Watch Trailer

Blindspot [S03 : E04] Sinhala Subtitles | බෝම්බකරුගේ ආගමනය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සතියකට පස්සෙ ආයෙමත් Blindspot ඔස්සේ හමුවුනා. මේ කොටසින් පස්සෙ නැවතත් කතාව විකාශයවෙන්නෙ දෙසැම්බර් 2 වැනිදා. ඒ කියන්නෙ සතියක නිවාඩුවක්. කොහොම වුනත් කතාව නිවාඩු ගන්නෙ ප්‍රේක්ෂකයින්ට විශාල ගැටලුවක් ඉතිරිකරමින්. කතාව අවසානයේ ඒ ගැන දැනගන්න ලැබෙයි. පහුගිය කොටස්වලින් අපි දැක්කා ජේන් ආයෙත් පරණ ක…

ඔන්න එහෙනම් සතියකට පස්සෙ ආයෙමත් Blindspot ඔස්සේ හමුවුනා. මේ කොටසින් පස්සෙ නැවතත් කතාව විකාශයවෙන්නෙ දෙසැම්බර් 2 වැනිදා. ඒ කියන්නෙ සතියක නිවාඩුවක්. කොහොම වුනත් කතාව නිවාඩු ගන්නෙ ප්‍රේක්ෂකයින්ට විශාල ගැටලුවක් ඉතිරිකරමින්. කතාව අවසානයේ ඒ ගැන දැනගන්න ලැබෙයි.

පහුගිය කොටස්වලින් අපි දැක්කා ජේන් ආයෙත් පරණ කණ්ඩායමටම එකතුවෙලා අලුත් පච්චවල සැඟවුනු ගැටළු විසඳන්න උත්සහ කරනව. ඒ අතරෙ රෝමන් උත්සහකරනව ඇය ඇතුළු කණ්ඩායමෙන්ම පළිගන්න. ඒත් රෝමන් උත්සහ කරන්නෙ ඔවුන් අතර විශ්වාසය නැතිකරන රහස් හෙළිකරන්න. අලුත් පච්ච විසඳලා ලැබෙන වාසියට අමතරව කණ්ඩායමට ඒක එක්තරා අවාසියක්.

ස්ටුවර්ට්ගෙ ඝාතනයෙන් පස්සෙ පැටර්සන් උත්සහ කරනව ස්ටුවර්ට් විසඳන්න උත්සහ කරපු පච්චය විසඳලා ඉවරකරන්න. ඒත් ඒ අතරෙ ගැටළුවක් ඇතිවෙනව. ඒ නිසා ඒක ඔස්සේ තවත් ඉදිරියට යන්න නොහැකිවෙනව.

පළවෙනි කතාසමයෙ කණ්ඩායම විසඳපු පොසයිඩන්ගේ පච්චය අද ආයෙත් කරලියට පැමිණෙනව. ඒ දරුණු බෝම්බකරුවෙක්ගෙ ක්‍රියාවන් නිසා. ඒ ගැටළුව විසඳන විදිහ අද කොටසෙන් දැකගන්න ලැබෙයි. ඒත් වෙනද වගේම මේ ගැටළුවත් ජේන්ට අවසානයේ වේදනාවක් ඉතුරුකරන ගැටළුවක් වෙනව.

මේ කොටසෙ සඳහන්වෙන “පෙන්-ටෙක් බෝම්බකරු” විදිහට හඳුන්වන චරිතය සැබෑ චරිතයක් ඔස්සේ නිර්මාණය කරන ලද්දක්. ඒ ගැන පොඩි සටහන් කිහිපයක් තියන ගමන් මම ලිපිය අවසන් කරන්නම්.

කතාවේ “පෙන්-ටෙක් බෝම්බකරු” විදිහට හඳුන්වන පුද්ගලයා ඇමෙරිකාවේ සිටි අමුතුම ආකාරයේ ත්‍රස්තවාදියෙක් කිව්වනම් නිවැරදියි. ඔහු නමින් “John Kaczynski.” මොහු ගණිතය සම්බන්ධ උපාධිධාරියෙක්. ඒත් මොහුගෙ ත්‍රස්ත ක්‍රියාවලට හේතුපාදක වුනේ තාක්ෂණය නිසා මිනිසුන් විනාසවන බව විශ්වාසකිරීමයි. මොහු තම උපාධීන් සම්පූර්ණ කිරීමෙන් පස්සෙ හුදෙකලා කුඩා නිවසක විදුලිය, දුරකථන ඇතුලු කිසිම තාක්ෂණ උපකරණයක් නොමැතිව ජීවත්වුනා. මොහු ප්‍රධාන වශයෙන්ම තම ඉලක්ක ලෙස භාවිතාකලේ විශ්වවිද්‍යාල හා ගුවන්තොටුපලයන්. ඒ නිසාම මොහුට “Unabomber” යන අන්වර්ථ නාමය ලැබුණා. මොහුගේ තිබුණු තවත් විශේෂත්වයක්නම් මොහු තම ප්‍රහාරවලට පෙර ලිපියක් මාධ්‍යවෙත නිදහස්කරන්න ක්‍රියාකලා. මේ ලිපිවල ඔහු තාක්ෂණය පිළිඹඳ දරණ මතය හෙලිකර තිබුණා. ඊට අමතරව ඒ ලිපිවල යම් යම් ඉඟි පළකිරීමටත් ඔහු ක්‍රියාකර තිබුණා. අවසානයේ ඔහු අත්අඩංගුවට පත්වෙන්නෙත් ඒ ලබාදුන් ඉඟියන් නිසාවෙන්මයි.

කතාවෙ පෙන්-ටෙක් බෝම්බකරු විදිහය හඳුන්වන පුද්ගලයා මේ චරිතය ආභාෂයෙන් නිර්මාණය වුන නිසා කතාවට වැදගත් නැතත් අද කොටස වැඩිදුරට තේරුම්ගන්න ඔහු ගැන දැනගන්න එකත් වැදගත්වෙයි. එහෙනම් මම සමුගන්නව. නැවත සති දෙකකින් හමුවෙමු!

ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

6,945 downloadsDownload Blindspot-S03E04.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

6,945 downloadsDownload Subtitles37 KB

15 comments

  1. Vidura

    එනකන් උන්නේ . ගොඩක් පින්

  2. Ajith Priyantha

    sub ekata thanks wawa

  3. piyumal sanjeewa

    Thanks bro..

  4. Eranga Sandaruwan

    බොහෝම ස්තූතියි උප සිරැසියට
    ජය වේවා!..

  5. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  6. Rajitha

    Thanks bro.......jayawewa.....>>>!

  7. Bobby

    Thanks lot Ravindu for Sub

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Thiyuma Samarasinghe

    thanks for the subtitle bro! (y)

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Gihan Iddamalgoda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  13. tharuka

    thada!!!!!!!!thada!!!elama!!!!!digatama sub deneme shakthiya lebewa!!!!!

  14. kodagoda

    tnx sahoo

  15. s.s.m

    tz sub ekata...