හරි එහෙනම්. මේ හයවෙනි කොටස තමයි ඔයාලට දෙන්න යන්නේ. ඉතිං වෙනදා වගේම පසුගිය කොටසේ මොනවද උනේ කියලා මතක් කරගෙනම ඉමු. පසුගිය කොටස පටං ගන්නේ චක්ගේ පරණ සිදුවීමක් මුල් කරගෙනයි. ඒ වෙද්දී චක් කසාද බැදපු අලුත. ඉතින් චක් ජිමීට ආරාධනා කරනවා රෑ කෑමකට චක්ගේ අලුත් බිරිඳත් එක්ක. ඉතින් චක් ජිමී එන්න කලින් මෙයාගේ බිර…

හරි එහෙනම්. මේ හයවෙනි කොටස තමයි ඔයාලට දෙන්න යන්නේ. ඉතිං වෙනදා වගේම පසුගිය කොටසේ මොනවද උනේ කියලා මතක් කරගෙනම ඉමු.
පසුගිය කොටස පටං ගන්නේ චක්ගේ පරණ සිදුවීමක් මුල් කරගෙනයි. ඒ වෙද්දී චක් කසාද බැදපු අලුත. ඉතින් චක් ජිමීට ආරාධනා කරනවා රෑ කෑමකට චක්ගේ අලුත් බිරිඳත් එක්ක. ඉතින් චක් ජිමී එන්න කලින් මෙයාගේ බිරිදට කියනවා වැඩිය ජිමී එක්ක කියවන්න යන්න එපා, වැඩේ අවුල් වීගෙන එනවනම් කන පොඩ්ඩක් කහන්න, ඒ කරලා මෙයාව ඉක්මනටම යවපු කියලා. නමුත් ජිමී කෑම කන අතරතුර විහිලු දේවල් වගයක් කියන්න පටං ගෙන චක්ගේ නෝනාගේ හිත දිනාගන්නවනේ. චක්ට මේක ලොකුවට ප්‍රශ්ණයක්. ඉතින් ජිමී ගියාට පස්සේ චක් නිදාගන්න හදද්දි ජිමී කියපු විදිහේ විහිලුවක් එයාගේ බිරිඳට කරනවා. නමුත් බිරිඳ ඒක ඒ තරමට ලොකුවට ගනං ගන්නේ නැහැ ජිමී කියනකොට හයියෙන් හිනා වෙවි හිටියට. ඔතනින් ඒ අතීත වර්ජනයේ කොටස ඉවර වෙනවා. කියන්න බැහැ මේ කොටස මේ කතාවේ කොහාට සම්බන්ධ වේවිද කියලා තාම නම්.
ඉතින් වර්තමානය පැත්තට එනකොට, ජිමී ඔෆිස් එකට වෙලා රෑ තිස්සේ කිම් ගැන හිත හික ඉන්නවා. ඉතින් ජිමී තීරණයක් ගන්නවනේ චක්ට කියලා කිම්ව ආපහු හිටපු තැනටම යවන්නයි, ඒ වෙනුවට ජිමී ඩේව්ස් ඇන්ඩ් මේන් සමාගෙමන් අයින් වෙනවා කියලා. ඉතින් ජිමී ලියුමක් ටයිප් කරලා ප්‍රින්ට් වෙන්න දානවා. ඔය අතරතුර ජිමීගේ ඔෆිස් එකේ එයාගේ යටතේ වැඩකරන එරින් ජිමීව හම්බවෙන්න එනවා. ජිමීට මුලින් මුලින් ඇයි මෙයා මෙහෙම හැසිරෙන්නේ කියන එක ගැන තේරෙන්නේ නැහැ. ඒත් පස්සේ ජිමීට තේරෙනවා ක්ලිෆ් ජිමීව හදාගන්න ඕන නිසයි මේ එරින්ව ජිමීගේ වැඩ වලට උනන්දුවක් වෙන ආකාරයෙන් ජිමීගේ පස්සෙන්ම යොදවලා තියෙන්නේ කියලා. ඉතින් ජිමීට කිම්ව හම්බවෙන්න යන්න හදිස්සියේ තිබ්බේ. ඒත් මේ හෝන්තුව නිසා ජිම්ට ඒකට පරක්කු වෙනවා. ජිම් පොඩි උප්පරවැට්ටියක් දාලා කොහොම හරි ඩේවිස් ඇන්ඩ් මේන් එකෙන් එරින්ට හොරෙන් එලියට පැනගන්නවා.
ඒ කරලා ජිම් කෙලින්ම යන්නේ HHM එකට. ඒ වෙද්දි එයාට විශ්වාසයක් තිබුනේ නැහැ කිම් ඇතුලේ ඉදීවි කියලා. ඒත් ඇත්තටම කිම් ඒ වෙද්දිත් බරටම ඇතුලේ වැඩ. ඉතින් ජිමී කිම් ගාවට ගිහින් සේරම විස්තර කියනවා. ජිමී කිම්ට කියනවා එයා රස්සාවෙන් අයින් වෙනවා කිම්ව බේරගන්න ඕන නිසා කියලා. නමුත් කිම් ඒකට කැමති වෙන්නේ නැහැ. කිම් එයාට අභියෝගයක් දෙනවා පුලුවන්නම් එක දවසක්වත් නීතියක් නොකඩා ඉන්න කියලා.
