Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E09] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න 09 කොටසත් අරන් ආවා. මං දන්නවා මේක අරන් එනකන් මඟ බලන් හිටියා කියලා. පහුගිය කොටස ගැන සුපුරුදු විදිහටම කියන්නම් ටිකක්. මතකයිනේ කැතී ආපහු එයාගේ ලෝකෙට ආවා. මේ ලෝකෙදි සන් හමුවුනා. ඉතින් මෙයා සන්ගෙන් දැනගත්තානේ කැතීගේ අම්මයි තාත්තායි අයියයි සන්ගේ ලෝකෙට ගියා කියලා. ඉතින් කැතී ඉක්මනින්ම…

Spellbinder-TV

කොහොමද යාළුවනේ. ඔන්න 09 කොටසත් අරන් ආවා. මං දන්නවා මේක අරන් එනකන් මඟ බලන් හිටියා කියලා. පහුගිය කොටස ගැන සුපුරුදු විදිහටම කියන්නම් ටිකක්.

මතකයිනේ කැතී ආපහු එයාගේ ලෝකෙට ආවා. මේ ලෝකෙදි සන් හමුවුනා. ඉතින් මෙයා සන්ගෙන් දැනගත්තානේ කැතීගේ අම්මයි තාත්තායි අයියයි සන්ගේ ලෝකෙට ගියා කියලා. ඉතින් කැතී ඉක්මනින්ම බෝට්ටුව ලඟට යන්නේ සන්ගේ ලෝකෙට යන්න. එතකොටම අර වෙළඳ දැන්වීම කරපු අයියලා ටික බෝට්ටුවත් ලොරියක පටවාගෙන යනවා දැක්කා. ඉතින් ඊට පස්සේ කැතී සන්ගේ බ්‍රේස්ලට් එක විකුණලා තමයි ගෙදර යන්න සල්ලි හොයාගන්නේ. ඉතින් කැතී දන්න කියන හැම තැනකටම දුරකථනයෙන් කතා කරලා බෝට්ටුව හොයාගන්න උත්සාහ කරනවා. නමුත් ඒක ටිකක් අමාරු වෙනවා. එතකොට තමයි කැතීට මතක් වෙන්නේ ටෝනිව. ඉතින් උපාය දූතයෙක් විදිහට සන්ව යවලා කැතී ටෝනිත් එක්ක තකා කරනවා. ටෝනිට බොරුවක් කියලා තමයි බෝට්ටුව අරන් ගිය කට්ටිය හොයාගන්නේ. කොහොම හරි බෝට්ටුව අරන් ගිය කට්ටිය හොයා ගත්තම ඒයාලා ඒ බෝට්ටුව අරගෙන වෙළඳ දැන්වීමක් රූගත කරන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේකට නලුවෙක් නැති වෙලා සන්ට පොඩි අවස්ථාවක් ලැබෙනවා රඟපාන්නත්.

ඉතින් මේ අතර සන්ගේ ලෝකේත් පොඩි පොඩි සිද්ධි ටිකක් වෙනවා. කැතීගේ අම්මයි තාත්තයි දෙන්නා තනිවෙලා. මතකයිනේ කට්ටිය එකිනෙකාගෙන් වෙන් වුන විදිහ? ෆින් ගමටත් අමුත්තෙක් ඇවිල්ලා. ජස්මින් අමුත්තව අල්ලා ගත්තා මතකයි නේද? කවුද මේ අමුත්තා? දියකිඳුරෙක්. ඉතින් ෆින් ගමේ මිනිස්සු මේ දියකිඳුරා අල්ලලා බැඳගෙන එක එක ප්‍රාර්ථනා දෙනවා මේ දියකිඳුරට ඉටු කරලා දෙන්න කියලා. ෆින් ගමේ විඩිහිටිතුමාගේ පුටුව රත්තරන් කරන්න කියලා කියද්දි නම් දියකිඳුරා ටිකක් බය වෙනවා. ඉතින් කොහොම හරි තමන්ගේ ජාමේ බේරාගෙන ෂේප් වෙන්න දියකිඳරා දන්නවා. ඒ නිසා ඉතුරු ඉල්ලීම් දෙක ඉල්ලන්න ටිකක් වෙලා ගතවෙයි. ඉතින් කොහොම හරි මේ මිනිස්සු දියකිඳුරගෙන් ඉල්ලන්නේ වැව මාළුන්ගෙන් පුරවලා දෙන්න කියලා. ඉතින් දියකිඳුරා මොකක්ද කියවලා මොනවදෝ කරනවා. ඉතින් වැඩේ හරින්නේ නම් නෑ. නමුත් ඒකෙනුත් ජාමේ බේරාගත්තා. නමුත් ඊලඟ ඉල්ලීම නම් ඉල්ලන්නේ බොහෝම පරීක්ෂාකාරීව. ගැලවෙන්න ඉඩක් නැතිවෙන විදිහට. කොහොම හරි ජස්මිනුත් ඉල්ලීමක් ඉල්ලුවා. මතකයිද මොකක්ද කියලා? එයා ඉල්ලුවේ විනෝදය සපයන්නෙක් විදිහට පත්වීමක් ලබා දෙන්න කියලා.

සන් වෙළඳ දැන්වීම රඟපාලා ඉවර වේගෙනයි එන්නේ. නමුත් අවසන් දර්ශනයේදී බෝට්ටුව ඉතුරු වෙයිද? ටොන් එකක් බර වැලි පුරවපු ගර්ගල් කියන නිෂ්පාදන අනුරුවක් බෝට්ටුව උඩට අතෑරලා බෝට්ටුව විනාශකරන්නයි ලෑස්ති වෙන්නේ. ඒකට බාධා කරපු කැතීව ස්ටුඩියෝ එකෙන් එලියට දැම්මා. දැන් මොනවා වෙයිද? බෝට්ටුව විනාශ කරයිද? සන් මේකට පිලියමක් යොදයිද? ඉතින් හරියටම දැනගන්න නම් මේ කොටස අරගෙන බලන්නම වෙනවා. එහෙනම් ඊ ලඟ කොටසත් අරන් පුලුවන් ඉක්මනින් එනකක් මගේ මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E09.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

690 downloadsDownload Spellbinder.S02E09.zip18 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

690 downloadsDownload Subtitles18 KB

5 comments

  1. Ishan Madusha

    ස්තුතියි සබ් එකට

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith B/K

    බොහොම ස්තූතියි........................................

  4. King Ruwan

    thanks saho sub ekata.. budu saranai....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P