පෙර කොටසින් පෙර කොටස හරියට Edge of Tomorrow (2014) චිත්‍රපටය වගෙ. කතාව ආරම්භ වුණේම පැටර්සන් නැවතිලා ඉන්න තැන උදේක අහල පහල ඉන්න අසල්වැසියෙක්ගෙ ට්‍රම්පට් සද්දයකට. ඊටපස්සේ වැඩට යන පැටර්සන්ට එලවෙටර් එකේදී ජැක් කියලා FBI එකේම වැඩ කරන ප්‍රොෆෙසර් කෙනෙක්ව මුණගැහෙනවා. මේ දෙන්නා අතර හොද කතාබහක් පවා ඇති වෙනවා…

පෙර කොටසින්
පෙර කොටස හරියට Edge of Tomorrow (2014) චිත්‍රපටය වගෙ. කතාව ආරම්භ වුණේම පැටර්සන් නැවතිලා ඉන්න තැන උදේක අහල පහල ඉන්න අසල්වැසියෙක්ගෙ ට්‍රම්පට් සද්දයකට. ඊටපස්සේ වැඩට යන පැටර්සන්ට එලවෙටර් එකේදී ජැක් කියලා FBI එකේම වැඩ කරන ප්‍රොෆෙසර් කෙනෙක්ව මුණගැහෙනවා. මේ දෙන්නා අතර හොද කතාබහක් පවා ඇති වෙනවා. ඊටපස්සේ මගක් දුරදි ඔය එලවේටර් එකට සපාටා ගොඩ වෙනවා. මේ දෙන්නා අතර ඇතිවෙන කතාබහ දැකලා එයා පුදුම වෙනවා. ඒ විතරක් ඈ අර ප්‍රොෆෙසර් පැටර්සන්ට කොෆි එකක් බොන්න යන්න ඩෙට් එකකට පවා කතා කරනවා. එහෙම කියලා ඊලග මහලින් එලියට යන ප්‍රොෆෙසර් ගියාට පස්සෙ සපාටා පැටර්සන්ට තේරුම් කරලා දුන්නා ඔය සම්බන්ධතා ගැන ලොකු විස්තරයක්. (කොටින්ම තමන්ට ඒ සම්බන්ධ ගැටළු තිබිලත්)
වැඩ කරන තැන ගත කරන පැටර්සන් තවත් ටැටූ එකක් විසදනවා. ඒකට Pi ගුණිතයෙන් පටලැවිල්ලක සම්බන්ධයක් තියෙන විත්තිය පවා හොයාගන්නවා. ඊටපස්සේ ඒක වෙනත් හමුදා භටයින්ගෙ මරණ පරීක්ෂණ වාර්තාවන් වලට සැසදීමක් කලා. ඒ වාර්තාවන් වලට අනුව මේ හමුදා බටයින් මැරිලා තියෙන එකම දවසේ මත්ද්‍රව්‍ය අධික ලෙස ලබාගෙන. ඒ කතාවේ අසම්පුර්ණ බවක් තියෙන නිසා තමයි කණ්ඩායමේ අය තීරණය කරන්නේ මතබේදකාරි වගේම භයානක පරීක්ෂණයක් සිදු කරන්න අර මැරිලා ගිය නාවුක හමුදා බටයින්ගෙ අළු වලින්. නාවුක හමුදාව බාරව හිටිය කර්නල් නම් හිතුවෙම ඔය පරීක්ෂණ කෙරුවාව අනවශ්‍ය වැඩක් කියලා. ඒත් කොහොම කොහොමින් හරි නාවුක හමුදා බටයින්ගෙ අළු ටික FBI එකට අරගෙන ආවා. මේ අතරේ සපාටා හොරෙන් ජැක් කියන ප්‍රොෆෙසර්ටත් මේ වැඩේට ආරාධනා කිරීමක් කලා. ඊටපස්සේ පරීක්ෂණ කටයුතු කර කරා ඉද්දි අළු තියෙන බදුන් පිපිරිලා යනවා. මේක හරිගස්වන්න ලගට යන පැටර්සන්ව මේකට අහු වෙනවා. කරුමේ කියන්නේ වුනේ මොකක්ද කියලවත් පෙන්නුවේ නතුවේ පිපිරිම අස්සෙ වෙළද දැන්වීමක් පෙන්නුවා.
