සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න අරගෙන ආවා Secret Invasion කතා මාලාවේ දෙවෙනි එපිය. ඉතින් හැමෝම පළවෙනි එපිසෝඩ් එක බලන්න ඇති කියලා හිතනවා. ඒවගේම Secret Invasion එකේ comic run එක විස්තර කරලා තියෙන ලිපිය අලුත්වැඩියා කිරීම්වලින් පස්සේ බයිස්කෝප් මංසලේ පළ වේවි. ඒකත් අනිවාරෙන්ම කියවලා බලන්න.…

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න අරගෙන ආවා Secret Invasion කතා මාලාවේ දෙවෙනි එපිය. ඉතින් හැමෝම පළවෙනි එපිසෝඩ් එක බලන්න ඇති කියලා හිතනවා. ඒවගේම Secret Invasion එකේ comic run එක විස්තර කරලා තියෙන ලිපිය අලුත්වැඩියා කිරීම්වලින් පස්සේ බයිස්කෝප් මංසලේ පළ වේවි. ඒකත් අනිවාරෙන්ම කියවලා බලන්න.
ඉතින් පහුගිය දවස්වල මාවල් එක ගැන තතු හෙව්වා නම් දැනටමත් දන්නවා ඇතිනේ මේ සීරිස් එක මාවල් රසිකයන් අතර මෙන්ම රසිකයන් නොවන අය අතරත් මතභේදයකට තුඩු දීලා තියෙන බව. ඒ මේකේ Open Credit Sequence එක නිසා. කලින් ලිපියෙදිත් කිව්වා වගේ මේ මුළු sequence එකම තනිකරම දලා තියෙන්නේ AI හෙවත් කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා. මේ ටිකේ ChatGPT වගේ ඒවත් එක්ක AI වලට තියෙන ආකල්පය එච්චර හොඳ එකක් නෙමෙයි. ඒක මේකටත් බලපාල තියෙනවා. ගොඩක් අය කියන්නේ මේකෙන් artists ලගේ රස්සාවල් නැති වෙන්න පුළුවන් කියන එකයි. මේ දවස්වල Hollywood writer strike එකකුත් තියෙනවා මේ පිළිබඳවම. ඉතින් ඒ අස්සේ මෙහෙම එකක් ආවා කියන්නේ මේකට ඍණාත්මක ආකල්පයක් එන එක නතර කරන්න බෑ. කොහොම නමුත් අධ්‍යක්ෂකවරයා නම් කියන්නේ මේක පාවිච්චි කිරීම මේ වගේ සීරීස් එකකට ගැළපෙන බවයි; මොකද කෘත්‍රිම බුද්ධියත් ස්ක්‍රල්වරු වගේම මිනිස්සුන්ගේ තැන ගන්න දැඟලුවට කවදාවත් එයාලා 100%ක් මිනිස්සු වගේ වෙන්නේ නැති නිසා.
කොහොමහරි මේක කතාව අතින් වුණත් අනිත් මාවල් සීරීස්වලට වඩා සීරියස් බවින් වැඩි බව නම් අවිවාදිතයි. පළවෙනි එපිසෝඩ් එකේදීම අපි දැක්කනේ අපට කාවවත් විශ්වාස කරන්න බැරි බව. කතාව පටන්ගන්නකොටම අපට එළි වුණා රොස් කියන්නේ ස්ක්‍රල් කෙනෙක් බව. එතකොට ඇත්ත රොස්ට මොකද වුණේ? එයා මැරිලද? නැත්නම් වකන්ඩාවෙද? එයාව ආපහු හොයා ගනීවිද? මේ වගේ ප්‍රශ්න ගොඩක් සීරීස් එක පටන් ගන්නකොටම ඇති කළා. ඊටපස්සේ අපි දැක්කා ෆියුරිගේ පුනරාගමනය. මෙච්චර කාලයක් S.A.B.E.R. කියන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වැඩ කරලා ෆියුරි පෘථිවියට එනවා. ඒවගේම පළවෙනි එපිසෝඩ් එකේ වගේම මේ එපිසෝඩ් එකේදිත් ආයෙ ආයෙ කියන දෙයක් තමයි ෆියුරි කලින් වගේ දක්ෂ නෑ, එයා Blip එකට පස්සේ වෙනස් වෙලා කියන එක. කිව්වා වගේම මේ සීරිස් එකෙන් ෆියුරිගේ අපි දැකලා නැති පැති එළි කරනවා. අපි පළවෙනි එපිසෝඩ් එකේදි තව දැක්ක දෙයක් තමයි ස්ක්‍රල්වරුන් පෘථිවිය අල්ලගන්න සැරසෙන හැටි. එයාලගෙ අදහස තියෙන්නේ රටවල් එකිනෙකා එක්ක සටන් කරවන්න සලස්වලා පෘථිවිය අල්ලගන්න. ඉතින් මේ ඔක්කොම මෙහෙයවන්නේ ග්‍රැවික් කියන ස්ක්‍රල්වරයා. මිනිහා කතා අඩු, වැඩ වැඩි කෙනෙක් විදියට තමයි පේන්නේ. මේකේ සැලසුමක් විදියට මොස්කව්වලට ගහන්න ගිය බෝම්බය නවත්තන්න ෆියුරි අසමත් වෙන විදිය අපි දැක්කනේ. එපිසෝඩ් එක අන්තිමේදී මරියා හිල් මැරුණා! ඇත්තටම හිතාගන්න බැරි වුණා මාවල් එක මුල ඉඳන්ම අපිත් එක්ක හිටිය ඒ වගේ චරිතයක් මේ විදියට මරලා දාවිද කියලා. ඒ විදියට තමයි පළවෙනි එපිසෝඩ් එක අවසන් වුණේ.
දෙවෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ එතනිනුයි. එහෙනම් මං ලිපිය මෙතනින් නවත්තන්නම්. දෙවෙනි එපිසෝඩ් එක රසවිඳින්න. පීස් ✌️.
“I’m Nick Fury. Even when I’m out, I’m in.”
– Secret Invasion [S01:E02]
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
11,359 downloadsDownload Secret.Invasion.S01E02-1.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Secret Invasion S01 Sinhala sub
- #Secret Invasion Season 1 Sinhala sub
- #Secret Invasion Sinhala sub
- #Secret Invasion Sinhala subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #subtitle
- #TV
- #සනුප රන්මෙත්
- #සබ්ටයිටල්ස්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
18 comments
විමා
Thilinda Randeera
බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න
Sahan Hasintha
Secret Invasion E3
Surath
thank boza
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Thisara
Thanks broh
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Joker
Thanks
Anonymous
Night agent ekata sub denna පුළුවන් da
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
vilana
thanks
viraj
thanks.............
Ravindra
Thanks
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Sahan Gayantha
sub ekata thanks a lot saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Advertisement
![Secret Invasion [S01 : E02] Sinhala Subtitles | කඩවුණු පොරොන්දු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/06/Secret-Invasion-S01.jpg)



සබට තුති සනුප.
දැනුයි බලන්න යන්නේ ඔන්න...
කතාව මරු, පරණ මාවල් ගතිය ලෙසටම තියෙනව.