානෙට අහපු ප්‍රශ්ණෙට උත්තරයක් විදිහටයි. නමුත් මයික් මේකට කැමති නැහැ කියලා හරවලා යවනවා. ඔය අතරතුර මයික් එලියට යනවා. ඉතින් ගෙදර එනකොට මයික් පාපිස්ස යට පොඩි උගුලක් අටවලා ගිහින්නේ තිබුනේ. උගුල කියන්නේ එයාගේ පාපිස්ස යට කාබන් කොලයක් දාලා ගිහින් තිබුනේ. එතකොට ඒකෙන් දැනගන්න පුලුවන් කවුරුහරි ගෙදරට හොරෙන් ඇතුලුවුනාද කියලා. ඉතින් මයික් ඇවිත් බලද්දි පාපිස්ස යට තියෙන කාබන් කොලේ අඩිපාරවල් දෙන්නෙක්ගේ තියෙනවා. ඉතින් මයික් බොහොම පරිස්සමින් ගේ ඇතුලට ගිහින් ඒ ඇතුලේ හිටපු දෙන්නව යටත් කරගෙන මොකක්ද කාරණය කියලා අහනවා. ඒ අය කියන විදිහට මයික්ව මරණ්න නෙමෙයි බය කරන්නයි ආවේ කියලයි එයාලා කියන්නේ.
මේ අතරතුර කිම් යම් නඩුවකට පෙනී ඉන්න යනවා. ඉතින් ඔය නඩුව කතා කරලා අවසානයේ තීන්දුව දෙන්න නඩුකාරතුමා පරක්කු කරනවා. මේ වෙලාවේ අනිත් පාර්ශවය වෙනුවෙන් කතා කරන්න ඇවිත් හිටියේ ක්ෂෙවයිටර් ඇන්ඩ් කෝක්ලි කියන නීතීඥ සමාගමෙන්. ඉතින් ක්ෂෙවයිටර් කිම්ට කතා කරනවා කෑමකට එලියට යමු කියලා. ඉතින් මෙහෙම ගිහින් කතා කර කර ඉද්දී කිම්ට ක්ෂ්වෙයිටර් ආරාධනා කරනවා තමන්ගේ ආයතනයේ රස්සාවට එන්න කියලා. කිම්ට හිතාගන්නවත් බැරිවෙනවා. නමුත් කිම් කියනවා ඒ ගැන හිතලා බලලා උත්තරයක් දෙන්නම් කියලා.
මේ සතුට නිසාම කිම් යනවා බාර් එකකට පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න. ඉතින් මේ සතුටු ආරංචිය මෙයාට ජිමීට කියන්නම ඕන කරනවනේ. ඉතින් ජිමීට කිම් කෝල් එකක් දෙනවා.
මේ වෙලාවේ ජිම් කොටුවෙලා හිටියේ තමන්ව බලාගන්න ක්ලිෆඩ් දැම්ම එරින්ගෙන්. ඒ නඩු කටුයුතු ගැන එයා අහන දේවල් වලට උත්තර දෙන්න.
ඔය වෙලාවේ ජිමී කෝල් එක උස්සනවා. ඉතින් ජිමීට මේ ලැබිච්ච වෙලාව අහක දාන්න බැරිනිසා ජිමී එකපයින් කැමති වෙනවා කිම් ඉන්න තැනට යන්න. ඔය අතරතුර කිම් ජිමී කලින් කරන්න පුරුදු වෙලා හිටපු සෙල්ලමක් කරන ගමං හිටියේ. ඒ සෙල්ලම තමයි කෙනෙක්ව රවට්ටලා සල්ලි කඩා ගන්න එක. එහෙමත් නැත්නම් එයා ගානේ බොන එක. ඉතින් ඔතනට සහභාගි වෙන ජිමීත් කිම්ට උදව් කරලා කොහොම හරි ඒ මනුස්සයාගෙන් සල්ලි කඩා ගන්නවා.
ඔය අතරතුර මයික් යනවා තමන්ගේ ලේලිවයි මිණිබිරියවයි නවත්තලා හිටපු හෝටලයට එයාලව බලන්න. ඉතින් මයික් තමන්ගේ මිණිබිරියත් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට එයා දකිනවා වහලයක් උඩ ටුකෝගේ මාමගේ ගෝලයෝ දෙන්නෙක් එයාලා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ වගේම ඒ කට්ටිය තර්ජනය කරනවා ඒ මුලු පවුලම මරලා දානවා කියලත්. ඉතින් මයික් යනවා ටුකෝගේ මාමාව හම්බවෙන්න. මයික් කියනවා එයාට ඩොලර් 50,000ක් දුන්නොත් තුවක්කුව එයාගේ කියලා කියනවා කියලා. ටුකෝගේ මාමා මුලින් අකමැති වුනත් පස්සේ කැමති වෙනවා මේකට. ඉතින් නචෝ පස්සේ මයික්ගේ ගෙදරට සල්ලි ටික අරගෙන එනවා. ඒත් මයික් ඒ සල්ලි වලින් ඩොලර් 25000ක් අරගෙන ඉතුරු ඩොලර් 25000 නචෝට දෙනවා. ඒකට හේතුව විදිහට මයික් කියන්නේ මේ ප්‍රශ්ණේ පටං ගත්තේ දැනුයි කියලයි.
ඉතින් ඔය අතර ජිමී සහ කිම් දෙන්නා එකට රෑ ගත කරලා අනිත් දවසේ තරහා මරහා අමතක කරලා වැඩට යන්න සූදානම් වෙනවා.
අද කොටස ගලාගෙන යන්නේ එතැන ඉදන්. අනිත් කොටසින් ඉක්මනින් හම්බවෙමු. ජයවේවා..!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
7,393 downloadsDownload Better.Call_.Saul_.S02E07.Baiscopelk.com_.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
8 comments
sachintha
harith98
thanxx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan Sadishka
නොනවත්වා season ඔක්කොම දෙන්න යාලුවා.ඔබට ජය.
PRIYANKARA APONSO
Thank you for subtitle
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sasiru
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
Mr B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Better Call Saul [S02 : E07] Sinhala Subtitles | වෙනම ගමනක්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Better-Call-Saul-S2P2.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි