ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං අපි ක්‍රමයෙන් Blindspot තුන්වන කතා සමයේ 22 කොටස නැත්තං අවසාන වෙළුමට ඇවිල්ල ඉන්නෙ.. මේක කරන්න හිටියෙ නම් ලහිරු.. කවුරුත් දන්න විදියට ලහිරු විභාග කටයුතු නිසා මේ කාලෙ උපසිරැසිකරණයෙන් ටික දවසකට ඈත් වෙලා තමයි ඉන්නෙ.. ඉතිං ඒ නිසා මේ කොටසත් මම ඉවර කළා.. හරි එහෙනම් කලින් කොටස…

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං අපි ක්‍රමයෙන් Blindspot තුන්වන කතා සමයේ 22 කොටස නැත්තං අවසාන වෙළුමට ඇවිල්ල ඉන්නෙ.. මේක කරන්න හිටියෙ නම් ලහිරු.. කවුරුත් දන්න විදියට ලහිරු විභාග කටයුතු නිසා මේ කාලෙ උපසිරැසිකරණයෙන් ටික දවසකට ඈත් වෙලා තමයි ඉන්නෙ.. ඉතිං ඒ නිසා මේ කොටසත් මම ඉවර කළා.. හරි එහෙනම් කලින් කොටස තුළ වුණේ මොකක්ද කියල මතක් කරගෙන ඉමු..
පසුගිය කොටසින්..
පහුගිය කොටස තුළදි බ්ලේක් එක්ක එකතුවෙලා රෝමන් එකසත් ජාතීන්ගේ සංවිධානයට ලොකු ප්‍රහාරයක් එල්ල කරන්න හැදුව මතකයිනේ. මුලින්ම අවධානය වෙනස් කරන්න ෆොටෝකොපි මැෂින් එකකට බෝම්බයක් සෙට් කරන්න බ්ලේක්, රෝමන් කටයුතු කරනව.. හැබැයි පැටර්සන්ගෙ උදව් ඇතුව ටාෂා, රීඩ් දෙන්න ඒ බෝම්බය නිෂ්ක්‍රිය කරනව. ඇත්තටම රෝමන් මේක ප්ලෑන් කරන්නෙ ක්‍රෝෆෝර්ඩ්ගෙ උවමනාවක් සම්පූර්ණ කරන්න. ඒ තමයි කෙම්බෙසි සහ ඕඩාන් කියන රටවල් හරහා යන්න තියෙන තෙල් නලයක් ක්‍රෝෆෝර්ඩ්ගෙ ඉඩමක් හරහා යවාගන්න. ඒක කරන්න ඕන නම් ක්‍රෝෆෝර්ඩ්ට කෙම්බෙසි, ඕඩාන් රාජ්‍ය නායකයින්ව ඝාතනය කරල රටවල් දෙක අතරෙ සිවිල් යුද්ධයක් ඇති කරන්න වෙනව. හැබැයි සැලසුම ක්‍රියාත්මක වෙන අතරෙ ජේන්, කර්ට් දෙන්න හොටෙල් එකට ඇවිත් රාජ්‍ය නායකයින් දෙන්න ආරක්ෂා කරනව. ඒ නිසා රෝමන්ට සැලසුම සාර්ථක කරගන්න බැරි වෙනව. මේ අතරෙ කෙම්බෙසි රාජ්‍යයේ රජුගෙ ෆෝන් එක නැති වෙනව.. ඒක හොයනකොට වීඩියෝ එකක තිබිල අහු වෙනව ඒක ගත්තෙ ටාෂා කියල. ඒකෙන් පස්සෙ ටාෂා CIA ඔත්තුකාරයෙක් කියල එළි වෙනව.. හැබැයි ටාෂා මේ ෆෝන් එක හොරකම් කළේ සාක්ෂි ඉතුරු වෙන විදියට නිසා ඇයව CIA 1න් ඉවත් කරනව. මේ ඔක්කොම අතරෙ රෝමන් ජේන්ට තවත් අභියෝගයක් කරනව.. ඔහු වීඩියෝ එකක් මාර්ගයෙන් ප්‍රෙහේලිකාවක් එවනව.. ඒකෙන් කියවෙන්නෙ අවසාන ගේම් එකක් ගැන.. ඒ අනුව “ජයග්‍රාහකයාට හැමදේම උරුම වෙනව” කියල තමයි රෝමන් ප්‍රෙහේලිකාව අදාල කතාව අවසාන කරන්නෙ.
අද කොටසින්..
මේක බොහොම සිත්ගන්නාසුළු කොටසක්.. මොකද කතාව රෝමන් සහ රෙමී දෙන්නගෙ ජීවිත පටන් ගත්ත දකුණු අප්‍රිකාවට තමයි හැරවෙන්නෙ. රෝමන්ගෙ සැලසුම අසාර්ථක වුණාට පස්සෙ ඔහු දකුණු අප්‍රිකාවට පැනල යනව. හැබැයි ක්‍රෝෆෝර්ඩ් සූදානම් නැහැ ටොම් (රෝමන්) නිකම්ම අතෑරල දාන්න. මේ වෙනකොට FBI එක ක්‍රෝෆෝර්ඩ් පස්සෙ වැටිල ඉන්නෙ.. අන්න ඒ හේතුව නිසා ක්‍රෝෆෝර්ඩ් පැන ගන්න බ්ලේක් උදව් කරනව.. බ්ලේක් ඇමක් විදියට දාල ක්‍රෝෆෝර්ඩ් පැන ගන්නව. හැබැයි ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ බ්ලේක්, ටොම්ගෙ ජීවිතය බේරගන්න FBI එක එක්ක ගණුදෙනුවක් කරනව.. ඒ තමන්ගෙම තාත්තව පාවල දීල.. කොහොමින් කොහොමහරි ටොම් ක්‍රෝෆෝර්ඩ්ව අල්ලල හිර කරගෙන මරණීය තර්ජන කරනව.. මෙතන්දි අතීත කතාවක් ඉස්මතු වෙනව.. ඒක ඔයාලම බලාගන්න මොකද්ද කියල.. රෝමන්, ක්‍රෝෆෝර්ඩ් පස්සෙ FBI එකෙන් එනව. එතනදි කර්ට් වෙඩි පහරකට ලක් වෙනව. එතනින් එහාට තමයි ඇත්තටම කතාවෙ හැරවුම් ලක්ෂය සනිටුහන් වෙන්නෙ..
* කර්ට්ට වෙඩි පහර නිසා ඔහුට මොකක් වේවිද?
* ජේන් කියනව ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල.. ඇත්තටම ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නවද. නැත්තං ඒක තවත් ඛේදවාචකයක ආරම්භයක් ද?
* ක්‍රෝෆෝර්ඩ් අල්ල ගන්න පුළුවන් වේවිද?
* ටොම්ගෙ ඇත්තම සැලසුම මොකද්ද?
* ජොබ් එක ගහල ගියපු ටාෂාගෙ ඊලඟ සැලසුම මොකද්ද?
* බ්ලේක් කියන්නෙ ඇත්තටම මොන වගේ කෙනෙක්ද?
* අද කතාවෙන් සමුගන්නා චරිත මොනවද?
* අඟේ ඉඳන් කන කාපු මිත්‍රද්‍රෝහියා/ද්‍රෝහියෝ කවුද?
මීටත් වඩා තව ප්‍රශ්න බොහෝ ගාණක් අද කතාව තුළින් විසඳගන්න පුළුවන්.. ඒ අතර හැමෝම බොහොම හොඳින් දන්න කෙනෙක් කරන ඇස් අදහාගන්න බැරි සැලසුමක් නිසා කතාව හතරවන කතා සමයක් දක්වා දිගහැරෙනව.. ඔන්න එහෙනම් 2018 ඔක්තෝම්බර් 18 වෙනිදා හතරවන කතා සමයේ විකාශය ආරම්භ කරන බව CTV ආයතය ප්‍රකාශයට පත් කරල තියෙනව කියන සුබාරංචියත් මේ වෙලාවෙම අරගෙන එනව.. එහෙනම් ඉතිං ඒ කතා සමයත් අපේ බයිස්කෝප් සහෝදරයෙක් හෝ කීපදෙනෙක් එකතුවෙලා අරගෙන ඒවි.. එතෙක් සමු අරන් යන්නම්..
ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,498 downloadsDownload Blindspot-S03E22.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
45 comments
KasunRe
ajith00129
එල සබ් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි
Rasitha Illangasinghe
Thanks sub ekata... Good luck!!!
Rasitha Illangasinghe
Thanks sub ekata...
Tawath series ekak awsan...elanga series ekatath october seta suba denna dahirya lebewa.... udayanga mallita thanks
oneli
thank you shaoooo
Udith
godak sthutiii me krna sewayata
Chathu_OO
පට්ට...
