හරි සුපුරුදු විදිහට මේ ගේන්නේ Better Call Saul කතා මාලාවේ හතරවෙනි කතා සමයේ තුන්වෙනි කොටස. ඉතින් සුපුරුදු විදිහටම විස්තර ටිකක් බැලුවොත් මේ කොටස ගැන, නම් කරලා තියෙන්නේ Something Beautiful කියලා. හේතුව අද කතාවේ අන්තිමටම දැකගන්න පුලුවන් වෙයි. ඉතින් මේ කොටස විකාශය වුනේ 2018 අගෝස්තු 20 වෙනිදා ඇමරිකාවේ AM…

හරි සුපුරුදු විදිහට මේ ගේන්නේ Better Call Saul කතා මාලාවේ හතරවෙනි කතා සමයේ තුන්වෙනි කොටස. ඉතින් සුපුරුදු විදිහටම විස්තර ටිකක් බැලුවොත් මේ කොටස ගැන, නම් කරලා තියෙන්නේ Something Beautiful කියලා. හේතුව අද කතාවේ අන්තිමටම දැකගන්න පුලුවන් වෙයි. ඉතින් මේ කොටස විකාශය වුනේ 2018 අගෝස්තු 20 වෙනිදා ඇමරිකාවේ AMC නාලිකාව හරහා. සුපුරුදු විදිහටම ඇමරිකාවෙන් පිටත විකාශය වුනේ Netflix හරහායි. මේ කොටස විකාශය වුන දවසේ ඇමරිකාව තුලදී විතරක් මිලියන 1.51ක ජනතාවක් මේ කොටස නරඹලා තියෙනවා.
ඒ වගේම මේ කොටසේ තමයි පලවෙනි පාරටම Breaking Bad එකේ ඉන්න චරිතයක් වන Gale Boetticher කියන චරිතය අපිට මේ Better Call Saul කතා මාලාවෙදී හම්බවෙන්නේ.
ඉතින් එහෙනම් පසුගිය කොටසින් මොකද වුනේ කියන එක මතක් කරගෙන ඉමු.
ජිමීගේ නීතීඥ බලපත්‍රය අත්හිටවලා තියෙන නිසා තමන්ට ආදායමක් නැති නිසාත් ජිමී රස්සාවක් හොයාගන්න සම්මුඛ සාකච්ඡා වගයකට මූණදෙන්න යන්න සූදානම් වෙනවා. මේ අතරින් ජිමී යනවා නෙෆ් කොපියර්ස් කියන සමාගමේ විකුණුම් සහකරුවෙක් විදිහට බැදෙන්න සම්මුඛ සාකච්ඡාවකට. ඒත් එතන අයිතිකාරයා ජිමීට තිබුන නීතීඥ පසුබිම නිසා ජිමීව තමන්ගේ සමාගමට එකතු කරගන්න අකමැති වෙනවා. ජිමී එතනින් යන්න පිටත් වෙනවා. ඒත් ජිමී ආපහු සැරයක් ඇවිත් එයාලා ජිමී ගැන හිතපු විදිහ වැරදියි කියන මතය ගොඩනංවනවා. ඒ ජිමී තමන්ගේ උපරිම වැඩකිඩ දාලා මැෂින් එකක් පාරිභෝගිකයෙක්ට විකුණන විදිහට එයාලට කරලා පෙන්නනවා. ඉතින් මේ නිසාම ඒ සමාගමේ අයිතිකාරයා පුදුම වෙනවා වගේම ඒ වෙලාවේම ජිමීට රස්සාව දෙන්න කැමති වෙනවා. ඒත් හැබැයි ජිමී රස්සාව අරගන්න එක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ජිමී එතනින් යනකොට කබඩ් එකක තියලා තිබුන හම්මෙල්ගේ ප්‍රතිමා එකතුවක් එයා දකිනවා.
ලිඩියා මයික්ව හම්බවෙනවා. ඒකට හේතුව වෙන්නේ ලඟකදී සිදුවුන ආරක්ෂක විගණනයන් ගැන සාක්ච්ඡා කරන්නයි. ලිඩියා මයික්ට ආපහු සැරයක් තේරුම් කරලා දෙනවා මැඩ්රිගල් සමාගමෙන් එයාට රස්සාවක් දුන්නේ මයික් හොරකම් කරපු සල්ලි මුදල් විශුද්ධිකරණය හරහා එයාට ආපහු ලබාදෙන්න ඕන නිසා කියලයි. ඒ වගේම ඒ රස්සාව දුන්නට ඒ රස්සාව නිකම්ම නිකම් කඩදාසියකට සීමා වුන එකක් විතරක් කියලත්, එයා ඒ රස්සාව කරන්න ඕන නැති බවත් ආපහු මැරයක් ලිඩියා මයික්ට තේරුම් කරලා දෙනවා. කෙනෙක් මේ මුදල් ගෙවන එක ගැන ප්‍රශ්ණ කරනවනම් විගණනය මගින් ආවරණයට කතාවක් එකතුවෙනවා කියලා මෙතනදී මයික් කියනවා. කොච්චර කිව්වත් මයික්ට සමාගමේ දේවල් වලට ඇගිලිගහන්න එපා කියලා මයික් තේරුම් නොගන්න නිසා ලිඩියා ගස්ට පැමිණිලි කරනවා මේ ගැන. හැබැයි ගස් වුනත් මයික් කරන දේ ගැන මොකවත් නොකියාම මයික් කරන්නේ හරි දෙයක් කියලා එතනදී අනුමත කරනවා.