වෙළද දැන්වීමෙන් පස්සෙ පැටර්සන් ආයෙමත් නැගිටින්නේ එයා නැවතිලා ඉන්න තැනින්. සුපුරුදු පරිදී ට්‍රම්පට් සද්දෙත් එක්කම. ඉතින් ආයෙමත් වැඩට යනවා. ආයෙ මැරෙනවා. ආයෙ නැගිටිනවා. පැටර්සන්ට වුනේ මැරී මැරී ඉපදෙන්නයි. හැබැයි නිකන් නෙවෙයි ලැබ් එක ඇතුලේ වෙච්ච පිපිරිම හිතාමතා වෙච්ච එකක් කියලා දැනගන්න කරුණු කාරණා එයා දැනගන්නවා. ඒක ඇතුලෙත් එයා ලොකු රහසක් විසදගන්නවා. කතාවේ අන්තිම හරියට ආවම Edge of Tomorrow (2014) වගේ සිදුවීම් පෙන්නලා තියෙන්නේ පිපිරීමෙන් රෝහල්ගත වෙලා හිටිය පැටර්සන්ව ශල්‍යකර්මයකට ලක් කරන්නත් කලින්ම කෝමා එකකට වැටිලා. පැටර්සන් කියන්නේ ක්ෂේත්‍ර මට්ටමින් ක්‍රියාකාරී නොවුනත් කොහොමහරි තමන්ගේ රාජාකාරිය හොදටම කරන කෙනෙක්. ඒ නිසා එයා කෝමා එකේ සිටියදීත් කලේ කේස් එක විසදන්නයි. ඉතින් ඒ විදිහටම කතාවේ අවසානයේ ඒ කේස් එකත් පැටර්සන් විසදන හැටි අපිට දැකගන්න ලැබුණා.
මෙවර කොටසින්
මේ කතාමාලාවේ හිටිය කේඩ්ව ඔයාලට මතක ඇති කියලා හිතනවා. අන්න එයාගේ සිදුවීමකින් තමයි කතාව ආරම්භ වෙන්නේ. FBI එකේ සෑන්ඩ්ස්ටෝම් එකේ කේස් එකක් විසදන්න උදව් වෙලා තමන්ගේ නිදහස ලබාගෙන ගිය කේඩ්ව වර්තමාන දවසට අවුරුද්දකට පෙර පැහැරගෙන යාමක් සිද්දවෙනවා. ඊටපස්සේ වර්තමාන දවසක ගුවන් යානක් කඩාගෙන වැටෙනවා. මේකත් අනිවාර්යෙන්ම ජේන්ගෙ ටැටු වලට සුපුරුදු පරිදි සම්බන්ධයි වගේම කේඩ්ටත් සම්බන්ධයි. දැන් ඉතින් කියලා තේරුමක් නැහැ. බලලම ඉන්නකො එහෙනම්.
ප:ලි: – දැන් ඉතින් කට්ටිය ලුණු ඇඹුල් ඇතිව කලින් සබ් කරපු කෙනාටත්, වෙබ්අඩවියෙ සෙසු උපසිරැසිකරුවන් වගේම ඇඩ්මින් මණ්ඩලයත් සිහිපත් කරන්න ඇති. ඒ ගැන සැකයක් නැහැ. මුලින්ම මේක කලින් කරපු රවිදු තේනබදු සහෝ වෙනුවෙන් වගේම අනික් සියලුම දෙනා වෙනුවෙන්ම සමාව ඉල්ලනවා මේ විදිහට කතාව මග නවත්තලා සෑහෙන කාලෙකට පස්සෙ සබ් දෙන්න පටන් ගත්තට. ඇත්තම කියනවනම් රවිදු සහෝට කරන්න බැරි තත්වයක් උදා වෙලා තියෙද්දී තමයි හසා අයියා කට්ටිය එකතු කරන් “මේ කතාසමය ඉවර කරලා දාන්න විතරක්” සාමූහිකව සබ් කරන්න ගත්තෙ. මං දන්නවා මේ වෙද්දී මේකේ සම්පුර්ණ කොටස් ටික විකාශය වෙලා ඉවරයි. සමහර අය බලලත් ඉවර ඇති. ඒත් ඉතින් මෙහෙම හරි සබ් ටික දෙනවා හැරෙන්න අපිට වෙන විකල්පයක් නැහැ. මෙතනින් පස්සෙ ඉතිරි කොටස් හතම නොකඩවා ඔයාලාට ලැබේවි. කිසිම බල කිරීමක් නැහැ. බැන්නට මුකුත් කියන්නේ නැහැ. අඩු කුලේ රේටින් දැම්මට අහිතකුත් නැහැ. මොකද බාරගත්ත වැඩේ ඉෂ්ට කරලා දැම්මා කියලා හිතහදාගන්න පුලුවන් නිසා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,319 downloadsDownload Blindspot-S03E15.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
43 comments
ajith00129
Charinda
පරක්කු වෙලා හරි කමක් නෑ, සබ් එක දුන්න එක නම් පට්ටම පිනක්. බොහොම ස්තුතියි.