ජිම් අනිත් දවසේ වැඩට යනවා. ඒ යද්දිත් එරික් උපදෙස් දෙන්න බලාගෙන ඔෆිස් එක ඇතුලට වෙලා ඉන්නවා. ජිමී හොදටම දන්නවා මෙයාගෙන් ගැලවෙන්න වෙන්නේ නැහැ කියලා. ඔය අතරතුර විස්තර වගයක් ගන්න ජිමී එරින්වත් එකතු කරගෙන පොලිසියට යනවා. ඉතින් එතනදී ජිමීට මයික්ව හම්බවෙනවා. නමුත් ලොකු වෙලාවක් කතා කරන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව එරින් එයත් එක්ක ඉන්න නිසා. කොහොම හරි පොලිසියට ඇතුලට යනවා මේ දෙන්නා. ඉතින් ජිමීට උවමනා වෙනවා කේස් එකක විස්තර වගයක් දැනගන්න. ඉතින් ඒකට දවස් ගාණක් ඉන්න වෙන නිසා ජිමී පොඩි අල්ලසක් වගේ දෙයක් එතන ඉන්න ගෑණු කෙනාට දෙන්න හදනවා. ඒ උනාට එරින් ඒකට කැමති වෙන්නේ නැහැ. ජිමීට සාමාන්‍ය විදිහට දවසක් දාගෙන එතනින් යන්න වෙනවා එරින්ගේ වැඩ නිසා. ඇත්තටම එරින් නිසා ජිමීගේ දැන් කැත වැඩ ටික සෑහෙන්න අඩුවෙලා තියෙන්නේ කියලා ඒ දේවල් වලින් පැහැදිලිවම තේරුම් ගන්න පුලුවන්.
මයික් ඔය අතරතුර එයාගේ ලේලිවයි මිණිපිරියවයි ගෙදරින් එක්කරගෙන ගිහින් හෝටලේක නවත්තලා කියලා පෙන්වනවා.
කිම් කොහොමහරි තමන්ට මේ වෙච්ච අකරතැබ්බියෙන් බේරෙන්න ඕන නිසා එයා කොහොම හරි තනියම කේස් එකක් හොයාගන්න උත්සාහ කරනවා. ඔය අතරතුර එයාට එක යාලුවෙක් මාර්ගයෙන් කේස් එකක් ලැබෙනවා. ඉතින් කිම් එයාගේ මේ යාලුවා වන පේජ් සහ පේජ්ගේ බොස් වන කෙවින්වයි එයාලගේ HHM කාර්යාලයට ගෙන්න ගන්නවා. ඒ කරලා හෝවඩ් එක්ක හමුවීමක් සූදානම් කරනවා එයාලගේ කේස් එක සම්බන්ධව. හමුවීම අවසානයේ කිම් හෝවඩ්ට කිව්වත් නඩුව ගැන එයා බලාගන්නම් කියලා හෝවඩ් කිම්ට ඒක කරන්න ඉඩ දෙන්නේ නැතුව වෙන කෙනෙක්ට කරන්න දෙනවා කියලා එතනින් පිටත් වෙනවා.
ඔය අතරතුර හෝවඩ් යනවා චක්ගේ ගෙදර එයාව හම්බවෙන්න. ඉතින් චක්ටත් මේ ලොකු කේස් එක ගැන දැනගන්න ලැබිලා තියෙනවා කිම් මාර්ගයෙන් හෝවඩ්ට ලැබුන. ඉතින් චක් කිම් ගැන අහද්දි හෝවඩ් කිම් ගැන කිසිම දෙයක් එතනත් සදහන් කරන්නේ නැහැ.
ඉතින් රෑ පාන්දර වෙද්දී චක් යනවා HHM එකට තමන්ගේ වැඩ ටික කරගන්න. ටික වෙලාවක් යද්දි කිම් එතනට එනවා සැන්ඩ්පයිපර් එකේ විස්තර වගයක් අරගන්න. චක් කිම්ව දකිනවා. දෙන්නා කෝපි එකක් බිබී කතා කරනවා. චක් එයාගේ තාත්තා ගැන විස්තරයක් කිම්ට කියනවා. ඒ වගේම ජිමී කොච්චර හොඳ කෙනෙක්ද කියලා ඒ කතාව ඇතුලෙන්ම කිම්ට චක් කියලා දෙනවා. ඒ වගේම චක් පොරොන්දු වෙනවා කිම්ව හෝවඩ්ට කියලා ආපහු හිටපු තැනටම අරගන්නවා කියලත්.
ඔය අතරතුර මයික් යනවා රෙස්ටුවරන්ට් එකකට. මේ රෙස්ටුවර්න්ට් එකට ටුකෝගේ මාමා එනවා. ඒ ඇවිත් මයික්ට කියනවා ඩොලර් 5000 ක් දෙන්නම්, ටුකෝ ගාව තිබ්බ තුවක්කුව මයික්ගේ. ඒක එයා උදුරලා ගත්ත නිසයි ඒකේ ටුකෝ ගේ ඇගිලි සලකුණු තියෙන්නේ කියලා. නමුත් මයික් ඒකට කැමති වෙන්නේ නැහැ. ටුකෝගේ මාමා මයික්ට අනතුරු අඟවලා යන්න යනවා.
පේන විදිහටනම් මේ මනුස්සයාගෙන්නම් මයික්ට ගැලවිල්ලක් නැතිවෙයි වගේ. ඉතින් ඔහොම අවසන් වුන කොටසේ ඉදන් තමයි අද පටං ගන්නේ. එහෙනම් අනිත් කොටසින් හම්බවෙමු.
ජයවේවා…!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
7,439 downloadsDownload Better.Call_.Saul_.S02E06.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
8 comments
sachintha
PRIYANKARA APONSO
Thank you for subtitle
Anonymous
Thanks saho....!!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasiru
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
Mr B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Akila Dilhara
Thanks Brother...
Advertisement
![Better Call Saul [S02 : E06] Sinhala Subtitles | කරුමයත් වෙලාවකට වාසනාවක්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Better-Call-Saul-S2P2.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි