අද මේ එකතු වෙන්නේ කළු රුවල් දෙවන කතා සමයේ අවසාන කොටස සමගින්. ඒ කියන්නේ ආයේ මේ කතාව සමග එකතු වෙන්න වෙන්නේ 2016 වසරේ ජනවාරි වල එනම් තුන්වෙනි කතා සමයත් සමගින්. පහුගිය ජනවාරි වල ආරම්භ කල මේ කතාව නොනවත්වාම එක දිගට විකාශනය වෙලා අද මේ කොටසත් සමඟ දෙවන කතා සමයට තිත තබනවා. අපි එහෙනම් පොඩ්ඩක් බලමු […]
අද මේ එකතු වෙන්නේ කළු රුවල් දෙවන කතා සමයේ අවසාන කොටස සමගින්. ඒ කියන්නේ ආයේ මේ කතාව සමග එකතු වෙන්න වෙන්නේ 2016 වසරේ ජනවාරි වල එනම් තුන්වෙනි කතා සමයත් සමගින්. පහුගිය ජනවාරි වල ආරම්භ කල මේ කතාව නොනවත්වාම එක දිගට විකාශනය වෙලා අද මේ කොටසත් සමඟ දෙවන කතා සමයට තිත තබනවා. අපි එහෙනම් පොඩ්ඩක් බලමු මේ කොටස් දහය පුරාවටම සිද්ධ උන දේවල් මොනවද කියල කොටසින් කොටස විග්‍රහ කරලා.
පළමු කොටස
මේ කොටස හුදෙක් නිර්මාණය උනේ පළමු කතා සමය සහ දෙවන කතා සමය එකිනෙකට බද්ධ කරන්න. ආරම්භය සිද්ධ උනේ දැඩි පහර දීමකට ලක් උන වැල්රුස් නැව් සාමාජිකයන් ගොඩබිමට පැමිණියාම ඔවුන්ට පහර දි තියෙන්නේ ස්පාඥ්ඥ යුධ නැවක් බව දැකීමෙන්. ඒ වගේම හොයාගෙන ආපු අර්කා ඩී ලිමා කියන ස්පාඥ්ඥ නැව කුණාටුවක් නිසා විනාශ වෙලා සියළුම රත්තරන් වෙරළ පුරාවට විසිරිලා ඒවා ස්පාඥ්ඥ සෙබළු ආරක්ෂා කරනවා. ඒ කොටසේදී ෆ්ලින්ට් සහ ජෝන් සිල්වර් දෙන්න එකතු වෙලා ඒ ස්පාඥ්ඥ නැවේ හිමිකාරිත්වය ලබා ගන්නත් සමත් වෙනවා. ඒ උනාට ගේට්ස් මහත්තයගේ මරණයත් එක්ක ෆ්ලින්ට් වැරදි කරුවෙක් වී හමාරයි. ඊට අමතරව නසාවූ වලට අලුත් මුහුදු කොල්ලකාරයෙක් එනවා නෙඩ් ලෝ කියලා. එයා කොල්ල කාල ගේන දෙයක් තමා දෙවන කතා සමය අවසන් කරන්නෙත්.
දෙවන කොටස.
දෙවන කොටස වනවිට ෆ්ලින්ට් ජෝන් සිල්වර් සමඟ එකතු වෙලා නැවත පාලනය ලබාගන්න සමත් වෙනවා. ඒ වගේම නැවත නසාවූ වලට ගොඩ බහින්නේ අර්කා රත්තරන් ලබාගන්න තවත් සහයක නැවක් බලාපොරොත්තුවවෙන්. එත් ඒ වෙනකොට නසාවූ වල බලකොටුව කැප්ටන් වේන් සහ ඔහුගේ පිරිසගේ ආධිපත්‍යට යටත් වෙලා. ඉතින් දැන් හැමෝම ඒකරාශී වෙන්නේ බලකොටුව නැවත ලබා ගන්න. ඒ වගේම නසාවූ වලට එන අලුත් චරිතයක් වෙන නෙඩ් ලෝ එයාගේ බලය පෙන්වන්න අවස්ථාවක් කරගන්නවා..
තෙවන කොටස.
