Watch Trailer

Better Call Saul [S04 : E02] Sinhala Subtitles | හැමදෙයක්ම හංඟන්න බැහැ! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ගේන්නේ Better Call Saul හතරවෙනි කතා මාලාවේ දෙවෙනි කතාව. ඉතින් මේ කොටස නම් කරලා තියෙන්නේ Breathe කියලා. මේකට හේතුවක් තියෙනවා. ඒක ඔයාලට අද කොටසේදී දැනගන්න පුලුවන් වෙනවා. ඉතින් මේ කොටස විකාශය වුනේ 2018 අගෝස්තු 13 වෙනිදා ඇමරිකාව ඇතුලත AMC රූපවාහිනී නාලිකාවෙන් වගේම ඇමරිකාවෙන් එලියේ අනිකු…

හොඳයි එහෙනම් මේ ගේන්නේ Better Call Saul හතරවෙනි කතා මාලාවේ දෙවෙනි කතාව. ඉතින් මේ කොටස නම් කරලා තියෙන්නේ Breathe කියලා. මේකට හේතුවක් තියෙනවා. ඒක ඔයාලට අද කොටසේදී දැනගන්න පුලුවන් වෙනවා. ඉතින් මේ කොටස විකාශය වුනේ 2018 අගෝස්තු 13 වෙනිදා ඇමරිකාව ඇතුලත AMC රූපවාහිනී නාලිකාවෙන් වගේම ඇමරිකාවෙන් එලියේ අනිකුත් රටවල් වල විකාශය වුනේ Netflix හරහායි. ඉතින් වැඩි කතා නැතුව පසුගිය කොටසින් මොකද වුනේ කියන එක මතක් කරගෙන ඉමු.

පසුගිය කොටස ආරම්භ වෙන්නේ අතීතය ආවර්ජනය කිරීමකුත් එක්කයි. ජීන් ඔමාහා සිනබාන් වලදී සිහිනැතිවෙලා වැටෙනවනේ. ඉතින් ජීන්ව රෝහලකට අරගෙන යනවා. ඉතින් රෝහලදී ජීන්ට මේ සිද්ධ වුන දේ නිකම්ම සිද්ධ වුන දෙයක්, අඩුම තරමේ හෘදයාබාධයක්වත් නැහැ කියලා ජීන්ව රෝහලෙන් ටිකට් කපලා යන්න ඉඩදෙනවා. ජීන් පිටත්වෙලා යනකොට, පිළිගැනීමේ නිලධාරිනිය විසින් මෙයාව නතර කරවනවා. ඒකට හේතුව ජීන්ගේ තොරතුරු රෝහලේ ඩේටාබේස් එකට දානකොට ඇතිවුන යම් ගැටළුකාරී තත්වයක් නිසයි. ඉතින් ජීන් මෙතනදී බයවුනත් ජීන් මොකවත් කරන්න කලින්ම පිළිගැනීමේ නිලධාරිය විහින්ම ඒ සිද්ධ වුන වැරැද්ද නිවැරදි කරලා ඒ ගැටළුව විසඳනවා. හැබැයි අපිට තේරුන විදිහට ජීන් රෝහලට දෙන්නේ බොරු තොරතුරු. ඉතින් පස්සේ ජීන් කුලී රථයක නැගලා ගෙදර යන්න ගියත් ජීන් දකිනවා රියදුරා තමන් ගැන හොදට ඇහැගහගෙන බලාගෙන ඉන්නවා කියලා. ජීන් මේක දකින්නේ රියදුර අසුන ඉස්සරහින් තියෙන පිටිපස්ස බලන්න තියෙන කණ්නාඩියෙන්. ඉතින් මේක නිසා බයවෙන ජීන් කරන්නේ අතරමගින් බැහැලා පාරේ අයිනකින් රියදුරාට වහංවෙලා ඒ වාහනේ නොපෙනී යනකම්ම හැංගි හැංගී ගමන් කරනවා.

ඉතින් වරත්මාන කොටසට ආවොත්,
හෝවර්ඩ් ජිමීට සහ කිම්ට චක්ව ගින්නට මැදිවුන කතාව කෝල් කරලා කියනවා. ඒත් ඒ දෙන්නම එන්නේ චක්ව මෘතාගාරයට අරගෙන යනකොටයි. ජිමී දකිනවා චක්ගේ ගෙදර ඇතුලේ තිබුන විදුලි උපකරණ එලියට දාලා තියෙනවා. ඉතින් ජිමීට තේරුම් යනවා චක්ට ආපහු එයාගේ විද්‍යුත් චුම්භක අධි සංවේදිතා රෝග ලක්ෂණ පටන් අරගෙන කියලා. ජිමී ගොඩක්ම ලොකු මානසික වැටීමකට පත්වෙනවා වගේම කිම් උත්සාහ කරනා ජිමීව සන්සුන් කරවන්න. චක්ගේ අවමංගල්‍යය කටයුතු සංවිධානය කරන වගකීම හෝවර්ඩ් භාරගන්නවා.

මයික් මැඩ්රිගල් ඉලෙක්ට්‍රොමෝටිව් එකෙන් එයාට ලැබෙන්න ඕන පළවෙනි ගෙවීම ගිවිසුම්ගත ආරක්ෂක උපදේශකයෙකු විදිහට ලබාගන්නවා.මතක ඇතිනේ මේක ඇවිත් මුදල් විශුද්ධීකරණයක්. ගස් තමයි මයික්ව මේකට සම්බන්ධ කරේ. මොකද මයික් සලමන්කාලාගෙන් හොරකම් කරපු සල්ලි කෙලින්ම වියදම් කරන්න බැරි නිසයි මුදල් විශුද්ධකරණයක් හරහා තමන්ගේම සල්ලි නැත්නම් තමන්ගේ කලු සල්ලි සුදු සල්ලි කරලා ආපහු තමන්ටම ලැබෙන්නේ. කඩදාසියක විතරක් ලියවුන ගණුදෙනුවක් කියලා කිව්වට මයික් මැඩ්රිගල් ගබඩාවට ඇතුලු වෙලා සවිස්තරාත්මකව ආරක්ෂක විගණනයක් සිදු කරනවා වගේම මයික් එතන හිටියා කියලා ලිඩියාට කියන්න කියලත් ෆැසිලිටි මැනේජර්ට කරන්න ඕන දේවල් ගැන කියනවා.

ජුවාන් බොල්සා, ගස් සහ නාචෝ අතර තිබුන රැස්වීම අතරතුර හෙක්ටර්ට සිද්ධ වුන අසනීපය හේතුවෙන් එයාව අරගෙන යන්න එතනට ඇම්බියුලන්ස් එකක් එනවා. මයික් දුන්න උපදෙස් වලට අනුව නචෝ කරන්නේ හෙක්ටර් ගාව තිබුන ඉබුප්රොෆේන් අඩංගු බොරු කැප්සියුල් අරගෙන ඒවා වෙනුවට හෙක්ටර්ගේ ගාව තිබුන නියම නයිට්‍රොග්ලිසරින් කැප්සියුල් එතනින් තියනවා. බොරු කැප්සියුල් ටික විසි කරන්න හැදුවත් ගස් නිසා නාචෝට ඒක කරගන්න බැරිවෙනවා. මොකද නාචෝ ඒවා විසිකරන්න හදද්දි ගස් කියනවා එයාලා පුලුවන් ඉක්මනට ජුවාන් බොල්සාව හම්බවෙන්න ඕන කියලා. බොල්සා කරන්නේ නාචෝව අර ආටුරෝව සලමන්කාගේ වැඩ ටික දිගටම කරගෙන යන්න කියලා එයාලට බලය දෙනවා. පස්සේ, නාචෝ යන ගමන් පාලමක් ගාවින් ඉබුප්රොෆේන් කැප්සියුල් ටික පාලමෙන් පහලට විසිකරනවා. හැබැයි නාචෝ නොදැනුවත්ම ගස්ගේ හෙන්චයියෙක් වෙන හෙක්ටර් එයාගේ පස්සෙන් යනවා.

චක්ගේ අවමංගල්‍යය උත්සවයට චක්ගේ මිතුර මිතුරියන් කිහිප දෙනෙක්ම සමභාගිවෙනවා වගේම ඒ අයට ජිමීට ශෝකය ප්‍රකාශ කරනවා. මළගෙදර වැඩකටයුතු ටික ඉවරවුනාට පස්සේ හෝවර්ඩ් ජිමීට සහ කිම්ට කියනවා චක්ට මේ සිද්ධ වුන දේ වුනේ තමන් චක්ව HHM එකෙන් බලෙන් එලියට ඇදලා දාපු නිසා කියලයි. ඒ වගේම චක්ගේ මරණයට වගකීම දරන්න ඕන හෝවර්ඩ් කියලත් එයාම කියනවා. කිම් පුදුමවෙනවා හෝවර්ඩ් වැරැද්ද තමන්ගේ පිටට දාගන්නකොට ජිමී හිනාවෙලා නැගිටලා තේ හදන්න යන නිසා.

ඉතින් පසුගිය කොටස මතක් කරගත්තනේ එහෙනම්. අද කොටස බලන්න. අනිත් කොටසින් ඉක්මනින් හමුවෙමු. ජයවේවා…!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

6,516 downloadsDownload Better-Call-Saul-S04-E02.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

6,516 downloadsDownload Subtitles27 KB

10 comments

  1. shelby

    Thanks Machan <3

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Jeewantha

    බොහොම ස්තුතියි.

    1. Sithija

      ඉතුරු ටිකත් දාන්නකෝ.අසාවෙන් බලපු සීරීස් එකක්

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Sithija

    ඉතුරු ටිකත් දාන්නකෝ ප්ලීස්

  7. ashan

    ithuru tikath

  8. sasiru

    Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.

  9. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.