Watch Trailer

Marvels Runaways [S02 : E13] Sinhala Subtitles | අවසානය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතාමාලාවෙත් අවසානයට ආවා. තමන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් වෙලා ජීවීතේ තනිවම ගැට ගහගන්න හදපු ළමයින්ගේ ආරම්භයකින් තමයි කතාමාලාව ආරම්භ වුණේ. පස්සේ මේ අයට හම්බෙනවා පොලව යට හදලා වගේ කිසිම කෙනෙක්ට පේන්න නැති වෙන්න හදපු අතහැරලා දාපු මන්දිරයක්. යන එන මං නැති යාලුවෝ ටිකට මේ තැන හුගාක් ලොකු උදව්වක්…

ඔන්න එහෙනම් මේ කතාමාලාවෙත් අවසානයට ආවා. තමන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් වෙලා ජීවීතේ තනිවම ගැට ගහගන්න හදපු ළමයින්ගේ ආරම්භයකින් තමයි කතාමාලාව ආරම්භ වුණේ. පස්සේ මේ අයට හම්බෙනවා පොලව යට හදලා වගේ කිසිම කෙනෙක්ට පේන්න නැති වෙන්න හදපු අතහැරලා දාපු මන්දිරයක්. යන එන මං නැති යාලුවෝ ටිකට මේ තැන හුගාක් ලොකු උදව්වක් වුනා මේ අයගේ දිවි ගලවගන්න ලොකු හයියක් වුනා. මෙතන ගෙවන යාලුවෝ ටිකට දවස ගානෙම හරිම අමුතු විදිහේ දේවල් වලට මුහුණ දෙන්න සිද්දවුනා. මේ අය සිද්දවුනු පෙලක් සිද්දි නිසා එකාට එකා තරහ ගිය, මිත්‍රත්වය, ආදරය මේ හැමදේම පැත්තකට දාලා මේ අය භේද වෙච්ච අවස්ථාත් අනන්තයි. මේ විදිහට නැතිවෙන පක්ෂපාතිත්වය පවා නැවත ලබගාන්න ඕන දෙයක් කියන එක ගැනත් හොදාකාරවම පෙන්නුම් කරලාදුන්නා. හොදට කල්පනා කරන්න ඕන කරුණු කිහිපයක්මත් දකින්න ලැබුනා. ඒකෙන් හොදම වගේම විශේෂ තැනක් ලැබුනේ කැරොලිනාහේ ඇත්තම තාත්තා වෙනත් ලෝකයකින් ආව පිටසක්වල ජීවීයෙක් වෙච්ච ජෝනා සම්බන්ධ සිදුවීම් පෙළයි.

අනික තමයි පුද්ගලිකවම මට හිතට අල්ලලා ගියපු කාරණාව තමයි දෙමව්පියන් වගේම ළමයි අතර තිබුණු සම්බන්ධය එකිනෙකට වෙනස් කරලා පෙන්නපු විදිහයි. කතාමාලාවේ ඉන්න ළමයි තමන්ගේ දෙමව්පියන්ගෙන් වෙන්වෙලා ජීවීතේ වෙනම ගෙවන්න ගියේ දෙමව්පියන් හොද පරමාර්ථයෙන් හෝ වැරදි පරමාර්ථයෙන් කරපු වැරදි නිසයි. තාමත් එහෙමයි. එයාලා කලේම වැරදි කරන එකයි, එයාලගේ දෝෂ අනික් අයට හෙළි කරවන එකයි. ඒත් ළමයි නිතරම කලේ ඒකේ අනික් පැත්ත. අලුත් ශක්තින් හොයාගෙන, තමන්ගේ හැකියාවන් ගවේෂණය කරලා හොද දේවල්ම කරන්න උත්සහ කරපු එකයි. කොහොම වුනත් හැකියාවන් ගවේෂණය කරලා නීකොට නම් ලොකු බලපෑමක් වෙලා තිබුනා. මතකනේ තමන්ගේ හැකියාවන්වල අවසන් මොහොත දක්වාම සටන් කරලා පණ නැතුව ඇදගෙන වැටුනම ස්ටෑෆ් එක නිකන්ම එයාගේ අතට ගිහින් නීකොව ඉබේම කෙලින් වෙලා එයා මෙතුවක් පාවිච්චි කරපු බලයකට වඩා වැඩි යමක් නිකන්ම පිටවුනා ඇස් දෙක වටා ඉරි තලා ගිය, දම් පාටට හුරු පාටක් ඇතිවෙලාත් තිබුණා. නීකොගේ ඒ ස්වරූපයෙ හුරු බවක් දැක්කේ නැද්ද ඔයාලට? හරියට නිකන් බල තන්හාව නිසා නපුරට හැරුණු කෙනෙක් වගේ. ඒ කියලා මීටර් වෙන්න තරම් දෙයක් මතකෙට එන්නේ නැත්තම් පහලට තියෙන පින්තූරේ බලන්නකෝ.

Doctor Strange (2016) චිත්‍රපටය බැලුවා නම් මතක ඇති නෙහ් බින්දුවේ ඉදන් සාස්ත්‍රය ඉගෙන ගෙන ඒත් බලය ලැබුනම බල තන්හාව හැදිලා සුපිරි දුෂ්ටයෙක් වෙලා අදුරු මාවතකට වැටුණු කයිසිලියස්ව? අන්න ඒ වගේ ස්වරුපය තමයි නීකොටත් තිබුනේ.

එක ලග එක කොටස ගානෙ සබ් අරන් ආව නිසා මං හිතන්නේ ඔයාලට කතාවේ අපැහැදිලි තැනක් නැතිව ඇති වගේම අමතක නොවෙන්න තරම් දෙයක් නැතුව ඇති කියලා හිතනවා. අපැහැදිලි දෙයක් තියෙනවනම් මේ පෝස්ට් එකේ පහලට කමෙන්ට් විදිහට හෝ අපේ ෆෑන් පේජ් එකට මැසේජ් එකක් විදිහට හෝ මගේ පුද්ගලික ප්‍රොෆයිල් එකට හරි මැසේජ් එකක් දාන්න. ලෙසිල්ට තේරුම් ගිහින් තිබුනේ දේවස්ථානය කියන්නේ තනිකරම බොරුවක් කියලා. මේ නිසාම මෙයා තීරණය කළා දේවස්ථානය වහන්න. ඒ නිසාමයි ලෙස්ලිව හසුරවගන්න බැරිවුණු ෆ්‍රෑන්ක් තවත් කට්ටියක් එක්කම ලෙස්ලිව වෙනින් තැනකට එක්කන් ගිහින් තියාගත්තේ. මෙතනින් ලෙස්ලිව බේරගෙන එයාව එයාගේ දුවයි, මොලී, නීකො එක්කන් ආවේ මේ අය නැවතිලා හිටිය මන්දිරයටයි. ඉතින් මේ අතරෙම තමයි කැරොලිනාව හොයාගෙන අමුතු කෙල්ලෙක් එන්නෙත්, මන්දිරය වගේම තමන්ගේ යාලුවෝ හැම කෙනෙක්වම දාලා ගියපු චේස් දෙමව්පියන්ගේ දැඩි ඉල්ලීම මත ප්‍රයිඩ් එකට එකතු වෙන්නෙත්. කැරොලිනාව මුණගැහෙන්න ආව කෙනා කවුද? ඇත්තටම මනුස්සයෙක්ද? එහෙමත් නැත්තම් තවත් පිටසක්වල ජීවීයෙක්ද? ප්‍රයිඩ් එකට එකතු වුනු චේස් එයාගේ දෙමව්පියන් වගේම අනික් සමස්ථ දෙමව්පියන් එක්ක ගනුදෙනු කරන එක ලේසි වෙයිද? කලින් කතාසමය වගේම මේ වතාවේදීත් හුගක් කරුණු ඉතිරි කරන මේ කතාසමයෙ අවසන් කොටසත් බලන්නකො එහෙනම්.

යන්න කලින් කියන්න ඕන මේ වතාවේ කතාසමයට කලින් වහාවේ වගේ කට්ටියගේ කැමැත්තක් තිබුණු නැති බවක් තමයි හොදාකාරවම පෙන්නුම් කලේ. මොකද කලින් වතාවේ 2000+ බාගත කිරීම් තිබුණු මේ කතාමාලාවේ දෙවැනි කතාසමයට බාගත කිරීම් 500+ ක්වත් තිබුනේ නැති තරම්. ඒ කියන්නේ සෑහෙන දෙනෙක් මේ කතාමාලාව නරඹන එක නතර කරලා තියෙනවා. මං දන්නේ නැහැ CW ලගේ ඇරෝස්වර්ස් එකේ මෝඩ ආතල් බලන අය මේ වගේ ගුණාත්මක කතාමලාවක් බලන්න අදිමදි කරන්නේ කියලා. ඒක එයාලගේ අවාසනාව වෙන්න ඇති. කොහොම නමුත් තවමත් තුන්වැනි කතාසමයකට යනවද නැද්ද කියලාවත් තීරණය කරලා නැති Hulu සමාගමේ Runaways කතාමලාවට මෙවර දෙවැනි කතාසමයට උපසිරැසි අරගෙන ආව සෙට් එක කලින්ම කිව්වා එයාලට ඊලග කතාසමය වෙනුවෙන් උපසිරැසි අරන් එන්න කැමැත්තක් නැහැයි කියලා. තෙවැනි කතාසමයක් ආවොත් අපේ වෙබ්අඩවියෙ ඉන්න වෙන කෙනෙක් හො කිහිප දෙනෙක් ලවා උපසිරැසි ලබා දෙන්න උත්සහයක් දරන්නම්. බැරි උනොත් නම් ඇත්තටම කණගාටුයි. මොකද මේ අවුරුද්දේ ඉදන් මටත් උපසිරැසි වලට ලබාදෙන්න තියෙන දායකත්වය අඩු වෙලා යන්න ඉඩ තියෙනවා. මොනා කරන්නද ඉතින්. හැමදාමත් හැමෝටම එක වගේ ඉන්න බැහැනෙ.  

