Watch Trailer

Big Little Lies [S01 : E02] Sinhala Subtitles | අයියෝ..අයියෝ..සිගී ස්ටාර්ඩස්ට්! [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් කට්ටිය පුල පුලා බලාගෙන් ඉදපු ලොකු පුංචි බොරු කතා මාලාවේ දෙවනි කොටසත් අරගෙන ඔයාලා ගාවට මන් ආවා. පුල පුලා බලන් හිටියා කිව්වට එහෙම නම් නෑ ඉතින් නේද? හරි හරි අද කොටස ගැන බලමුකෝ.. ගිය සතියේ වෙච්ච දේවල් දකින්න ඇති නේ. මුකුත් තේරෙන්නේ නෑ වගේද? ඔහොම තමයි කතාව අවසානෙට යනකොට ඔක්කම ත…

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් කට්ටිය පුල පුලා බලාගෙන් ඉදපු ලොකු පුංචි බොරු කතා මාලාවේ දෙවනි කොටසත් අරගෙන ඔයාලා ගාවට මන් ආවා. පුල පුලා බලන් හිටියා කිව්වට එහෙම නම් නෑ ඉතින් නේද? හරි හරි අද කොටස ගැන බලමුකෝ.. ගිය සතියේ වෙච්ච දේවල් දකින්න ඇති නේ. මුකුත් තේරෙන්නේ නෑ වගේද? ඔහොම තමයි කතාව අවසානෙට යනකොට ඔක්කම තේරෙයි. ඉවසලා ඉන්නකෝ.

හරි කතාව පටන් ගත්තේ විලාසිතා රැයකද මොකද්ද මන්දා එකක වෙච්ච මරනෙකින් නේ. මැරුනේ කවුද? කවුද මැරුවේ? කොහොමද මැරුනේ? මේ මොකක්වත් කිව්වේවත් පෙන්නුවෙවත් නෑ. ඉතින් මැරුණ සිද්දිය ගැන පරීක්ෂණ කරන අතරතුරේ ගන්න කට උත්තර වලින් තමා මේ කතාව දිව යන්නේ ඒ කියන්නේ මේ කතාවේ කාල රාමු දෙකක තමා කතාව දිවයන්නේ එතකොට ඔය සැරින් සැරේ කට්ටියක් එක එවායි පොලිසියෙනුයි මාධ්‍ය සාක්ච්චා වගයක් පෙන්නුවා නේ අන්න ඒක තමා වර්තමානේ, අර සාක්ෂි දෙන අයගේ කතාවලින් තමා අතීතය පෙන්නන්නේ හරි මේ කතාව පේන විදිහට ප්‍රධාන චරිත තුනක් තියෙනවා. පලවෙනියා මැඩලින් මර්තා මැකෙන්සා ඒ කියන්නේ ඇබිගේල්ගෙයි කොලේගෙයි අම්මා අනික ඒ ලමයි දෙන්නා එයාගේ කලින් විවාහේ ලමයි දෙන්නා දැන් එයා බැදලා ඉන්නේ එඩ් කියන එයාට වඩා බාල කෙනෙක්ව එතකොට මේ මැඩලින් ඒ නගරේ ප්‍රජා ශාලාවේ නාට්‍ය පෙන්නන වැඩක් කරනවා එයා ඒ නාට්‍ය වෙනුවෙන් ඔනීම දෙයක් කරන්න ලෑස්තියි වගේ තමයි පෙන්නන්නේ. හරි එතකොට අනිත් කෙනා තමා කැලෙස්තේ ව්රිත් එයා විශ්‍රාමික නීතිඥයෙක් ඒ වගේම නිවුන්නූ කොල්ලෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් එයා තමයි මැඩලින්ගේ හොදම යාලුවා මෙයාගේ මහත්තයා තමා පෙරී. අනිත් කෙනා ජේන් චැප්මන් එයාව මැඩලින්ට හම්බු වුනේ කොහොමද කියලා දකින්න ඇති නේ එයා ලගදි තමයි මේ නගරෙට ඇවිත් තියෙන්නේ එයාගේ පොඩි කොල්ලා සිගී ස්ටාර්ඩස්ට් 😂 නෑ නෑ සිගී චැප්මන් හරි මෙයා තනියම තමයි ඉන්නේ මෙයාගේ මහත්තයා නෑ ඒ ඇයි කියලා නම් තාම පෙන්නුවේ නෑ මෙයා පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා Bookkeeping, හරි මේකේ ප්‍රධාන දුෂ්ටයා විදිහට පේන්නඉන්නේ රෙනාට ක්ලෙයින් කියන කෙනා. එයාගේ පොඩි ඇමබෙලාට රිද්දලා කියලා අහුවෙන්නේ අපේ සිගී ස්ටාර්ඩස්ට් කොල්ලව එතනින් තම යුද්ධේ පටන් ගන්නේ. එතකොට තව, නේතන් ඒ කියන්නේ මැඩලින්ගේ කලින් මහත්තයා දැන් එයාගේ නෝනා බොනී කියන කෙනා එයාලගේ පොඩි කෙල්ලත් මේ කට්ටියත් එක්කමයි ස්කෝලේ යන්නේ මැඩලින් මේකට කැමතිම නෑ බොනීත් එක්ක මාර තරහකින් මැඩලින් ඉන්නේ හැබයි ඇබිගේල් බොනීයි නේතනුයි එක්ක එකතුයි. ඉතින් මේකටත් මැඩලින් එතරම් කැමැත්තක් නෑ. කතාවේ තැනින් තැන සාක්ෂි දෙන ඒවා පෙන්නුවා නේ ඒ අය ඇවිල්ලා මේ පොඩි කට්ටිය ස්කෝලේ ගිය ලමයින්ගේ අම්මලා තාත්තලා ගුරුවරු එහෙම අය. ඉතින් කතාව ටිකෙන් ටිකෙන් ටික රසවත් වෙනවා. ගිය කතාවේ ලොකුවටම ඉස්මතු කරලා පෙන්නුවේ ඇමබෙලාට වුන හිරිහැරය ගැන සමහරවිට ඒක වෙන්න පුලුවන් මේ ඔක්කටම මුල් හේතුව අපිට ඒක හරියටම කියන්න බෑ ඉස්සරහට බලමුකෝ.

