Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E06] with Sinhala Subtitles | ගොලම්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 6වෙනි එපියත් ගෙනාවා. මේ කොටසේදී පසුගිය කොටස්වල හිටපු චරිත 2ක් අපිට මුණගැහෙනවා. ඒ තමයි සයිමන් ස්ටැග් හා ඩොක්ටර් රෙවන්ක්‍රොෆ්ට්. මේ කොටසේදී බැට්මෑන්ට මුහුණදෙන්න වෙන ප්‍රධාන හතුරා තමයි ගොලම්. වැඩිය අහලා නැති නමක් වගේනේ. ඔයාලා මේ දවස්වල බයිස්කෝප් වෙබ් අඩවියේ සබ් දෙන The Batman සීරීස් එක බලන…

Beware the Batman TV-1

ඔන්න එහෙනම් 6වෙනි එපියත් ගෙනාවා. මේ කොටසේදී පසුගිය කොටස්වල හිටපු චරිත 2ක් අපිට මුණගැහෙනවා. ඒ තමයි සයිමන් ස්ටැග් හා ඩොක්ටර් රෙවන්ක්‍රොෆ්ට්. මේ කොටසේදී බැට්මෑන්ට මුහුණදෙන්න වෙන ප්‍රධාන හතුරා තමයි ගොලම්. වැඩිය අහලා නැති නමක් වගේනේ. ඔයාලා මේ දවස්වල බයිස්කෝප් වෙබ් අඩවියේ සබ් දෙන The Batman සීරීස් එක බලනවා ඇතිනේ. එහෙනම් ඔයාලා දන්නවා ඇති ක්ලේෆේස්ව. අන්න එයා වගේ තමයි මේ ගොලම් කියන කෙනා. මේ එපියෙදී එයාට මේ ගොලම් කියන නම ලැබෙන්නේ නෑ. ඒ නම ලැබෙන්නේ ඉස්සරහා එපියකදී. හරි අපි කතාව පැත්තට හැරෙමුකෝ.

ඔයාලට පළමු එපියෙදි මුණගැහුණනේ සයිමන් ස්ටැග්ව. එයාගේ දුවත් එක්ක ස්ටැග් කර්මාන්තශාලාවේ ආරක්ෂකයෙක් විදිහට වැඩකරන රෙක්ස් මේසන් කියන කෙනා සම්බන්ධයක් ඇතිකරගන්නවා. ඒත් මේකට ස්ටැග් කැමති නෑ. ඔය අතරේ ස්ටැග් කර්මාන්තශාලාවට අනවසරයෙන් කෙනෙක් ඇතුළුවෙනවා. එයාව අල්ලන්න මේසන් එයාගේ පස්සෙන් යනවා. එයා යන්නේ මෙටපෝර් ව්‍යාපෘති පරීක්ෂණාගාරයට. එතනට ගියාට පස්සේ එයා මේසන්ට පොඩි වෙට්ටුවක් දාලා මේසන්ව පරීක්ෂණ කාමරයක් ඇතුළට කොටුකරනවා. ඊට පස්සේ මේසන්ව එතනදී පරීක්ෂණ මට්ටමේ තියෙන වායුවකට නිරාවරණය වෙනවා. පස්සේ එයාගේ මුළු සිරුරම වෙනස් වෙනවා. එයාට පුලුවන් වෙනවා ඕනිම විදිහකට තම ශරීරය වෙනස් කරගන්න. ඊට පස්සේ තමයි මෙයා ගොලම් කියන චරිතය බවට පත්වෙන්නේ. (මේ නම ඇත්තෙන්ම භාවිතා වෙන්නේ ඉදිරි එපියකදීය)මේකෙන් මෙයා මැරෙන්නයි යන්නේ. බැට්මෑන් එයාට උදව්කරන්න ගොඩාක් දේවල් කරනවා. ඒවගෙන් බැට්මෑන්ට මෙයාට උදව්කරන්න පුලුවන් වෙයිද? මේසන්ව මේ අනතුරේ දාපු අනවසරයෙන් ඇතුළු වුණ කෙනා කවුද? ස්ටැග්ගේ දුව ඇත්තෙන්ම මෙයාට ආදරෙයිද? මෙයා බැට්මෑන්ගෙන් උදව් ගනීද? එහෙනම් මේ එපියත් බලන්නකෝ. ඉක්මනින්ම 7වෙනි එපියත් අරගෙන එන්නම්. ඔබට ජය!

Beware the Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E06.Toxic.WEB-DL.x264.AAC.srt

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

241 downloadsDownload Beware.the_.Batman.S01E06.Baiscopelk.com_.rar12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

241 downloadsDownload Subtitles12 KB

6 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. danushka

    sho mta meka down kraganna lik eka denwda plz

    1. Lahiru lakmal

      Torrentz2 website eke meke nama gahala balanna

  3. තිසර

    thanks mc...link ekakuth puluwannam denna

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. tharangani

    thanx