යන්න කලින් පුංචි කාරනාවක් මතක් කරන්නම්. මෑතකදී අපිට අපේ නිල ෆේස්බුක් පේජ් එක නැතිවුනා. ඉතින් ඒ වෙනුවට අපි අලුත් පේජ් එකක් මේ වෙද්දී හදලා තියෙන්නේ. ඉතින් ඒකට තාමත් ලයික් එකක් දාලා නැත්තම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. මොකද අපි සයිට් එකේ පල කරන පෝස්ට් ගැන මුලින්ම ප්‍රචාරයක් කරන්නේ පේජ් එක හරහා. ඒවගේම තවත් එක එක විදිහේ ගැටළු මතු වුනාම අපි පේජ් එක හරහාත් පිළිතුරු ලබා දෙනවා. ඉතින් ඔයාලත් ඒ පේජ් එකට ලයික් දාලා, පේජ් එක ශෙයා පාරකුත් දාලා පොඩි උදව්වක් කරන්න. පේජ් එක ලයික් කරන්න ඕන කොටස වෙබ්අඩවියේම වෙනම කොටසක සදහන් වෙනවා. 

ගිහින් එන්නම්. මේ මාසෙ 18 වැනිදා ආරම්භ කෙරෙන පනිෂර් දෙවැනි කතාසමයෙන් මුණගැහෙමු. ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,059 downloadsDownload Marvels-Runaways-S02-E13.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

4,059 downloadsDownload Subtitles37 KB

33 comments

  1. Cmj

    Thanks bro!

  2. Kalana Dhananjaya Fernando

    සබ් එකට ස්තූතියි (cwලගේ ඇරෝවර්ස් එකේ මෝඩ ආතල්) අම්මෝ ඒක යකෝ,හැබැයි සිරාම කතාව

  3. kushani sanjula

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. darshana100

    niyamai saho godak thanks okkoma ikmanata dunnata budusaranai

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  6. Malinda

    arrowverse nam epa wela thiyenne hodatama.
    Thanks sub ekata.mama serama eka para balannai asa.e nisa deela iwara wenakan hitiya.

  7. emosh_

    අඩො ආසම සීරිස් එකක් 3 එනවා අනිවාර්යයෙන් සබි දෙන්නැතුව ඉන්න එපා බං අනාතවෙන්නෙ අපි අනිවාර්යයෙන් දියල්ල බං අපි ඉන්නවා නෙ බලන්න කතාව අපට පාඩුවක් බං එම කරන්න එපා

  8. Ayesh Prashan

    Thank You

  9. losaka

    Thank u bro

  10. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේකේ Season 3 එකක් අවොත් නවත්තන්න එපා..දිගටම සබ් දෙමු...
    මේ කතා මාලාවත් පට්ට... පස්සේ හරි කට්ටිය download කරයි...
    The Punisher අවහම එකටත් මේ වගේ ඉක්මනටම සබ් දෙමු...
    මේක නවතන්න නම් එපා දිගටම සබ් දෙමු කොහොම හරි....

  12. Kulanjana Maduranga

    niyamai subata thanks saho.....

  13. dsdkavishka

    Thenks kattiyatama, good job brothers

  14. Kaushan Rasanga

    Tnx

  15. tharindu

    සබට තැන්ක්ස් බන් මරු සීරියස් එක හැබැය ඇරෝවර්ස් එකට බයින්න එප බන්...........

  16. priyan99

    Thanks bro sub ekata

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!

  19. Shehan putha

    Thanks bro !

  20. Sajithlakshan

    thanks .......................

  21. Akon

    Subtitle එකට ගොඩක් ස්තුතියි...!!!

  22. nipuna adikari

    Mr chamara sampath......
    mulinma thanx kranna oneee hodata wisthara adu naathuwa sub tika dunnata,
    me dawas wala baiscope eke balanna dodak dewal thiyena a wgema time ekath adui apita thiyena .
    eth me wge hoda katha kattiya thama balanawa. kattiya tikak pahu wela hri mewa download kran balai, oya me sub dilamasa 04 kta passe wge math meka baluwe. pahu wenna wenna thamai mewage age wdi wenne. eka nisa bro duk wenna epa. kattiya thwa issarahatath meka balai. oya karanne good job ekak film lolin wena apita eka watinawa. eka nisa bro salenna epa. digatama sub denna. thank u very much 4your service......

  23. RandiS

    Runaways කතා මාලාවේ උපසිරැසි ගෙනාපු හැම උපසිරැසිකරුවෙක්ටම බොහෝම ස්තූතියි.ජයවේවා!!

  24. dx12

    thanks bro

  25. MAALnath

    Thanks ..........................good luck

  26. D_S

    Thanks Good Tv Series
    Plz Try to give sub to season 3 after it came

  27. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  28. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  29. Kevin__

    සීසන් 3, ඇවිල්ල සබි දෙන්න

  30. Roshan1222

    season 3 awilla bro..sub nedda?

  31. D_S

    Season 3 ekatath sub denna plz

  32. chinthaka.max4

    thankx machan

  33. Sahan Gayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.