තව එතකොට කතාවේ අන්තිමට පෙන්නපු ටිකේ අගක් මුලක් තෙරෙන්නේ නෑ නේද eඒක ඇත්ත මොකද ඒ ටික ගැන මටවත් තාම කිසිම අදහසක් ගන්න බැරි උනා සමහරවිට ඒක ඉස්සරහට වැදගත් වේවී. හරි මේ ඇති නේ පොඩි හරි අදහසක් එන්න ඇති නේ. කතාවේ කුතුහලේ නැති වෙනවා වැඩිය කියන්න ගියොත් එහෙනම් මේ දෙවනි කොටසත් අරන් බලන්නකෝ.
ආ මට කියන්න අමතක වුනා මේ කතා මාලව 18+ කියලා. පලවෙනි කොටසේ නම් එහෙම ලොකු අවුලක් තිබ්බේ නෑ. ඒත් මේකේ නම් ටිකක් ලොකු ලොකු ඒවා තියෙනවා, එහෙනම් ගෙදර කට්ටියත් එක්ක මේක බලන්න ඉන්නව නම් වැඩේ අත්හැරගන්න. ඉස්සරහට මීට වඩා දේවල් තියේවී කියලා හිතෙනවා. එහෙනම් මන් මේ කොටස ගැන මුකුත්ම කියන්නේ නේ අරගෙනම බලන්නකෝ ඊලග කොටසෙදී අපි බලමු මොකද උනේ කියලා. පොඩි කොමෙන්ටුවකුත් දාගෙන ගියාට ඩේටා වැඩියෙන් කැපෙන්නෙ නෑ හොදේ.. හී හී… එහෙනම් ඊලග කොටසත් අරගෙන ඉක්මනින්ම එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම් හැමට ජය………..////

අද කතාවේ නම :- Serious Mothering
අධ්‍යක්ෂණය :- Jean-Marc Vallee
ලියලා තියෙන්නේ :- Liane Moriarty (From Novel)
විකාශය වුනේ :- 2017 පෙබරවාරි 24
IMDb අගය මේ කොටසට :- 8.3 Rating
ඊලග කොටස :- Living The Dream

The play’s the thing, unless it has puppets.”
(Hamlet – ෂේක්ස්පියර්)

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

3,098 downloadsDownload Big-Little-Lies-S01E02.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

3,098 downloadsDownload Subtitles36 KB

22 comments

  1. chiro

    thnx for sub

  2. Kulanjana Maduranga

    subata thanks.....

  3. ජනිත් මාතුල ද සිල්වා

    thANK U

  4. Kanchana

    Thanx sahooo

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. rohanj

    anith tikath ikmanata oneeee

  7. dinusha

    thanx bro sub akata

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. wikz

    thanx bro sub ekata..

  12. PasinduBuddhipriya

    Niayamai sahooo

  13. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Udara Damith Dissanayaka

    ස්තුතියි

  16. K P

    Thanks bro...

  17. sampath1126

    thanks

  18. suranuwan

    thanks bro....

  19. sampath1126

    Thanks bro...

  20. Lesiri Lushan

    Supiri bro... Digatama sub karagena yamuu.. Weldone.

  21. S.Yapa

    Thanks......

  22. akila

    Sub eka wada ne machan error ekak enawa