හෝවර්ඩ්, කිම් සහ රෙබේකා එකතුවෙලා චක්ට තියෙන දේපළ ගැන සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ජිමීට විතරක් බලන්න පුලුවන් ලියුමක් ඇතුලුව ජිමීට වෙනම වෙන් කරපු ඩොලර් 5,000කුත් ජිමීට හිිමිවෙනවා කියලා මෙතනදී කියනවා. රෙබේකා මේ සාකච්ඡාව ඉවරයක් වෙලා ගියාට පස්සේ කිම් හෝවර්ඩ්ට ජිමී මේල් රූම් එකේ හිටපු දිනේ ඉදන් දුර්වල විදිහට සැලකුවේ කියලා කෝපයෙන් බැනගෙන යනවා. ඉතින් කිම් ගෙදර ගියත් ජිමීට අර ලියුම් කිසිම දෙයක් දෙන්නේ නැහැ. දෙන්නම කෑම කන ගමන් චිත්‍රපටි බලන්න ගත්තත් දෙන්නගේම කෑම කැවිල්ලයි චිත්‍රපටියි පැත්තකට දාලා වෙනම සීන් එකක් යන්න ගන්නවනේ ඉතින්. ඉතින් ඔය සිදුවීම ඉවර වුනාට පස්සේ ජිම් නෙෆ් කොපියර්ස් සමාගමේ තිබුන හම්මල්ස් ප්‍රතිමාවේ වටිනාකම පරීක්ෂා කරනවා. සෑහෙන ගාණක් මේක වටින නිසා ජිමීගේ ඔලුවට සැලසුමක් එනවා. ඒ ගමන්ම ජිමී මයික්ට කෝල් කරනවා.
ගස් දැනගන්නවා හෙක්ටර් ඉන්නේ කෝමාවක කියලා. ඉතින් ඒ නිසා ජෝන් හොප්කින්ස් වල ඉන්න දක්ෂ වෛද්‍යවරයෙක් වන වෛද්‍ය බෘක්නර්ව හෙක්ටර්ව සුව කරන ක්‍රියාවලිය අධීක්ෂණය කරන්න සලස්සවනවා. ඇය ගොඩක් හොඳින් ස්පාඥ්ඥ භාෂාව කතා කරනවා වගේම ලයනල් සහ මාර්කෝට (ඥාති සහෝදරයන්) වෛද්‍යවරු විසින් හෙක්ටර්ට මොකක්ද කරන්න යන්නේ කියන දේ ගැන පැහැදිලි කරලා කියලා දෙනවා. ටයිරස් ගස්ට හෙක්ටර්ගේ වෛද්‍ය වාර්තා ගොනුවේ පිටපතක් ගෙනත් දෙනවා. ඒකෙන් හෙළි වෙනවා හෙක්ටර්ගේ ඇග ඇතුලේ නයිට්‍රොග්ලිසරින් නැහැයි කියලා. මෙතනදී ගස්ට තේරෙනවා නචෝ හෙක්ටර්ව මරන්න හැදුවා කියලා.
නාචෝ සහ ආටුරෝ ලොස් පොලොස් හර්මානෝස් කුකුළු ගොවිපොළට එනවා එයාලගේ ඊළඟ මත්ද්‍රව්‍ය තොගය අරගෙන යන්න. ආටුරෝ ගස්ගේ මිනිස්සුන්ට තර්ජනය කරනවා කෑලි පහක් නෙමෙයි කෑලි හයක් එයාලට ඕන කියලා. ගස්ගේ මිනිස්සු කොහොමහරි තව එක කෑල්ලක් වැඩිපුර දීලා එයාලට යන්න දෙනවා. ඒත් නාචෝ සහ ආටුරෝ පිටවෙලා යනකොට ගස් හදිසියේම එකපාරටම කඩාපැනලා ආටුරෝගේ ඔලුව වැහෙන්න ප්ලාස්ටික් බෑග් එකක් දාලා හුස්ම හිරකරවනවා. ගස් පස්සේ නාචෝට කියනවා හෙක්ටර්ගේ බෙහෙත් මාරු කරා කියලා තමන් දන්නවා කියලත්, ඒ ගැන සලමන්කලාට කියන්න යන්නේ නැහැ කියලත් කියනවා. ඒ වගේම ගස් නාචෝට අනතුරු අඟවනවා “මෙතන ඉදන්, තමුසේ මගේ” කියලා.
ඉතින් අද කොටස ගලාගෙන යන්නේ ඔතන ඉදන්. එහෙනම් අනිත් කොටසින් හමුවෙමු ඉක්මනටම. ජයවේවා..!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
6,498 downloadsDownload Better-Call-Saul-S04-E03.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
11 comments
shelby
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්....Sithija
තෑන්ක්ස් බන්.ගොඩක් කාලෙකට පස්සේ ආසාවෙන් බලන සීරීස් එකක්.ඉතුරු ටිකත් දෙන්න ඉක්මනට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Dimuthu
Me dawas wala balana ekama series eka. thank you.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
අනිත් ටිකත් ඉක්මනට දාමු..
Dimuthu
ඉතිරි ටික දෙන්නේ නැද්ද සහොදරයා... ස්තුතිය.
Aravinda
සබ් එක වීඩියෝ එකට කලින් යනවා ඒත් අවුලක් නෑ GPRS වලින් Internet පාවිච්චි කරපු අපිට ඕවා අවුලක් නෑ ....
sasiru
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks Machan <3