හතර වැනි එකත් දෙයි නේද?
දුන්නා හරි නැතුවා හරි
තුන් වැනි එක කරපු ඔක්කෝම අයට ස්තූතියි....Ayesh Prashan
Godak sthuthie
Bobby
Thank you very much Friend.
laki
ado machan supiriiiiiiiiiiiii
4devinda
සබ් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.
sachintha
මේ කතාසමය පුරාවටම උපසිරැසි ගැන්වූ සියලුම උපසිරැසිකරුවන්ට ස්තූතියි...
තවත් නවතම කතාමාලාවකින් නැවත හමුවෙමු
ජය....Suranjan
Thanks machan kathawa dunnata........jayawewa.......!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dilsha Sithari
Thanks For all episodes
Navi1996
බොහොම ස්තූතියි සහෝ සබ් ඔක්කොම දුන්නට.taken සීසන් 2ට සබ් ගේන්නෙ නැත්තේ ඇයි
Randi
බොහොම ස්තූතියි! ජය වේවා!
podda
maga nathara wela thibba serious eka digatama adagena giya ekanam supiri. patan gattha dawasa iden me wena kan sub dunna hamotama thanks
"" එහෙනම් ඉතිං ඒ කතා සමයත් අපේ බයිස්කෝප් සහෝදරයෙක් හෝ කීපදෙනෙක් එකතුවෙලා අරගෙන ඒවි.. """
ammo sathuta!!!!s.s.m
Tz sub ekata....jaya wewa!!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක ඉවර කරපු එකනම් ලොකු දෙයක්...
මේ වගේ මග නැවතිච්ච series දෙක 3ක් තියෙනවා..
පුලුවන්නම් ඒවටත් සබ් දීලා ඉවර කරන්න...
Z Nation S04E13 & Van Halsing S02E12,13nimanaka
super.. thanks brother. thanks baisecop.. good job..
puluwanam Ash vs Evil dead season 3 akat sub danna.. thanks..Pavi
බොහොම ස්තූතියි ....
සියලුම උපසිරැසි කරුවන්ට බොහොම ස්තූතියි
ජය වේවා !!!Kevinzz
සීසන් 4ත් ආවම සබ් දියල්ල ඇ බං
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
maxek500
kattiyatama thanks amaruwen hari Blindspot adagena awata.
rasara
Parakku wunata awulak na itin wade kohoma hari iwara karane. Sub eka karapu okklamata jaya wewa. Thanks sahola
Thar96
niyamai saho 22 ma baluwa.late wela hari watina nirmana walata sub dunenata.sub karapu hamotama jaya wewa.
Banuka Hettiarachchi
thanks bro
gayanharshana1989
මචන් season4 sub ටික ඉක්මනට දන්න එලම ජයවෙවා
Eranga Sandaruwan
මග නැවතිච්ච ටික දැන් තමා බලන්න ගත්තේ ඕන්. උඹ කිවුව දිනේට කලිම් සීසන් 4 පටන් අරන් නේ හැබැයි. තාම සබ් එකනම් කවුරුත් දෙන පාටක් නෑ වගේ..
උප සිරැසියට බෝම ස්තූතියි..
gayanharshana1989
මචන් අපි වෙලෙනවා ඉක්මනට sub1 ඔනා
kodagoda
tnx sahoo
Duminda848
SUB EKATA THANKS …. SEASON 4 SUB EKATH IKMANIN DEI KIYALA HITHANAW
isuruchamath56
Thanks for the sub
Waiting for Season 4 Subskasunvidurangakv
Thanks for sub
Season 4 sub ekath ikmanata dennaIsuru_
සීසන් 4 ඇවිල්ල මචන් සබි එක දියල්ලකො බං
Hiranthaniroshana
Ai bn season 4 ekta sub denne natte ekatat sub dennko mcn
MAALnath
Thanks ..................good luck ..................
Uvmljayalath
Season 04 sub dendooooo ✨️✨️✨️✨️✨️✨️✨️✨️
Hopes142
Session 4 sub eka naddoo.....
Haashan Dhanushka
thnxxxxxxxxxxxx
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.................!
DILSHANMASS
man me kathawa balanna gaththe dn sahodaraya.ela.supiri wadak.jaya wewa thankzzz sub ekata.hama ekakatama man comments damme na.et serama ep balana gaman.thankz godaaak me karana deta. season 05tata sub karamu.jaya wewa,.,...
Damith Ravindra
man blanne dan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සහෝ......