කලින් කොටස් තුනේම ප්‍රධාන මාතෘකාව උනේ නසාවූ වලට ආපු අලුත් කැප්ටන් හාදයා නෙඩ් ලෝ. එයා නසාවූ වල එයාට තැනක් හදාගන්න උත්සාහ කලේ. ඒ උනාට අවසානයේ උනේ නෙඩ් ලෝ උන්නැහේට උලක් උඩ ඔළුව හිරකරගන්න. කොහොමහරි ගෝත්‍රි නෝනා එයාගේ වැඩේ කරගන්නවා. එයාගේ ගමන යන්න එයා කරන දේවල් සහ යොදා ගන්න පුද්ගලයෝ ඉතාමත් දක්ෂ විදිහට යොදා ගන්නවා. එලනොර් මේ විදිහට ඒ බාධකය ඉවත් කරගෙන උදෑසන අවදිවෙනකොට තවත් කරදරයක් දකින්න ලැබෙන්නේ. ඒ තමයි ෆ්ලින්ට් විසින් වේන් හට පිටවෙන්න කියල නියෝග ලබාදීම.
සිව්වන කොටස.
කැප්ටන් ෆ්ලින්ට් මුහුදට තල්ලු කරලා දාපු බිලි ආයේ නසාවූ වලට පය ගහනවා. අපි දැක්ක ඔහුව මුහුදේදී බේරාගෙන තියෙන්නේ එංගලන්ත නාවික හමුදාව මගින්. එයාල හදන්නේ නසාවූ වලට පහර දෙන්න. එසේම අහුවෙලා හිටපු බිලි නසාවූ වලට කිසිම කරදරයක් නැතුව ආපු එකේ පොඩි පරහක් ඇති උනා. ඒ වගේම කැප්ටන් ෆ්ලින්ට්ගේ අතීත ආවර්ජනයේ කළු පැල්ලම් කීපයක් ගැනත් දැනගන්න ලැබෙනවා.
පස්වන කොටස.
රැකම් උන්නැහේ කොහොමින් කොහොම හරි ඔන්න නැවක් එක්ක කණ්ඩායමක් හොයාගන්නවා ආයෙත් යාත්‍රා කරන්න. එයාල හදන්නේ ආයෙත් මුහුදු කොල්ල කෑම් වලට පිටත් වෙන්න. මේ වෙනකොට රැකම් කැප්ටන් කෙනෙක්. එයාට මේ තත්වයට එන්න සෑම දෙයක්ම කලේ මැක්ස් විසින්. ඒ වගේම චාල්ස් වේන් එයාට දූපත තුල දාල තිබ්බ තහනම ඉවත් කරල දුන්නා. කලින් කොටස අවසානයේ අපි දැක්කේ නසාවූ වල ඉන්න දරුණුම කැප්ටන්ලා දෙන්න අතර වෙන රණ්ඩුවක්. එත් එතනින් පස්සේ වෙන්නේ මොකද කියල බලන්න වෙන්නේ මේ කොටසින්. ඒ වගේම රැකම් මහත්තයා එයාගේ අලුත් කණ්ඩායම එක්ක මුහුදු යනවා කොල්ලයක් හොයාගෙන. එයාට වෙන්නේ පටන් ගන්නකොටම හරි අකරතැබ්බයක්. ඒ වගේම මැක්ස් නෝනාටත් ඈන් බොනී නිසා ලොකු ලොකු කරදර වලට මුහුණ දෙන්න වෙනවා.
හයවන කොටස.
කලින් කොටස අවසන් වෙන්නේ එලනොර් ගෝත්‍රි කැප්ටන් වේන්ට කරපු ද්‍රෝහී වීමක් එක්ක. වෙන් හැම වෙලාවකම බැලුවේ අවස්ථාව ආවම ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ වගේම ඇබිගේල් ඈශ් හෙවත් කැරොලිනා කොලනියේ ආණ්ඩුකාරයාගේ දුවව නැවත දීලා මුහුදු කොල්ලකරුවෝ හැමෝටම සමාවක් ලබාගෙන සාමාන්‍ය ජීවිත ගත කරමු කියන යෝජනාවට වේන් ආයෙත් බාල්දියක් පෙරලුවා. ඇබිගේල් නැවත දෙන්න නම් වේන්ගේ ඉල්ලීම උනේ කැප්ටන් ෆ්ලින්ට් අල්ල ගත්ත ස්පාඥ්ඥ යුධ නැව එයට බාර දෙන්න කියන කාරණය. ඒ දේ ෆ්ලින්ට්ට කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ ගැන දැනගෙන තමයි වේන් කල නොහැකි දෙයක් ඉල්ලන්නේ.
හත්වන කොටස.
