ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට. මම කලින් කතාවේ පොරොන්දු වුණා වගේම පුලුවන් තරම් ඉක්මනින් අලුත් කොටසත් අරන් ආව. අද BLINDSPOT රසිකයොන්ට ගොඩාක් විශේශ දවසක් කිව්වොත් මන් හරි. මොකද මෙච්චර කාලයක් හොයාගන්න බැරිව තිබුණු රෝමන්ගේ ඊලග දත්ත ගබඩාව අද රීචුත් පැටර්සනුත් එකතු වෙලා හොයාගන්නවා. හොය…

ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට. මම කලින් කතාවේ පොරොන්දු වුණා වගේම පුලුවන් තරම් ඉක්මනින් අලුත් කොටසත් අරන් ආව. අද BLINDSPOT රසිකයොන්ට ගොඩාක් විශේශ දවසක් කිව්වොත් මන් හරි. මොකද මෙච්චර කාලයක් හොයාගන්න බැරිව තිබුණු රෝමන්ගේ ඊලග දත්ත ගබඩාව අද රීචුත් පැටර්සනුත් එකතු වෙලා හොයාගන්නවා. හොයා ගන්නේ කොහොමද කියල මන් කියන්නේ නැහැ. කතාව බලන්න එතකොට වැඩේ පැහැදිලි වෙයි. ඔයාල අහල තියෙනව නේද අපි දැනුවත්ව කරන පව් වල විපාක පල දෙනව කියලා. එහෙම නේද ?. අද ඒකට හොද උදාහරණයක් කතාමාලාවේ තියෙනවා. බුදු දහමේ කියන විදියට පව්කරපු කෙනෙක් කොහේ හැන්ගිලා හිටියත් අදාළ පුද්ගලයට එයාගේ වැරදි වලට දඩුවම් ලැබෙනවම තමයි. ඒක මට මේ උපසිරසිය කරද්දී දිගින් දිගටම මතක් වුණා. ඒ වගේම “සදකිදුරු ජාතකය” අහල තියෙනව නේද ?. ඒ ජාතක කතා වස්තුව මන් 2014 O/L කරන කොට අපේ සින්හල සාහිත්‍ය පොතේ තිබුණා. ඒ කතාව පොතේ තිබුණේ “සද කිදුරු දා කව” කියල ලස්සන කවි කීපයකින්. (ඒකේ සුපිරි කවි ටිකක් තියෙනව පුලුවන්නම් කියවන්න.https://www.e-thaksalawa.moe.gov.lk/web/en/grade-10-old.html ලින්ක් එක ඔන්න.) ඒ ජාතක කතාවේ අන්තිමට කිදුරිය, මැරුණු කිදුරගේ සිරුර වැලදගෙන දුක තුනී කරගන්න කියන කවියක තියෙනව, “සාගරයේ කොතනක හැන්ගුනත්, මහ ගල් ගුහාවක හැන්ගුනත් කරපු අකුසල කර්ම වල ප්‍රතිවිපාක ලැබෙනවා” කියලා. {මන් මේ නිකමට කියන්නේ අද10,11 සාහිත්‍ය පොතක් නිකමට පෙරලල බලන්නකො. වෙනසක් තේරෙයි.) මරල හරි ඕන බලු වැඩක් කරල හරි සල්ලි හොයන, සල්ලි පස්සේ මැරෙන්න යන මිනිස්සුන්ට ඒ කතාවෙන් ගොඩාක් දේවල් ගන්න පුලුවන්. අපෝ ඇති ඇති. මන් කතාවේ ඉතුරු ටික කියන්නම්.
සපාට මැඩ්ලින් එක්ක කරන අලුත්ම වැඩේ. කට්ටිය හදන්නේ ලෝකෙ ඉන්න හොදම හැකර්ව ගෙන්නවන්න වගේ. ඔයාලට මතකද JB කියල පොරක් ගැන කතවුණා. අද දැනගන්න පුලුවන් ඒ කවුද කියලා. ඒ වගේම ජේන්ට බෙහෙතකුත් හොයා ගන්න සාර්තක ක්‍රමයක් හම්බවෙයි කියලා අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනව. හැබැයි අද කතාවේ ජේන්ට වෙන්නෙ නම් අපි බලපොරොත්තු නොවෙන දෙයක්මයි. ඉතින් මන් ගිහින් එන්නම්. ඊලග කොටස පුලුවන් ඉක්මනට ගේන්නම්.
අද කතාවේ නම – sun,moon,and the tree
IMDB අගය – 8.4
විකාශය වුණේ – 2018/11/30
.ප.ලි..
මේ කතාව මට බාර දුන්නේ ශාන් විමුක්ති අයියා. මාව විශ්වාස කරළ මේ වගේ දරුණු ටීවී සීරිස් එකක් දීපු එකට මුලින් ස්තූති කරන්න ඕන. මන් නවක උපසිරසි කරුවෙක් විදියට උපසිරසිකරණයට අත්පොත් තියද්දී හැම වෙලේම මාව උනන්දු කළේ ශාන් විමුක්ති අයිය තමයි. මගේ දෙවැනි සබ් එකේ ඉදන්ම නොකඩවා මේ ටීවී සීරිස් එක මන් කරන්න ප්‍රධාන හේතුව විමුක්ති අයියා තමයි (මන් ශාන් කියල නොකිය ඉන්නම් මොකද මටත් කට්ටිය කතාකරන්නේ ශාන් කියලා.😁) ඉතින් ගොඩාක් ස්තූතිවන්ත වෙන්න ඕන මේ කරන උනන්දු කිරීමට.
තෙරුවන් සරණයි…………. සුබ අනාගතයක්……..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය webx264 පිටපත් සඳහා අදාළ වේ.
4,238 downloadsDownload Blindspot.S04E07.zip35 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තිසර ශානක ප්‍රින්ස් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසර ශානක ප්‍රින්ස්
Subtitles
20 comments
Rasitha Illangasinghe
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
podda
elama elama....
thanks bro sub ekataBobby
Thanks lot Thisara
Kanchana
Thanx saho
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඊලග කොටසත් ඔක්මනටම දීලා සමගාමී විකාශයට යමු...Kulanjana Maduranga
subata thanks
sherlock_holmes1234
elama
suranuwan
thanks bro....
rangika Kariyawasam
ජයවේවා
danumadu
ela
Udara Damith Dissanayaka
thenliw
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!
Vampking
Anith episode tiketh sub ikmnta denwd plzzzz.....?????
Sub walata thnkzshehanp
Thank You
s.s.m
tz sub ekata...
Navi1996
ගොඩාක් ස්තූතියි සහෝ..අලුත් epi ටිකටත් සබ් දෙන්නෝ..ජය වේවා..!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks sub ekata..