nadeeranc
Kawada hari denakan balagena hitiye, thx brooo...
sajith
thanks subta bro
suduu
sub1denakm balagena htiye.ela ela
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
isuruchamath56
sub enakan baluweth na, ela ela thanks parakku wela hari dunnata... :)
Sanjeewa Malith
Thanx brother
Bobby
Thank you very much
udesha
me episode ekt sub eka denkn thami bln hitiye thnx mchn. The last ship s5 ekath puluwannm sub dennoo
ishanka samith
elzz broo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSoori
අපි ගාව අඩු කුලේ රේටින් නැහැනෙ චාමර සහෝ...
ගෙඩි පිටින් නවයක් ම දුන්නා ඕන්...
ඒ මොනවා උනත් උපසිරැසියට පින්.
ජය...!!!Ayesh Prashan
Thank You.. puluwan widiyata sub denna..kisima aulak nae..jaya wewa!!!
Yohan Dhananjaya
ammo sehenna kal balan idiya... dena akak ne qyalath hithuna.. anyway thanks bro.........
sherlock_holmes1234
apo mokakda me season 4 ekath awilla bn ikmanata sub tika denna kollane
sherlock_holmes1234
season 3 eka download karalath iwarai ikmanata anith epi tikatath sub denna
sherlock_holmes1234
blindspot eka methanin nawaththanna epa digata karagena yamu saho...........please,
Jeidy jay
keep it up bro...!
podda
pissudu bro monawata baninda?? mokata smawa illanawada kohoma hari dunane.... meke kawadahari dei kiyala balagena hitiye
puluwan widihata denna. me season eken nathara karanna epa plzzzKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Navi1996
විශ්වාස කරපන්...sub නැති නිසා series එක අතැරල දැම්මා...thankz සහෝ...එහෙනම් ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...ජය වේවා..
Chathu_OO
මම නම් හිතුවා කවදා හරි දෙයි කියලා...
එතකම් බලා ගෙන හිටියා...
බොහෝම ස්තූතියි...Kanchana
Thanx saho
Udara_sandanuwan
thanks bro mekata sub eka enakam mat balan edeye. ela degatama denna parakku unakiyala matanam aulak ne.mokada oyagollot nikam edan neweine sub denne job karana gamanne ekai ela best......................
Emosha kevinzz
ඉලග සිසන් එක දෙන්නැ කියල ආරංචි එමනමි කරන්න එපා බං අනාත වෙනවා අපි
4devinda
බලා ගෙන හිටියා.බොහෝම ස්තූතියි... .
Rasitha Illangasinghe
Thanks sub ekata..
3cjsasika
awulk na machn suba denkn baln htya thanks :)
Dilsha Sithari
Thank you
maxek500
thanks macho mekata sub aka danawata asawen balapu tv serious akak
Thilan Durage
Ehema naha sahooo.... Great work... Bs!Tc..,...
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක ඉවර කරන එකනම් ලොකු දෙයක්...
සමහර season තියෙනවා බාගෙට නැවතිච්ච...
පුලුවන්නම් ඒවත් ඉවර කරලා දාන්න...Dinusara DVD World
parakku wela sub eka dunnata ahithak na saho..meka oyala nikan karana sewayak..oyalage kalaya apathe yavala api wenuwen sub eka dena ekata hadawathinma sthuthi karanava...jayaweva..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
s.s.m
tz sub ekata...
kodagoda
tnx bro parakkuwela hari dunna ekata sub enakan hitiye balanna
Manoj Sanjaya
THANKS BRO
Salinda Wijayabandara
thank you bokkahh
Thiyuma Samarasinghe
Thanks for the sub bro!!
Ajith Priyantha
ehema adukule comment bahutharaya gawa na kisi awulaka na katah samaya wenuwen sub labathenawata
thanks for subMAALnath
Thanks ...........................good luck ............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




හපොයි ආසාවෙන් බල බල හිටපු එකක්, ඉතුරු ටික කොහොම හරි දෙන්න , thanks bro