මේ කොටසේදී සිද්ධ වෙන ලොකුම දේ තමයි අර්කා රත්තරන් ටිකට වෙන දේ. සිල්වර් උන්නැහේ තරම් කපටියෙක් නසාවූ දූපතේම නැති තරම්. කොහොමහරි රත්තරන් ටික තනියම බුක්ති විඳින්නයි කල්පනාව. ඒ වගේම ඒ ආරංචිය එක්ක කැප්ටන් ෆ්ලින්ට්ගේ කණ්ඩායම සහ කැප්ටන් හොර්නිගොල්ඩ් දෙන්නගේ කණ්ඩායම් අතර කරන්න ගිය ඡන්ද විමසීම කණපිට ගැහෙනවා. මොකද දැන් රත්තරන් නැත්තන් මෙයාලට වැඩ කරන්න අරමුණකුත් නැහැ. කවුරුත් කැමති නැහැ නිකරුනේ බලකොටුවක් අල්ලගන්න ගිහින් ජිවිතේ විනාශ කරගන්න. ඒ වගේම අන්තිමේදී කපටං ෆ්ලින්ට්ගේ කණ්ඩායමේ විෂබීජයක් උන ඩුෆ්රෙන්ස් උන්නැහේට බිලි හොඳ උගුලක් අටවන්නේ. අන්තිමේ එයාට සිද්ධ වෙනවා කණ්ඩායමෙන් ඉවත් වෙලා යන්න. ඒ වගේම මතක ඇති නේද කලින් කොටසේ අන්තිමේදී රිචඩ් ගෝත්‍රි යන අතරමග නතර උනා. ඒ වගේම ඒ මාර්ගයේ පිරිසක් හිටගෙන ඉන්නවත් දැක්කනේ.
අටවන කොටස.
අටවන කොටස මගින් මෙතෙක් කල් මේ කතාවේ හිටපු ඒක චරිතයක් මිය යනවා ඒ තමයි රිචඩ් ගෝත්‍රි. අන්තිමේ චාල්ස් වේන්ගේ බිල්ල වෙන්නේ රිචඩ් ගෝත්‍රි. ඒ වගේම එයා එතනින් නතර වෙන්නේ නැහැ. එලනොර් හොරෙන් ඇබිගේල් ෆ්ලින්ට්ට ගෙනත් දෙනවා. එයාල චාල්ස් ටවුම බලා යාත්‍රා කරන්න පටන් ගන්නවා ඇබිගේල් එයාගේ පියතුමන්ට බාර දීලා හැමෝටම සමාවක් ලබා ගන්න අරමුණෙන්.
නමවන කොටස.
කලින් කොටසේ රිචඩ් ගෝත්‍රි මිය ගියා වගේම මේ කතාවේ නොහිතපු වෙලාවක නොහිතපු ඉරණමකට මුහුණ දෙන්න වෙනවා ෆ්ලින්ට්ගේ පෙම්වතිය වන මිරැන්ඩාට. ඒ එක්කම ෆ්ලින්ට් කරන්න හිතාගෙන ආපු සෑම දෙයක්ම සුළඟට ගහගෙන යනවා. ඒ අතරේ ෆ්ලින්ට්ගේ ස්පාඥ්ඥ නැවට තව පිරිසක් ගොඩවෙලා එකේ බලය අල්ලගන්නවා. ඒ වෙන කවුරුත් නෙමේ තමුන්ට හිමි නැව අල්ලගන්න ආපු චාල්ස් වේන්. ඊට අමතරව අවසානයේ එලනොර් ගෝත්‍රිට වෙන්නේ නොහිතපු සිදුවීමක්. ඇය දැන් එංගලන්ත නාවික හමුදාවේ සිරකාරියක්. ඒ වගේම වේන් අවසානයේ පොරොන්දුවක් දෙනවා ෆ්ලින්ට් කියන්නේ අපේ කෙනෙක්, නමක් තියෙන කෙනෙක්, ඔහු මෙහෙම මිය ගියොත් අපිට තියෙන බිය අඩු වෙලා යන්න පුළුවන් නිසා ෆ්ලින්ට්ව මරණයෙන් වළක්වාගන්න.
අවසන් කොටස බලන්න ඔයාලට බාර කරන්නම්. ආයේ ඉතින් එන වසරේ තමයි. ඒ කාලය වෙනකොට බොහෝ දුරට ඔයාලට මගෙන් නම් මේ කතාව ලැබෙන එකක් නැහැ. එත් බොහෝ දුරට මටත් වඩා වේගයෙන් සහ හොඳින් උපසිරැසි ලබා දෙන කෙනෙක් ඔයාලට මේ කතාවේ තෙවන සමයේ කොටස් සිංහලෙන් රැගෙන එයි. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,082 downloadsDownload Black-Sails-S02E10.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
41 comments
හර්ෂණ
හර්ෂණ
අප්පට සිරි ඕලෙවෙල් නිසා අද මන් එක
R.D
මෙච්චර කාලයක් මේ ට්වී සීරීස් එකට සබ් ගෙනත් කරපු උපකාරයට අපගේ උපහාරය...............
nuwan
නියමයි නියමයි අපි වෙනුවෙන් කල සේවයට අපේ උපහාරය............
sathyajith
Thanks saho
Janith
Thanks bro (y)
sameera park
Thanks
Supun Madhusanka (Bunny)
Thanks saho.....
harsha
නියමයි මචෝ එහෙනම් වැඩේ සම්පූර්ණයි ස්තූතියි ජයවේවා
jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
තුන් වන කොටසටත් සබ් දෙන්න.
ජයවේවා.නලින්
එළ ස්තුතියි හසන්ත අයියා!
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ශා එල කොල්ලෙක් නේ..
මුළු කතාව ගැනම හොද විස්තරයක් කරලා තියෙන්නේ...
ඔන්න ඔහොම තමයි ඉන්න ඕනේ..
ඒත් අපිනම් අහුවෙයි ඔව්වට...
ගානට කලින් කතාවේ ලිපි වලින් කොපි පේස්ට් පාරක් දැම්මා නේද හොද ගෙඩියා වගේ...
කාරියක් නැහැ..
එකෙන් ගොඩක් ලොකු උදව්වක් වුනා..
කොහොම වුනත් මේ සුපිරි කතාව ගැන නම් කියලා වැඩක් නැහැ..
එළකිරි වගේ ගෙනාවට බොහොම පින් හොදේ..
කොහොම වුනත් මට සැකයි වේන් කාරය ෆ්ලින්ට් ව බේරාගෙන වෙනම ගේමක් ගහයිද දන්නේ නැහැ...
මිරැන්ඩා නම් වුනේ කැත වැඩේ හොදේ...
බලමුකෝ නේ මේ කොටහත්..
සුපිරියටම ඇති...
ඇයි මෙයා මේ ස්ටාර්ස් කාරයොන්ට අනිත් චැනල් වගේ හනිකට අනිත් සමය දෙන්න බැරි..
අවුරුද්දක්ම ගන්නවා තුන්වෙනි එක එන්න/...
මුන් හිතං ඉන්නේ අපි වයසට යන්නේ නැහැ කියලද වදේ...
ජය වේවා!!..::දුලාජ් නලින්ක::..
සබට ස්තූතියි...
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඉවර උනා දැනුනෙත් නෑ.
පට්ට ලිපියකුත් දිපු එකත් වටිනවා.
3ත් ඔයාම ගෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
සබට තැන්ක්ස්.
ජය වේවා. !kanushka
thank u subata
රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
isuru
thanks bro!
දුලාජ් මංජුල
thanx mcn
Achintha Sameera
හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් මචෝ සබ් එකට
හසන්ත ලොක්ක සබ් එකක් පටන් ගත්තොත් ඉතින් ඉවර කරලම තමයි පස්ස බලන්නේ
අන්න ඒ ගතිය තියෙන නිසා අපිටත් අපිටත් ඉක්මනට බලලා ඉවර කරන්න පුළුවන්හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ....
සබට තුති....
ජයවේවා...!!!තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Mahesh
sub ekata thanx aaaaaaaaaaa
Supun Madhusanka (Bunny)
Thanks saho..... great work.....
sameera
bohoma sthuthiy yaluwa, obata jaya
geeth
Oya karana TV series niyamai
Spartacus wage kata tiyenam suririy sahoo
thanks sub walata
good job, keep it upYsa
නියමයි සහෝ සුපිරි.... කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරි.thanx...
sandeera
Thanks bro.
lakshan
thanks mchn...
lakmal
thanks browww
දුලාජ් මංජුල
machan aluth season eka awith dan epi 3kuth giya thawama denne nadddoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
ish
We need season 3.....plzzzzz...
maduranga
නරකද season එකේ අන්තිම එපියට සම්පුර්ණ subtitle zip එකක link එකක් දැම්මනම් .
එක එක ගන්න ඕන නැනේ .kumara
Thanks Bro !!!
lahiru
අයියේ ඔයාගේ සබ් නම් සුපිරි කියන්න වචන නෑ මාරම සුපිරි translate එකක් මම හිතන්නෙ english සබ් එකට වඩා අයියගේ සබ් සුපිරි ඉතින් දිගටම මේ කාර්යය කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා..!!!!!!
Gihan
Thank u Mcn !!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Thilina
Well done bro.wish to good future.great work.you are a one of my favourite sub provider
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Sandarunimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

හසන්ත අයිය පිස්සු කෙලින්න එපා. ඊලග එකත් අපිට ඔයගෙන්ම ඕනේ.